Friday, October 19, 2012

අමතක කරමිද.....තව මඟ බලමිද......



සිනහ කෝමල කමල පද්මත
ගෙනෙන නිර්මල මියුරු සිත්තම
චන්ද්‍ර බිම්සර ඇවිත් හිත ලඟ
කියන රහසට ආදරේදෝ නුඹ........


රෝස මුකුලිත පෙති දයාබර
දහස් මල් මැද කුමුදු මල නුඹ
ගොළුවෙලා හද දග්ධ නිම්නය
අහන්නෙම නුඹ කොහි කියා අද........

11 comments:

  1. සෙනෙහේ වෑහෙන වත කමල ළඟ
    රෝස නා වෙත දෙතන ලංකර
    හිඳිමි පොඩි ආදරේ ළඟ
    ගොළුවෙලා මමත් සෙනෙහින

    - කිරිසප්පයා @ අ.පේලිය -

    ReplyDelete
    Replies
    1. ෂා...කිරියො....උඹත් මාරයිනෙ...ලස්සන කවියක් යකෝ.....

      Delete
  2. සුපිරි කවියක්.. මෙහෙව් කවි ලියන එකෙක් ඔහොම ඉඳි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ.......
      ඔහොම ඉන්නව කිව්වෙ .....මං මේ හොඳට ඉන්නෙ.....

      Delete
  3. මටනම් සමහර වචන වැඩිය තේරුනේ නෑ. ඒ උනාට එල.උඩ එකා කියපු කතාවට එකඟ වෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹැට ඉතින් භාගෙට මොංගල් කියල අපි දන්නව......

      Delete
  4. ලස්සන කවියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අයියෙ.........

      Delete
  5. රෝස කම්මුල් සිඹින විට අද..
    කුමුදු මල නොව කපුරු මල බව..
    ලගම හිටියත් පුරුදු ලෙස අද..
    දැනුනෙ නෑ පෙර පුරුදු සෙනෙහස..

    ReplyDelete
  6. අනේ මන්ද අප්පා..මම නම් එක්කෝ අමතක කරනවා බ්‍ර්ර්ර්ර් :/

    ReplyDelete