Wednesday, October 17, 2012

මාස තුන හතරක විතර පස්සෙ ලෙක්චර්ස් ගියපු ඈයො හැමෝටම එහෙමද දන්නෙ නෑ


       අම්මෝ....මේ දවස් දෙකේ ලෙක්චර්ස් ගියේ නිකන් හරකෙක් මස් කඩේට දක්කන්න වගේ.මැරෙනව ඊට සැපයි කියලත් හිතුණා.
        ඊයෙත් උදේ පාන්දරම ලෙක්චර් එකට ගියා.කොට්ටට්යක් මෙට්ටයක් අරන් ආපු නැති එකේ විපාකෙ කිය කිය අතට බර වෙලා සපා...න් එකේ දොයිය ගත්ත.සැරින් සැරේ හීනෙන් වගේ මැඩම්ගෙ මූණ පෙණුනත් ඉතින් භයානක හීන කාට වුණත් පේන්න පුළුවන්නේ....නැද්ද මම අහන්නේ.......මේ ඒක නෙවෙයි මාස තුන හතරක විතර පස්සෙ ලෙක්චර්ස් ගියපු ඈයො හැමෝටම එහෙමත් දන්නෙ නෑ........රත්ගමය, නසියර්, චතූ, හිමාවිරැංගෝ ඇවිල්ල කියපල්ලකො.....

           හැමතැනටම සැරටම වහිනව නේ...මොනව වුණැත් මම නම් වහිනවට මාරම ආසයි.පොඩි කාලෙ ඉදන් තියෙන පිස්සුවක්ද කොහේද..(හැමෝටම ඔය පිස්සුව ඇති..)
       ඉතින් පේරාදෙණියටත් නොසෑහෙන්න වහිනව.පහුගිය කාලෙ කරකුට්ටන් වෙලා තිබුණු පිට්ටනි ටික කොල පාටට දිලිසෙන හැටි දැක්කම ආසවෙ බෑ.
සෙනට් එක ගාවට ඈත හන්තාන පේන හැටි

          හවසට එහෙම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට උඩින් රේල්පාර පැත්තෙන් ඉර බැහල යනකොට මාරම ගති.ඒ පැත්තෙ අහසම රත්තරන් පාටට දිලිසෙනව.හරියට පින්සලකින් ලස්සනට පාට කරල වගේ.
   ඒ පැත්ත බලල මේ පැත්ත බලද්දි තව ෂෝක්.අරුණාචලම් එකට උඩ කන්දයි මිල්ක් බාර් එකට උඩ කන්දයි දෙකටම එකම විදියට අව්ව වැටිල,ඒත් පිට්ටනි ටිකට හෙවන වැටිල.කඳු ටික කහ පාට වෙලා.පට්ටයි ඕයි...

       ආයිමත් ටික වෙලාවකින් ඒ පැත්ත බලනකොට අරූ එක උඩ කන්දට හෙවන වැටිල.ඒත් මිල්ක් බාර් එකට උඩ කන්දටටයි ඊට ඈතින් පේන හන්තානෙ කදු ඔක්කොටමයි අව්ව වැටිල.එතකොට මහ අමුතු විදියට තමයි පේන්නේ.ඒත් ලස්සනයි.....(කොට කලිසම් ගහගෙන දුවන ගෑණු ළමයි නිකටවත් ඒ පැත්ත බැලුවද දන්නෙ නෑ හවසට හවසට..)
ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට එපිටින් පේන කඳු වැටිය
 
  හැබයි හිතට පොඩි දුකකුත් තියෙනව.කැම්පස් එකේ ඔක්කොම කොට්ටම්බ ගස් ටිකෙ කොල, කහ පාට වෙලා වැටෙන්නයි හදන්නෙ.ඒ ගොල්ලො පව් කියල හිතෙනව.අනිත් හැම ගහක්ම කොල පාටට දිලිසෙනකොට ඒ ගොල්ලො විතරක් මැලවෙලා ගිහින්....

        අල්විස් පොන්ඩ් එකෙත් නිල් පාටට වතුර පිරිල කට ගාවටම.එතනින් යන එන හැම වෙලාවෙම හිතෙන්නෙ දුවගෙන ඇවිල්ල ඕකට පැනල සනීපෙට ටිකක් නාගන්න.ඒත් ඉතින් එව්වට ඉඩ නෑනෙ.කොල්ලො ටික මාව උස්සගෙන ගිහින් ඇඳුම් පිටින් ඕකට දැම්මොත් තමයි ඉතින්.ඒකටත් ඉතින් මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න එපැයි.අඩු ගානෙ කෙල්ලෙක්ගෙන් කැමතිද අහල බැහයි කියලවත් තිබුණ නම්...(ඇණයක් අරගත්තාම...)
අල්විස් පොකුණ

       දන්නෙම නැතුව සෑහෙන්න ලියලනෙ.එහනම් ඉතින් අදට ඇති  වගේ.අද උදෙත් ලෙක්චර්ස් තිබුණා.ඒත් යන්න කම්මැලි අප්ප.මේ වහින දවස් ටිකේ හොඳට පොරවගෙන ගුලි වෙලා නිදාගන්න තරම ආතල් එකක් කොහෙද.....අරහෙ අපේ එවුන් කටවල් ඇරගෙන පාඩම අහ අහ ඉන්න අස්සෙ මම කාමරේට වෙලා මේක ලියනව.උන් පව්ද මං පව්ද මන්ද......

එහෙනම් ගිහින් එන්නම්.මූණ හෝදගන්නත් තියෙනවනෙ..

මොනව උණත් ලෙක්චර්ස් නැති කැම්පස් ජීවිතෙ මරු....


ප.ලි- පිසාචයව දැනට පස් පාරක් කොල්ලො ටික විසින් අල්විස් පොන්ඩ් එකෙන් නාවන ලද බව සලකන්න.

ප.ප.ලි- මගේ රූමො දෙන්නගෙන් එකෙක් ගොඩ ගිහින්.(කෙල්ලෙක් සෙට් වෙලා )මම ගොඩ ගියා වගේම සතුටුය.නව කපල් එකට මගෙන් සුභපැතුම්...!!!!

23 comments:

  1. මෙව්ව දකිද්දි ආයෙ පාඩම් කරල සා/පෙ ලියලා .. හොඳට පාඩම් කරල උ/පෙ ලියලා කැම්පස් යන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මට හිතට ආපු ටිකම මී ගොඩයා කියලා... වෙනසකට තියෙන්නේ මට පේරම යන්න හිතුන එක
      - කිරියා @අ.පේලිය -

      Delete
    2. පිස්සු කතා කරන්න එපා අයියේ......ඔන්න ඔහේ ගෙදරින් කියන දේකට කැමති වෙලා එකලාසයක් වෙන්න......

      Delete
    3. @කිරියා- ආ..එන්න එන්න...අල්විස් එකෙන් බැරි නම් මාකස් එකෙන් හරි පොන්ඩ් කරල ගන්න බැරියැ....

      Delete
  2. "මොනව උණත් ලෙක්චර්ස් නැති කැම්පස් ජීවිතෙ මරු...."
    ඒකට නම් සීයට දෙසීයක් එකඟයි.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම පිණිබිඳු.....දාන්න පහට දහයක්ම...

      Delete
  3. මූ කොහොමත් තව අවුරුදු බර ගානක් කැම්පස් යයි වගේ ...

    ReplyDelete
    Replies
    1. රිපීට් වෙවි හරි මෙහෙට වෙලා ඉන්න ආසයි රොබින් අයියේ.ඒත් ඉතින් ගෙදරින් කන්න දෙන එක නවත්තන දවසකුත් එයිනෙ.....එදාට බලමුකො.....

      Delete
  4. මොනව උණත් ලෙක්චර්ස් නැති කැම්පස් ජීවිතෙ මරු.
    සහතික ඇත්ත මලේ. ඇත්තටම උඹල ලෙක්චර් යනවද? අපි නං 1වසරෙ 1සෙමිස්ටර් එකේ මාස දෙකක් විතර තමයි ලෙක්චර් ගියේ.

    ReplyDelete
    Replies
    1. අපෝ...අපි හොඳයිනෙ බලන් යනකොට.....ඇටෙන්ඩන්ස් බලන එක තමයි අයියෙ අවුල.අත්සන ගහන්න හැමදාම කොල්ලොන්ට කියන්නත් බෑනෙ........

      Delete
  5. 'මොනව උණත් ලෙක්චර්ස් නැති කැම්පස් ජීවිතෙ මරු....' හී...මේ ටික තමා නියම හී,,,,,,

    මටත් නිදි මතා..යි..හච්චෝ..ජීවිතේට කැම්පස් ගිහින් නෑ වගේ බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර් වෙලා ආය ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් වෙලා ස්ටේග්ර්ෆ්හ්බ්‍ර්ජ්ෆ්න්ක්‍ර්ව් ඔක්කොම වෙලා ලේක්චස් ගියා අප්පා..හෙන අවුල් වගේ..ඔලුව එකතැනක නැහැ.

    ReplyDelete
    Replies
    1. ආ...එහෙනම් අවුලක් නෑ.....ඔක්කොටම එකයි වගේ.......එල එල...
      එල කිව්වට ඉතින්....වැඩ කරපල්ල....

      Delete
  6. ඔය ටික කාලේ ආපහු එන්නේ නැහැ.. ඊට පස්සේ ඉතින් අපි වගේ එතෙන්ට හිතින් යන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවැයි ඉතින් අයියා ගූගල් දෙයියගෙ පිටෙන් කැම්පස් යන හැටි....

      Delete
  7. මොකක්ද බන් අය්යෙ අන්තිමට කියපු කතාව?

    ReplyDelete
    Replies
    1. හික්ස්...මේකනෙ බං.....මගේ රූමො දෙන්නගෙන් එකෙක්ට කෙල්ලෙක් සෙට් වෙලා.ඉතින් මට පස්ට සංතෝෂයි.........

      Delete
  8. තාම නම් ලෙක්චර් හෝල් එක පැත්තේ ගියේ නෑ..හොස්ටල් එකට වෙලා ආතල් එකේ ඉන්නවා!

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්න එකේ ආතල් එකත් පට්ටයි නෙ........

      Delete
  9. එල එල.. සති දෙකතුනකින් හම්බවෙමු. මම මේපාර එද්දී බොට මැසේජ් එකක් එවලම එන්නම්.

    ReplyDelete
    Replies
    1. හා.......බට් නෝ අයිඩියා....

      Delete
  10. Replies
    1. හික්ස්...........උදේ පාන්දර මේ දවස් වල් පට්ට හීතලයිනෙ අයියා...ටිකක් දවල් වෙනකම් ඉදලම තමයි රාජකාරි කරන්නෙ....

      Delete
  11. ආයෙත් අහලා.... මැරෙන එක සැපයි ලෙක්චර් එකක නිදාගෙන අහුවෙලා කෙල්ලො ඉස්සරහා නෝන්ඩි වෙනවට වඩා.. ලෙක්චර් යන එක උබටනම් එච්චර එපා වෙන්නැතුව ඇති නේ බන්.වැඩිය යන් නෑනේ

    ReplyDelete