පෙනෙන මානයෙ රැස් විහිදමින්
වැඩ හිඳින මුත් සමිඳුනේ
එන්න පින නෑ ඔබ දකින්නට
කරපු පව් ඇති හිමියනේ
පොත් ටිකක් කිටි කිටියෙ අරගෙන
දුවනවා අපි සමිඳුනේ
තේවාවෙ බෙර හඬට එකවර
නැවතුණා හිත දෙවියනේ
රොබරෝස මල් ගොඩක් එක්කම
තෙලුත් දෑතට අරගෙනේ
ගලහ පාරෙන් ඇවිද එන්නම්
පෝය හවසට සමිඳුනේ...........
එහෙම තමා බං! කැම්පස් ආවත් අපිව හිර කරලා!
ReplyDeleteඅම්මාපල්ල දැං හැදෙන එවුන් කිසි කමකට නෑ. කැම්පස් ගිහිං කවුද හිරවුනේ? :)
Deleteකියල වැඩක් නෑ...රාජ් අයියලට මාස දෙකහමාරෙන් දෙකහමාරට එක්සෑම් තිබ්බෙ නෑනේ.....ඉතින්....නැද්ද නාඩියො....!!!
Deleteහ්ම්.. ලස්සනයි බං මේ කවි ටිකනම්..
ReplyDeleteහැමදාම වගේ ස්තූතියි අයියේ...!!!
Deleteනියමායි...... පෝයට කලින් දා එහෙම තෙල් අරන් තියාගනිල්ලා..
ReplyDeleteනැස්තම් නැස්තම්.....ඇයි පහන් තිර,හඳුන්කූරු....
Deleteමූට කරත්ත බැඳං ලවර්ස් ලේන් එකෙ යන්න වෙලා තියෙනවා පන්සල් යන්න වෙලා නෑ එතකොට ??
ReplyDeleteහික් හික්... පට්ට කතාව. හැමදාම පාඩම් කරනව වගේනෙ මුගෙ කතාව
Deleteහික්ස්......රෙදි ගලවනවයි කියල ඔහොමත් ගලවනවද මං අහන්නේ....
Delete7.30 පහු වෙන තුරුත් මම ඉන්නේ හොඳටම නිදිමතේ.
ReplyDeleteඑහෙන් පැනලා මෙහෙන් පැනලා දුවලා එන්නේ සැනෙකිනේ.
ඉතින් කොහොමද ඔබ දකින්නේ කියනු මැන මට සමිඳුනේ.
වේල පහ මම අවදි වුනොතින් ඇවිත් යන්නම් හිමියනේ.
හවස් වරුවේ වල බහිනවා කොල්ලෝ සෙට් එක හා අනේ.
වටපිටේ කළුවර දකිද්දියි යන්න හැමදා සිහි වුණේ
ගේන බත් පත ගිල දමා යළි පැවරුමක් දෝතට ගෙනේ.
කොහොම හරි අහවර කරන් මම දොයියනවා බුදු හිමියනේ.
එල එල.......අනිව පස්සෙ කවි රිප්ලයි එකක් දෙනව පස්සෙ.....
Deleteපන්සල් යන්න කලින් රෙදි හෝදන්න නාන්න පුරුදු වෙයන්....
ReplyDeleteමල්ලි මොකද අලුත් පොස්ට් එකක් දාන්න පරක්කු?
ReplyDeleteලියන්න අදහසක් නැද්ද කොළුවො
ReplyDelete