Monday, April 08, 2013

සමාවෙන්න අපෙ දළදා හාමුදුරුවනේ



පෙනෙන මානයෙ රැස් විහිදමින්
වැඩ හිඳින මුත් සමිඳුනේ
එන්න පින නෑ ඔබ දකින්නට
කරපු පව් ඇති හිමියනේ


පොත් ටිකක් කිටි කිටියෙ අරගෙන
දුවනවා අපි සමිඳුනේ
තේවාවෙ බෙර හඬට එකවර 
නැවතුණා හිත දෙවියනේ

රොබරෝස මල් ගොඩක් එක්කම
තෙලුත් දෑතට අරගෙනේ
ගලහ පාරෙන් ඇවිද එන්නම්
පෝය හවසට සමිඳුනේ...........

15 comments:

  1. එහෙම තමා බං! කැම්පස් ආවත් අපිව හිර කරලා!

    ReplyDelete
    Replies
    1. අම්මාපල්ල දැං හැදෙන එවුන් කිසි කමකට නෑ. කැම්පස් ගිහිං කවුද හිරවුනේ? :)

      Delete
    2. කියල වැඩක් නෑ...රාජ් අයියලට මාස දෙකහමාරෙන් දෙකහමාරට එක්සෑම් තිබ්බෙ නෑනේ.....ඉතින්....නැද්ද නාඩියො....!!!

      Delete
  2. හ්ම්.. ලස්සනයි බං මේ කවි ටිකනම්..

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ ස්තූතියි අයියේ...!!!

      Delete
  3. නියමායි...... පෝයට කලින් දා එහෙම තෙල් අරන් තියාගනිල්ලා..

    ReplyDelete
    Replies
    1. නැස්තම් නැස්තම්.....ඇයි පහන් තිර,හඳුන්කූරු....

      Delete
  4. මූට කරත්ත බැඳං ලවර්ස් ලේන් එකෙ යන්න වෙලා තියෙනවා පන්සල් යන්න වෙලා නෑ එතකොට ??

    ReplyDelete
    Replies
    1. හික් හික්... පට්ට කතාව. හැමදාම පාඩම් කරනව වගේනෙ මුගෙ කතාව

      Delete
    2. හික්ස්......රෙදි ගලවනවයි කියල ඔහොමත් ගලවනවද මං අහන්නේ....

      Delete
  5. 7.30 පහු වෙන තුරුත් මම ඉන්නේ හොඳටම නිදිමතේ.
    එහෙන් පැනලා මෙහෙන් පැනලා දුවලා එන්නේ සැනෙකිනේ.
    ඉතින් කොහොමද ඔබ දකින්නේ කියනු මැන මට සමිඳුනේ.
    වේල පහ මම අවදි වුනොතින් ඇවිත් යන්නම් හිමියනේ.


    හවස් වරුවේ වල බහිනවා කොල්ලෝ සෙට් එක හා අනේ.
    වටපිටේ කළුවර දකිද්දියි යන්න හැමදා සිහි වුණේ
    ගේන බත් පත ගිල දමා යළි පැවරුමක් දෝතට ගෙනේ.
    කොහොම හරි අහවර කරන් මම දොයියනවා බුදු හිමියනේ.

    ReplyDelete
    Replies
    1. එල එල.......අනිව පස්සෙ කවි රිප්ලයි එකක් දෙනව පස්සෙ.....

      Delete
  6. පන්සල් යන්න කලින් රෙදි හෝදන්න නාන්න පුරුදු වෙයන්....

    ReplyDelete
  7. මල්ලි මොකද අලුත් පොස්ට් එකක් දාන්න පරක්කු?

    ReplyDelete
  8. ලියන්න අදහසක් නැද්ද කොළුවො

    ReplyDelete