Thursday, May 05, 2011

සරසවි ගී....

           මේ අවුරුද්දේ කැම්පස් යන්නනේ ඉන්නේ.(හික්ස්.....පොඩි ඇඩ් එකක්) ඉතින් සරසවිය ගැන එහෙම නැත්තම් විශ්ව විද්‍යාල ගැන  ලියවුණු ගීත ඇහෙද්දී පුංචි ...ආතල් එකක් ,ලාවට වගේ එනවා.
    හැබැයි ඒ වගේ ගොඩක් ගීත විරහව ගැන ලියවුණු ඒවා.
 ඒ වුණාට ඒ වටපිටාව ගැන ගීතයෙන් විස්තර කරනකොට මාත් ඉන්නේ එහෙ කියලයි මට හිතෙන්නේ.
     
        අපේ Bio සර් ,සුරේන්ද්‍ර සර් දවසක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන පොඩි විස්තරයක් කලා.
ඒක විනාඩි 5ක විතර විස්තරයක් වුනාට මගේ ජීවිතේ වෙනස් කරපු විනාඩි 5 ඒක වෙන්න ඇති.
  පේරාදෙණිය කැම්පස් ඒක ගැන සර් කරපු වර්ණනාව ,ඒ පරිසරයේ සුන්දරත්වය, ඒ වගේම  එහිදී ලැබෙන්නා වූ නිදහස .මේ සියලු කාරණා කැම්පස් යන්න ක්ලාස් එකේ   පොඩි එකෙක්ව දිරිමත් කලා.
     එතෙක් පන්තියේ සාමන්‍යය ලකුණු ලබමින් කැම්පස් යාවියයි මා පවා විශ්වාස නොකල මා, ඉක්මනින් පන්තියේ හොදම තුන් දෙනා අතරට පිවිසියේ සුරේන්ද්‍ර සර් ගේ ඒ විනාඩි 5 නිසායි.

        ඉතින්,

     පේරාදෙණිය කැම්පස් එක ගැන ලියවුණු ගීත මගේ හිතට ගොඩක් සමීප වෙනවා.ඒකෙ අර්ථය මොකක් වුනත් "හන්තාන " කියන වචනය කොහේ හරි තියෙනවා නම් ඒක මගේ ප්‍රියතම ගීත ගොන්නට අනිවාර්යෙන්ම එකතු වෙනවා.


  ඒ අතරින් මුලින්ම මගේ හිතට එන ගීතය තමයි පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන "හන්තානේ කදු මුදුන සිසාරා " ගීතයයි.

        හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්
        ඔබේ සුවද රැදී කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්........//

        තුන් මහලින් සැදී සරසවි පායේ
        මල් කැටයම් සෙවනේ....
        සිරිපොද වැස්සේ නැගුනු සතුටු   රළ
        මිරිගු සයුර විනි අතීතයේ....//

       පාළු නිසංසල කදු වැටි අතරේ
       මහවැලි ගං   ඉවුරේ
       අත් තටු සිදගත් විහඟ විලාසෙන්
       අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ....//

     පසු කාලීනව මෙම ගීතය වෙනත් ගායකයෙකු විසින්ද ගායන කරන ලදී.නමුත් මාගේ අදහස මුල් ගායනය වඩාත් හොද බවයි.
 මෙය මා වඩාත් ප්‍රිය කිරීමට හේතුව සරසවියේ වටපිටාව මැනවින්   දක්වා තිබීමයි.සරසවියේ තවත් අසම්පුර්ණ ප්‍රේම කතාවක් , පරිසරයේද උදවුවෙන් අසන්නාට ගෙනහැර දක්වා තිබෙන අයුරු ප්‍රශ0සනීය වේ.



     මෙවැනිම  විරහි අර්ථයක් ගෙනදෙන, පේරාදෙණිය කැම්පස් එක පිලිබදව ලියවූ ගීතයක් ලෙස ඉන්ද්‍රජිත් දොලමුල්ල ගායනා කරන "සදළුතලේ ඔබයි මමයි "ගීතය දැක්විය හැක.

       සදළුතලේ ඔබයි මමයි
       අහසයි පොළවයි
       සීත රැයක මහද දවයි
       ඔබ හද නිහඩයි
       සෙනෙහස ලඟ පිපුණු මලයි
       කදුලයි සුසුමයි
      පෙරදා අප වෙන් කෙරුනයි
      සෙනෙහස බිදුනයි........


      සරසවියයි හන්තානයි
      මහවැලි ඉවුරයි
      සිහිකර ඒ සොදුරු යුගය
      හදවත පාරයි.....

     හසරැල් පිපි ඔය මුහුණයි
     සිතිවිලි දැහනයි
     යලි ඔබ මා හමු වුවත්
     නොවුනා ගානයි.....

  මෙහි අවසන් පද පේලි දෙකට මා වඩාත් ප්‍රිය කරමි.මෙහි තනුව තරමක් වේගවත්ය.නමුත් සරලය.විදීමට හැකි ගීතයකි.

ගීතය මෙතනින් ලබාගන්න
       
    
      සබරගමුව  විශ්ව විද්‍යාලයද පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙන්ම සුන්දර පරිසරයක නිමවුණු එකකි.
එහිදී ලැබුවා වු විරහ වේදනාවක් පිලිබදව ලියවූ අපුරු ගීතයක්ද අප හට අමතක කල නොහැක.
   කරුණාරත්න දිවුල්ගනේ විසින් ගායන කරනු ලබන "සමනල වැව පුරවන්නට "ගීතය එම ගීයයි.
 සරසවියෙන් අකුරු කර නික්ම ගිය දා ලබන පාළුවත්,ඇගෙන් වෙන්ව යාමෙන් ලැබූ විරහවත් මනාව කැටි කොට ලියවුණු අපුරු ගීයක්ලෙස මෙය හැදින්විය හැක.

         සමනල වැව පුරවන්නට
         බෙලිහුල් ඔය ගලා ඇවිත්
         ආදර කදු  තරණය කර දෙහදක්
         අද වෙන්ව ගිහින්
         සුවඳ හදේ රඳවලා  යන්න ගිහිල්ලා.....//

        පහන් තරුව පායාවිත්
        ඔබ එන බව  පවසන විට ..//
        සරසවියේ රෑනින් ඔබ
        ඉගිල ගිහිල්ලා......
        සුවඳ හදේ රඳවලා  යන්න ගිහිල්ලා...//

        පෙරදින අප හමු වූ තැන
        නටඹුන් පමණකි කදුලක.......//
        කදු අතරේ වලා රොදක
        ඔබ සැගවීලා.....
        සුවඳ හදේ රඳවලා  යන්න ගිහිල්ලා....//

 ගීතය මෙතනින් ලබාගන්න 
       
   
               මං කලින් කී සින්දු වලට වඩා වෙනස් තේමාවක් ගැන ලියවුනු ගීතයක්ද වේ.
ඒ නන්ධා මාලනියන් ගායනා කරන,හන්තාන අඩවියේ ගීතයයි.   
   මෙහි ආදරය,විරහව වැනි තේමාවන් ඉක්මවා ගොස් සමාජ යතාර්ථය ගෙන හැර දැක්විමක් සිදු වී තිබේ."කුසින් අඩක් දළ අහරින් සකසා,කෙසග  සිරුර රළු යහනෙ සතපා..අනියත හෙට ගැන සිතමින්..."
       මේ වදන් පෙල අද සරසවි ජීවිත සමග කෙතරම් යථාර්තිකදැයි ඔබටම පසක් වනු ඇත.


     හන්තාන අඩවියේ.....
     මැදුරු කුළුනු සුදු සදලු තලා පිස
     මේ එන්නෙ ප්‍රේමයෙ සුවද නොවේ
     හන්තාන අඩවියේ
     කුසුම වදුලු තුරු සිරස හමාගෙන
     මේ එන්නෙ ප්‍රේමයෙ සුවද නොවේ

    කුසින් අඩක් දළ අහරින් සකසා
    කෙසග සිරුරු රළු යහනෙ සතපා
    අනියත හෙට ගැන සිතමින්
    විද්‍යා ශිල්ප ලලා වනපොත් කරනා
    මානව මානවිකාවන්ගේ
    නලියන රුධිරේ උණුසුම් සුසුමයි
    ප්‍රේමයේ සුවද නොවේ..

   පීඩනයෙන් තැනසර හිස ඔසවා
   පෙරමුණ ගත් වරදට වෙඩිසැර කා
   මළ සොයුරන් සිහිකරමින්
   විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
   මානව මානවිකාවන්ගේ
   පුපුරන මනසේ කකියන පැතුමයි
   ප්‍රේමයේ සුවද නොවේ..
    

ගීතය මෙතනින් ලබාගන්න

     පේරාදෙණිය විශ්ව විද්‍යලය පිලිබදවම ලියවුනු තවත් ගීතයක්   මට මතකයට නැගේ.
ඒ බෙහෙවින් ජනප්‍රිය වු අමරසිරි පීරිස්මහතා ගායනා කරන "හන්තානට පායන සද" යන ගීතයයි.
     අවාසනාවන්ත පාසල ප්‍රේමයක් පිලිබදව ලියවුනු සංවේදි ගීතයක් ලෙස මෙය හදුනාගනියි.
  උසස් පෙල අවසානයෙ සරසවි වරම් නොලැබු පෙම්වතා විසින් හන්තාන අඩවියට පිවිසි සිය පෙම්වතියට පවසන ගීතයකි.ඇයගෙ ඉදිරි අනාගතය සුවපත් කෙරුමට ඇයට ඔහු අමතක කරන්නයි කියන ඉල්ලිම ඔහු කරයි.ඔවුන්ගේ ප්‍රේමයේ අවසානය මෙයයි.
             
     
      හන්හානට පායන හඳ
      ලස්සනයිද කියන්න
      මා නොදකින ඒ පුර හඳ
      ඔබට හැකිය දකින්න..//

      අදුරු ලලා වහිනා කල
      සරසවි බිම තෙමෙන්න//
      කුඩේ යටින් ඔබ යන විට
      එපා තනිය දැනෙන්න

      ලතා මඩුලු අත වනාවි
      එපා අහක බලන්න//
      මා ගැන මතකය ගුලිකර
      මහවැලියට දමන්න

      හන්තානට පායන හඳ..//

ගීතය මෙතනින්ලබා ගන්න

          මීට සමානම ගීතයක් මිල්ටන් මල්ලවාරච්චි මහතා විසින්ද ගායන කරනු ලබයි.ඒ.."දෙනෝ දහක්   ගැවසෙන සරසවියේ.." ගීතයයි.මෙහි පද මට හරිහැටි  මතක නැත.එය දන්න කවුරු හරි සිටි නම් පහලින් ලියන මෙන් ඉල්ලා සිටිමි.


        දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
        පාළුව තනිකම දැනෙනව නම්
        කුටියේ කවුළුව විවර කරනු මැන
        සුලගක් වී ඔබ වෙත එන්නම්

        ඔබ සරසවියට මා පොඩි ගෙපැලට
        එක්වන්නට අද වරම් නැතේ...


තවත් ගීත සිහියට නැගෙන නමුත් පොස්ට් එක දිග වැඩි වන නිසා මෙතනින් අවසන් කරමි.නමුත් සිතුනොත් දෙවෙනි කොටස ද ලියමි.
 ඔබ දෙනු ලබන ප්‍රතිචාර වලින් ශක්තිය ලබා තවත්  ලියන්නෙමි.

18 comments:

  1. ලස්සන සින්දූ ටික යාළුවා.. කොච්චර කල් ගියත් මේ සින්දු ආසවෙන් අහන්න පුළුවන්..

    ReplyDelete
  2. මාත් කැම්පොස් යන්ට බොලව් ඉන්නේ සමහර විට පේරෙ සෙට් වෙයි (ඇඩ් එකක් ;) )

    එල එල... මොකඩ බන් මගදි නැවත්තුවෙ???
    ඉතුරු ටිකත් ලියාපන්කෝ....
    පට්ට පට්ට....
    ඒක් උඩින් තියාගන්න (කෙඑප් ඉට් උප්)
    :P

    ReplyDelete
  3. ඉඳලා හිටලා වෙන එකෙක් ඇඩ් නොදෙන එකේ උඹම හරි ඇඩ් එකක් දුන්න එක හොඳයි. මොනවා වුනත් මම මෙතනින් ආසම සින්දුව අමරසිරි පීරිස් මහත්තයාගේ හන්හානට පායන හඳ...

    මලයාගේ සරසවි ජිවිතය හැම අතින්ම සාර්ථක වේවායි පතනවා!!!!

    ReplyDelete
  4. මේක මගෙ වැඩක් නෙමේ . . . .

    හන්තානයට පායන සඳ අපිට නැත
    කොළඹ වගේ එල පොෂ් බඩු අපිට නැත
    ජ'පුර වගේ එකට තුනක් අපිට නැත
    බීල ගත්ත ආතල් නං එමට ඇත

    ReplyDelete
  5. පේරාදෙණියේ සරසවියත් පරිසරයත් ලස්සනයි තමා. ඔන්න මල්ලියේ උඹට එහෙන් ඇහැට කනට පේන කරත්තයකුත් බැඳලා දෙන්න පේරාදෙණියට අධිගෘහිත දිවය රාජයාට මම කන්නලවුවක් කොරන්නම්කො. !!

    ReplyDelete
  6. @Dinesh-ස්තුතියි යාලුවා.අනිවා කවදාවත් අමතක වෙන්නෙ නැ....!!

    ReplyDelete
  7. @යසියා-සිරාවට අපිට සමහර විට එහෙදි සෙට් වෙන්නත් බැරි නැ.
    ස්තුතියි යාලුවා.අනිත් ටිකත් ලියන්න ඕන..

    ReplyDelete
  8. @ගොඩයා-සරසවි ජීවිතේ සාර්ථක වීම සදහා ඉක්මනට කැම්පස් පටන් ගනිත්වා....
    කොමෙන්‍ටුවට ස්තුතියි...!!!

    ReplyDelete
  9. @ඕනයා-ඕක අනිවා රුහුනේ එකෙගේ වැඩක් වෙන්න ඕන.....

    ReplyDelete
  10. @ජය්යා-අනේ ඒ දේවතාවුන් වහන්සේ ජය්ය අයියගේ කන්නලව්ව හොදට අහගත්තා නේද....ජය්යා අයියට වගේ තකට තක එකක් ලබා දෙනු මැනවි.!!!

    ReplyDelete
  11. එළ සෝන්ග්ස් ටික ලොකු අයියා !

    ReplyDelete
  12. ජයිය කියන එකට නං සබරෙත් නරකම නෑ මලේ

    ReplyDelete
  13. අයියා කොලඹ එකේ නේද.වැලන්ටයින් පොස්ට් එක නම් මරු ඈ.....
    කැම්පස් එකකට පියඹලා යන්න හිතෙනවා...!!

    ReplyDelete
  14. පොඩ්ඩක් ඉවසලා හිටු ඔය හිටියා වගේ.. මොකෝ පියාඹන්න තටු තාම ලැබුනේ නෑනේ... තටු ලැබෙනකම් හිටපන් ඔය හිට්යා වගේ.....

    ReplyDelete
  15. ත‍ටු ලැබෙන්න වගේ යන්නේ,නිකන් කිති කැවෙනවා කැවෙනව වගේ....

    ReplyDelete
  16. Pisa Male may song eka ahapan
    battichchoo
    maru song eka video ekath ekka Ubata hetama yanna hithei Peraa. Menna link eka
    http://www.youtube.com/watch?v=HqxFsDZuK8Y

    ReplyDelete
  17. @UK අයියා-අම්මෝ පිස්සු හැදෙනවනේ අයියේ.ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  18. :e එල මාරයි මචෝ පට්ට පට්ට....

    ReplyDelete