Wednesday, October 10, 2012

මිරිකනව කියල මෙහෙමත් මිරිකන්න පුළුවන්ද (18+ නොවේ )

                   

               ආයෙමත් කාලෙකි පිසාචය ලියන්නයි යන්නේ...ඔන්න කැම්පසුත් පටන් ගන්නවලු.අනේ මන්ද 6% කිය කියා සෑර්ල අපිව කඩේ යැව්වද මන්ද..කමක් නෑ..කාට කාටත් හරි  යනව නම් එච්චරයි.
     පිසාචයට පහුගිය කාලෙ මේ පැත්තෙ එන්න බැරි වුණේ ලොකු ප්‍රොජෙක්ට් එකකට බැහැල වැඩ කලානෙ.ඔය පැට්ට අයියල ,රොබින් අයියල එහෙම දන්නව විස්තර.වැඩේ නම් අති සාර්ථකයි.පංකාදු පහයි.මිරිස් කරල් දෙකයි.

    අද උදේ නැගිට්ටුනේ කවුද එකෙක් දොරට තඩි බාන සද්දෙට.ඇස් දෙක ඇරියාම නිකන් නුහුරු ගතියකුත් දැණුනා.ටිකක් ඇස් දෙක කරකවල බැලුවාමයි මතක් වුණේ,ඊයෙ රෑ නිදා ගත්තෙ අක්බාර් එකේ කියල....රෑ කොල්ලො ටිකත් එක්ක ඕමියක් බලල මාකස් එන්න ඕනෙ කියල ඉඳියත් නිදිමත හින්ද අහුවෙච්ච කාමරේක නිදාගත්ත කියල ටික ටික මීටර් වෙන්න ගත්ත...


   ගජේ ගහපු කොට කලිසමත් ඇදගෙන මූණපොඩ්ඩක් හෝදගෙන ඇව්ල්ල ආයමත් ඇදට පැන්නෙ තව ටිකක් නිදාගන්න හිතාගෙන.ඒත් කොහෙද,අපේ එවුන් එක්ක බෑනේ.මුන්ට කන්නමනෙ ඕන.ඇයි මුන්ට බැරි තව ටිකක් නිදාගන්න.
                           ස්ට්‍රයික් හින්ද අක්බාර් එකේ කැන්ටිම වහල.නිෂ්මි එකේ විතරයි කන්න තියෙන්නෙ.ඒකෙත් දවල්ට නෑ.එහෙම නැත්තම් යන්න ඕන කිලෝමිටර් එකහමාරක් විතර පයින් ජයතිලෙකට.ඊට වඩා නිෂ්මි එකෙන් කන එක සැපයි.

                 කන්න ගිහින් පර්ස් එක එළියට ගත්තාමයි හිතුණේ ඒක එලියට ගත්ත මෝඩකම.අක්බාර් ඩොලර් වගයකුයි ජයතිලක ස්ටර්ලින් පවුම් වගයකුයි ඇරෙන්න මූල්‍යම වටිනාකම්ක් තිබ්බ කිසිම දෙයක් ඒකෙ නෑ.එකෙක්ගෙන් රුපියල් 50ක් ණයට අරන් පාන් භාගයක් අරගත්ත පරිප්පු එක්ක.අතුරුපසට ප්ලේන්ටියකුත් ගත්ත.

             ආයෙමත් කාමරේට ඇවිල්ල ටිකක් වෙලා එහෙට මෙහෙට වෙවී ඉඳල මාකස් එනව කියල හිතාගෙන එළියට බැස්ස.ගම්පොළ පාරත් පැනල අක්බාර් පාළම පැත්තට ඇවිද එනකොටයි මතක් වුණේ මාකස් එකේ කැන්ටිමත් වහල නේද කියල.දැන් මොකෝ කරන්නෙ...ජයතිලකෙට ගිහින් මොනව හරි ඔතාගෙනවත් යනව කියල හිතාගෙන වූස් එක මැදින් ගිහින් කලාබර පාලමෙන් ඇවිල්ල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ගාවින් අපේ ෆැක්ල්ටිය ගාවට ආව.අනේ.....චුට්ටි චුට්ටි කෙල්ලො ටිකක් කොටට කොටේ රෙදි කෑලි වගයක් දවටගෙන හොකී ගහනව.ආසාවෙ බෑ....ටිකක් වෙලා බලන් ඉඳල මගේ පර්සනලිටි එකට වෙන්න පුළුවන් හානිය ගැන හිතල හිමීට අල්විස් පොන්ඩ් එක ගාවින් ජයතිලකෙට ආව.


           බත් එන්න විනාඩි විස්සක් විතර එයි කිව්ව හින්ද වාඩිය දාල ස්ටාර් ක්‍රිකට් චැනල් එකේ ගියපු පරණ මැච් වගයක හයිලයිට්ස් වගයක් බල බල හිටිය.එහෙම්ම ඉඳල බත් එකකුත් බැඳගෙන මාකස් කන්ද නැගල රූම් එකට ආවා.නිකමට වගේ ෆේස්බුක් එක පැත්තෙ ආවමයි දැක්කෙ "සරසවි ඇදුරන් අනිද්දා සිට වැඩට" කියල නිවුස් එක.මගේ ඉහ මොල රත් වුණේ එතකොට තමයි.ඇයි දෙයියනේ හදිස්සියෙවත් ලෙක්චර්ස් පටන් ගත්තොත් මං අදින්නෙ මොනවද.....

      දවල් තිස්සෙ ඇද උඩයි රෑට පුටුව උඩයි ආයිමත් උදේට ඇද උඩයි තියෙන මගේ ඇඳුම් සෙට් එක හෝදලා දාන්න කාලෙ හරි කියල හිතුණෙ ඒ වෙලාවෙ තමයි.තඩි බේසම්කින් දෙපාරක් ගෙනියන්න තරම් රෙදි ලොට් එකක් තිබුණ කිව්වට ඔයාල විශ්වාස කරන එකක් නෑ.තුනට පටන් ගත්තු රෙදි හේදිල්ල ඉවර වුණේ හයත් පහු වෙලා ඕන්න.බොරු නම් සැරින් සැරෙ ඇවිල්ල මම රෙදි හෝදල ඉවරද කියල බලල මූණත් නාළු කරන් ගියපු මෙඩ්ඩගෙන් අහන්නකො.(අපිට නැතිවුණාට උන්ට ලබන සතියෙ එක්සෑම්ද කොහෙද..පණ දාගෙන උන් පාඩම් කරනව...)

                      හෝදල ඉවර වෙලා නාගෙන(මම නානව...)ඇවිල්ල රෙදි ටික වනනකොටයි තේරුණේ එදා ඇඳුම් ටික එදාම හෝද එකේ රඟ.මිරිකනව කියල මෙහෙමත් මිරිකන්න පුළුවන්ද.අයියෝ මගේ දකුණු අතේ මාපට අඟිල්ල.වැලවල් වල ඉඩත් නෑ අප්ප.යන්තම් එහෙන් මෙහෙන් ෂේප් කරගෙන රෙදි ටික වනල බැලුවාම කැම්පස් එකේ ලොන්ඩ්‍රියෙ තව හොඳයි කියල හිතුණා.
             හරියට මිරිකුන් නැති රෙදි වලින් බේරිච්ච වතුර වලින් කාමරේ පිටිපස්ස ගංවතුර ගැලුව වගේ පිරිල ගිහින්.එහා කාමරේ එකාගෙන් බැනුම් කෝටියයි.
මොනව කරන්නද........


      අර කලින් කියපු ප්‍රොජෙක්ට් එක හන්ද ගෙදර ගියෙත් නෑ මාසෙකින් විතර.අම්මත් හැමදාම කෝල් කර කර අහනව එන්නෙ නැද්හ කියල.නංගිට නම් ආස අති මං එන්නෙ නැති වුණාම.එතකොට එයැයිට ඕන ඕන විදියට කම්පුටර් එක පාවිච්චි කරන්න පුළුවන්නේ.එව්ව හරිය නෑ.හෙට මම ගෙදර යනව...

39 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අර ඔබා මාමා කියනවා වගේ 'පෝස්‍ටුව කියෙව්වා'

    ReplyDelete
    Replies
    1. කියෙව්වට ස්තූතියි......හයිඩ් මහත්තයෝ...!!!!

      Delete
  3. මම බය උනා උඹ මිරිකනවා කිව්වහම! හික්ස්!

    ReplyDelete
  4. උබ මාව රැවට්ටුව..නොටියා..

    ReplyDelete
  5. හෙහ් හෙහ් ... ඇඳුම් සීන් එක නම් මටත් පත්තු වෙන්නේ අන්තිම කොනේදි තමා....

    - අපේ කිරියා -

    ReplyDelete
    Replies
    1. හික්ස්.......කිරියා හැමදාම ඇනොනිමස්ම එන්නෙ මොකො...අකවුන්ට් එක කෝ...?

      Delete
  6. මේවා කියව්වාම මට මතක්න්වෙන්නේ මොකද්ද දන්නවද මලයෝ... කැම්පස් එකේ මගේ යාළුවො කියන දෙයක් තම ඔය දකුණෙන් ආපු අය කෙල්ලෙක් දැකලා නැ වගේ හැසිරෙනවා කියලා..වේලි වේලි ඉඳලා මෙහෙ ආවාම මැජික් වගේ කියලා. අන්න ඒ කතාව. අපිත් ඔය ගල් අඟුරු දාපු ට්‍රැක් එකේ ශෝර්ට්ස් ඇඳන් ඇති වෙනකන් දුවලා තියනවා.ඒත් කව්ද යකෝ දන්නේ ඔහොම බලන එවුන් ඉන්නවා කියලා... අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. මලා...මං හින්ද දකුණෙ එවුන් ඔක්කොම ගස්..........
      බලනව කිව්වට ඉතින් ඇත්තටම බැලෙනව....කොල්ලොනෙ ඉතින්.....

      Delete
  7. මදෑ ආතල් එකක් ගන්න කියලා ආවා..

    ReplyDelete
    Replies
    1. මාතලන් මෙන්න මේ පැත්තෙ ඇවිල්ල.....වැරදිල හරි ආපු එක සතුටක් ඔන්න.....

      Delete
  8. කැම්පස් පටා...............................න් ගන්නවා නම් ඇඳුම් සේදිය යුතුය නේද..හච්චෝ..

    ReplyDelete
    Replies
    1. මොනාද බං පිසාච අයියේ මෙහෙම පින්තුර දාන්නේ..ටයිටල්,පින්තුර කෙසේ උනත් කියවන අය පුරුදු විදිහට ඇවිත් කියවනවානේ..ඒත්........................................................................................මුකුත් නොකියමි.

      Delete
    2. හිමාවියා මගේ මුණුපොතේ එකවුන්ට් එකට එබී ඇති වගක් පෙනී යයි.

      Delete
  9. ඊක් පික් මාත් kiyewwa mu apiwa andadala adath
    ~

    ReplyDelete
    Replies
    1. හැමදාම කියන්නේ ඉතින් මේ පලවෙනි පාරනේ.

      Delete
  10. කාලෙකින් මේවා කියැවන්නත් බැරිඋනා නොවැ.....පිසාචයා ඉතින් මිරිකුවොත් ඔහොම එකක් තමා...:P
    පිසාචයා දකුනේ කියලයි මට හිතෙන්නේ මම හරිද...........

    ReplyDelete
    Replies
    1. ඔව්...වෙන කොහෙන්ද මේ වගේ අපතයෝ....හික්ස්.....

      Delete
  11. මගේ පොකැට්ටුවේ තියනවා මාර්කස් යෙන්...ජයතිලක ඩොලර්...අරූ ඩිනාර්.....ලොලේ ලොල්....

    ReplyDelete
  12. කෝ බං වැඩේ ඉදිරි ප්‍රතිපල අපි දැක්කේ නෑනේ ?

    ReplyDelete
    Replies
    1. වැඩේ හරී.....පොඩ්ඩක් ඉන්නකෝ....

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අඳුරු කිව්වෙ ඇඳුම් ඇන වෙන්නැති.......

      Delete
  14. අරුගේ කලිසම හේදුවේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...එව්ව ගානට කලා....නැත්තම් බෑනේ

      Delete
  15. අනෙ මන්දා මම නම් හිතුවෙම වෙන දෙයක් :P

    ReplyDelete
    Replies
    1. චේතනා හම්....කියලයි බණ පොත් වල නම් තියෙන්නේ...

      Delete
  16. උඹ හෙට ගෙදර ඇවිත්, අනිද්දා කැම්පස් එන්නේ කොහොමද? :P

    මේ පාර නම් සුපිරි කඩේ යාමක් කඩේ ගියා බං.. දැන් හිතෙනවා අපි හරක් බැලුවේ අතින් කාලයි කියලා! මොකක් කරන්න ද? ගිය දේ ගියා නෙව.. අවුරුද්දයි සෙමිස්ටර් එකයි!

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සඳුදලුනෙ පටන් ගන්නේ....අවුලක් නෑ..දවස් තුනක්වත් ගෙදර ඉන්න පුළුවන්නේ..
      කඩේ යෑම ගැන කතා නොකා ඉමු බං...

      Delete
  17. දැන් උබට ඇදන් ඉන්න ඇදුමක් තියෙයි මලේ.... මදැයි ආව හන්තානේ ගැටිස්සියක් වත් මුන ගැහුන ද කියල බලන්න මූට

    ReplyDelete
    Replies
    1. තියෙනව තියෙනව..හික්ස්.....ඔය මාරුවෙ වැටිච්ච අය බලන්නෙම තනිකඩ අපි දිහා ඉරිසියාවෙන්මනෙ....

      Delete
  18. ඒ රෙදි ටික හේදුවයි?? ආයේ ඉතින් ඔය ගද ගහන ජරා ගොඩ හෝදන්න තව ස්ට්‍රයික් එකක් එන්න වෙයි! බුලා වගේ පිරිසිදුවට ඉදපන්කෝ

    ReplyDelete
    Replies
    1. අපොයි උඹෙ ගැන ඉතින් කියල මොකටද.......
      බුලා වගේ......හික්ස්...ඇඬෙනව ඕයි.......

      Delete
  19. ලොකු සමාජ සේවයක් කොරල තියෙන්න ඔන්න ඔහේ මගේ කෝට් බෑයත් හෝදලා දැම්මනම්.

    ReplyDelete
    Replies
    1. ඇයි...ලොකු හාමිනෙ නැද්ද....????

      Delete