Saturday, September 29, 2012

වරද මගේ නොව.......



යන්න යමි මා ඉන්න නොතැවී, කියා ඔබ ගිය මාවතේ
තනි වෙලා අද අපේ මතකය හඬනවා සුදු හාමිනේ
ඔසරියක් හැඳ පෝරුවක ඔබ නඟින දින මතු ජීවිතේ
පාත නුවරින් එවමි සුලඟක් පිසින්නට දා නෙතු ඉමේ



(අදට එක කවියක් ඇති කියල හිතුව.කතාවකින් කියන්න ඕන ඒවා ඔක්කොම මේකෙ තියෙනව කියල හිතෙනවා.....)

15 comments:

  1. ආයෙත් අඩෙනවා, මොන රෙද්දකට මේ ලෝකේ උන් ලව් කරනවද දන් නෑනේ ඇත්තට

    ReplyDelete
  2. සෑහෙන අර්තයක් තියනවා පිසාචයෝ
    කවි කෑල්ල නම් සුපිරි

    ReplyDelete
  3. අපුරු සිතුවිල්ලක්/....

    ReplyDelete
  4. පිසා බුට් එකක් කාලා වගෙයි ..

    ReplyDelete
  5. 'පාත නුවරින් එවමි සුලඟක් ..' මේ වචන ටික මාර ලස්සනයි!

    ReplyDelete
  6. මොනවා කරන්නද සනා

    ReplyDelete
  7. ඕවා ඔහොම තමයි මල්ලි.... අපිට ඕනේ දේවල් සිද්ධ වෙන අපි හිතන පතන දේවල්ම වෙනවා නම් මේ ලෝකේ..............

    ReplyDelete
  8. මූණු පොතේ සොයුරියක විසින් එවා තිබූ පිලිතුරු කවියකි....

    පෝරුවක මම හිඳින විට නුඹ කියන ලෙස මතු ජීවිතේ
    සත්තකයි මා දවාලයි සිහි වේවි ඔබෙ ඔය ආදරේ
    පාත නුවරින් ඇවිත් හිත ළඟ නතර උන හැටි පෙර දිනේ
    මියෙන තුරු සිහිකරයි ඉකිබිඳ නුඹව මේ සුදු හාමිනේ

    ReplyDelete
    Replies
    1. උඩරට මැණිකෙට ගාලු නේන්නට බැරි නම් කම් නෑ රත්තරනේ
      රුහුණු කුමාරිය අතේ එවනවද මංගල ඇරයුම රත්තරනේ

      Delete
  9. මොකද මල්ලි සපත්තුවක්ද... ඔව්ව ඉතින් ඔහොම තමයි...

    ReplyDelete
  10. අනේ තරහ වෙන්න එපෝ...වෙන වෙනව කමෙන්ට්ස් වලට උත්තර දෙන්න තරම් වෙලාවක් නැතෝ...හැමෝටම ස්තූතියෝ....

    ReplyDelete
  11. මේක දෙවෙනි පාරටත් කියෙව්වා.. මට නම් උපරිමයි පිසෝ...
    -අන්තිම පෙලියේ ඇස්කොට් මලයා-

    ReplyDelete