Wednesday, September 26, 2012

අර කෙල්ල උඹ වගේමයිනෙ බං.....(KCCයේ හැඩ බැලුවෙමු )


             පිසාචයට ඉන්නව පිසාචය වගේම පිස්සු බැචාලා සෙට් එකක්.අනේද කියන්නෙ වැඩිය පිස්සු නෑ....හැබැයි ඉතින් හිත හොඳ කොල්ලො ටික.(ලාවට හිනා යයි )
   ඔන්න ඉතින් නිවාඩු දවසක හොස්ටල් එකට වෙලාම ඉඳල කම්මැලි හින්ද කට්ටියම කතා වුණා නුවර ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදල කාරිය එන්න.මේ කියන්නෙ අපිට සීනියර් අක්කල අයියලගෙන් වෙල්කම් මෙව්ව එක ලැබිච්ච අලුත.
   මේ වෙනකොට නුවර ටවුන් එකට වැඩිම වුණොත් ගිහින් තිබුණේ තුන්පාරක් හරි හතරපාරක් හරි තමයි.අතේ සල්ලි තිබුණෙත් නෑ.ඒ වුණාට ඇස් දෙකට හරි හොඳයිනෙ කියල තමයි ආවෙ.
   ගම්පොල බස් එකක නැඟල ටිකට් අරගත්ත නුවරටම.ආයි මොකටෙයි මඟට ගන්නේ..ඔන්න ඉතින් බස් එක ඇවිල්ල ගුඩ් ෂෙඩ් එකේ නැවැත්තුවා.සෙට් එකම බැහැගත්ත....අම්මා....ඇස් කඩාගෙන යනව......බලන බලන අත ලස්සන ලස්සන කෙල්ලො.....


නුවර ආවට මොකෝ...එකෙක්ටවත් කොහෙද යන්නෙ කියල අයිඩියා එකක් නෑ.එකෙක් කියනව මාළිගාවට යමු කියල.තව එකෙක් කියනව වැව රවුමෙ රවුමක් ගහමු කියල.හැබැයි ඒ යෝජනා ඔක්කොම ලත් තැනම ලොප් වුණා.

ඔන්න එතකොට තමයි මම වහන්සේ මගේ ශ්‍රී මුඛය ඇරියේ.
"යමල්ල KCC එක පැත්තෙ....."

ඒ යෝජනාව නිතරඟයෙන්ම සභාසම්මත වුණා.
ඔන්න කොල්ලො සෙට් එක පා ගමනින්ම ආවා KCC එකට.එනකොටම මොකක්ද මන්ද සයිරන් එකකුත් වැදුණා.
මොන මඟුලක්ද මන්ද......

අපේ ඉන්නව "ලපා" කියල එකෙක්.ඌත් මං වගේම ගඟෙන් එහා පැත්තෙ පොරක් හරිය...මුගේ ඔක්කොම හොඳයි, හැබැයි පොඩි අවුල් කේස් දෙකක් තියෙනව.පළවෙනි එක මේකා නාන්නෙ නෑ.දෙවනි එක මේකගෙ කට හොඳම නෑ.රැග් සීසන් එකේදිත් මූ කට හින්ද හොඳ හොඳ පරිප්පු කෑව.

ඔන්න ඉතින් අවට සිරි නරඹ නරඹ සෙට් එක යනව.

ඔහොම ඇවිද ඇවිද යනකොට පොඩි කෙල්ලො දෙන්නෙක් බර කතාවක් දාගෙන අපේ ඉස්සරහට  ආව.පොඩි කිව්වට ඉතින් පොඩිත් නෑ.අවුරුදු 18,19 වගේ.....එතන හිටපු එක කෙල්ලෙක්ට තිබුණෙ අපේ ලපාගෙ ෆේස් කට් එකමයි.ලපාට බොරු කොණ්ඩයක් දාල ගත්ත නම් නිවුන්නු වගේ පේන්නත් තිබුණා.


ඔන්න කෙල්ලො දෙන්න අපිව පාස් කරනවත් එක්කම අපේ එකෙක් කිව්ව....
"අඩේ ලපා..අර කෙල්ල උඹ වගේමයිනෙ බං....."

අපිත් ඉතින් හිනා වෙවී ආවා.


"උඹල පොඩ්ඩක් ඔහොම ඉදපන්..මං ඉක්මනට එන්නම්...." කියල ලපා ආපස්සට හැරිල කෙල්ලො දෙන්න පස්සෙන් ගියා.

මේ ගොං මීමා මොන මලදානයක් කර ගනීද ෂුවර් නැති නිසා අනිත් එවුන්ට ඉදපන් කියල මමත් ගියා ලපාගෙ පස්සෙන්ම.


ලපාත් හිටු කියල කෙල්ලො දෙන්න පස්සෙ යනව,නිකන් වෙඩි කෑ කාසි වගේ.
මමත් ඉතින් ලපා පස්සෙ හිටු කියල යනව....


ඔන්න සීන් කෝන් එකට ආව.

ලපා අර කෙල්ලො දෙන්නව පහු කරගෙන ගිහිල්ල උන් දෙන්න ඉස්සරහ හිට ගත්ත.මූ මොනව නමුත් කෙල්ලො දෙන්නගෙ ලැජ්ජ බය නුවර වැවට හේදිලා යන දෙයක් නම් කියන්න තමයි යන්නේ කියල මූ ඉන්න ඇක්ෂන් එකෙන් කාට නැතත් මට තේරුණා.
                හරියට අර චොකලට් ක්‍රීම් බිස්කට් ඇඩ් එකේ ඉන්නෙ පොඩි එකෙක්....අපි නටමුද ඇහුවම......බෑ.................කියන්නේ.අන්න ඒ වගේ.බෙල්ලත් පොඩ්ඩක් බිමට නවාගෙන,යට තොල උල් කරගෙන,ඇස් දෙක එළියට එන තරමට ලොකු කරගෙන,අත් දෙක ඉනේ තියාගෙන..........

"මේ...නංගී...තියෙන ප්‍රශ්නයක් අපි මෙතනම විසඳගමු....නේ.."


ලපා ඒ ටික කියන්කොට මමත් බුලා එක්ක අර මුවෝ දෙන්නෙක් වගේ අසරණ වෙලා හිටපු නංගිලා දෙන්න ඉස්සරහ.

"මොකක්..." කියල අහන්න වගේ අර නංගි ලපා දිහා බලනව.හරියට මිස්ටර් බීන් බෙල්ල දික් කරන්නේ සමහර වෙලාවට.අන්න ඒ වගේ....

"මේකයි නංගී....මගේ යාළුවො කියනව මම ඔයා වගේලු..කවදාවත් එහෙම වෙන්න බෑනෙ...ඔයා සුදුයි තමයි...ඒ වුණාට මූණ නිකන් ලොම් හැලිච්ච නාකි වැඳිරියෙක් වගේනෙ....මම එහෙමද...මම තාමත් තරුණ ගොං නාම්බෙක් වගේ ලස්සනයිනෙ......ඒ හින්ද වැරදි අදහස් හිතේ තියාගන්න එපා.වහාම ඒවා හිතෙන් අයින් කරගන්න...."


ඊලඟට එතන ඇතිවෙන්න පුළුවන් තත්වය එච්චර සෞඛ්‍යට හොඳ නැති නිසා(ඌරන්ට මොන...) ලපාවත් ඇදගෙන මම ආව.

ඔන්න ඔහොමයි අපි KCC එකේ හැඩ බලන්න ගියේ.


32 comments:

  1. හිකිස්...අපරාදේ ඊට පස්සෙනේ හොදම ටික..

    ReplyDelete
    Replies
    1. තව ඩිංගෙන් හොඳම ටික තමයි..........

      Delete
  2. සෙට් එක එතනම පදිරි කරලා නේ

    ReplyDelete
  3. නියමයි නේ.. ඔය හරියේ වලියක් ඇදුනා නම් අම්මපා උඹලා තවම කනවා..

    ReplyDelete
    Replies
    1. අයියටම ඇවිල්ල තමයි අපිව බේරගන්න වෙන්නේ..හික් හික්....

      Delete
  4. හේ හේ ආන්න හොඳම තැනින් නිසිබලධාරියා මැද්දට ඇවිල්ලනෙ.. :D

    ReplyDelete
    Replies
    1. මම ඇදගෙන ගියේ නැත්තම ඉතින් ක්සැන්ඩර් අයිය කිව්ව වගේ තාම ගුටි කනවා..

      Delete
  5. ඊළඟ පාර ඌත් එක්ක යනකොට ආරක්ෂක කබා ඇඳගෙන හෙල්මට් දාගෙන යන එක හොඳයි වගේ..

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ ජයිය අයියේ.......

      Delete
  6. අඩේ..තව පොඩ්ඩෙන් උඹලට නුවර මැණිකේ ලාගෙන් හොඳ සැලකිල්ලක් ගන්න තිබ්බා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්....පල්ලෙහා මාල් දාල තියෙන කමෙන්ට් එක දැක්කම සැලකිලි එපා වුනා...

      Delete
  7. 99.99 බේරිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රන්ජා අයියාගෙ නුවර ගෑණු ලමයි පිළිබඳ දැනුම ඉතා ඉහල බව පෙනී යයි......

      Delete
  8. හේ හේ.. මෝඩ වැඩ කරන්න එපා.kcc එකේ සිකුරිටි එකට කිව්වා නං ශෝක්.. නිකන් මෝඩ ආතල් ගන්නේ නැතුව ඩිසැන්ට් පිට හිටියා නං හරි ඇඟට ගුණයි ඕක ඇතුලේ.. කෙල්ලෝ දෙන්නා අම්මා තාත්තටත් බැන බැන යන්න ඇති..ෂුවර් එකටම කියන්න ඇති "නුවර එවුන් නම් වෙන්න බැ කියලා "

    ඔන්න මගේ අවංක අදහස..

    ReplyDelete
  9. නුවර කෙල්ලෝ කොහොමත් ලස්සනයි. ඒක ප්‍රසිද්ද කතාවක් නේ. හම්මපා ඔය දේ ඇත්තටම උනා නම් අරූ තාම යහතින් ඉන්නවද කියල කියන්න

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයට කියන්න.......කෙල්ලො දෙන්නට එක පාරටම හිතාගන්න බැරි වුණා මොකද වුණේ කියල.....ඉක්මනට මාරු වුන නිසා තාම යහතින්.....

      Delete
  10. උඹේ යාළුන එළ කොල්ලෙක්නේ.

    ReplyDelete
    Replies
    1. එල එල...තව ඩිංගෙන් කෙල වෙන එක තමයි වෙන්නේ............

      Delete
  11. ඟඟෙන් එහා එවුන්ට තියෙන්නේ එකම වයර්ෂෝට් එකමයි එහෙනම්... කෝ බන් කථාවේ ඇක්ෂන් කොටස නෑනේ ???

    කිරිසප්පයා @ අ.පේලිය

    ReplyDelete
    Replies
    1. නාන්න නැති එක නේද......
      ඇක්ශන් කෑල්ල කැපුව....ගුටි කන්න වෙන හින්දා....

      Delete
  12. Replies
    1. එල නම් ඉතින් එලම තමා....

      Delete
  13. දකුනේ මිනිස්සුන්ට ලැජ්ජ කරන්නෙපා බන් ගොන් වැඩ කරලා.. මෝඩයා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...තොපිල ගියපු ගියපු තැන නම තිව්වනෙ හොඳ වඩ කරල...මගෙන් අහගන්න එපා.....

      Delete
  14. ඔහොම යං... ඔහොම යං...

    ReplyDelete
  15. හච්චෝ හී හී :)

    ReplyDelete