Saturday, September 15, 2012

පොදක් වත් දුක නැති ලෙසින් මම ගාලු කොටුවට තාම ආසයි (ආදරණීය ගාල්ල නමට - 02 )




රක්ත වර්ණව ඈත ක්ෂිතජය ගිනි අරන්දෝ අහස් කුස අද
නික්ම යන්නට බැරිව ලතවෙන හිරුට ඔච්චම් කරනවද සඳ
එක්ව දෑඟිලි පටලවාගෙන අනන්තය වෙත සිහින මැව්වෙද
සත්තකින් අපි අපිට හිමි නැති ලොවක අද තනිවෙලා රන්කඳ


ගාලු කොටුවට එපිට අහසට සියොත් කැල පෙර සේම එනවලු
තාරුකා රෑ අහස වසමින් සඳට තාමත් තනි රකිනවලු
පාළුවට ගිය සමනල පාලම හෙටත් තටු විහිද හිනහෙලු
වාළුකා සිපගත්තු සිඳු රළ ඈත දියඹට සමුනොදුන්නෙලු


මඳක් අඳුරුව පාළුවට ගිය හරස් මාවත අදත් මතකයි
බිඳක් නැවතී දොඩමළුව ගිය අපේ මතකය හිතම පාරයි
සඳක් ඇවිදින් ගාලු අහසින් බැස ගොසින් දැන් බෝම ඈතයි
පොදක් වත් දුක නැති ලෙසින් මම ගාලු කොටුවට තාම ආසයි


                    ගාලු කොටුවයි සමනල පාලමයි කියන්නේ ඉස්සර ඉදන්ම ගාලු පෙම්වතුන්ගෙ පහස නොඅඩුව ලැබිච්ච තැන් දෙකක්.ඉතින් අදත් මේ තැන් දකිද්දි හරි  අමුතු හැඟීමක් තමයි එන්නේ.මගේ ජීවිතේට කවි ටික සමබන්දයක් නැතත් ඒක ලියවුණේ කවුරු හරි වෙනුවෙන්......
ආදරණීය ගාල්ල..................මම තාමත් ඔබට ආදරෙයි.

පිංතූරය 


20 comments:

  1. ගාලු කොටුව ගල් බැම්මේ...
    ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ...
    පාට සරුංගල් යනවද බලා කියන්න....

    ReplyDelete
    Replies
    1. ගාලු කොටුව ගල් බැම්මේ...
      ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ..
      පාට සරුංගලයක හැඩ බලා හිඳින්න....
      පාලු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න.....

      Delete
  2. සඳක් ඇවිදින් ගාලු අහසින් බැස ගොසින් දැන් බෝම ඈතයි
    පොදක් වත් දුක නැති ලෙසින් මම ගාලු කොටුවට තාම ආසයි

    ඒ ටික මාරම විදියට හිතට වැදුන බන්.කවියේ අනිත් පද හැම එකේම තේරුම මේ පද දෙකේ තියනවා වගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මානවක අයියා.....

      Delete
  3. ගාලු කොටුවේ සුන්දරත්වය ඔය කවි කියද්දී මතක්වෙනවා ලෙසටම.. ආයේ ආවාම ගාල්ලේ යන්න ඕනේ පරණ මතකයන් ටික අවුස්සගෙනම.

    ReplyDelete
    Replies
    1. හික්ස්...එන්න එන්න...ගාලු එනව නම් මූණු පොතෙන් හරි දන්වල කාරිය එන්න...

      Delete
  4. ලස්සනයි සහෝ..

    'නික්ම යන්නට බැරිව ලතවෙන හිරුට ඔච්චම් කරනවද සඳ'

    'සඳක් ඇවිදින් ගාලු අහසින් බැස ගොසින් දැන් බෝම ඈතයි
    පොදක් වත් දුක නැති ලෙසින් මම ගාලු කොටුවට තාම ආසයි'

    මෙන්න මේ පද ටික නම් කියල වැඩක් නැහැ.මාරම මාර ලස්සනයි.

    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...හිරු හිමාවි...!!

      Delete
  5. අයෙත් අපිව ගමට අරන් ගියා ඔබ .....

    ReplyDelete
    Replies
    1. ඒක මට සතුටක් දොස්තර මහත්තයෝ...

      Delete
  6. අම්මෝ කොච්චර සුන්දර තැනක්ද..? කොච්චර දේවල් දැකපු කියපු තැනක්ද..?
    ජීවිතේට මට අමතක නොවෙනම තැනක් වේවි..

    ReplyDelete
    Replies
    1. සුදා මල්ලි වයසට ගියේම කොටුව පැත්තෙ ගිහිල්ලමනේ...

      Delete
  7. ළඟදි යන්න ඉන්නේ එල!!

    ReplyDelete
    Replies
    1. අනිව යන්න.....ගිහින් ඇවිත් විස්තර කියන්නකො සහෝ

      Delete
  8. මට කවි ලියන්න බැහැනේ කිවුව එකා අන්තිම පෙලියේදී මෙන්න ලියනවා අපිට උණ ගැනෙන කවි !!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් උණ ගන්න කිව්වට...
      අයියලගෙ උදව් වලින් නෙවයිද මෙහෙමවත් වචන ටිකක් ගලපගන්නෙ....

      Delete
  9. ගාල්ල ගැන කියන කොටත් අමුතු මිහිරක් සිත වෙලාගන්නවා. කොහේ හිටියත් ගාල්ල අමතක කරන්න බැරි හැඩයි.

    ReplyDelete
  10. ලස්සන කවි ටික. විශේෂයෙන් අන්තිම කවිය මාර විදිහට වැදුනා.

    ReplyDelete