Monday, September 10, 2012

තරහ ගමි මම කොහොම ආදරය ඔහොම්මලු....




අපිළිවෙල අතීතය අහුලමින් එකදාක
පින්සාර පින්බිමට මම ආමි පෙරදාක
හන්තාන කඳුවැටිය පාමුලේ එක රෑක
අසරණව සිටි තනිව මම වෙම්ද සෝපාක


ජීවිතය හරි වෙනස්, පුදුම දේ ගෙනවිත් දෙතී
ලස්සනම ලස්සන දවස් සීරුවට ගෙවිලා යතී
එක තැනක නැති හිතට අද මොනවදෝ හිතී
සෙහෙහසක ගින්දරින් හිතම යයිදෝ දැවී


තනිකමට නොතැවෙම්ය නොවේ එය මට නුහුරු
පිපුණාට සුවඳ මල් වසන්තය තව දුරලු
ඔබෙන් ලැබුණේ මෙමට හිතක් පමණද මිතුරු
තරහ ගමි මම කොහොම ආදරය ඔහොම්මලු


24 comments:

  1. "තරහ ගමි මම කොහොම ආදරය ඔහොම්මලු"

    මොනව කරන්නද ඉතින්...
    ලස්සන පද පෙලක්...

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද තාරා....
      ස්තූතියි කමෙන්ට් එකට...

      Delete
  2. Replies
    1. ඊටත් අන්තයි දැන්නම්...

      Delete
  3. ඔයා මාත් එක්ක තරහද

    ReplyDelete
    Replies
    1. ආයෙ පිස්සුවක් ඇතැයි...

      Delete
  4. තනි අතට වෙර ගම්මු!

    ReplyDelete
    Replies
    1. උබ වඩේ කියන ඒවා අහන්න එපා බන්... ඌ නම් හැමදාම අතට

      Delete
    2. නොමග නොයන් පුතේ
      නුඹට අතක් ඇතේ
      …හිතෙ දිරිය අතට අරන්
      …ගහපන් තව *තේ

      Delete
    3. මම ඉතින් කියන් නෑ උඹට...

      Delete
  5. ගිය ගමන්ම කෑවාද බුට් පාරක් ?

    ReplyDelete
    Replies
    1. මේකට කොහොම උත්තර දෙන්නද තේරෙන් නෑ අයිය.....

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් පද ටික නම් අපුරුයි පිසචයත් එහෙනම් බුට් කාලා :P

      Delete
  7. 'තරහ ගමි මම කොහොම ආදරය ඔහොම්මලු' මේ තමා හිතට වැදෙනම ටික..
    ලස්සනයි සහෝ..
    ජය!

    ReplyDelete
  8. Boot wala heti ohomama thamayi...

    ReplyDelete
    Replies
    1. සින්ගල් අලංකාරම්
      ඩබලන් බයන්කාරම්

      Delete
  9. පටන් ගන්නකම් ඉඳින් කවි කියකියා.. :)

    ReplyDelete
    Replies
    1. බජට් එක වෙනකම් ඇදෙන්වලු ඔන්න

      Delete