Sunday, September 02, 2012

ආදරණීය ගාල්ල නමට - 01



පංතියේ කෙලි සිනා හඬවල්
මැකී ගොස් නැහැ එදා වගෙමයි
කවුළුපත් ලඟ මගේ බංකුව
මල්ලියේ එය අද  ඔබේමයි......


නුඹට පිටුපා හිඳින බිත්තිය
හුඟක් දන්නව අපේ මතකය
එකට එක් වී හඬපු හිනැහුණු
මිතුරු කැල අද සතර අතකය.......


"ආයුබෝවන්" කියපු රාවය
අනේ දෙසවන් වැකෙනවා
මිතුරනේ අද තනිව මෙහි හිඳ
ඔබ කොහේදැයි සොයනවා......


මගේ බංකුව ලඟට වී මම
ඇස් පියාගෙන හිඳින්නේ
මිතුරනේ ඔබ වට වෙලා මට
නැතිද ඔච්චම් කරන්නේ......


          මට අද නිකමට හිතුණා මට මගේ උපන් ගම වෙච්ච "ගාල්ල" අමතක වෙලා නේද කියල.පේරාදෙණිය ගැනම කවී ලිව්ව...ගාල්ල ගැන එකක්වත් ලියන්නේ නෑ නේද කියල.ඔහොම ඉන්න්කොට එක පාරටම ඉස්කෝලෙ A/L ක්ලාස් එක මතක් වුණා.......

34 comments:

  1. මට නම් හෙන අවුල් වගේ.ආපහු ස්කොලේ යන්න ඇත්නම් කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මම නම් ගියා.....හික්ස්...හීනෙන්..!!

      Delete
  2. ඉස්කෝලේ කාලේ විඳපු මිහිරි අද්දැකීම්. නැවතත් ඉස්කෝලෙට යන්න හිතෙනවා. ස්තූතියි මතක් කරලා දුන්නට

    ReplyDelete
    Replies
    1. ස්තූතියක් ඕන නෑ කෝරලේ මහත්තයෝ......

      Delete
  3. වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කියලත් කියනවා නේද :)

    ReplyDelete
    Replies
    1. ඒක අනිත් පැති වල අය ගාල්ලෙ අයගේ වැඩ වලට බය නිසා ගොතපු කතාවක්...

      ඇත්තටම ගාල්ලේ ඉන්නේ වැඩ කාරයෝ. වැඩ කාරියෝ.....

      Delete
    2. අනිවා.. ඩෙෆා... දඟකාරි කියන කථාව සහතික ඇත්ත..

      Delete
    3. වැඩත් ඇහැකි...ගමත් ගාල්ලේ.....

      Delete
    4. අපිත් දැන් ගෙන්දගම් පොළවේ පය ගහලා හිටියට මුල් ගම ගාල්ලේ තමා. හරිය :)

      Delete
    5. @ ඔක්කොටොම

      …එතකොට බොලල්ලා අපි වැඩකාරයො නෙවෙයිය.? :D
      (අපේ ඇටිකිත්තා ගාල්ලේ)

      Delete
  4. පට්ටයි. කොළඹ තනිකම දැනෙද්දි ඒ කාලේ කොච්චර ලස්සනද කියලා හිතෙනවා බන් ඇත්තටම

    ReplyDelete
    Replies
    1. ඇත්ත අවතාර්....ඒ වගේ කාලයක් නම් ආයෙ එන්නේ නෑ...

      Delete
  5. අපිත් ආයෙත් , අපේ පාසල් කාළෙට ගියා වගේ දැනෙනවා ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මටත් සංතෝසයි.....මේ පැත්තෙ ආවට බොහොම ස්තූතියි සහෝ

      Delete
  6. අපිත් ඉතින් ගාල්ලෙනේ.. උපන් ගම කොහොම අමතක කරන්නද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.....දිනේෂ් අයියා වැල්ල පැත්තට කිට්ටුවද....ඇතුලට වෙන්නද...

      Delete
  7. මමත් ගාල්ලේ.. තාමත් ටියුෂන් ඇරිලා ළමයි යනවා දකිද්දී අනේ අපිටත් ආයේ යන්න තිබ්බ නම් කියල හිතෙනවා..
    මට නම් ලෝකේ කොහටත් වැඩ ගාල්ල තමා හොඳම ...
    කතාකරන්න පුළුවන් උණා නම් කොච්චරක් දේවල් කියාවිද..?

    ReplyDelete
    Replies
    1. සුදා නම් නෙළුව පැත්තට වෙන්න නෙ....
      ඒව නම් කියල වැඩක් නෑ බං.ක්ලාස් ඇරිල කුණු ඇල පාරේ බයිසිකල් වලින් සෙල්ලම් දදා කෙල්ලො පස්සෙ පාගපු හැටි මැවි මැවි පේනව...

      Delete
    2. ආඅ.... සුදා නෙළුවේ කියලා දන්නේ කොහොමද....?
      නෙළුව යනු ගාලු දිස්තික්කයේ අවසාන කෙලවර වුවද... නෙළුවට වඩා ගම ගාල්ලය..

      Delete
  8. ගාල්ල මේ ආදරණීය නගරය තරම් තැනක් මට නම් ලෝකේ කොහෙවත්නෑ..අපි ගාල්ලේ අපිට වැඩත් ඇහැකි හිහ්

    ReplyDelete
  9. මමත් ගාල්ලට බොහොම කැමතියි.. අපේ සීයා නම් ඉතින් ඊටත් එහායින්..

    ReplyDelete
    Replies
    1. ඊටත් එහා කිව්වෙ සීය ගාල්ලටත් එහාද..නැත්තම් ඔයාටත් වඩා සීයා ගාල්ලට කැමතිද...

      Delete
  10. ගාල්ලේ ඉඳල ළමයෙක් පාන්දර 3ට නැගිටලා අපේ ඒ ලෙවල් ක්ලාස් ආවා.මට එයාව මතක් උනා මේක කියවල.කොහොම උනත් ලස්සනයි.මෙවන් අදහස් තියන ඔබට පිසාචයා කියන නම දාගත්තෙ මොකෝ සහෝ??

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පිස්සොත් ඉදල හිටල ඉන්නව..හික්ස්....
      පිසාචයා.....ඒක ගැන වැඩිය හිතන් එපා

      Delete
  11. පිසා උබ ගාල්ලේ කොහෙද බන් ?

    උබට විතරක් නෙමෙයි අපි හැමෝටම මෙහෙමයි බන් මොනවා කරන්නද දුක තමා ...

    ReplyDelete
    Replies
    1. වැල්ල පැත්තට වෙන්න.....

      සුලඟේ ලෙලෙනා...!!!!

      Delete
  12. උපන් ගම මගෙත් ගාල්ලේ...එත් පුංචි කලේ ඉදලම නුවර......තාමත් අසයි ගාල්ලේ ඇවිත් යන්න .ඒක අමුතු හැගීමක්....
    ඇත්තටම මට දැනුනේ මම A/L පන්තියේ ඉන්නවා වගේ....මාර ලස්සනයි සහෝ .....

    ReplyDelete
  13. අම්මපා ඉස්සර කාලේ මතක් උනා..

    ReplyDelete
  14. මට නම් තවමත් ඉඳලා හිටලා හීනෙන් පේනවා ඉස්කෝලේ යනවා. උඩ ෆොටෝ එකේ ඉන්න සෙට් එක දැක්කාම මට මගේ අතීතය මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඒ හීනත් කොච්චර ලස්සන ඇද්ද...

      Delete
  15. ආයෙත් එනවා නම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ...
    පිසාච මල්ලි හරිම ලස්සනට ලියලා තියෙනවනෙ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කූඹිච්චි අක්කා......

      Delete