මං පොඩි කාලේ ඉදියේ ගාල්ල- අකුරැස්ස පාරේ තිබුණු ලස්සන ගමක.මගේ පොඩි කාලේ ගොඩාක් ලස්සනයි.අපේ තාත්තා අකුරැස්ස පාර අයිනෙම කඩයක් දාල තිබුණා.
කඩේ පිටිපස්සෙ හදපු ගෙදර තමයි අපි ඉදියේ.
ඔතන තිබුණේ එක කඩයක් නෙවෙයි, කිහිපයක්ම තිබුණා.අපේ කඩේට එහා පැත්තේ තිබුණා බේකරියක්.එහේ ඉදියා මට වඩා අවුරුද්දක් වැඩිමල් කොල්ලෙක්.අපි එයාට කිව්වේ “සුදු” කියලා.අපේ අයියයි, සුදුයි, මමයි තමයි ඒ හංදිය ඒ දවස් වල රන් කෙරෙව්වේ හරිය…….
කියන්න දෙයක් නෑනේ අපෙ අයියා තමයි ලොක්කා.අපි සොක්කො.කොහේ ගියත් අපි එකට තමයි.
ගෙවල් දෙකේම ටොයිලට තිබුනේ එක ලඟ,හැබයි වැටෙන් වෙන් වෙලා.මායි සුදුයි එකටම වගේ ලැට් දෙකට රිංගනවා.වැඩේ ඉවර වෙලා මහ හයියෙන් ගමටම ඇහෙන්න දෙන්නම කෑගහනව,.. ..”අම්…මේ…ඉවරා….යි….”
මුළු ගමම දන්නවා ඒ දවස් වල අපි මෙව්ව වැඩේ කරන්නෙ අහවල් වෙලාවටෙයි කියලා.
ශික් විතරක් ……මට කවදාවත් පොයින්ට් එකට කතාවක් ලියන්න බෑනේ.
අපි කට්ටිය සෙල්ලම් කරන්නේ බේකරියට එහා පැත්තේ තිබුණු තණකොළ වැවිච්ච පටු තීරුවක.මේ පටු තීරුව ඉවර වෙන්නේ මහ පාරෙන්.
අදාල දිනය නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.මොකද එදා තමයි ඩයනා කුමරිය ඇක්සිඩන්ට් වෙලා මැරුණේ.1997 අගෝස්තු 31…….
ඉතින් එදත් පුරුදු විදියට උදේම නැගිටලා අපි ගියා සෙල්ලම් කරන්න.
වෙලාව 10.30 ට වගේ ඇති.විකට් එක තිබුනේ පාර තිබුණු පැත්තට විරුද්ද පැත්තේ.
බෝල කලේ පාර ගාවම ඉදන්.එ වෙලාවේ බැට් කලේ සුදු.විකට් කීපින් අපේ අයියා.බෝල් කලේ පොඩි පිසාචයා.
ඔන්න ඉතින් මුරලි වගේ බොලේ කෙල ටිකක් එහෙම ගාලා.වාකර් යුනිස් වගේ අහවල් තැන බෝලේ උලලා, දුවගෙන දුවගෙන ඇවිල්ලා අත යටින් බෝලයක් දැම්මා.(අන්ඩර් ආම්) දැන්
හිනා වෙන්න එපා ඉතින්. ඒ දවස් වල එහෙම තමයි.
ආ..කියන්න බැරි වුණානේ හතරේ සීමාව තිබුණේ පාරෙන් එහා පැත්තේ කාණුව.
ඔන්න මං අර කලින් යවපු බෝලෙට ඉතා අලංකාර ලෙස සුදු ගැහුවා, ස්ට්‍රෙයිට් ඩ්‍රයිව් පහරක්. බෝලේ මාවත් පහු කරගෙන හිමි හිමිට දැන් කාණුව පැත්තට යනවා.
ඒවා කොහෙද මේ පොඩි ජොන්ටි එක්ක.ෆුල් ගැම්ම දාලා බෝලේ අල්ලන්න දිව්ව.මේ දිව්වෙ වාහන අනන්තවත් යන අකුරැස්ස පාරට.
ඒ කාලේ ඉතින් මොන හෙවිල්ලක් බැලිල්ලක් ද...හරියටම පාර මැදදි බෝලෙ නම් අල්ල ගත්තා.
ඒත් මං පොඩ්ඩක් පාර දිහා බැලුවම දැක්ක දේ නම්..තාම හීනෙනුත් මාව බය කරනවා.30 ශ්‍රි වෑන් එකක් කඩාගෙන බිඳගෙන මගේ දිහාට එනවා.මීටර් 30ක් වගෙ ඈතින්.
මට දැන් හිතා ගන්න බෑ කොයි පැත්තටද යන්නේ කියලා.මං කාණුව පැත්තට යනවා.ආයිමත් අයියල ඉදපු පැත්තට ටිකක් දුවනව.ආයිමත් නවතිනව.හැරිල කාණුව පැත්තට දුවනව.ආයිමත් නවතිනව..අයියගේ පැත්තට දුවනව.ආයිමත් කාණුව පැත්තට.........
නිකන් හරියට ගස් කොඩි ගහද්දි වෙට්‍ටු දාන්න හදනව වගේ.
කොහොමද ආතල් එක …කඩාගෙන බිඳගෙන එන වෑන් එකකට වෙට්‍ටු දානකොට.කවුරුවත් මෙහෙම ලෝක වාර්ථාවක් තියල තියෙනවද..නෑනේ….
අන්තිමටමං හිත හදාගත්ත ආයිමත් සෙල්ලම් කරපු දිහාවටම යන්න.මුලු වෙර දාල බෝලෙත් අතේ තියාගෙන මං දිව්ව.
වෑන් කාරයා නම් නියම වැඩ කාරයෙක් තමයි.යන්තම් මාව බේරලා කාණුව පැත්තට කැපුවා.ඒක ගිහින් කාණුවේ.වැඩි අලාබ නෑ.
පස්සෙ තාත්තලා වැන් කාරයට හොඳට සලකලා රු.10,000ත් දීලා යවලා තිබුණා.
හැබයි හොඳම හරිය උනේ අපි තුන් දෙනාට.සිද්දිය වුන වෙලාවේ ඉදන් මට පිස්සු වගේ.ෂොක් එකට අමතරව තාත්තගෙන් කන්න වෙන ගුටි ටික.....
අපි දැන් ඉන්නෙ සුදුලගෙ බේකරියේ.එලියට බහිනව නම් බොරු.කීපදෙනෙක් ඇවිල්ලා මට තුවාල ද නැද්ද කියලා බලල ගියා.
ඔහොම පැය දෙකක් තුනක් ගියා.
අලි මදිවට අඟල් සුකානො කිව්වලු.බයටමද කොහෙද ඉවසන්න බැරි චූ බරකුත් හැදුණා.ඉවසනව කියල කොච්චර ඉවසන්නද……..
මොකද කරන්නේ…..
අයියලට කිව්වට ඒගොල්ලො කිසි අදහසක් දෙන්නෙත් නෑ.
ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ යටපත් වෙලා තිබුණු පරිකල්පන මෙව්වා එක අවදි වුණේ.
දැන් එලියට බහින්න බැරි මටනේ.ඒ වුණට අයියට පුළුවන්නේ.
කතා කලා අයියට....
ගලවන්න කිව්ව ෂර්ට් එක.මගේ එකත් ගැලෙව්වා.මාරු කරන් ඇඳ ගත්තා.
ගලවන්න කිව්වා කලිසමත්. ඒවත් මාරු කරන් ඇද ගත්තා.
දැන් හිතට ෆුල් සැටිස්.බැස්සා එලියට.
දැන් මේ යන්නෙ පිසාචය නෙවෙයි.පිසාචයගේ අයියා.කවුරුවත් මාව අදුරගන්නේ නෑ කියලා මට ෂුවර්.
සෙනග අස්සෙන් මං අයියගෙ ලොකු කලිසමත් උස්ස උස්ස….වට පිට බල බල යනවා.
ඔහොම ගිහින් හිමීට වැඩෙත් කරගෙන ආපහු එනවා.
සමහරු මගේ නමත් කියනවා.මගේ දිහා කන්න වගෙත් බලන් ඉන්නවා.මට ගාණක් නෑ.මොකද මේ ඉන්නෙ මං නෙවෙයිනේ.
රෑ වෙනකන් බේකරියේ ඉදලා පස්සේ ගෙදර ගියා.වැඩි අවුලක් නෑ.අම්මගෙන් ගුටි පහක් හයක් කෑව එච්චරයි.
මං ගොඩක් කල් යනකම් හිතන් ඉඳියේ එදා මාව කවුරුවත් අඳුරගත්තේ නෑ කියලා.
දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා.
(මේ කතාව කාලෙකට කලින් අන්තිම පේළියට ලියූ එකක් බව කරුණාවෙන් සලකන්න)
අන්තිම පේලියේ කියව්වා.කාලෙකින් ඒ පැත්ත පලාතෙවත් යන්න බැරි වුනා.එක නෙවෙයි අගල් සුකානෝ කියන්නේ මොක්කුන්ටද???
ReplyDeleteඅඟල් සුකානෝ කියන්නෙ කබර ගොයින්ට....මාත් ඕක ඉගෙන ගත්තේ අ.පේ න් තමයි....
Deleteමරු මරු පිසාචයෝ ........... ජය
ReplyDeleteහික්ස්....මේ පැත්තෙ මුල් පාරට නෙවැ ආවෙ.....ජය ජය..!!!
Deleteඅඩේ... ගුටි 5 6කින් නැවතුන නම් හොඳ වැඩි..
ReplyDeleteඔය බං හේනේගම හරියද..? වලපල්ලේ බේකරිය එහෙම නෙමේනේ..?
නෑ..සුදා මලේ..මේ ඉමදුවයි බෝගහගොඩයි අතරේ...
Deleteපොඩිකමටද :D
ReplyDeleteහික්ස්....ඒ කාලෙ ඉතින් සුරංගනා ලෝක වලනෙ ඉන්නේ....
Deleteතව පොඩ්ඩෙන් පිසාචයා පිසාච ලෝකේ :)
ReplyDeleteඒකනෙ අවතාරයෝ.....එදා වෑන් එකේ හැප්පුනා නම් පිසාචයා පිසාච ලෝකෙටම තමයි දූරින් භූත වෙන්නේ.....
Deleteඇති ඔයිං ගියා..
ReplyDeleteහික්ස්....ඒක නෙවෙයි අයියේ...නම වෙනස් කලේ මොකෝ හදිස්සියෙ.......සුදු වෑන් එහෙම පස්සෙන් පන්නනවද...?
Deleteහිතා ගන්න පුළුවන් කවුරුවත් මාව අදුනන්නේ නැති ටයිප් එක හිතේ තියන් ගිය යෑම.. :)
ReplyDeleteමට මන් ලීව කක්ක කතාව මතක් උනා. අම්මා... ඉවරායි.. ඔයටික සමස්ත ළමා වර්ගයාම කියනවානේ..
ReplyDeleteහිකිස් මට මතක් උනේ මාත් ඔය විදිහටම බයික් එකක් හැප්පෙන්න ගිය හැටි. මම නම් බල බල හිටියේ ආව වේගෙන් එහෙම්ම කෙලින්ම දිව්වා මතකයි.
ReplyDelete