පංතියේ කෙලි සිනා හඬවල්
මැකී ගොස් නැහැ එදා වගෙමයි
කවුළුපත් ලඟ මගේ බංකුව
මල්ලියේ එය අද ඔබේමයි......
නුඹට පිටුපා හිඳින බිත්තිය
හුඟක් දන්නව අපේ මතකය
එකට එක් වී හඬපු හිනැහුණු
මිතුරු කැල අද සතර අතකය.......
"ආයුබෝවන්" කියපු රාවය
අනේ දෙසවන් වැකෙනවා
මිතුරනේ අද තනිව මෙහි හිඳ
ඔබ කොහේදැයි සොයනවා......
මගේ බංකුව ලඟට වී මම
ඇස් පියාගෙන හිඳින්නේ
මිතුරනේ ඔබ වට වෙලා මට
නැතිද ඔච්චම් කරන්නේ......
මට අද නිකමට හිතුණා මට මගේ උපන් ගම වෙච්ච "ගාල්ල" අමතක වෙලා නේද කියල.පේරාදෙණිය ගැනම කවී ලිව්ව...ගාල්ල ගැන එකක්වත් ලියන්නේ නෑ නේද කියල.ඔහොම ඉන්න්කොට එක පාරටම ඉස්කෝලෙ A/L ක්ලාස් එක මතක් වුණා.......
මට නම් හෙන අවුල් වගේ.ආපහු ස්කොලේ යන්න ඇත්නම් කියලා හිතෙනවා..
ReplyDeleteමම නම් ගියා.....හික්ස්...හීනෙන්..!!
Deleteඉස්කෝලේ කාලේ විඳපු මිහිරි අද්දැකීම්. නැවතත් ඉස්කෝලෙට යන්න හිතෙනවා. ස්තූතියි මතක් කරලා දුන්නට
ReplyDeleteස්තූතියක් ඕන නෑ කෝරලේ මහත්තයෝ......
Deleteවැඩ බැරි වුණත් ගම ගාල්ලේ කියලත් කියනවා නේද :)
ReplyDeleteඒක අනිත් පැති වල අය ගාල්ලෙ අයගේ වැඩ වලට බය නිසා ගොතපු කතාවක්...
Deleteඇත්තටම ගාල්ලේ ඉන්නේ වැඩ කාරයෝ. වැඩ කාරියෝ.....
අනිවා.. ඩෙෆා... දඟකාරි කියන කථාව සහතික ඇත්ත..
Deleteවැඩත් ඇහැකි...ගමත් ගාල්ලේ.....
Deleteඅපිත් දැන් ගෙන්දගම් පොළවේ පය ගහලා හිටියට මුල් ගම ගාල්ලේ තමා. හරිය :)
Delete@ ඔක්කොටොම
Deleteඑතකොට බොලල්ලා අපි වැඩකාරයො නෙවෙයිය.? :D
(අපේ ඇටිකිත්තා ගාල්ලේ)
පට්ටයි. කොළඹ තනිකම දැනෙද්දි ඒ කාලේ කොච්චර ලස්සනද කියලා හිතෙනවා බන් ඇත්තටම
ReplyDeleteඇත්ත අවතාර්....ඒ වගේ කාලයක් නම් ආයෙ එන්නේ නෑ...
Deleteඅපිත් ආයෙත් , අපේ පාසල් කාළෙට ගියා වගේ දැනෙනවා ..
ReplyDeleteඑහෙනම් මටත් සංතෝසයි.....මේ පැත්තෙ ආවට බොහොම ස්තූතියි සහෝ
Deleteඅපිත් ඉතින් ගාල්ලෙනේ.. උපන් ගම කොහොම අමතක කරන්නද?
ReplyDeleteනැතුව නැතුව.....දිනේෂ් අයියා වැල්ල පැත්තට කිට්ටුවද....ඇතුලට වෙන්නද...
Deleteමමත් ගාල්ලේ.. තාමත් ටියුෂන් ඇරිලා ළමයි යනවා දකිද්දී අනේ අපිටත් ආයේ යන්න තිබ්බ නම් කියල හිතෙනවා..
ReplyDeleteමට නම් ලෝකේ කොහටත් වැඩ ගාල්ල තමා හොඳම ...
කතාකරන්න පුළුවන් උණා නම් කොච්චරක් දේවල් කියාවිද..?
සුදා නම් නෙළුව පැත්තට වෙන්න නෙ....
Deleteඒව නම් කියල වැඩක් නෑ බං.ක්ලාස් ඇරිල කුණු ඇල පාරේ බයිසිකල් වලින් සෙල්ලම් දදා කෙල්ලො පස්සෙ පාගපු හැටි මැවි මැවි පේනව...
ආඅ.... සුදා නෙළුවේ කියලා දන්නේ කොහොමද....?
Deleteනෙළුව යනු ගාලු දිස්තික්කයේ අවසාන කෙලවර වුවද... නෙළුවට වඩා ගම ගාල්ලය..
ගාල්ල මේ ආදරණීය නගරය තරම් තැනක් මට නම් ලෝකේ කොහෙවත්නෑ..අපි ගාල්ලේ අපිට වැඩත් ඇහැකි හිහ්
ReplyDeleteඑකෙන්ම.....
Deleteමමත් ගාල්ලට බොහොම කැමතියි.. අපේ සීයා නම් ඉතින් ඊටත් එහායින්..
ReplyDeleteඊටත් එහා කිව්වෙ සීය ගාල්ලටත් එහාද..නැත්තම් ඔයාටත් වඩා සීයා ගාල්ලට කැමතිද...
Deleteගාල්ලේ ඉඳල ළමයෙක් පාන්දර 3ට නැගිටලා අපේ ඒ ලෙවල් ක්ලාස් ආවා.මට එයාව මතක් උනා මේක කියවල.කොහොම උනත් ලස්සනයි.මෙවන් අදහස් තියන ඔබට පිසාචයා කියන නම දාගත්තෙ මොකෝ සහෝ??
ReplyDeleteඒ වගේ පිස්සොත් ඉදල හිටල ඉන්නව..හික්ස්....
Deleteපිසාචයා.....ඒක ගැන වැඩිය හිතන් එපා
පිසා උබ ගාල්ලේ කොහෙද බන් ?
ReplyDeleteඋබට විතරක් නෙමෙයි අපි හැමෝටම මෙහෙමයි බන් මොනවා කරන්නද දුක තමා ...
වැල්ල පැත්තට වෙන්න.....
Deleteසුලඟේ ලෙලෙනා...!!!!
උපන් ගම මගෙත් ගාල්ලේ...එත් පුංචි කලේ ඉදලම නුවර......තාමත් අසයි ගාල්ලේ ඇවිත් යන්න .ඒක අමුතු හැගීමක්....
ReplyDeleteඇත්තටම මට දැනුනේ මම A/L පන්තියේ ඉන්නවා වගේ....මාර ලස්සනයි සහෝ .....
අම්මපා ඉස්සර කාලේ මතක් උනා..
ReplyDeleteයන්න තියෙනව නම්..
Deleteමට නම් තවමත් ඉඳලා හිටලා හීනෙන් පේනවා ඉස්කෝලේ යනවා. උඩ ෆොටෝ එකේ ඉන්න සෙට් එක දැක්කාම මට මගේ අතීතය මතක් උනා.
ReplyDeleteඒ හීනත් කොච්චර ලස්සන ඇද්ද...
Deleteආයෙත් එනවා නම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ...
ReplyDeleteපිසාච මල්ලි හරිම ලස්සනට ලියලා තියෙනවනෙ :)
ස්තූතියි කූඹිච්චි අක්කා......
Delete