Tuesday, October 30, 2012

එහා කාමරේ එකාට ලිව්ව බූට් සිංදුව (ලෙක්චර්ස් කැප කරලා දිව රෑ නිදි නොබලා)


     
       ඔන්න මේ ලඟකදි අපේ කෙල්ලෙක් ගොඩ ගියා.අපි හොඳට දන්න කියන එකියක්.ගෙදර යනකොටයි එනකොටයි ආවෙ ගියෙත් අපි එක්කමයි.කට පොඩ්ඩක් වැඩි වුණාට හිත හොඳ කෙල්ල.ගොඩ ගියේ නුවර අවට කොල්ලෙක් එක්කමයි.

   ඒක නෙවෙයි ඉතින් ,ඔය යන එන අතරතුරේදි අපි ඉතින් බලන්නේ කවුරු හරි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ නමක් කියල විහිළුවක් කරල ආතල් එකක් ගන්නනේ.අපේ කාමරේට එහා කාමරේ එකාගෙ නමයි, මේ කෙල්ලගෙ නමයි කියල ඉස්සර ඉදන්ම අපි විහිළු කරනව.මුන් දෙන්නටත් ගාණක් නෑ.ඒ වෙලාවට මොනව හරි කියල ශේප් වෙනව.
         ෆැකල්ටියෙදි හරි වෙන කොහේදි හරි හම්බුණොත් අපි අහන්නේ...
"කෝ අහවලා..." කියල.ඒත් ඉතින් දෙන්නගෙම හිතේ එහෙම අදහසක් තිබුණේ නෑ කියල ෂුවර්.
ඉතින් අර කෙල්ල ගොඩ ගියා කියල ආරංචි වුණ දවසෙ අපේ එවුන් මේකව කන්න හදනව.ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.කට්ටිය දන්නවනේ ඒ වගේ වෙලාවට කියන කරන දේවල්.
               ඉතින් අල්ලපු කාමරේ එවුන් වශයෙන් මටත් වගකීමක් තියෙනවනේ ඒකව තව ටිකක් හරි අනුභව කරන්න.හිමින් සැරේ කාමරේට ඇවිල්ල පොඩි රහස් මෙහෙයුමක් පටන් ගත්ත.
          හිතුවට වඩා වැඩේ දික් වුණානේ.සුළුවෙන් කරල ඉවර කරනව කියල හිතුවට වැඩේ දිගට දිගට ගියා.හැබයි අන්තිම රිසාල්ට් එක හොඳට ආවා.කට්ටිය දැන් බලනව ඇති මේ මොකක්ද කියල.වැඩි දෙයක් නෑ.සිංදුවක් අරගෙන ඒකට අපේ වචන දාලා අරූ කියන බූට් සිංදුවක් වගේ එකක් හැදුව.මුලින් හිතුවෙ එක කොටසක් විතරක් හදන්න.ඒත් අන්තිමට සිංදුවටම හැදුව.හොඳටම හොඳයි කියන්නත් බෑ ඉතින්.....

           
        මොනව වුණත් අපේ කොල්ලො ටික මේ සිංදුව කිය කියා අරූට එපා කෙරෙව්ව.
(ඒත් ඒකා ඇත්තටම බූට් එකක් කාපු නැති නිසා අවුලකුත් නෑ...)

මේ දවස් වල දාන්න පෝස්ට් එකකුත් ලියන්න බැරි වුණ එකේ මේකවත් දානව.

සිංදුව මොකක්ද කියල නම් කවුරුත් දන්නවනේ.ජිප්සීස්ලගෙ "ලබන සැරේ අපි දෙමුකො බැටෙ.." කියන සිංදුව.(අර කොල්ලට ආදරේට අපි කියන්න "තෝසයා" කියල)



ලෙක්චර්ස් කැප කරලා
දිව රෑ නිදි නොබලා
ගමකට පැණිත් හලා
සැමටම හොරෙන් මෙමා


දැම්මත් ලයින් එදා
ආදරෙ නැතුව මෙදා
අඬනව අපේ තෝසයා

ගමකට පැණිත් හලා
සැමටම හොරෙන් මෙමා


අඬනව අපේ තෝසයා..........

ගාලු පාරේ එකට ආවේ මං
නුවර පාරේ ලඟින් හිටියෙ මං
මොකක්ද මගේ අඩුව බං

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......
ගිය දේ ගියාවේ


තනිවුණෙ මං 
අඬන්නෙ මං
උඹලට නම්
මොකද ඉතින්

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......
අඬන වැඩේ හරි කැතයි හොඳේ


තරඟෙට ලයින් දැම්මේ මං
හොරාට මැසේජ් යැව්වෙ මං
ගමකට කවිත් කිව්වෙ මං
ඔච්චර කරලත් මුන්ට
සැලකුවෙ නෑනෙ අද මට
මේව හොඳ පාඩම් මෙමට

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......
ගිය දේ ගියාවේ......................


කන්න බොන්න කිසි පිරියක් නෑ
මගේ...ෆෝන් එකට එන මැසෙජුත් නෑ
අනේ...දැන් කවුරුත් හා කියන්නේ නෑ

පාඩම් වැඩ මුකුත් වෙන්නෙ නෑ
ඉස්සර වගෙ බොගන්න හිත නෑ
අනේ...දැන්නම් මට ඉඳල වැඩක් නෑ

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......
ගිය දේ ගියාවේ......................

ස්කයිපුත් නෑ ඉඳහිට
හම්බෙන්නෙත් නෑ
එදා විඳපු සැප උඹලට තේරෙන්නේ නෑ


අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......
ගිය දේ ගියාවේ

තනිවුණෙ මං 
අඬන්නෙ මං
උඹලට නම්
මොකද ඉතින්

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......
අඬන වැඩේ හරි කැතයි හොඳේ

හිනා වෙන්නෙ නෑ
මූණ බලන් නෑ
ගහපු මැසේජ් සිහිවෙනකොට
නින්ද යන්නේ නෑ

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......
ගිය දේ ගියාවේ


ජිප්සීස්ලගෙ සිංදුවත් මෙතනින් ගිහින් බලන්නකො එහෙනම්.

http://www.youtube.com/watch?feature=player_detailpage&v=72AdUKUK5Yk




27 comments:

  1. Replies
    1. මොකටද එහෙනම් කියවල කමෙන්ට් එකකුත් දැම්මේ?

      Delete
    2. වෙන්නැති...ඒත් ඉතින් ගොන් වුණත් සෑහෙන්න විනෝද වුණා මේක නිසා

      Delete
  2. මට හිතාගන්න පුළුවන් එකා මේ සින්දුව අහල අක්බාර් පාලමෙන් පනින්න හදන විදිය..

    ReplyDelete
    Replies
    1. අයියට කියන්න එවෙලෙ මේකා රතු වෙලා පුපුර පුපුර හිටියෙ.....අවුලක් නෑ පස්සෙ ශේප්.....

      Delete
  3. හි හි :) නියම සින්දුව :) ඔයාට වෙලා තියනවද අප්පා පිසාච අයියේ මේවා ලියන්න..බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..වෙලාව :/

    ReplyDelete
    Replies
    1. චීයා බන් මෙන්න උබට අයියේ කියලා... :D :D

      Delete
    2. හිමාවි - ඔයාට වගේ පැය විසිහතරම බ්ලොග් ලෝකෙ කරක් ගහන්න වෙලාව නැති වුණත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ මැනේජ් කර ගන්නව....

      නසියර්- ඔව් බං...මටත් නිකන් මොකක්ද මොකක්ද වගේ.......

      Delete
  4. නියම බයිටක්. මන් නවය වසරේදී අලුත් ඉස්කෝලෙට ගියාම මටත් ඔහොම දෙයක් උනා. හැබැයි මුලදී පොඩ්ඩක් මූණ රතු උනාට පස්සේ එයයි මායි හොඳ යාළුවො උනා.

    නියම පොස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. ආ...ඉස්කෝලෙ කාලෙ තමයි මේ වගේ ඒවා වැඩියෙනම කරන්නෙ....කොහේවත් ඉන්න කවදාවත් දැකල නැති කෙල්ලොන්ගෙ නම් හිටන් කියල මටත් විහිළු කරල බයිට් කරපුව මතක් වෙනව..........

      Delete
  5. ලබන සැරේ නැව ආවම දෙමුකෝ බැටේ!!!!!

    ReplyDelete
    Replies
    1. හ්හ්හ් හ්හ්හ්...ඒකත් ඇත්ත....ඔන්න මේ සැරේ අපේ ෆැකල්ටියටත් වැඩිපුර 120ක් විතර එනවලු...කොල්ලන්ගෙ කල්ල මරේලු..........

      Delete
    2. නෑ?? ඒ කියන්නේ කොල්ලෝ ටික ඒ නැවෙන් ගොඩ යයි වගේ ඈ...

      Delete
  6. පව් මගොඩියා.. මොනව උනත් අපෙ ගමේ කොල්ලා :(

    ReplyDelete
    Replies
    1. හික්ස්......ඒ වුණාට උඹ ආවෙ නෑනේ ඌව බේරගන්න ඒ වෙලාවෙ....

      Delete
  7. හෙහ් හෙහ් මරු සිංදුව නියමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු අයියේ....................

      Delete
  8. හේ හේ හේ මට මේ පැත්තට එන පාරත් අමතක වෙලයි තිබුනේ. මොකෝ කාලෙකින් ලිව්වේ නැත්තේ. පේන්නවත් හිටියේ නැහැ නොවැයි. සින්දුවනම් පට්ට පට පට.

    ReplyDelete
  9. ආ ඔය අර ගාල්ලේ කෙල්ලයි රුහුණේ අවුරුද්දක් ඉඳල ආව කෙනා ගැනයි නේ

    ReplyDelete