Tuesday, November 13, 2012

මතකද මැණිකෙට



හිරු සඳු වෙමු අපි එකම අහස් කුස
කිසිදින එක විට පායන්නේ නැති
වරු ගණනක් අපි ඈත කන්ද දෙස
බලාන හිටියා මතකද මියුලැසි

රතු මල් පලසක් එලලා තිබුණා
අපි ආ පාරේ පාළු ඉසව්වට
අතු ඉති සරසන සමනල රෑනක්
ආසිරි පැතුවා මතකද මැණිකෙට

හැපි හැපි ගැලුවත් අමුතුම මිහිරකි 
මහවැලි ගඟ අද ගෙන එන්නේ
අපි ලඟ අපි නැති දිනය ඇවිල්ලා
ඒකයි අහසම වැලපෙන්නේ

(සිතිවිල්ලක් පමණි )

13 comments:

  1. අපේ කොල්ලා
    දියුණු වේගෙන එනවද මන්දා

    ReplyDelete
    Replies
    1. අඩෝ ජිංජියා......එහෙම කියන්න එපා බං...ආ...කියපන්කො මම දැනටමත් දියුණු වෙලා නැද්ද කියල....ගිය මාසෙත් අළුත් ඩෙනිමක් සල්ලි දීලම ගත්ත....

      Delete
  2. පේරාදෙණියෙද...))

    කවිය සරලයි-ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඔව්..පේරාදෙණිය...
      බොහොම ස්තූතියි.....වැස්ස..!!!

      Delete
  3. අපට අපම වූ සුන්දර මතකය
    නිවී නොයයි අප වෙන්වුන මත්තෙන්
    සිතා උන්නු මා මුළා වූයේද
    සිතා සිතෙන වදනක් ඇත්තෙන්
    වෙනදා නොදකින
    මහවැලි කොමළිය
    අද පමණක් අමුතුම මිහිරෙන්...
    කව්රුත් ඔහොමයි තම ළඳ නැති තැන
    සිත නෙතු යයි අන් කොමලිය පස්සෙන්...

    - කිරි සප්පයා @ අන්තිම පේලිය

    ReplyDelete
    Replies
    1. අඩේ..කිරියා,,...පට්ටයිනෙ......!!!

      Delete
  4. එල එල මෙ වගෙ සිතුවිලි වලට ආදරණීය හිතක් තියෙන්නම ඔනා..

    ReplyDelete
  5. හ්ම්ම් හ්ම්ම් .. උඩරට මැණිකෙ කෙනෙක් වගෙයි.. හ්ම්ම් හ්ම්ම් .. උඩරට මැණිකෙ කෙනෙක් වගෙයි.. නිකම් කොහෙද සිතුවිලි එන්නේ ? මං නොදන්න කැවුං කීවලු..

    ReplyDelete
    Replies
    1. හික්ස්..........ඔය ඉතින් කොච්චර කිව්වත් පිළිගන්නෙම නෑනේ......

      Delete
  6. එල එල.... දෙවනි කෑල්ලට තමයි වැඩියෙන් කැමති

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...ඊලඟ කෑල්ල තවත් රහයි නේ........

      Delete
  7. අනේ පව්....සිතුවිල්ලක් විතරමයි නේ.....:P
    සිරා සිතුවිල්ලක් බං..එළ..

    ReplyDelete