Saturday, November 17, 2012

හෑන්ඩ් බිල් බෙදපු අයියාගෙන් පුංචි නංගීට




සුදු ගවුම ඇඳ ඈත ඉඳගෙන පිය නගා එන හැටි අගේ
මුදු සිනාවන් නැවතුනේ නුඹ බිය වුණිද බැල්මට මගේ
අඳුරු අහසට වඩිනවද නුඹ එළිය දී රැජිණක් වගේ
සුදු නංගි බිය නොම වෙයන් මට මමත් අයියෙකි නංගිගේ


චන්ද්‍ර මඩලට ඉරිසියා ඇති නුඹෙ හිනාවන් දුටුවදා
මන්ද සොයුරියෙ හැංගුනේ නුඹ නෙතු අගින් මා දුටුවදා
ඉන්ද්‍රගෝපක එලි සොයාගෙන මංමුලා වී නොයනදා
වින්ද කරදර අකැප වී නුඹ රජ වේවි මතු මතුවදා


නිමිත්ත-  ඉස්කෝලයක් ගාව හෑන්ඩ් බිල් බෙදපු අයිය කෙනෙක් ස්කූල් වෑන් එකකින් බැහැල එන දෙක වසරේ හරි තුන වසරේ හරි පුංචි නංගි කෙනෙක්ට හෑන්ඩ් බිලක් දෙනව.පව් ඒ අසරණී බය වෙලා හෑන්ඩ් බිලත් බිම දාලා ගේට්ටුවෙන් ඇතුලට දුවගෙන යනවා.

ප.ලි - ඉන්ද්‍රගෝපක කියන්නෙ කලාමැදිරියොන්ට

32 comments:

  1. මරු මචෝ... උඹ නිමිත්ත කිව්වෙ නැතත් තේරුම් ගන්න පුළුවන්. බලාපන් තිරසන් සමාජයක් කරන දේ.... :t

    ReplyDelete
    Replies
    1. ඇත්ත.....එක වසරේ පොඩි එකියෙක්ව අරගෙන යන්න ගිහින් දෙන්නෙක් අහුවුනාලු මේ ලඟදි...........උන්ට නම් වෙනම අපායවල් හදන්න ඕන................

      Delete
  2. දෙවනි කවියට පට්ටම ලයික්....

    මනුස්සකම ගැන අද තියෙන විශ්වාසය කොයිතරම්ද කියල පේනව නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මීස් ගොඩ්ස්...........අයියේ.........
      ඒව නම් කියල වැඩක් නෑ...හරිම අජූතයි....

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි උමා...............

      Delete
  4. ලස්සනයි. නිමිත්තත් කියවලා කියෙවුවේ.

    ReplyDelete
  5. හ්ම්ම් මොකද මේ පිසාචට ට්‍රැක් එක වෙනස් කොරල...........?

    ReplyDelete
    Replies
    1. ඒ සිද්දිය දැක්කට පස්සෙ මට හෙනම අප්සට් කෝරලේ මහත්තයෝ...ඒකයි මේ එක්සෑම් අස්සෙත් ඕක දැම්මේ...............

      Delete
  6. එකිනෙකා ගැන ඇති විශ්වාසයේ තරම තමයි.

    ReplyDelete
    Replies
    1. අපේ සමහර බල්ලො කරන වැඩ නිසා විශ්වාසය කියන දේ දැන් බල්ලටම ගිහින් තියෙන්නේ අයියේ.................
      හැලපය අයිය මේ පැත්තේ ආවට ස්තූතියි ඔන්න....

      Delete
  7. Replies
    1. නාඩියට එල නම් අපිටත් එල ඈ............

      Delete
  8. බය වෙන්නේ නැද්ද ඉතින් :P

    ReplyDelete
    Replies
    1. අපෝ...එහෙම කියන්න එපා හසිතයො......නම පිසාචය වුණාට මම හෙන අහිංසක මූණක් තියෙන කොල්ලෙක්...... ;-)

      Delete
  9. මොකද බොට නුවර හුළඟ එක්ක සීතල ඇලජික් වුනාද?

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ ක්සෑන්ඩර් අයියේ....................
      ඇයි එහෙම ඇහුවෙ ඉතින්.................

      Delete
  10. ඔය සමහර ලමයින්ට තියෙනවා අනතුරක් හඳුනා ගැනීමේ ඉවක්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නැත්තම් නැත්තම්....මොකටද ඉතින් මගේ කට.................

      Delete
  11. wow...නියම කවි ටික...හරිම ලස්සනයි...නිමිත්ත කියවලා තමයි කවි ටික බැලුවෙ..

    අද තමයි මේ පැත්තේ ආවෙ

    ReplyDelete
    Replies
    1. හිමකුමාරි එහෙනම් හැමදාම මේ පැත්තේ එන්නකො.........අගේ කිරීමට ස්තූතියි..........

      Delete
  12. නියමයි මලයා කවි ටික...

    ReplyDelete
    Replies
    1. ඔයාලගෙ වචන ලොකු හයියක් අයියෙ.....

      Delete
  13. අද පොඩි ඈයොන්ටත් ඕය විදියට තමා ඉන්න වෙලා තියෙන්නෙ.

    කවි ටික සුපිරි..!

    ReplyDelete
    Replies
    1. හික්ස්.....ස්තූතියි....
      ඒක නම් ඇත්ත.....

      Delete
  14. දෙවෙනි කවිය මාරම ලස්සනයි මල්ලියෝ...කවියේ නිමිත්තත් හුඟාක්ම සංවේදියි...

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා අක්කත් ඇවිල්ල තියෙන්නෙ කාලෙකින් මේ පැත්තේ......ස්තූතියි ....අක්කේ......!!!

      Delete
  15. ආ.....මල්ලී... හරි ලස්සනයි.

    ReplyDelete