Sunday, December 02, 2012

සෆා...සෆා....සෆා........



සුදු ඇඳුමෙන් වැසුනත් ඔය පුංචි නුඹේ දෙපා
පර්දාවෙන් නුඹෙ ලස්සන සඟවන්නට එපා
එපා නොවෙන කෝල බැලුම් උහුලන්නට වෙලා
පාඩම් පොත සිහින ලොවක් කරගත්තද "සෆා"


යෙහෙලියන්ගෙ සිනා හඬට නුඹත් එකතු වෙලා
දුඹුරු දෑසේ අග්ගිස්සෙන් කවිත් කියයි ඔයා
නොතේරෙන්න මොන මොනවද මුමුණන්නට එපා
පොළවට සඳ කොච්චර නම් දුරයි නේද "සෆා"


නුඹ නොදන්න කුරිරු ලොවක් ඇත එපිටින් බලා
මං කියනා දේ තේරුම් නොගෙන ඉන්න එපා
නුඹට උරුම සිනා ලොවක් එයි නුඹවත් සොයා
පංති කොනට අපේ මතක විසිකරපන් "සෆා"



නිමිත්ත- කැමති එකක් හිතාගන්න......


14 comments:

  1. සංස්කෘතික බැම්මෙන් වැහිච්ච අහිංසක ආදරයක් වගේ නේද? ;)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...................දන්නේ නැද්ද ඉතින් ලස්සන දේවල් වලට කොහේ හිටියත් ඇහැ යනවනේ නාඩියෝ............

      Delete
  2. //පොළවට සඳ කොච්චර නම් දුරයි නේද "සෆා"//
    හ්ම් ...මොකෝ ඉතින් කරන්නේ ?
    :(

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද රෙහානියො......කිව්ව විදියට මතක විසි කරල ඔන්න ඔහේ ආවා....

      Delete
  3. නියමයි බං කවි ටික නම්

    මේ නිමිත්ත ගැන හිතමින්..

    ReplyDelete
    Replies
    1. නිමිත්ත ඇත්තටම කිව්වොත් ලඟදි කොල්ලෙක් මුස්ලිම් ඉස්කෝලෙකට රිසර්ච් එකකට ගියා වගේ එකක් හිතාගන්නකො අයියේ.............

      Delete
    2. අනේ ඉතින් මූටත්.....

      Delete
  4. හිතේ තියන හීන වලට තවත් දුරයි පිසා
    ඔය හීනය හිතට දුකයි අවදි වෙන්න වහා
    ලෝකේ තියන දරුණු ඇත්ත පිළි ගන්නට සිතා
    අහිමි නොවෙන ආදරයක් හඹා යන්න සොයා.

    ReplyDelete
    Replies
    1. ඈත ඉඳන් එන මීදුමෙ දෑතම එක් වෙලා
      රෝස සුවඳ මල් පාරක හීන එකතු වෙලා
      හිතට නුහුරු මගේ සුවඳට ලං වෙන්නට එපා
      පර්දාවෙන් වසන් වෙලා ගෙදර යන්න සෆා

      Delete
  5. තිබුණොත් ඉඩක් මේ පැත්තෙත් ඇවිත් යන්න.
    http://battigeniwahana.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බට්ටි අක්කගේ පැත්තේ එන්නෙ නැතුව කෝමෙයි..............

      Delete
  6. හීන වලට හීන වෙන්න ඉඩ දෙන්නට එපා...
    (හැකි හැම විට හීන වලට තටු දෙන්නට සිතා..)

    ReplyDelete
  7. කාලෙකින් ආවේ මේ පැත්තේ. හොඳ නිර්මාණයක්

    ReplyDelete