හැමෝම සිනාසෙන - මට විතරක් ඇඬෙන ( ආදරය කරපු කෙල්ලගෙ වෙඩින් එකට යන්නද හිතන් ඉන්නෙ) -01
හැමෝම සිනාසෙන - මට විතරක් ඇඬෙන ( ආදරය කරපු කෙල්ලගෙ වෙඩින් එකට යන්නද හිතන් ඉන්නෙ) -02
එහෙනම් ඔන්න තුන්වෙනි එකත් පටා....න් ගන්නයි යන්නේ....
මගෙ දෑසේ කඳුළු
මඟුල් ගෙදර වෙලාවෙදි අසරණ කොල්ලගෙ හිතට එන අදහස් හිත් කීරිගැහෙන විදියට කියන විදිය නම් හිතාගන්නත් බැරි තරම්.සිංදුවෙ සම්පූර්ණ ගෞරවය ඒ අතින් මිල්ටන් පෙරේරා කියන අසහාය ගායකයට හිමි වෙන්න ඕන.
පෝරුව උඩ ඉන්න කෙල්ලගෙ ඇස් වලින් වැටෙන කඳුළු වලින් කොල්ලට තියෙන ආදරේ තේරෙනව වුණත් මේ වෙලාවෙ හැමෝම අසරණයි.
"මට ඇය දුන් වේදනා
ඇගෙ දෑසින් තේරුණා..."
"මං පතපු ඔයාගෙ නොයිඳුල් ආදරේ ඔයා අන්සතු කලත් ඒ දුක ඔයාගෙ අලුත් හිමිකාරයට නම් දෙන්න එපා..."
ඒක තමයි අන්තිමට කොල්ල කෙල්ලගෙන් ඉල්ලන්නේ.
මගෙ දෑසෙ කඳුළු
තව දෑසක සතුටු කඳුළු වේ
ඔහු නැඟ ඇත
මට හිමි නැති මඟුල් පෝරුවේ
ගීතයට මෙතනින්
වසන්තයේ සිත් සැලුනා
රෝමේෂ් සහ ලක්ෂාන්ගෙ මං දන්න විදියට මුල්ම ගීතය තමයි "වසන්තයේ සිත සැලුනා" කියන ගීතය.රොමේෂ් ගෙ හැඟීම්බර විරහ කටහඬ මේ ගීතය ජනප්‍රිය වෙන්න බලපෑව.ඔවුන් අද වෙනකොට ඇවිත් ඉන්න දුර ඔවුන්ගෙ මුල්ම ගීතයත් එක්ක බලනකොට පුදුම වෙන්න දෙයක් නෑ...
සුන්දර පාසල් කාලයේදීම කොල්ල කෙල්ලගෙ අතින් අල්ලගෙන පාරක් ගානෙ ඔහේ ඇවිදගෙන යන ගමන් මවපු අනාගත සිහින අද කොල්ලගෙ හිත ලඟ විතරක් නතර වෙලා.
"අපේ ඒ සමනල හීන බොඳකරල දාලා අද ඔයා මල් පාවඩ උඩින් යන්නෙ කොහොමද කෙල්ලේ...."
සුදු රැලි ගවුමෙන් හැඩ වී
පෙර ඔබ ආ හැටි සිහි වී
දඟකාරියෙ ඔබ මට පෙම් කල
මතකය ඔබ ලඟ නැවතී
ගීතයට මෙතනින්
මගේ දින පොතේහි
මට අමතක වෙලා තිබුණ කාන්තා පාර්ශ්වයෙන් ගයන ගීතයක් "දඟ මල්ල" මට මතක් කරල ගිහින් තිබුණා.චන්ද්‍රලේඛා පෙරේරා විසින් ගායනා කරන මේ සිංදුවත් හුඟක්ම හැඟීම්බරයි.චන්ද්‍රලේඛගෙ කටහඬ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ...
පාසල් කාලෙ අපි දෙන්නගෙ නම් කුරුටුගාපු කොල පුච්චලා දානව වගේම අපේ ප්‍රාර්ථනාත් හුලඟට විසිකරමු.අත් අල්ලන් යන ගමන් මවපු හීන බොල් වෙලා ගිහින්.ඔයා එන්නෙ නැති හෙට දවසේ මම ඔහුගෙ මනමාලිය වේවි.
මගේ දින පොතේහි අද රෑ ලියන්නෙ
අප පෙම් කතාවෙ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි...
ගීතයට මෙතනින්
හිරු මැකී යයි නීල අහසේ
අමිල පෙරේර කියන්නෙ හුඟක් ගැඹුරු කටහඬකින් අපේ හිත් ස්පර්ශ කරන ගායකයෙක්.මේ ගීතය අඩංගු වුණේ "ආසයි මං පියාඹන්න" කියන ෆිල්ම් එකේ.ෆිල්ම් එකේ මේ සිංදුවත් එක්ක යන සීන් ටික සිංදුව තවත් හිතට ලං කරනව.(පුළුවන් නම් හොයාගෙන විෂුවල් එකත් බලන්න)
"නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුණා..."
හුඟක් හිතට දැනෙන කොටසක් තමයි මේක.ගොඩක් දෙනෙක් මාත් එක්ක එකඟ වේවි මං හිතන්නෙ.
ගිනි කඳු පුපුරන තරම් වේදනාවක් මගේ හිතේ තියෙනව රත්තරං..ඒත් මගේ සුභ පැතුම් අරගෙන හිතේ සතුටින් ඔයා යන්න.අපි දැකපු හීන ඔක්කොම මීදුම් අතරේ කාටවත් පේන්නෙ නැති වෙන්න හංගල ඔයා යන්න.මම ඔයා එක්ක කවදාවත් තරහ නෑ රත්තරං...
තුෂර පින්නේ පැතුම් කෝවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුණේ
එදා මතකය සිතේ අහුරා යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ........
ගීතයට මෙතනින්
ඇයි කඳුලු බිංදු
මම හුඟක්ම ආස ගායකයෙක් තමයි කරුණාරත්න දිවුල්ගනේ කියන්නෙ.ඔහු ගායනා කරන්න තෝරගන්නෙ හරිම ලස්සන වගේම හොඳ තේරුමක් තියෙන සිංදු.
"ඇයි කඳුලු බිංදු මනමාලිගෙ මල් පොකුරේ රෝස කම්බුලේ"...කියන සිංදුවත් ඒ වගේම ලස්සන එකක්.
ඒක පාර්ශ්වික ආදරයක් ගැන තමයි මේකෙන් කියන්නෙ.කොල්ල කෙල්ලට කොච්චර ආදරේ කලත් කෙල්ලගෙ හිත ගිහින් තියෙන්නෙ වෙන කොල්ලෙක්ට.ඒත් කොහොම වුණත් කෙල්ලටත් දුකයි කොල්ල ගැන.ඉතින් දන්නෙම නැතුව කෙල්ලගෙ ඇස් වලට කඳුලු එනව.ඒ වෙලාවෙ කොල්ල තමන්ගෙ දුක ගැනවත් නොහිතා කෙල්ලට සුභපතනව.
හරිම සංවේදී සිංදුවක්..
තනා හිත ගිය තැන මාළිගාව
නිදාගන්න සිරියහන් ගැබේ
මම කරුණාවයි නෑ තරහක්
ජාති ජාතිවත් මගේ හිතේ....
ගීතයට මෙතනින්
ෂෙල්ටන් පෙරේරා ගායකය විසින් මුලින්ම ගායනා කරල පස්සෙ එයාගෙ පුතා සතීෂ් පෙරේරා විසින් ගායනා කරපු මේ සිංදුවත් සඳ මෝල් වෙන තරමෙ එකක්.මට හිතෙන විදියට මුල් ගායනය දෙවැන්නට වඩා හැඟීම්බරයි කියලා.සතීෂ් පෙරේරා වුණත් ලස්සනට කියනව.එක එක්කෙනාට දැනෙන විදියනේ....
කෙල්ලගෙ විවාහ ගිවිස ගැනීමේ උත්සවයෙන් පස්සෙ අහම්බෙන් වගේ කොල්ලට කෙල්ලව මුණගැහෙනව.එතකොට කොල්ල දකිනව කෙල්ලගෙ අතේ තියෙන මඟුල් මුද්ද වගේම කරේ තියෙන මාලයත්.එදා රෑ කොල්ල තමන්ගෙ අහිමි පෙම්වතියට අවසන් පෙම් හසුනත් ලියනව.
හුඟක් දෙනෙක්ගෙ හිතට වැදුණ සිංදුවක් තමයි මේක....
පෑන තවත් දේ ලියන්න කීවත්
මොනව ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නෙ
වෙන දීගෙක ගිය ඔබට වඩා
ගීතයට මෙතනින්
ඈ ඉදිද්දි පෝරුවේ
අන්තිමට මං තෝරගත්තෙ "වාලක්කඩිය" මට කියපු අජිත් මුතුකුමාරණ ගායනා කරන ලස්සන සිංදුවක්.මේ ගීතයේ තනුවටම පුන්සිරි සොයිසා මහතාත් ගීතයත් ගායනා කරල තියෙනව "දූ ඉදිද්දි පෝරුවේ" කියල.
මේ ගීතයත් අනිත් ඒව වගේම ලස්සනයි හැඟීම්බරයි.මේකට මං විශේශයෙන් ආස වෙන්න ගොඩක්ම හේතු වුණේ එකේ අන්තිම කොටස.නැකත උදා වෙලා පෝරුවෙන් බැහැල ඇවිත් ...නැදෑයන්ට සමුදෙන්න එන කෙල්ල කොල්ල ගාවත් මොහොතකට නතර වෙනව.ඒ නතර වෙලා ඇස් වලින් කියන දේ හරිම ලස්සනට ඒ පද වලින් කියනව.
වෙන්ව යන්න නැකත දැන් උදාවේ
නෑසියන්ට වදින මේ වෙලාවේ
සමුඅරන්ම යන්න මට කියාලා
මතු ආත්මෙ එකතු වෙමු කියාලා
ගීතයට මෙතනින්
අවසන් ලියුමයි ඔබට ලියන්නේ..
ReplyDeleteපට්ට.. කාලයක් මම ඔය සින්දුව පට්ට ගැහුවා..
මට මතකයි කලින් එකක ඒ ගැනත් කමෙන්ට් එක්ක තිබුණා ඔයා කියලා
Deletepatta sindu tika
ReplyDeleteමේක කොටලම එපා වුණා...හෑක්ස්
Deleteසුදු රැලි ගවුමෙන් හැඩ වී
ReplyDeleteපෙර ඔබ ආ හැටි සිහි වී
දඟකාරියෙ ඔබ මට පෙම් කල
මතකය ඔබ ලඟ නැවතී
ඇඩෙනවා ඕයි- මටත් කවි ලියන්න හිතෙයි මේව්වා දාලා ඈ
ඔබ නේන දා හෙට මා මනමාලියයි...
නිකන් කනට ගැහුවා වගෙයි මේ පදේ
මේ ඩොන්ගල් කට්ටේ ඩේටා ඉවර වෙලා තියෙන වෙලේ දැන් ඉතින් බාහන්කෝ සිංදු
බාන්න බාන්න...දවසක් දෙකක් මනෝ ගහන්න පුළුවන් ....
Deleteඇයි මේ සින්දුව...
ReplyDeleteපති කුලයට අද මට පිටුප යන මගේ සොඳුරු ළඳුනේ...
මුල මතක නැ අනේ...
විකසිත පෙම් පොකුරු පියුම් ...
Deletehttp://pisachaadawiya.blogspot.com/2011/09/02.html
Deleteමෙන්නො
දෙකක් දාල ඉන්න වෙලාවට මාරු සින්දු ටික බන්
ReplyDeleteහික්ස්......අනිවා....!!
Deleteමේක බලන්න මලයෝ.. සබැ අයිතිකාරයා නම් සුවර් නැ.මට මැසේජ් එකක අවේ.මතක විදිහට දුකා අය්යා වෙන්න ඕනේ.මම සේව් කරගත්ත එකක්.සැබෑ අයිතිකරුවා කමා කරත්වා...
ReplyDeleteමංගල පෝරුව මත නංවා
රන්මුදුවක් ඔය අත පළදද්දි
මුවගේ.. සිනා.. දැකලා දුරින්
මාත් සිනාවුවා..ඒ සිනාව ලග නැවති..
දිගු නෙත් සගලම කදුළු පුරෝගෙන
හඩන්න සැරසෙන ඔබ දැකලා
හැඩුවා.. මෙමා..සැගවි දුරින්
කදුළු උදුරගෙන ඔබෙ දැසෙන්..
පෙර දවසක මා ලග නැවතී මගෙමයි කරගන්නට පවසා
ඔය සියොලග මා දවටා හිටියත් මා ලග මත් වීලා
මලක් වගෙ ගෙනියන්න සිතා මා සිටියා නිසොල්මනෙ
ඒ ආදරයට මා ආදෙරෙයි තවත් ළදේ
ඔබ දුටුවොත් මා ඉන්නා බව කදුළු පුරෝගෙන අඩයි තවත්
මා යන්නම් දැන් මා දුටුවා මනාළි මා පැතු පෙරදා
අප යලි කිසිදා හමුනොවුනත් සංසාරේ යන ගමනේ
ඒ අදරෙට මා මතුත් ආදරෙයි ළදේ...
ආව්....පිස්සු හැදෙනවනෙ......
Deleteඇයි ඩො මේකට ඕනෑම සිංදු දෙකක් දාලා නෑ නේ
ReplyDeleteඑකක් වික්ටර්ගේ "අහිමි උනත් ඔබ ලඳේ මට හඬන්න අවසර නෑ"
අනික මිල්ටන්ගේ "සැදී රන් අබරණින්"
ඔය දෙකත් ඇහුවම ආයේ කියල වැඩක නෑ...ඇස් දෙකටම ඇඩෙනවා....
අප්පට සිලි...ඒ දෙක නැතුව නිකන් මොකක්ද වගේ නේද....මතක් කලාට ස්තූතියි මානවකයො
Deleteමම අදමයි කියෙව්වේ. පට්ටයි..
ReplyDeleteදිගටම එන්ට එහෙනම්....
Deleteඅනේ මන්දා......
ReplyDeleteඔව්ව ඔහොම තමයි සහෝ......
Deleteඅනේ එළ කිරි.නියමයි.
ReplyDeleteඑල නම් එලම තම...!!
Deleteඅපෝ.... දුකයිනේ.....
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
හැමෝටම එක වගේ තම සුදෝ.....
Deleteගියොත් නම් ඉතින් ඇඩෙනවා ශුව්ර්..
ReplyDeleteආයිත් අහල දිනේශ් අයියා...
Deleteඅමතක කරන්න එපා මේ සින්දුවත්.මේ ඒකෙ අනිත් පැත්තනේ..
ReplyDeleteසුබ ප්‍රාර්ථනා කියමන්//
මා වට කර සතර දෙසින්
මුමුණන මුදු මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්
නැත මට අගනේ !
(කපුගේ)
http://www.youtube.com/watch?v=kMbMD6Lpe8s&feature=related
මා ඈ කර මාල බඳින්නේ
Deleteඔබෙ නෙත් තරු සැලී දිලෙන්නේ....
මා ඈ ගත සළු පලදන්නේ
ඔබෙ නෙත් අඟ කඳුළු පිරෙන්නෙ..
http://pisachaadawiya.blogspot.com/2011/09/02.html
නියම සින්දු සෙට් එක බං...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජා ලගදි ලක්සෙටත් කොඩිය දැම්මා නේ.....එසේම වේවා....!!
Deleteහ්ම්....
ReplyDeleteතරුව හැමදම තනි වචනෙන්මයි නේ.....
Delete