Friday, August 24, 2012

SLPL බලන හැමෝටම

          ආ...කස්ටිය කෝමද සැප සනීප......කැම්පසුත් වහල.කරන්න දේකුත් නෑ.ඒ වුණාට පුදුම කම්මැලිකමක් තියෙන්නෙ.බ්ලොග් එක පැත්තෙ ආවට අලුතෙන් මුකුත් ලියන්න හිතුනෙත් නෑ.ඒත් ඔන්න අද කඩිමුඩියෙ මේක ලියන්න ඕන කියල හිතුණා.
ස්ට්‍රයික් වුණත් පහුගිය දවස් වල පිසාචය කැම්පස් එකට වෙලා තමයි හිටියේ.කැන්ටිමෙන් කාල බීලා, රෑට රෑට ඇග්‍රි එක පැත්තෙ ගිහින් කෙහෙල් කැනක්,ගස්ලබු ගෙඩියක් එහෙම නෙලාගෙන ෆිල්ම් එකක් එහම බලාගෙන කාමරේට වෙලා හෙන සනීපෙට හිටියා.ඔය අස්සෙ දවස් දෙකක්ම පල්ලෙකැලේ ග්‍රවුන්ඩ් එකේ තිබුණ SLPL මැච් බලන්න නොමිලේම චාන්ස් හම්බුණා.
      නිකන් ලැබෙනව නම් දෙමළ පත්තරේ හරි ඔන්න ඔහේ ගියා.ගියාට මොකෝ....සූ ගාලා සෙනග.
 ඉන්දියාවෙ වගේ ලංකාවෙ SLPL වලට එච්චර සෙනග හිටියෙ නෑ.ඔන්න අන්තිම දවස් දෙකේ නම් සෑහෙන පිරිසක් හිටියා.
මං මේ සෙනඟ ගැන නෙවෙයි කියන්න ආවේ,වෙන වැඩක්නෙ.....
 ලාංකිකයො විදියට මැච් බලන්න යන අපේ හිත් වල තියෙන්නෙ එකම දෙයයි.ඒ ලංකාව අද දිනාවි කියලනෙ.ඉතින් SLPL වලදි වෙන්නෙ අපේම ක්‍රීඩකයො පිටරට ක්‍රීඩකයොත් එක්ක වෙන වෙනවම ටීම් වලට බෙදිල සෙල්ලම් කරන එකනෙ.

 ඉතින් එහෙම වුණාම මොකද කරන්නේ...කාටද චියර් කරන්නෙ....??????
  ප්‍රශ්නයක් තමයි.එක එක්කෙනාට එක එක විදියෙ උත්තර තියේවි......
  •         තමන්ගෙ ගම් පලාතට අහුවෙන ටීම් එකට චීයර් කරන්න ඕන(ගාල්ලෙ එකෙක් රුහුණට,නුවර එකෙක් කඳුරටට වගේ)
  • තමන් කැමතිම ක්‍රීඩකය ඉන්න ටීම් එකට  තමයි(මැතිව්ස් ඉන්න නිසා නැගෙනහිරට වගේ)

 ඔය වගේ උත්තර ගොඩාක් එක එක අයට තියේවි.ඒත් ඉතින් තමන්ගෙ පලාතේ ටීම් එක වෙනුවෙන් ග්‍රවුන්ඩ් එකේ හරි ඒකෙන් පිටදි හරි මරා ගන්න තරම් පිස්සො අපේ රටේ නැහැනෙ.ඒ වගේම තමන් කැමති ක්‍රීඩකය වෙනුවෙන් ආත්මෙ විකුණන්න තරම් මොලේ අමාරුකාරයොත් ලංකාවෙ නෑනේ.

     එහෙනම් අපි මොකද කරන්න ඕන....අපොයි මහ ලොකු දෙයක් නෑ.පුංචිම පුංචි දෙයයි කරන්න තියෙන්නෙ.මොන ටීම් සෙල්ලම් කරත් අපේ එකෙක් හොඳට සෙල්ලම් කරනව නම් ඌට අත්පුඩියක් ගහල පොඩි චියර් පාරක් දෙන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුන් හොඳම දේ.

මාලිංග බෝල් කරන්න එනකොට "කමෝන් මාලී....." කියල කෑගහල දාපු බෝලෙට මහේල හයේ එකක් ගැහුවම ඒකටත් "කමෝන් මයිලා..." කියන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද නේද....
 අපි දන්න කියන ෆුල් ටීම් සෙල්ලම් කරන ක්‍රීඩකයොන්ට විතරක් නෙවෙයි.නැගී එන නවක ක්‍රීඩකයන්ටත් එක වගේ චියර් කරනව නම් කොච්චර ෂෝක්ද.නම දන්නෙ නැත්තම් ස්ක්‍රීන් එකේ දානකම් ඉදල කෑගහුව නම් හරිනෙ...

         මේ වල් පිසාචයත් ඉඳල ඉඳල ඇවිත් මඟුලක් කියනව කියල හිතනව නම් අනේ ඒත් මං  තරහ නෑ.බැනල හරි යන්න.මේ පොඩි කොල්ලෙක්ගෙ විකාර කියල හිතුවත් කමක් නෑ ඉතින්......

ගොහින් එන්නම් එහෙනම්...

ජය ජය ශ්‍රි ලංකා...!!!!

20 comments:

  1. පොඩි කොල්ලගේි විකාර කියන එක අදාල මුලු පොස්ට් එකෙන්ම ඔය පොඩි කොල්ලා කියන තැනට විතරයි නේ ?

    කිරි සප්පයා @ අ.පේළිය

    ReplyDelete
    Replies
    1. මුගෙ කොහෙද බං පොඩි......?
      ආලවක @ අන්තිම පේලිය

      Delete
    2. කිරියා සහ ආලවකයා මම කියන්න ආපු දේ කියල නොවැ... මම ත් ඉතින් ඒකම තමා කියල වත් කියන්නම්...

      Delete
  2. සහතික ඇත්ත.. අමුලික ඇත්ත.. ගහමුකෝ අප්පුඩියක්....
    චක් චක් චක්
    චක් චක් චක්
    චක්..... චක්..... චක්......
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  3. Replies
    1. SLPL තිබටනමි කමක් නැ ඉතින්
      එත් අපේ රටෙ මෙ වෙනකොට
      ඔයිට වඩා වැදගත් ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද විසදගන්න

      Delete
    2. ඔව්...එක පැත්තකින් ඒකත් ඇත්ත......දේශපාලන ප්‍රශ්න ,අධ්‍යාපන ප්‍රශ්න ඕන තරම්....!!!

      Delete
  4. පිසාට තේරුණා.. ඒත් ඉන්දියන් කාරයෝ ඔය ටික තවම තේරුම් අරගෙන නෑ..

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ ඉන්නෙ ක්‍රිකට් පිස්සුවෙන් වගේ අදහන ඈයොනෙ....මතකනෙ මැච් පැරදුණාම ගෙවල් ගිනි තිබ්බා...

      Delete
  5. පට්ට පාඩු තරඟාවලියක්.. ඔතනින් ඉවරයි..

    ReplyDelete
    Replies
    1. බලන්න ආපු කට්ටිය නම් සෑහෙන අඩුයි...ඒත් ස්පොන්ශර්ශිප් වලින් තත්වෙ ගොඩද දන්නෑ..

      Delete
  6. අපි ඉන්දියාව අනුකරණය කරපු එකයි මේ තරගාවලිය අසාර්ථක වෙන්න හේතුව..
    (මගේ මතය ඈ..)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඒකට අනුකරණය කියන වචනෙ හොද වැඩිද මන්ද.....

      Delete
  7. මටනම් තාම එකක්වත් බලන්න බැරි උනා නෙට් එකේවත්..

    ReplyDelete
    Replies
    1. සෑහෙන බිසී වෙලා වගේ දිනේශ් අයියා

      Delete
  8. @ගුලිය & සාතන් - ස්තූතියි....!!!

    ReplyDelete
  9. මම නම් මැච් එකක්වත් බැලුවේ නැහැ. ෆෝන් එකට එන මැසේජස්වලින් තමා දැනගන්නේ...

    ReplyDelete