Wednesday, August 01, 2012

නුවර වැව ලඟ - මාර ගහ යට



                                 නුවර වැව ලඟ
                                 මාර ගහ යට
                                 අපේ මතකය
                                 ඉකිබිඳින බව
                                 දන්නෙ නෑ ඔබ දන්නෙ නෑ.....


                                 රොබරෝස මල් ගහට එන
                                 සමනලුන් හට කීව
                                 ඔබට නොඇසෙන
                                 හිතක් ඇති වග
                                 දන්නෙ නෑ ඔබ දන්නෙ නෑ....


                                 තරු කැට දහසක
                                 එළියැති දෑසට
                                 ලං වී හෙමිහිට
                                 පෙම් කෙරුවා මම
                                 දුටුවෙ නෑ ඔබ දුටුවෙ නෑ.....


                                 කහපාට සළු පැලද
                                 සිල් ගත්තු සරසවිය
                                 තුල ඇවිද හිනහෙන්න
                                 නේන මුත් ඔබ
                                 තරහ නෑ මම තරහ නෑ....

39 comments:

  1. පට්ට කවිය බොල...මුල් පද ටිකට මම පට්ටම ආසයි

    ReplyDelete
    Replies
    1. පෙරහැර බැලුවෙ එතන යට ඉදන් තමයි.....ස්තූතියි මානවක සහෝ...

      Delete
  2. මේ මැයි ගහ යට දවසක්දා...
    වැස්සට අපි තෙමුනා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්......ආදර මල් වැස්සේ...

      Delete
  3. එල ඈ!පිස්සු බම්ප් වෙනවා ඈ!!!!

    ReplyDelete
  4. " නුවර වැව ලඟ
    මාර ගහ යට
    අපේ මතකය
    ඉකිබිඳින බව
    න්නෙ නෑ ඔබ දන්නෙ නෑ.."

    සුපිරියි....

    ReplyDelete
  5. හරිම ලස්සනයි..
    'රොබරෝස' කියන්නේ මොනවද යාළු??

    ReplyDelete
    Replies
    1. රොබරෝසියා.. පේරාදෙණියේ පිපෙන මල්.. :පී
      http://natureinpics.blogspot.com/2009/04/robarosia.html

      Delete
    2. මම දැනන් හිටියෙ නැහැ සහෝ.ස්තුතියි ඔබට..:)

      Delete
    3. දෙන්නටම ස්තූතියි..... :-)

      Delete
  6. මේ නගරය මාඔබ මුණ ගැසුන නගරයයි.. මේ ..නගරය ම ඔබ වෙන් කෙරුන නගරයයි.... මේ ටිකට ඒකත් වෙලාද ?

    ReplyDelete
    Replies
    1. ස්ට්‍රයික්නෙ අයියා...මම හොස්ටල් එකට වෙලා වේලෙනව.....

      Delete
  7. මුල පද ටික නම් පෂ්ට පට පට.... අන්තිමට යනකොට විරිත අවුල් වෙලා වගේ නේ... ඇත්තට දනූ රොබරෝස කියන්නේ මොනාද ?

    කිරිසප්පයා @ අ.පේලිය

    ReplyDelete
    Replies
    1. ඔව් කිරිසප්පයො.....මුල් පද ටික නිකම්ම හිතට ආව ටික....
      රොබරෝසි කියන්නෙ ලස්සන ගහක්.....
      http://loesdebunis-theviewfromseelevel.blogspot.com/2011/02/pera-as-i-remember-it-today.html

      Delete
  8. අඩෝ!! අමාරුවෙන් මෙහෙ ඉන්නේ.. ගෙදර මතක් කරන්නේ මොකෝ???

    ReplyDelete
    Replies
    1. සොලි සොලි......මට අර කෙන කවුද කිව්වොත් ආයෙත් පේර ගැන ලියන් නෑ....

      Delete
    2. මම පෙබරවාරියේ එනවා..

      Delete
  9. ශෙහ්...

    සු
    පි
    රි

    ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩි වැඩියෙන් ලැබේව....ඔබටත්..හික්ස්..!!

      Delete
  10. පට්ටයි පිසාචයෝ

    පළවෙනි පද වලින් මට මතක් වුනේ මේ සිංදුව

    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ..........

    ReplyDelete
    Replies
    1. එල එල......කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් නේ.....

      Delete
  11. " තරු කැට දහසක
    එළියැති දෑසට
    ලං වී හෙමිහිට
    පෙම් කෙරුවා මම
    දුටුවෙ නෑ ඔබ දුටුවෙ නෑ....."

    සරසවිය-ආදරය-විරහව

    කල්ප කාලන්තරයක් ගියත්කවදාවත් වෙනස් නොවුනහැමෝම අත්වින්ද සොඳුරු හැඟීමක්!!!

    ReplyDelete
  12. සරසවිය-ආදරය-විරහව

    කල්ප කාලන්තරයක් ගියත්කවදාවත් වෙනස් නොවුනහැමෝම අත්වින්ද සොඳුරු හැඟීමක්!!!

    ඇත්තම ඇත්ත....

    ReplyDelete
  13. මුං ඔක්කොම කවි කාරයො වෙලානෙ මේ ටිකට, දැන් ඉතින් කමෙන්ට් එකක්වත් දාන්නෙ කොහොමද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. කවි ඕන නෑ....මොනව හරි ලිව්වම ඇති

      Delete
  14. ගොඩක් ලස්සනයි.... සිංදුවකට ගැළපෙනවා වගේ...

    ඒක බලලා මෙහෙම දෙයක් කියන්න හිතුනා...

    පොලොන්නරුවට වෙලා අපෙ මතක ........සමරන්න
    ස්ට්‍රයික් ගහ යටට සදුදා හවසට .............එන්න
    ගෙම්බා කැන්ටින් එකේ එපා නතරව .........ඉන්න
    ආයේ මල් පිපිනෙවලු සිත් තුටින් ..........පුරවන්න...

    ReplyDelete
    Replies
    1. ඔය ඇස් වල තරු ගනින්න
      ඔබෙ ලඟම වාඩි වෙන්න
      හෙටවත් එනවද කියන්න
      මහවැලියේ හැඩ බලන්න.....

      Delete
    2. ඇස් වහගෙන ළගට එන්න
      වදනක් තියෙනවා කියන්න
      තහනම් යළි දුරක යන්න
      ආදරෙයිද මට කියන්න....

      හන්තානත් සසල වෙන්න
      සුසුම් ආයේ බෑ හෙලන්න
      මල් පාවඩ මැදින් යන්න
      උරහිස දෙනවද නිදන්න...

      Delete
    3. ලස්සන රහසක් කියන්න
      හෙට හවසට මුණගැහෙන්න
      ඔය නලලට හාදු දෙන්න
      කිරිහල ලඟ වාඩි වෙන්න

      කම්බුල් පිස තෙමා වැටෙන
      වැහිබිඳුවක රස බලන්න
      ආදර මඟ දුරක යන්න
      අවසරදැයි මට කියන්න


      Delete
    4. සෝ ළතැවුල් පිස දමන්න
      හැන්දෑවට මුණ ගැසෙන්න
      මලුත් අරන් එන පෝයට
      අපි යමු දළදා වදින්න

      නිලි වැස්සට අඩ ගහන්න
      එක කුඩයක් යටට වෙන්න
      මුදු සසුමක සුව විදින්න
      තව චුට්ටක් ළගට එන්න

      Delete
    5. සමිඳුට මල් අරන් යන්න
      මමත් එනව මල් නෙලන්න
      නුවර වැවට අපි එන වග
      සුලඟ අතේ කිය යවන්න

      අඳුරු අහස අර බලන්න
      බලා ඉන්නෙ වැහි ගේන්න
      මතක ඇතුව මල් වැටිච්ච
      නිල් කුඩේම අරන් එන්න

      Delete
  15. රොබරෝසිය මල් හෙවනේ
    අනිමිස ලෝචන කරන්න
    සමනලුන්ට හොරෙන් කරන
    පෙර දගකම් එපා ඔන්න

    නිල් කුඩයේ පිනි වැස්සේ
    ඉඩ දෙනවද දග කරන්න
    මල් පිදෙන වසත් සමයෙ
    මං ගැන ගෙදරට කියන්න

    ReplyDelete
    Replies
    1. කහ පාටැති මල් නෙලන්න
      කලාගාරේ ලඟට එන්න
      පොළොන්නරුවෙ ගල් කණුවක
      අපේ ආදරේ කොටල යන්න

      සමනල මඟ ඇවිද යන්න
      දෙඅතේ මුදු පලඳවන්න
      නුවර වැවෙන් දිය කිඳුරක්
      හමු වුණු බව කියමි ඔන්න

      Delete
  16. අක්බර් පාලම අයිනේ
    නව මල් පිපිලද බලන්න
    අපි දෙන්නා නැති සොකේට
    මග බැලුවා ඇති කියන්න

    කලාගාරේ ළගට ඇවිත්
    බැහැ ආයෙත් තෙල් බෙදන්න
    හොද ළමයනේ අද හවසට
    වූස් එකට ඇවිත් ඉන්න

    ReplyDelete
    Replies
    1. ගලහ පාරේ උඩ බලන්න
      තරු වියනකි අහස ඔන්න
      මාර ගසුත් අපි එනකම්
      ආදර දළු නොහෙල ඉන්න

      මල් පිපිලලු ගස් වැහෙන්න
      ඒ සුවඳට තුරුලු වෙන්න
      අපි දෙන්නත් යමුද ඉතින්
      හිල්ඩ උයනේ හැඩ බලන්න

      Delete