Wednesday, September 14, 2011

හැමෝම සිනාසෙන - මට විතරක් ඇඬෙන ( ආදරය කරපු කෙල්ලගෙ වෙඩින් එකට යන්නද හිතන් ඉන්නෙ)- 02

         මේකෙ මුල් ලිපිය කියෙව්වෙ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.

  අනේ මන්ද, කට්ටිය හිතනව ඇති මට පිස්සුයෙ කියල.ලව් එක  ගැන එක ලිපියක් දාල ඊලඟට මඟුල් ගෙවල් වල ගිහින් අඬන සීන් ලියනවයි කියල.
 ඔව්...ටිකක් විතර පිස්සු නම් තමයි.

මුතු කැට වැටෙනා


ගෑණු ළමයගෙ ගෙදරින් එන විරෝධය නිසා ආදරේට සමු දීපු කොල්ලෙක්, ඒ කෙල්ලගෙ මඟුල් ගෙදර යනව.
කොල්ලව දකින කෙල්ලට ඇඬෙන්න එනව.අන්න ඒ වෙලාවෙ අසරණ කොල්ලගෙ හිතට එන අදහස ලස්සනට කියන සිංදුවක් තමයි මේක.
රූකාන්තගෙ හුඟක් හැඟීම්බර කටහඬත් එක්ක මේක මාර විදියට හිතට වදිනව.
  තමන් ගැන මතක අමතක කරල, පටන් ගත්ත ජීවිතේ ඉස්සරහට ගෙනියන්න කියල කියන විදිය මාර ගති.
    කොල්ල කෙල්ලට කතා කරන්නෙ  ආදරවන්තියෙ කියල නෙවෙයි..."යෙහෙළියෙ.." කියල.ඒක තමයි හිතට මාර විදියට ෆීලින් එකක් දැනෙන්න හේතුව, මං හිතන්නේ



සුභ ප්‍රාර්ථනා කියමන්

මේකෙදි නම් කතාව පොඩ්ඩක් වෙනස්.පෝරුව උඩ ඉන්නෙ කොල්ල.කෙල්ල පහල ඒ දිහා බලන් ඉන්නව.
  පෝරුව උඩ ඉන්න කොල්ල කෙල්ල දිහා බලාගෙන හිතින් අඬනව.මේ කොල්ල ප්‍රාර්ථනා කරපු ජීවිතේ නෙවෙයි නේද කියල හිතනව.
   මඟුල් ගෙදර වෙන හැම දෙයක්ම පේන්නෙ වැරදි විදියට.ඒත් කොල්ලට කරන්න මුකුත් ඉතිරි වෙලා නෑ.ගුණදාස කපුගේ මහත්තයගෙ ගැඹුරු කටහඬින් ගැයෙන මේ ගීතයත් හරිම ලස්සනයි.ඒ වගේම  හැඟීමබරයි.



විකසිත පෙම් පොකුරු පියුම්


     අමරදේව මහත්තයගෙ ලස්සනම ලස්සන සිංදුවක් තමයි මේක.
තමන්ට පිටුපාල වෙන කෙනෙක්ගෙ අතගන්න,  ආදරය  කරපු පුංචි කෙල්ල දිහා පුදුම විදියෙ ආදරයකින් බලන කොල්ලෙක් ගැන ලියවෙච්ච සර්වසම්පූර්ණ සිංදුවක් විදියට ටයි මට හිතන්නේ.
         කෙල්ල ගැන අබමල් රේණුවකවත් තරහක් හිතේ නැතුව කෙල්ලගෙ අනාගතේට සුභපතන කොල්ල, ඒ දෙන්නගෙ ආදර සැමරුම් කෙල්ලට කිසිම දුකක් ගේන්න එපා කියලයි ප්‍රාර්ථනා කරන්නේ.අනිවාර්යෙන් අහන්න ඕන සිංදුවක්. 




 ඊයෙ උදයේ


         නිවඩුවට ගමේ එනකොට ආදරේ කරපු කෙල්ලගෙ වෙඩින් එක ගැන දැන ගන්න ලැබුණොත් මොනව හිතේවිද...පිස්සු මෝල් වේවි නේද...
  එයාව බඳින්නේ තමන්ගෙත් හොඳම යාළුවෙක් නම් තව ආතල් එක කෝමද...

     අන්ධ ගායක හෙන්රි කල්දේරගෙ (සමහරු ඕක අනිත් පැත්ත ගහලත් කියනව ) හිතට වැදෙන තවත් සිංදුවක් තමයි මේකත්.
   


කෙලසද කිව මැන



      මේකත් කලින් සිංදුවෙ වගේ, මොකක් හරි අප්සට් එකක් වෙලා කෙල්ලව යාළුවට දන් දෙන්න වෙච්ච සීන් එකක්.
  දීප්ති හෙට්ටිආරච්චි කියන ගායකය තමයි මේ සිංදුව කියන්නේ.
  මං හිතන්නේ බෙස්ට්මන්ට ඉන්නෙ කොල්ල.ඒ හින්ද තමයි මල් බොකේ එක කෙල්ලට ගිහින් දෙන්න වෙන්නේ.(මට හරියටම මීටර් නෑ.එහෙම නේද )

    මෙහෙම සීන් එකක් වෙනව කියන්නේ ඉතින් හෙනම පවක්නෙ.ලව් එකට උදව් කරපු යාළුවයි කෙල්ලයි බඳිනව.වෙඩින් එකේ බෙස්ට්මන් කොල්ල.පිස්සු විකාරයි.
  එහෙම නැත්තම් වෙඩින් එකට  තෑග්ගත් එක්ක මල් බොකේ එකක් ගේනව.
   කොහොම හරි කොල්ල කාගෙන ඉන්නව.ඒත් ඉතින් පහුගිය මතක අමතක කරන්න පුළුවන් කාටද....




මට කඳුළු එන්න කලියෙන්


                   මේ මාතෘකාව ගැන ෆීමේල් වොයිස් එකකින් කියවෙච්ච ගීත නැති තරම්.කොච්චර මතක් කලත් මට මතක් වුණේ නෑ.ඔයාලට මතක නම් පොඩ්ඩක් පහලින් ලියල යන්න හොඳේ.
  පොඩ්ඩක් හරි ලඟින් යයි කියලා හිතුණේ මේ සිංදුව විතරයි.

       දීපිකා ප්‍රියදර්ශනී ගායනා කරන මේ ගීතයත් හරිම හැඟීම්බරයි.
කොල්ලගෙ වෙඩින් එකට කලින් කොල්ලයි කෙල්ලයි හම්බෙන අන්තිම දවසෙ කෙල්ලගෙ හිතෙ තියෙන් හැඟීම් ගැන තමයි මේ සිංදුවෙන් කියන්නෙ.
   එකතැනක කියනව, වෙඩින් එකට මං එනකොට හදිස්සියෙවත් අඬන්න නම් එපා කියල.ඒ තරමට දෙන්න ආදරෙන් ඉඳල තියෙනව.
ඒත් ජීවිතේ ඒ දෙන්නව මේ විදියට තීරණය කරල.


වෙන් වුණත් අපි අපි ලඟමයි.අන්න ඒ අදහසට මං ගොඩක් කැමතියි.




හරි..මට මතක් වෙච්ච සිංදු ඔච්චරයි....
අන්තිමට එපාම කරපු පෝස්ට් එකක් වෙයිද දන්නෙත් නෑ.


     හැමෝම සිනාසෙන නමුත් මට විතරක් ඇඬෙන කෙල්ලගෙ/කොල්ලගෙ වෙඩින් එකට ගිහිල්ල පපුව කෙලින් තියාගෙන කෙල්ලගෙ / කොල්ලගෙ ඇස් දෙක දිහා බලාගෙන විෂ් කරල, මදි නොකියන්න බත් ටිකකුත් කාල එන්න හැමෝටම ශක්තිය සහ යෝධබල යෝධ වීරිය ලැබේවා.
පිසාචයගෙ ප්‍රාර්ථනය ඒකයි.

22 comments:

  1. ඕනි වෙඩිමක් වෙන්න කියලා යන්න මල්ලි.. ගිහින් පහක් නැතිනම් දහයක්ම දාලා එන්න උඩ පැනල..

    ReplyDelete
  2. mata nam eeka karanna bee bn! man dannawa mata kawada hari ee de karanna wenawa! eya mata enna qwath man yanne na! :( mata eeka karanna bee!

    ReplyDelete
  3. රූකාන්තගේ සින්දුවනම් මමත් මාරම ආසම සින්දුවක්... ඒකනම් හිතට සැහෙන්න වදිනවා...

    ReplyDelete
  4. පිසා, මොකෝ බං බූට් මෝඩ් එකේම දිගටම?

    ReplyDelete
  5. @වෙනී- අනිවා අයියෙ.යනව.ගිහින් දෙන්නටම දහය ගානේ දාල එනව.කෙල්ලගෙ මල් බොකේ එකෙන් ෆුට් බෝලුත් ගහලයි එන්නේ.

    @මාධව- සමහරවිට හිතට එකපාරට එන දේ වරදින්න පුළුවන්.කෙල්ල ආසාවෙන් ආරාධනා කලොත් තව පාරක් හිතල බලන්න.

    ReplyDelete
  6. @දිනේශ්- ඇත්ත අයියේ, ඒක මාර විදියට ෆීල් වෙන සිංදුවක්.රූකාන්ත අඬන්න වගේනෙ ඒක කියන්නෙට්

    @ඔබා මාමා- දන්නැද්ද ඉතින්.හැමෝම ඔබා මාමා වගේ ලක් කාරයො නෙවෙයිනෙ,ෆස්ට් ලව් එකම ගොඩ දාගන්න.
    ඉරිසියයි හොඳේ....

    ReplyDelete
  7. අම්මේ මටත් වෙන්නේ ඔය සන්තෑසියම තමයි බොලව්... මට නම් කියන එකක් නැති වේවි, සමහර විට අම්මලගේ උවමනාවට කියාවි... ඒත් මම කොහොමද දෙවියනේ ඒක දිහා බලන් ඉන්නේ,,,, පිසාචයා උබ මගෙ මූඩ් එකත් අප්සෙට් කොලා නොවැ.... අනිවා හිතන්න ඕනෙ දෙයක්...

    ජය....

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්ම්ම්ම් කවදා හරි මේ දේට මටත් මූණ දෙන්න වෙනවා

    ReplyDelete
  9. මට නම් ඔය සීන් එක ඔහොම්මම උන.. එත් මට ගටක් තිබ්බේ නෑ ඒ වෙඩින් එකට යන්න.. මොන කෙහෙම්මලක්ද මන්ද.. මම එදා පිස්සු මෝල් වෙලා හිටියේ..

    ReplyDelete
  10. මටත් ෆර්ස්ට් ලව් එකේදි ඕකම තමා සිද්ද උනේ..ඇඩෙනව නේහ් බන්...හී හී
    දැන් නම් ගානක් නෑ...!!!

    ReplyDelete
  11. ඈ ඉදිද්දි පෝරුවෙ තවත් අයෙක් අතේ...
    එල්ලිලා සිනා සිසී
    මම බලන් ඉමී ඇයගෙ ඒ රන් පැතුම්....
    උදා වෙනා දිනේ
    මා පතන්නෙ ඒ ඔබේ අනාගතේ පුරා...වාසනා පිරේ කියා
    අපි පැතූ පැතුම් සුන් උනැයි දුකක් නෑ,,,,මගේ සිතේ පවා

    ReplyDelete
  12. ඇඩෙනවා මචං..... සිරාවටම.
    ගොඩක් දැනුනා....

    ReplyDelete
  13. @පැට්ටා- ඊට කලින් ගොඩ ගියොත් ඔක්කොටම කියන්නම්කෝ....

    @ගයාන්- මූඩ් අප්සට් වුණානම් සොරි සහෝ...හොඳට හිතන්න.ජයෙන් ජය..

    @ක්සැන්ඩර්- අපෝ..මටත් සඳ මෝල් වෙයිද දන් නෑ එදාට....

    ReplyDelete
  14. @චතූ- අනේ මන්ද බං...ඔක්කොම එක බෝට්ටුවෙ එහෙනම්....

    @වාලක්කඩිය- මේක සිංදුවක්ද, උබේ නිර්මාණයක්ද....ලස්සනයි ඒකත්...

    @ර.ප- ඇඬෙනවද කියලත් අහනවා....
    ඔහොම තමයි සහෝ........

    ReplyDelete
  15. @පිසා - මගේ නිරමාණයක් නොවේ,,,,,මේක සින්දුවක්

    ReplyDelete
  16. මේකට වෙන කොමෙන්ට් එකක් දාන්න ඕනෙ නෑ . . . .මම පලවෙනි ලිපියට දාපු කොමෙන්ට් එකම ඇති . . .

    ReplyDelete
  17. හුටා උබට කෙල්ලගෙන් ආරධනයක් ආවද ??? ඔන්න ඔහේ ගිහින් වරෙන් කියන්නෙ නම් නෑ...

    මල්ලියා.. දිග කමෙන්ට් එක්ක ටයිප් කලා.. පස්සෙ ඕනි නෑ කියල හිතන නිසා මැකුවා.

    සින්දු සැට් එක නම් මරු කියල විතරක් කියන්නම්.

    ReplyDelete
  18. බුදු අම්මෝ..මට නම් ඔච්චර ඝටක් නෑති වෙයි...

    ReplyDelete
  19. මේකට කමෙන්ට් එකක් දාන්න පරක්කු වැඩිද මංදා..කමක් නෑ පෝස්ට් එක දාල කාලයක් උනත් මේක දැක්කෙ අද මම..අනිත් එක මම මේකට අනිවාර්යෙන්ම කමෙන්ටුවක් දාන්න ඕනි කියලත් හිතුනා..
    මොකද මේ මේ පෝස්ට් දෙකෙන්ම කියල තියන කතාව අද මගේ ජීවිතේට ගොඩක් සමීපයි..
    මම ගොඩක් ආදරය කරන කෙනා තව දවස් තුනකින් ඔය වගේම මගෙන් වෙන් වෙලා වෙන කෙනෙක්ගෙ ලගට යනවා..මම දන්නෙ නම් නෑ වෙඩින් එක තියෙන්නෙ කොහෙද කියලා..මොකද මට කියන්නෑ මට දුක හිතෙන හින්දා..ඒත් එදාට මම යනවා..වැරදීමකින් හරි අහම්බෙන් හරි ඒ කතා කරන ඇස් දකින්න මම යනවා..අද උදෙත් මට කතා කරල කිව්වෙ ජීවිතේ ඉතුරු ටික යන්න ශක්තිමත් වෙන්න කියලා..මට කොච්චර දුකක් උනත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඇයගේ සතුට..කවදාවත් ජීවිතේ වරදින්නෙ නැතුව හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  20. මම පරක්කුයි ගොඩාක්.ඒත් මම මේ බ්ලොග් එකට ආවෙ අදනෙ.. මෙන්න මගෙන් ෆීමේල් වොයිස් එකක්...
    මගේ දින පොතෙහි අද රෑ ලියන්නේ....
    අප පෙම් කතවේ අවසානයයි....
    ඔබ නේන දා හෙට මා
    මනමාලියයි.....

    ReplyDelete
  21. අඩේ අදයි බන් මේක දැක්කේ .. මටත් සජීවී අත්දැකීමක් උනා හැබැයි එතනට ගැලපුනේ ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - ඔබට ආදරේ කියනා අයුරින් - ගීතය... පට්ට පොස්ට් 2...

    කිරිසප්පයා @ අ.පේලිය

    ReplyDelete