Friday, September 02, 2011

මා නොදකින ඒ පුරහඳ

 මේ පෝස්ට් එක හදිස්සියෙම මම දාන්නෙ දැන් මගේ හිතේ  තියෙන පීඩනය පොඩ්ඩක් හරි අඩු කරගන්න කියල හිතාගෙන



  මං A/L පටන් ගත්ත කාලේ එහෙමෙයි කියල ටාගට් එකක් මට තිබුණෙ  නෑ.
යන්නම් වාලේ පොත් ටිකකුත් උස්සන් ඉස්කෝලෙයි, ටියුශනුයි ගියා මිසක ගෙදර ඇවිල්ල පාඩම් කරන්න ඕන නේද කියන එක මට හිතුණෙවත් නෑ.පාස්ට් පේපර් පොතක් අල්ලනව තියා මං ගාව එහෙමෙයි කියල පොත් තිබුණෙත් නෑ.


ඒ දවස් වල මගේ දිහා බලන් ඉඳපු කාට වුණත් හිතෙන්නෙ ඇති ෆේල් වෙලා යන 50% ඇතුලෙ මමත් ඉඳිවි කියල.

ඒත් දවසක් බයෝ ක්ලාස් එකේදි සර්.."පේරාදෙණිය කැම්පස් .." එක ගැන කරපු විනාඩි 05ක විතර විස්තරය මගේ මුළු ජීවිතේම අනිත් පැත්ත හැරෙව්වා.

එදා ගෙදර ඇවිල්ල මං කල්පනා කලා දැන් මං මොනවද කරන්නෙ කියල.
එදා රෑ ඉඳන් මං මගේ උපරිමය කලා.
 පතුලෙම ඉඳල උඩට ආපු කොල්ලෙක් විදියට  අද වෙනකොට මම මං ගැන හුඟක් ආඩම්බර වෙනවා.ඒක අහිංසක ආඩම්බරයක් මිස පොළවෙන් අඩි තුන් හතරක් උඩින් යන තරමෙ එකක් නෙවෙයි.


ඔව්...මං මගේ උපරිමයෙන් කලා.මං අද කැම්පස් කොල්ලෙක්...


ඒත් මාව තෙරිලා තිබුණෙ රුහුණු කැම්පස් එකට.ඒත් මට ඒක අවුලක් වුණේ නෑ.
ඒ දවස් වල මං හිතාගත්ත ඒක වෙන්න ඇති මගේ ජීවිතේ.ඒක උපරිමයෙන් විඳිනව කියලා.
ඒ අතරෙ කෝකටත් කියල ඇපීල් එකකුත් දාල තිබුණේ.

ඊයෙ වෙනකම් ඔක්කොම හොඳින් සිද්ද වුණා.

ඊයෙ මං මගේ යාළුවෙකුත් එක්ක "රිච් ලුක්" එකට වෙලා ඇඳුම් වගයක් තෝර තෝර ඉන්නකොට මට කෝල් එකක් ආවා.

එයාට පේරාදෙණිය කැම්පස් එකට බෝට්ටුවක් වැඩ කරලා.
මගෙන් ඇහුව ලියුම ආවෙ නැද්ද කියල.
මං කිව්ව ,මං උදේ ආපු ගමන් තාම ගෙදර ගියෙ නෑ.ගිහින් බලන්නම් කියල.
මං හෙන සතුටකින් ගෙදර ආවෙ....මගේ හීනෙ අන්තිමට හැබෑ වෙලා නේද කියල.
ඒත් ගෙදර ඇවිල්ල බලනකොට මට බෝට්ටුවක් ඇවිල්ල නෑ.

කමක් නෑ...හෙට ඒවිනෙ කියල හිතාගෙන මං ඊයෙත් ඉවසන් ඉඳිය.
වෙනද මොකා ආව කිව්වත් 10.00 වෙනකන් නිදාගන්න මම 8.00 වෙනකොට නැගිට්ට.අපේ පැත්තෙ ලියුම්කාරය ඒ වෙනකොට ගිහින්.
මං දුවල ගියා ලියුම් පෙට්ටිය බලන්න.ඒත් ඒක හිස්.

මං ඔළුව පාත් කරගෙන ගෙට ගියා.
කිව්වට විශ්වාස කරන්න..අම්ම බල කරල උදේ බත් එක කෑව වුණාට අද දවල්ට මං කෑවෙ නෑ.

11.00ට විතර මං කෝල් එකක් ගත්ත මගේ ගාවම වගේ රෑන්ක් එක තියෙන යාළුවෙකුට.ඒකගෙ රෑන්ක් එක මට වඩා තුනයි ඉස්සරහයින් තියෙන්නෙ.

බලනකොට ඒකටත් පේරාදෙණියෙ බෝට්ටුවක් ඇවිල්ල.....

එතකොට......

එතකොට...මාව කැපිල තියෙන්නෙ ලයින් එකෙන්මද....



මොනව ඉවසගත්තත් ඒක මට ඉවසගන්න බෑ....
ඒකයි මේ පිස්සුවෙන් වගේ පෝස්ට් එකක් ලියන්නේ...

මං හෙටත් බලනව.එහෙම නැති වුණොත්....මගේ හීනේ කෑලිවලට කපල විසික් කරනව.
වෙන කරන්න දෙයක් නෑ...

මිනිහෙක්ගෙ හිත කඩන් වැටුණම තියෙන හැඟීම මෙච්චර කාලෙකට මට තේරිලා තිබුණෙ නෑ.
ඒත් දැන් මට ඒක හොඳටම තේරෙනව......

31 comments:

  1. හැම දෙයක්ම වෙන්නේ හොඳට... එහෙම කියල බලාපොරොත්තු නැති කර ගන්න ඕනේ නෑ නේ මලේ. දවසක් දෙකක් බලලා නැති නම් අදාළ වැඩේ වෙන තැනට කෝල් එකක් දීල කාරිය බලන්න. කව්ද දන්නේ ලියුමක් එවල ඔයාට ලැබුනේ නැද්ද කියල. කැම්පස් කොල්ලෝ නේ ඕව වැඩිය හිතන්න එපා මලයෝ. හරියට හිතුවොත් ඔයාට රුහුනත් පෙරාදෙණියක් කළ හැකියි.

    ReplyDelete
  2. දුක් වෙන්න එපා.. ලියුම එයි. නැත්නම් තව කරන්න පුලුවන් දේවල් සියල්ලම කරන්න පේරා වලට යන්න..ඒත් හරි ගියෙ නැත්නම් රුහුණ පේරා කරල ගන්න ඔයාට බැරි නැහැ..මෙච්චර දුර ආපු එකේ..

    ReplyDelete
  3. මලයෝ ඔයා දුක් වෙන්නේ අවරුදු හතරක ගමනකට පේරාදෙණිය නෑ කියල.මම දුක් වෙන්නේ දවසකට එහෙ යන්න වෙන්නේ කවදද කියල.මගේ ජීවිතේ වැඩිහරියක් ඔය කාලේ මම කරේ ජොබ් කරන එක,ඔය සතුටුවෙන්න ඔයාට කැම්පස් එකකට හැමදාම(අවරුදු හතරක්)යන්න ලැබුණු එක ගැන,අනික මිනිහෙකුගේ අනාගතය ඉගෙනගත්ත තැනින් නෙමෙය්,ඉගෙනගත්ත දේ අනුව තම වෙනස් වෙන්නේ,අද මම මගේ එක බැච් එකේ ඒ ලෙවෙල් කරපු අය,අතගාන්නෙ නැති තාක්ෂනෙත් එක්ක ජොබ කරනවා,ඒ මම ඉගෙනගත්ත තැන නිසාම විතරක් නෙමෙය්,.....
    ඔය දන්නවද පේරාදෙණිය කැම්පස් එකට (ඉංජිනේරු) යන අයගේ තියෙන විශේෂත්වය තමය් මනුස්සකම සමග උපාධිය,ඉතින් ඔයා කොහේ ගියත් ඔයාගේ උපාධියත් එක්ක මනුස්සකමත් රැකෙනවනම්(පේර. හැමෝම එහෙම නෑනේ) එතන තමා වැදගත්කම.

    ReplyDelete
  4. මාත් මේ පාර යන්න ඉන්නේ බන් පේරා යන එක මිස් උනේ රෑන්ක් 5 කින් :S අපිත් රුහුණේ තමා ..ගාල්ලේ කම්මලෙන් පේරා කම්මලට අපීල් එකක් එයි කියලා බලන් හිටියත් තාම නෑ මම ඒ ගැන වැඩිය හිතන්නෙත් නෑ ...BTW උබ රුහුණේ මොනාද?

    ReplyDelete
  5. මටත් ඔහොමමයි මචො මත් ලියුම් කාරයා එනකම් බලන් ඉන්නේ , ඔය කේස් එක මටත් තිනවා.....

    ReplyDelete
  6. දුක් වෙන්න එපා මල්ලී, බෝට්ටුව ආවත් නැතත් ඔයාගේ ඊලඟ ටාගට් එක ෆස්ට් ක්ලාස් එකක් කර ගන්න...

    ReplyDelete
  7. යාළුවනේ...මං මේ පෝස්ට් එක දාන්න ඉක්මන් වුණා වැඩිද මන්ද..අද උදේ..මට ලියූම ආවා.
    අද මට හරිම සතුටු හිතෙන දවසක....වචන වලට පෙරලගන්න බැරිතරම් සතුටුයි.....!!!

    ReplyDelete
  8. @ගුලියා & වෙනී- බොහොම පිං ඔයාලගෙ අදහස් වලට.ඔයාලගෙ අදහසත් විශිශ්ඨයි
    යන තැනක සතුටින් ඉන්න ඕන කියල දැන් මං දන්නවා.

    ReplyDelete
  9. රිච්ලුක් එකේ හිටපු යාළුවාSeptember 3, 2011 at 9:21 AM

    අඩෝ අපි ගියපු තැන ඉවරයි නේ . පේරේ පවු බන්

    ReplyDelete
  10. බොහොම ස්තූතියි අයියෙ ඔයාගෙ අදහස් වලට.දැන් වැඩේ හරි.....පේරේ වලටලියුම ආවා.

    ReplyDelete
  11. @කොසා- මං බයෝ එකේ බං....තව ටිකක් ඉවසන්න.සමහර විට හරි යයි.උබ මෙඩිසින් ද...?
    @තරිඳු- ඉස්සෙල්ල කමෙන්ට් එක ඔයාට

    ReplyDelete
  12. @රහස් පරීක්ශක- බලමු බලමු....එන්න පුළුවන් නේ...

    @මන්තරකාරි- බොහොම ස්තූතියි අක්කේ.

    ReplyDelete
  13. ආ.... ඔය ඇවිත් තියෙන්නෙ දැන් ඉතිං හිනාවෙයන් කෝ.....

    ReplyDelete
  14. අඩේ.. මම හිත හදන්න කමෙන්ට් එකක් දාන්න යද්දි හිත හැදිලා ඉවරයිනේ..නියමයි මල්ලියො.. දැන් ඉතින් තියෙන්නේ දිගටම වැඩ ටික කරගෙන යන්න.. හොඳට ඉගෙන ගන්න,.. :D

    ReplyDelete
  15. @ප්‍රසංග & ප්‍රාර්ථනා- බෝම ස්තූතියි....දැන් නම් හිනා වෙච්ච ගමන්මයි.
    ඉගන ගන්න ඒවත් පිළිවෙලකට කරන්න ඕන A/L වගේ නැතුව.

    ReplyDelete
  16. සුභ අනාගතයක්.....
    මාත් ඔකෙම තමයි හම්බවෙමුකො...

    ReplyDelete
  17. නියමයි...අපි ඇතුලෙදි හම්බ වෙමුකෝ... :e :e

    ReplyDelete
  18. මන් ඔය උඹ අද මුහුණ දීපු ප්‍රශ්නෙට මීට අවුරුදු 4 කට කලින් මුහුණ දීපු කොල්ලෙක් මල්ලී..උඹ ඔය කියල ෆීලින් එක මට එපාම වෙන්න දැණුනා..අපේ ගෙවල් කෑගල්ල පැත්තේ ..මගේ කාමරේ දින දර්ශනයට තිබුනේ පේරා ඊ ෆැක් එක අතුලේ එක රොත්තට මල් කඩා හැලෙන ගහක පින්තුරයක්..දැන් උඹට තේරුම් යාවි රුහුණට ලියුම ආවම මට දැනුණ හැඟීම. එත් කරන්න වෙන දෙයක් තිබුනේ නෑ..මගේත් එක්ක එකටම උ/පෙ කරපු මගේ යලුවා පේරා යද්දී. මන් රුහුණු ආවා..මේකේ මට ඕනි දේවල් ඉගෙන ගන්න තිබුනේ නෑ..මන් ගේම අත් ඇරියේ නෑ..තනියම ඉගෙන ගන්න පටන් ගත්තා මට ඕනි දේවල්..අද මට ලන්කාවේ සුපිරිම මෘදුකාන්ග කොම්පැනියක් ජොබ ලැබිලා තියෙනවා..මන් කියන්නේ මෙච්ච්‍රයි මලේ..තේරෙන තැන් මෝරා..පේරා..රුහ්ණ ඕනි එකක් උඹට කැපවීම..අප්‍රතිහත දහිරිය...තමන් ඉගෙන ගන්න දේ ගැන තියෙන අප්‍රමාණ ආශාව..තමයි කෙනෙක් ඉදිරියට අරගෙන යන්නේ..කොම උනත් මන් ඇත්ත කියන්න උවමනායි..උඹ පරිඝනක ඉන්ජිනේරු විදයාව වගේ හදාරන්න හිතන් ඉන්නව නම් හුගක් මෙහේ නොආපු එක ගැන මට සතුටුයි මල්ලි මන් කාපු කට්ට උඹ කන්න උවමනා නෑ..සතුටුයි..මට උඹට පේරා ආපු එකට..උඹ තේරුනේ සරසවි අතර විශ්වවිදයාලයට..මන් එහෙම කියන්න හේතුව අර කලින් කෙනක් කියලා තිබුනා වගේ පේර් යන හැමෝම නෙව බහුතරයට උපාධිය එක්ක මනුස්සකම බන්ඩල් වෙලා එනවා.මගේ සිහිනය උඹ සැබෑ කර ගැනීම ගැන් ඉත සිතින් සතුටු වෙමින් උඹට සුබ අනාගතයක් පතනවා..තෙරුවණ් සරණයි මල්ලී..

    ReplyDelete
  19. මචන්, අලියා පිටින්ම නැට්ට මැරෙන රටේ ඕක මොන බිබික්කමක්ද බන්.... මේ රටේ කැම්පස් යන්න බැරිවුන කී දෙනෙක් ඉන්නවද? උඹ මේ උඩ පනිනවා පේරාදෙණිය මඟුලක් කියවගෙන....

    ReplyDelete
  20. දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයිනේ මල්ලි.... හිතාගෙන පතාගෙන හිටියා වගේම ලැබුනානේ. දැන් ඉතින් සතුටෙන් ගිහින් ශිල්ප දක්වන්නයි තියෙන්නේ. සුභ අනාගතයක් මල්ලී......

    ReplyDelete
  21. @ර.ප @ චතූ- අනිව හම්බෙමු.....

    @කතන්දර & ගොඩයා- බෝම ස්තූතියි...අවංක හිතින් කල සුභපැතුම් වලට....

    @අභීත- අයියට කියන්න අයියෙ මං විභාගේ පාස් වුණේ පේරෙ යන්න.ඉතින් එහෙ නොයා මං වෙන කොහේ යන්නද....

    ReplyDelete
  22. @Anonymous- මගෙත් කාමරේ පෙරාදෙණියෙ පොටෝ ගොඩක් අලවල තියේව තාමත්.මං ඒව ගැලෙව්වෙවත් නෑ...
    අයිය තමන්ගෙ මහන්සියෙන් ඉගෙන ගෙන තැනකට ආපු එක ගැන මං සතුටුයි.අයියගෙ වචනත් මට හයියක්.අයියා කවුද කියල මං දන්නෙ නෑ.ඒ වුණත් අයියගෙ වචන වලින් හුඟක් හිත හයිය කෙනෙක් කියල තේරෙනව.අයියගේ ඉදිරි ජීවිතෙත් සර්වප්‍රකාරයෙන්ම සාරථක වෙන්න කියල සුභපතනවා.

    ReplyDelete
  23. නියමයි මචං...
    මම පෝස්ට් එක කියවලා දාන්න ගියේ වෙන එකක්.. දැන් දාන්නේ වෙන එකක්... පස්සේනේ කොමෙන්ට් එක දැක්කේ.. :-)
    දැන් ඉතින් පේරා යන හින්දා , අක්ක එක්ක ලවර්ස් ලේන් යනව වගේම පාඩන් ටිකත් එලටම කරන්ඩ හරිය... ;-)

    ReplyDelete
  24. මටත් මීට අවුරුදු 2කට කලින් ඔය දෙ ඔය විදිහටම උනා. මාව තෙරුනෙ කැලනියට. ජීවිතෙ පොඩිම කාලෙ ඉදන් තිබ්බ හීනයක් නිකන්ම විසිකරල දාන්න උනා. මට තාමත් පෙරදෙනිය campus එකෙ photo එකක් වත් බලන්න බැ දුකයි. දැන් නම් මම ඉගෙන ගන්නෙ වෙන රටක. මට හිත හදාගෙන කැලනියට යන්න බැරි උනා. malli ගොඩක් වාසනාවන්තයි. :)

    ReplyDelete
  25. එහෙම හිතන්න එපා බං.
    මගෙ රැුන්ක් එකට පේරෙ යන්න තිබුනත් මම ඉල්ලල රුහුණෙ ගිය එකෙක්.

    කොහොම හරි දැන් පේරා සිලෙක්ට් උනානෙ
    සුභපැතුම් !

    කොහේ ගියත් අලයෙක් නොවී හිටපං එච්චරයි !!!

    ReplyDelete
  26. කැම්පස් අහලකටවත් යන්න බැරි වෙච්ච අපි තරම් උඹලා අවාසනාවන්ත නෑ මචෝ ..

    මම උඹගේ හීනය හැබෑ වෙන්න කියලා පතන්නම් .

    ReplyDelete
  27. @සොඳුරු ඉසව්ව- බොහොම ස්තූතියි අයියේ...

    @Anonymous- කමක් නෑ අයියෙ.ඉන්න තැනක හොඳින් ඉන්න.

    @රඹා- අනිව මචන්. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.

    @සඳරු- අඩෙ අප්ප සඳරු අයියත් මේ පැත්තෙ ඇවිල්ල.බොහොම ස්තූතියි අයියෙ....

    ReplyDelete
  28. බොක්කෙංම ප්‍රීති වෙනව උඹේ බලාපොරොත්තුව ඉ‍ටු උනාට. ඔක්කොටොම වඩා සතු‍ටුයි උඹ රුහුනට නොගිය එකට. පස්සෙ වෙලාවක සෙට් වෙලාම විස්තර කතා කරමු. එදා බොන්න බැරිවෙච්චි දෙන්නෙක්ගෙ ඇරියස් පාටියක් තියනව පෙන්ඩිං දාල . . . .

    ReplyDelete
  29. මීට අවුරුද්දකට කලින් මටත් ඔය දේම වුනා. මාවත් තේරුනේ කෑලනියට. කරන්න පුලුවන් හෑමදේම කලා පේරදෙනියට යන්න. ඒත් හම්බුනේ නෑ. ඒ fantasyen මිදෙන්න තාම බෑරිවුනා. ඒ දුක තාමත් දරා ගන්න බෑ. වෑඩේ කියන්නේ අද මාර දෙයක් සිද්ද වුනා. මට හිතා ගන්න බෑ අඩන්න ද හිනා වෙන්න ද කියලා. මගේ best friendaගේ target එක වුනේ medicine. ගිය අවුරුද්දේ 3 වෙනි පාරටත් එයා කලා.ඒත් z-score මදි. ඒත් අද එයාට පේරාදේනියේ bio වලට බෝට්ටුවක් set වුනා කියලා ලියුම ඈවිල්ලා.එයාගේ ජිවිතේ තිබුණු එකම හීනය සෑබෑ වුනේ නෑ. ඒත් මගේ හීනය එයා සෑබෑ කර ගත්තා. ඒකත් එක අතකින් මගේම luck එකට වුණු දෙයක් වගේ...

    පේරාදෙනියේ ගත කරන අවුරුදු 4 ඔයාගේ ජීවිතේ සුන්දරම සහා වෑදගත්ම අවුරුදු 4 කර ගන්න මල්ලී...ඔයාට හදවතින්ම සුබ පතනවා.....

    ReplyDelete
  30. malliyo ,,,,hamadema wenne hodata....campus life eke atal eke idapn....wali walata wadiya yanana epa :) fun eke idapn ,,,e atara iganat ganin .....
    ruhuna hari ne kiyala hitanna epa...ekat gati campus ekak.....

    ReplyDelete