Friday, September 02, 2011

එනව නේද.....

අනේ...ඇයි ඔයා ඔච්චර අහිංසක....
ඇත්තටමද...නැත්තම් බොරුවට රඟපානවද...
මොනව වුණත් මං ඒ අහිංසකකමට ආසයි....

අද ඔයා මං ගාවින්ම වාඩි වෙලා ඉඳියා
ඒත් මට ඔයත් එක්ක කතා කරගන්න
හයියක් තිබ්බෙ නෑ....
ගෙදර ඇවිත් කල්පනා කලාම කොච්චර දේවල් හිතට එනවද
ඔයත් එක්ක කතා කරන්න ඕන කියල....


ඔයා දන්නව ඇති මගේ වචන කතා නොකලට
මගේ ඇස් ඔයත් එක්ක කතා කලා කියල....
ඔයාගේ ඔය පුංචි රෝස පාට තොල් දෙක එක්ක
මගේ ඇස්  රහස් කිව්ව කියලත් ඔයා දන්නව ඇති....


පංතියෙ අන්තිම විනාඩියෙත්
 ඔයා දිහා බලන් ඉන්නයි මට ඕන වුණේ....
කොහේ දුවනවද මන්ද
අක්කයි නංගියි......

අල්ල ගන්නම්කො ලබන සතියෙ...

එනව නේද.....


11 comments:

  1. ආ..ගුලියා අයියේ...මේ පැත්තෙ ආවට තැන්කු...
    ඒ වුණාට මං සමනල ටයිප් නම් නෙවෙයි....!!

    ReplyDelete
  2. දැක්ක දැක්ක කෙල්ලෝ හැමට
    හදවතින්ම ආලේ කරන
    පිසාචයා කොටල කොටල
    කෙහෙල් ගහට කොටපු දාට
    උගෙ එදාට හොට පැටලෙයි

    ReplyDelete
  3. බලාගෙනය් පිසෝ පරිස්සමෙන්, උදේම ඇවිල්ල තියෙන ඩබල නං DMO ල. (ඩේන්ජරස් මෙඩිකල් ඔෆිසර්) :e

    ReplyDelete
  4. පිසාචය මොකාටද මේ එන්න හදන්නෙ . . . .???

    ReplyDelete
  5. @ජයියා- දැක්ක ගමන් හිත ගැස්සිලා යන තරම්
    ලස්සන කෙල්ලො කොච්චර දැක්කත්
    ඒ එක කෙල්ලෙක්වත් මගේ කර ගන්න ඕන කියල
    ලෝභ කමක් ඇති වුණේ නෑ...
    ඒත් අද වෙනකොට මගේ හිත ලෝභ කමෙන්
    පැලෙන්න වගේ....

    ReplyDelete
  6. @ඔබා මාමා- නැතුව නැතුව...වැඩි පරිස්සමට සිමෙන්ති වැලි ටිකක් අරන් ඇවිත් කොන්ක්‍රීට් ටිකක් හදාගෙන ඉන්නේ...

    @ඕනයා- හිහි හිහි......මං දන්නෙත් නෑ අයියේ...!!

    ReplyDelete
  7. ආවාම ආයි යන්න දෙන්න එපා...... ලගින්ම තියාගන්න

    ReplyDelete
  8. මල්ලියේ........ කමින් කලර්ස් නම් නෝ ගුඩ්. :D

    ReplyDelete
  9. @ර.ප- අනිව මචං....තද කරලම අල්ල ගන්නව.

    @ගොඩයා- හි හිහි.....අනේ මන්ද,,,,

    ReplyDelete
  10. අල්ලගන්න ලබන සතියෙ.... යන්න දෙන්න එපා ආයෙත්...

    ReplyDelete