Friday, September 09, 2011

පිසාචයාගේ ගෙදරට හොරු පනියි

  අම්මල උදේ පාන්දරම මඟුල් ගෙදරක යන්න ලෑස්ති වෙනව.
මම ඉතින් කොහොමත් මඟුල් ගෙවල් වල යන්න කැමති නෑනේ.අනික අම්මලට වුණත් මාව එක්කන් යන එක  එපා වෙලා තියෙන්නෙ.

  9.30ට විතර  අම්ම ඇඳ ලඟට ඇවිත් කියනව...
"අන්න තේ ටික හදල මේසෙ උඩ ඇති...ඔක්කොම බොන්න....."

තව විනාඩි පහකින් අවිත් කියනව...
"පුතේ...උදේටයි දවල්ටයි කන්න බෙදල ඇත්තේ..විසික් නොකර ඔක්කොම කන්න...."

හම්ම්ම්...හ්ම්ම්ම් හ්ම්ම්ම්....


අම්මල යන්න එළියට බහිනකොට මම කෑගහල කිව්වා..

"දොර වහන් යන්න...මම දැන්ම නැගිටින්නෙ නැතෝ....."



ඒ පාර නංගි කෑගහනව.....
"බැරියෝ.....හොරු ආවොත් අපි නැතෝ...."


හොරු...මොන හොරුද..මේ උදේ පාන්දර....

එහෙම හිතල මම තව ටිකක් ගුලි වෙලා නිදාගත්තා....





ටක්.ටක්....

ටකස්...ටකස්....

දඩන් දඩන්.....


ලතාවකට පටන් ගත්ත සංගීතෙ..ටික ටික ට්‍රැක් පනිනව වගේ.....

"ගෙදර කවුද....කවුරුවත් ඉන්නවද...."

රැප් කරන එකාගේ කටහඬ පණ මදිවගේ....


හුටා....ගෙදරට කවුද ඇවිත් නේද...මලකෙලියයි...මං හීනෙන් බයවෙලා වගේ නැගිට්ටා...
හොරෙක්වත්ද.....ඒත් මෙහෙම බෙරිහන් දීගෙන හොරු එනවද...
අධාරපත්‍රයක්වත්ද,....අයියෝ..පර්ස් එකටම ඇත්තෙ රු.50යි......


මං කෝකටත් කියල ඊයෙ සෙල්ලම් කරල එහෙමම තියපු බැට් එකත් අතට ගත්ත.
දොර රෙද්ද අතින් ටිකක් එහාට කරල බැලුව හොරා ගෙට ඇවිත්ද කියල...

නෑ..ඇවිල්ල නෑ වගේ..එහෙනම් වත්තේ ඇත්තේ...

ටොම් ඇන්ඩ් ජෙරී එකේ ටොම් පූස වගේ මං හෙමීට දොර පැත්තට අඩිය තිය තිය ගියා.
දොර ඉස්සරහ දැක්ක දර්ශනයෙන් මාව ගැස්සිල ගියා.
එක හොරෙක් නෙවෙයි හොරු සෙට් එකක්ම..අලි බබා සහ හොරු හතලිහ වගේ.(දැන් කියන්න එපා අලි බබා හොරෙක් නෙවෙයි කියලා.ඒකත් හොරෙක් තමයි  )


මම බැට් එක තවත් තද කරල අල්ල ගත්ත.

"මල්ලි...මම පී.කේ පාල "
"ගූ වත්තෙ පාල අයිය කියන්නෙ මට තමයි...."

මූණ මැද හරහට ගියපු දැලිපිහි පාරක් තියෙන....ඉතා දැකුම් කළු කළුපාටක් තියෙන...හිනාවෙනකොට ඉස්සරහ දත් දෙක රත්තරං පාටින් දිස්නෙ ගහන අහිංසක මූණක් තියෙන අයිය කෙනෙක් එහෙම කිව්වා...

හුටා මාව උස්සන්න කවුරුහරි කොන්ත්‍රත් එකක්වත් දුන්නද....මට එහෙම හිතුණා


අම්මල ඉස්සරහ දොර වගේම පස්සෙ දොරත් ඇරල ගිහින් තිබුණොත් ලොකු දෙයක්....
එතනින් චන්ද්‍රානි ඇන්ටිලගෙ වත්තෙ...එතනින් තාර පාර.. එතනින් පංසලට.....
මම මගේ ධාවනපථය දැන් මවාගන්නවා.



"මල්ලි ගෙදර කවුරුවත් නැද්ද...."

"නෑ..නෑනේ..මං විතරයි..."

මං එහෙම කිව්ව එකේ බරපතලකම එකපාරටම මට දැණුනා..

"ඉන්නව අයියෙ..තව අපේ බල්ලා..බ්ලැකියත් ඉන්නවා..."

"මල්ලි හරි විහිළුකාරයනෙ...."

හොරු සෙට් එකම හිනාවෙනවා.
උන් ඔහොම තමයි.මුලින් හිනාවෙලා පස්සෙ දැලිපිහිය අදීවි.

"මල්ලි මං අර කොළපාට පක්සෙන් මේ සැරේ අපේ නගරසභාවට තරඟ කරනවා.ඉතින් ඒකට මල්ලිලගෙ සහයෝගය ඕන කරනව....
දෙනව නේද......"


අම්මෝ..ඇති යන්තම්..
මේ ඡන්දේ හිඟාකන්න ආපු එවුන් වගයක්නෙ.එතකොටයි මං දැක්කෙ උන්ගෙ අතේ තියෙන කොල මිටි ටිකයි.කාඩ් මිටි ටිකයි.

"නැතුව අයියෙ..අයියට නැතුව වෙන කාට දෙන්නද...."


"මල්ලිට ඡන්දෙ තියෙනවද....."

"තාම නෑ අයියේ...."
"ඒ වුණාට අපේ සීයගෙ ඡ්න්ද කාඩ් එකෙන් මං අයියට කතිරෙ ගහන්නම්...."

"අන්න හරි මල්ලි....තාත්තටත් කියන්න මං ඇවිල්ල ගියා කියල.පාල අයිය කිව්වම තාත්ත දන්නව...."
මල්ලිලගෙ තාත්තත් අපිට නේද...."


"නැත්තම් නැත්තම්..."

"හරි මල්ලි එහෙනම් අපි ගිහින් එන්නම්...මෙන්න මේ කොල ටිකයි කාඩ් එකයි තියා ගන්නකො මාව මතක් වෙන්න...
මල්ලි වැදගත් වැඩක වෙන්න ඇති ඉන්න ඇත්තෙ...."

"ඔව්නෙ අයියෙ..මං ලොකු වැඩක ඉඳියෙ..."

"එහෙනම් මල්ලි...ජයග්‍රාහි දවසක සිනාමුහුණින් නැවත අපි හමුවෙමු...මල්ලිට දෙවි පිහිටයි......"


"හා...අයියෙ..."

කොල ටිකයි කාඩ් එකයි පුටුවක් උඩට  විසික් කරපු මම දොරත් වහල,
 දූ...වගෙන ගිහින් ආයිමත් ඇඳට පැන්න.

16 comments:

  1. ගුලියාට උනේ මෙහෙමය.

    "මල්ලිට ඡන්දෙ තියෙනවද....."

    "තියෙනවා ඒත් කෝ අයියේ වෙලාව..."

    "එහෙම කියන්න එපා මල්ලි. හරි හරි මල්ලිට එදාට මම ටුක් ටුක් එවන්නම් ගෙදරටම.....

    "ෂා ඔහොම එක්ක කෝ අයියේ... අනිවාරයෙන්ම අයියට තමයි ඉතින් මගේ ඡන්දෙ...."

    ගියා බූත් එකට ගැහුවා කොලේ පිරෙන්න ලොකු කතිරයක් ටුක් ටුක් එකේ ම නැගල ගෙදර ආව... අනේ මෙහෙමත් ගොන් වැස්සෝ නේ ඡන්දෙ ඉලන්නේ... හික් හික් :D

    ReplyDelete
  2. හොරු පැන්නොත් බය වෙන්න එපා..මොකද හොරෙන් ඇවිදන් එනව වගෙ නෙවෙයි පැන පැන එනකොට සද්දෙ වැඩී..එතකොට කොච්චර නින්ද හිහින් තිබුනත් ඇහැරෙනවා..

    ReplyDelete
  3. ඇත්තටම හොරු නම් .,.,,,,
    මට වැඩ බාර ගන්න තිබුණා... හි හි :ග්

    ReplyDelete
  4. හරි සෝක් බැට් එක කොහේද දැම්මෙ...

    ReplyDelete
  5. //මල්ලි වැදගත් වැඩක වෙන්න ඇති ඉන්න ඇත්තෙ...."//
    මොකද මංදා මෙන්න මේ පේලිය කියවනකොට මගේ කටේ පැත්තකින් හිනාවක් ගියා.

    ReplyDelete
  6. හරියටම හරි.. ඔහොම පැනලා ගෙවල්වලින් කැමැත්ත අරන් උන්ටික දැන් රට රකිනවානේ .

    ReplyDelete
  7. ඔන්න ඔය වගේ වටිනා කියන මිනිස්සු තමා පාර්ලිමේන්තු යවන්නම ඕනෙ. හික්ස්.

    ReplyDelete
  8. @ගුලියා- ආයිත් අහල අයියේ..ගොන් වස්සොම තමයි.ලොකු එකාගෙ කකුල් ලෙව කාපු එකාව පොඩි ඡන්දෙට දානව, ඌ මිනීමරුවෙක් වුණත් ස්ත්‍රී දූශකයෙක් වුණත් කරන්න දෙයක් නෑ....මොනව් කරල හරි දිනනව.ඊට පස්සෙ..ගරු නාගරික මන්ත්‍රී....

    @වෙනී- දැන් හොරු පනින්නේ සද්දෙ ඇහෙන්නෙ නැති සපත්තු දාගෙන.කාමරේ ඉඳන් දහ අටසන්නිය නැටුවත් දන්නෙ නෑ....

    @ර.ප- අනිව උඹට කෝල් කරනව.

    ReplyDelete
  9. @ඉන්දී- බැට් එක එහෙමම බිත්තියට හේත්තු කෙරුවා.හික් හික්..

    @රාජ්- හික් හික්....අපි නම් ඕවට නෑ.අපිට ඕවා තේරුණෙත් නෑ.

    ReplyDelete
  10. @ජයියා- රට රකිනව නම් තමයි.කන ටික ඒ හදන ටිකෙන් කවර් කරනවා.

    @පිණිබිඳු- ඔව් අක්කේ....මුන් කාගෙන් හරි මැරුම් නොකෑවොත්..මොන ගේමක් ගහල හරි ඒකත් කරගනීවි.

    ReplyDelete
  11. මල්ලී සීයගේ කාඩ් එකෙන් අනීවාර්යෙන් ඒ අයියට කතිරේ ගහලා එන්න.. තාමත් ඉන්නේ අර වැදගත් වැඩේද මන්දා...

    ReplyDelete
  12. පිසා,
    උඹ දැන්වත් ඇහැරිලාද?

    ReplyDelete
  13. සහෝ.. අරාබි බාසාවෙන් අලි බබා කියන්නේ හොරා කියන එක..

    ReplyDelete
  14. @දිනේශ්- අයිය මට කෝචොක් කරනව නේ....

    @ඔබා මාමා- මං ඇහැරිලා.වල් කතාවක් නෙවෙයි නේද ඇහුවෙ...

    @ක්සැන්ඩර්- සිරාවට,....දැනගත්ත එකත් හොඳයි.....

    ReplyDelete
  15. හික් හික් . . . මොකද්ද බං උඹ ඒ වෙලාවෙ ඇත්තටම කරකර හිටි වැදගත් වැඩේ ????

    ReplyDelete
  16. ගෙඩහර කවුරුවත් නැති වෙලාවෙ... ඇඳට වෙලා උබ කර කර හිටිය වැඩේ ගැන සැකයක් පහල වේ....

    ReplyDelete