Friday, August 26, 2011

අනේ හරකුනේ උඹලට වෙන වැඩ නැද්ද....අපි මේ සහෝදර ප්‍රේමයෙන් වෙලිලා ඉන්නේ

  මටත් ඉඳල ඉඳල් වෙන්නෙ මරු වැඩ තමයි.
      කැම්පස් එකේ  ID එක හදන්න දීපු ෆෝම් එකේ මං අත්සන් කරල නෑලු.
  ඉතින් එහෙන් කෝල් එකක් ආවා,පුළුවන් වෙලාවක ඇවිත් අත්සන ගහල  යන්න කියලා.(හැබැයි මේ මාසෙ ඉවර වෙන්න කලින් )

  ඉතින් මං ගිහින් ඉංග්‍රීසි පංතියේ කොල්ලොන්ට ඕක කියනකොට, එකෙක් කියනව ක්ලාස් එකේ තව කෙල්ලෙකුටත් ඔය සිද්දියම වෙලා කියලා.
  මාත් ඉතින් හොයල බැලුව.වැඩේ ඇත්ත.
මං ගිහින් පොඩ්ඩක් කතා කලා.හුටා....මෙයත් මගේ ෆැකල්ටියෙමනෙ.රෑන්ක් එකත් මගේ එක ලඟම එකක්.
 "හබැයි අක්ක කෙනෙක්."

මට අක්කලව පොඩ්ඩක් ඇලජික් ගතියක් වගේ තියෙන නිසා පරිස්සමින් වැඩ කරන්න ඕන.


  මං කිව්වා අක්කෙ එහෙනම් අපි දෙන්නටම එකට ගිහින් වැඩේ කරගෙන එන්න පුළුවන් නේද කියල.
  අක්කත් "හා" කිව්වා.

 ඉතින් අපි දවසකුයි වෙලාවකුයි දාගෙන සෙට් වෙලා මාතර යන්නයි කතා වුණේ.


දවස ගිය අඟහරුවාදා.


ඉතින් එකොලහට විතර ගාල්ලෙන් පිටත් වුණා.යනකොට නම් ශීට් දෙකක වාඩි වෙලා ගියේ.එයා මටත් එක්ක ටිකට් අරන් තිබ්බා.මටත් මොකෝ.....

  මාතරින් බැහැලා ගන්දර බස් එකක නැග්ගා.ඉස්සෙල්ල අරය ටිකට් ගත්ත නිසා මේ පාර මං ටිකට් ගත්තා.  පුහ්...කැම්පස් එකට රු.10.00යි.

 කැම්පස් එකට ඇතුල් වුණා ගමන්ම හෙන ෆීලින් එකක් ආවා.නිකන් මම සර්වසම්පූර්ණයි(perfect) වගේ හැඟීමක්.
  

වැඩේ කියන්නේ කැම්පස් එකේ අපි දෙන්න ඇවිදන් යනකොට සින්නො,සින්නියො අපි දිහා බලනවා නිකන් අළුත් බැඳපු ජෝඩුවක් දිහා ගමේ අම්මණ්ඩිලා, අබිලින්ලා බලන විදියට.
  "අනේ හරකුනේ උඹලට වෙන වැඩ නැද්ද....අපි මේ සහෝදර ප්‍රේමයෙන් වෙලිලා ඉන්නේ..තොපිල මෝඩයො වගේ අපිව නිකම් සැක කරන්න එප හරිය......
මට මලපැන්නොත් මෙතන තියෙන ඇලේ වතුරත් මදි වේවි ..ඔන්න නොකිව්වයි කියන්න එපා......"

මං එහෙම හිතුවට, කිව්වේ නෑ.


ඉතින් හැතැප්ම ගාණක් දුර ගෙවාගෙන ඇවිල්ලා එකම එක අත්සනක් විතරක් ගහලා අපි දෙන්න හැරිලා ආවා.
ආයි එනකොටත් අර විදියටම කට්ටිය අපිව දවල් කෑමට ගන්න වගේ බලන් ඉන්නවා.

 අපි අපිට නෙවෙයි වගේ කතා කර කර, හිනා වෙවි ආවා.

අන්තිමට ගේට් එක ගාවදි කැම්පස් එක දිහා ආයිමත් හැරිල බැලුව.
හිතට ආපු හැඟීම වචන වලට පෙරලන්නත් ලෝභයි වගේ.
  
ඒ වුණත් මේකෙ දිගටම ඉන්න එක නම් ශුවර් නෑ.කොළඹටයි,පේරෙටයි ඇපීල් එක දාලනෙ තියෙන්නෙ.ඒ වුණත් එතනින් එද්දි අමුතු ලෝභ කමකුත් හිතට ආවා.
අක්ක කිව්වා එයාටත් ඒ වගේම හිතට දැණුනා කියලා.

ආයිමත් මාතරට එනකොට මමම ටිකට් ගත්තා , දෙන්නටම විස්සයිනෙ.
  ගාල්ලට ටිකට් ගත්තෙ අක්කා.
වැඩේ ලාභයි.මගෙන් හතලිහයි.එයාගෙන් 208.00යි.

මාතර ඉඳන් ගාල්ලට එද්දි අපි දෙන්නා එක ලඟ ශීට් දෙකක වාඩි වෙලා ආවෙ.
 ලැජ්ජවෙ බෑ ඕයි...මං මේ අපේ නංගිත් එක්ක නැතුව වෙන කෙල්ලෙක් එක්ක ලඟින් වාඩි වෙලා යනවමයි.මුලින් මුලින් අමාරුයි වගේ දැණුනත් පස්සෙ හරි ගියා.
නිකන් බද්දෙගෙ ක්ලාස් එකේ අන්තිම පේලියෙ කොල්ලෙක් එක්ක වාඩි වුණා වගේ තමයි.

මොනව වුණත් ඒ අක්කට පිං සිද්ධ වෙන්න ඒ වගේ අවස්ථාවකදි හැසිරෙන්න ඕන විදිය පොඩ්ඩක් විතර ඉගෙන ගත්තා.මගේ ලැජ්ජාවද මොකක්ද එක නිල්වලා ගඟටම දාලා ආව වගේ තමයි දැන් දැනෙන්නෙ.

මං වගේ පොඩි චූ කොල්ලොන්ගෙ දැනගැනීම පිණිස එයින් ටිකක් මෙතන කොටන්නම්.

(01). බස් එකට මුලින්ම නැඟීමට ඇයට ඉඩ දිය යුතුය.

(02). වාඩි වීමට සුදුසු ශීට් එකද ඇයටම තෝරා ගැනීමට ඉඩ දිය යුතුය.(හිතේ වෙන අදහසක් නැත්තම්)

(03). ටිකට් ගැනීමට ඔබ සල්ලි අතට ගතයුතුය.නමුත් ඇය බල කරයි නම් ඇගේ මුදල් වලින් ටිකට් ගත  යුතුය.       එවිට ඇයට ආඩම්බර දැනෙනු ඇත.(පර්ස් එකටත් හොඳයිනෙ...)

(04). ඇය හා කතා කරද්දි කට ඇගේ මුහුණ කෙලින් ගෙන නොයා යුතුය.(කටේ ගඳට ඇය බසයෙන් පැන දුවන්නට ඉඩ ඇත )

(05) ඇය පෙම්වතිය නොවේ නම් අනිවාර්යෙන් පරතරයක් තබා ගතයුතුය.(මං වගේ)

(06) කතා කරන විට ඇගේ මුහුණ දෙස,විශේශයෙන් ඇස් දිහා බලන්න.(හිතේ වල්කම් තියා ගෙන වෙන වෙන ඒවා බලන්න යන්න එපා)

(07). ඇය කියන දේ තේරුණත් නැතත් තේරුණා වගේ පොඩි හිනාවක් දාන්න.

(08). නිතරම වාත යන සිද්දියක් තියේ නම් ජනේලෙ ලඟ වාඩි වෙන එක අනාගතේට හොඳයි.

11 comments:

  1. කොහොම උණත් එළකිරි ඔවදන් ටිකක් දීලා තියෙනවා. :q

    ReplyDelete
  2. පාඩම නියමයි
    සින්නලා සින්නියො බලන්න ඇත්තේ ,,
    පාටිය ගන්න හිතාන වේන්න ඇති.

    ReplyDelete
  3. මේ වෙලිලා යන විදිය දැක්කහම නම් ඕක සහෝදර ප්‍රේමයද කියන එක ගැන මට නම් සැකයි !

    ReplyDelete
  4. මේ යන උඔනම් කවද හරි කර ගහගන්නෙත් අකකෙක්වම වගේ තමා කොල්ලේ..

    ReplyDelete
  5. බොහෝම හොඳ අවවාද ටික.....බොහෝම හොඳ අවවාද ටික..... විශේසෙන්ම අර කට මූනට ඈතින් තියා ගැනීම.....

    ReplyDelete
  6. එලස්....තම්බ්ස් අප් :D පිසා අයියේ දැන් ඉදන්ම අක්ක කෙනෙක් කරගහන්න සුදානම් වුනානම්.....

    ~විහඟ කොලුවා~

    ReplyDelete
  7. මල්ලී, උඹ එන පොට නම් හොඳ මදි..... අවවාද එහෙම දීලා, හැසිරෙන විදිහ එහෙම ඉගෙන ගෙන, එන්ටර් වෙන්න වගේ යන්නේ හොඳ ගේමකට..... හොඳා හොඳා.... හැසිරෙන විදිහ ඉගෙනගෙනම පලයන්කෝ කැම්පසුත්...... හික්ස්.....

    ReplyDelete
  8. බ්ලොග් බඩී- ආදර්ශයට ගත්ත නම් ඒ ඇති...

    ඔබ්සර්වර්- ඔබා මාමා නම් ඉතින් ඕවා අත්හදා බලන්න යන්න එපා.

    රහස් පරීක්ශක- එහෙම වෙන්න ඇති බං...මේ පැත්තෙ ආවට ස්තූතියි ....!!!

    ReplyDelete
  9. @වෙනී- මටත් ශුවර් නෑ වෙනී අයියේ....

    @තාරක- අනේ මන්ද...ඔයාගෙ අනාවැකි හරි යාවිද දන්නෙත් නෑ.

    ReplyDelete
  10. @විහඟ- හික් හික්.....බලමුකො... :q

    @ගොඩයා- අනේ මන්ද අයියේ....මට සෙට් වෙන්නෙම අක්කලව.ඉතින් මං මක් කොරන්නෙයි....!!

    ReplyDelete
  11. අනාගන්නේ නැතුව වැඩක් කරගන්න උපදෙස් අට නම් මරු...

    ReplyDelete