Sunday, August 21, 2011

ඇඳුම් නොසෝදන කාලකණ්නින්ට වෙන්කර ඇත(නහය ඇත්තෝ වාඩි නොවෙත්වා)

දවස් දෙකක් එක දිගට ඇඳපු
හම්පඩ ෂර්ට් එකේ ගඳයි.....
සති එකහමාරකින් හෝදපු නැති
ඩෙනිමෙන් එන මළකඩ ගඳයි....
සාක්කුවෙන් එළියට ඇඳපු
හොටු ලේන්සුවෙ බටර් සුවඳයි.....
ඉවසගෙන
මට පේන්න නහය වහගත්තේ නැති
එකට ඔයාට ගොඩක් පිං කෙල්ලේ...

13 comments:

  1. ඇත්ත වශයෙන්ම !

    ReplyDelete
  2. ඇයි නාන්නෙ නැති තොගෙ ජීවන සුවඳ.... දත් මදින්නෙ නැති කටින් එන කිරි සුවඳ.....

    ReplyDelete
  3. මචන් කෙල්ලට ඔහොම පින් දීලා මදි බන්....හෑබයි බලාගෙන ටිකක් වහන් වෙලා ඉදපන් උදේට නගරසබාවේ කුනු ලොරිය එන කොට

    ReplyDelete
  4. ඔය ඔක්කොම සුවදවල් කැපිලා යනවා.ඇයි මාස දෙකක් ඇදපු ජො..ගෙ සුවදට.හු.. හූ.....

    ReplyDelete
  5. පිසාචයෝ අපේ කාලේ තිබ්බ wash and wear කියල රෙදි ජාතියක් නොමැද අඳින්න පුළුවන්.. එත් අපි ඇන්දේ gush and wear ..(කීප වතාවක් ගසල අඳින එවුව..)

    ReplyDelete
  6. දැන්ට එහෙම තමයි පුතා. බැන්දට පස්සෙ බලපංකො.. :g (කිවුවට මමත් තාම බැඳලා නැහැ)

    ReplyDelete
  7. @වෙනී- සහතිකවම

    @ප්‍රසංග සහ රාජ්- මම එතනදි කට ඇරියෙවත්, ඩෙනිම ගැලෙව්වෙවත් නෑ යකුනේ....!!

    @අසංක- ඒක නම් එහෙම තමයි සහෝ.....

    ReplyDelete
  8. @ජය්යා- සමහර දවස් වලට බස් එකේ වාඩි වුණාට පස්සෙත් කැරපොත්තෙක් එහෙම පැනල දුවනව කලිසම අස්සෙ ඉඳලා.කූඹි ගැන නම් කතා කරල වැඩක් නෑ....

    @චන්දික- මාත් ඉතින් බැඳලා නෑ අයියා.අනික මේ කිව්වෙ මගේ කෙල්ලෙක් ගැන නෙවෙයි.බස් එකේදි මගේ ලඟින් වාඩි වෙච්ච ලස්සන කෙල්ලෙක් ගැන.පව් අප්ප ඒ කෙල්ල.

    ReplyDelete
  9. මේ කවදද . . . ??? ගිය විසි වෙනිද කොළඹ ඉඳං යනගමං වෙච්චි සීන් එකක්ද ????

    ReplyDelete
  10. @ඕනයා- ඔව් අයියේ..එදා තමයි.

    ReplyDelete
  11. පස්සෙ හොයලා බැලුවෙ නැද්ද ඒ කෙල්ල ගැන. මගදි කලන්තෙ දාලද දන්නෑ විෂ වායු ආඝ්‍රාණය වෙලා.

    ReplyDelete
  12. @පිණිබිඳු- හොයන්න බලන්න යන්න තිබුණ නම් හොඳයි තමයි අක්කේ..
    කොහෙද පෝන් නම් එක වත් ඉල්ල ගන්න බැරිවුණානේ...!!

    ReplyDelete
  13. කෙල්ල ආයෙත් කොන්දගෙන් අහුවලු මේ බස් එක කොහේ යන එකක් ද කියලා,,,ඊට පස්සෙ කොන්ද එ මොකද කියලා ඇහුවම කෙල්ල කියලා.....නෑ මේ බ්ලූමෙන්ඩල් පහු කරන් යනා නිසා සෑකේට වගේ අහුවෙ කියලා,,,,තේරුනාද මන්ද

    ReplyDelete