Wednesday, August 17, 2011

අවසානේ උරුම වුණේ......උස ගස් වල පොල් කඩන්න.....


ක්ලාස් ගියත් ලොකු පොත් ගෙන පිස්සු නැටුවෙ අපි විතරද
කෙල්ලො පස්සෙ හති දම දම කාලේ කෑවේ අපි විතරද
විහඟුන් මෙන් විසිල් ගගහ දුම් ඇද්දේ අපි විතරද
මට එෆ්(F) හතරක් වුණාට  නුඹට ඇත්තෙ ඒ(A) විතරද.........


රෝස සිහින අපි දුටුවේ කවදා හරි හැබෑවෙන්න
මේ විදියට දුක කියන්නේ පුංචි එවුන්ටත් හැදෙන්න
මේ විදියට දුක කියන්නේ.... පුංචි එවුන්ටත් හැදෙන්න........

ක්ලාස් ගියත් ලොකු පොත් ගෙන පිස්සු නැටුවෙ අපි විතරද


මහ ලොකුවට සයන්ස් කලේ වැඩි පඩියට ජොබ් කරන්න
අවසානේ උරුම වුණේ උස ගස් වල පොල් කඩන්න
අවසානේ උරුම වුණේ......උස ගස් වල පොල් කඩන්න.....




(මේ පාර විභාගේ ලියන නංගිලා මල්ලිලාට උපහාරයක්ම වේවා......!! )



17 comments:

  1. හිකිස්... හැර කුමක් කියන්නද?

    ReplyDelete
  2. තෑන්ක්ස් චතූමිතූ..
    ලොලේ ලොල් නේද "වෙනී" අයියේ

    ReplyDelete
  3. "මේ විදියට දුක කියන්නේ.... පුංචි එවුන්ටත් හැදෙන්න........"

    හැදෙයිද නැතිවෙයිද කියා මේ ළමයා නම් දන්නැති
    ඉහත පදේ දැක්ක බවට මෙසේ කමෙන්ට් කරනෙමි සකි

    ReplyDelete
  4. අපුරුයි පිසා. මන් හිතන්නේ ඔයා කවිම ලිවුවොත් හොඳයි කියල. අර අ.පෙ ගොඩය ගැන මගේ පොස්ට් එකේ කොමන්ට් ලියල තිබ්බ කවි අමුතුම ආරක.. තුන්වෙනි පේලියේ එළිසමය නැතුව ..නියමයි..

    ReplyDelete
  5. ඈ බන් ආට් කොරපු උන් පොඩි ගස් වල පොල් කඩලද....
    හික්... හික්... මරු කවිටික...

    ReplyDelete
  6. පට්ටයි ....
    ඒත් දැන් පොල් කැඩුවත් පාඩු නැහැ ....

    අපේ පැත්තෙ එක ගහකට රුපියල් 50 ක් ගන්නවා, ගස් 20 ක කැඩුවොත් 1000 යි. එක්සෙගටිව් ලෙවල් එකෙත් මම හිතන්නෙ 1000 ක් හොයන්න බැහැ ඔය තරම් ඉක්මනට .......

    ReplyDelete
  7. අහෝ අප තව නොදිටි මොක් පුර

    ReplyDelete
  8. හික්ස්.. :D

    ReplyDelete
  9. @දිලන්ක- හැදියල්ල බං..... :-)

    @ජය්යා- අනේ මන්දා අයියේ....මොනවා වුණත් කරපු කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  10. @ප්‍රසංග- ආට් කරපු උන් තැඹිලි බිස්නස් එකට බැහැලනේ..අපිට ඉතිරි පොල් තමයි.

    @පංසල් හංදිය- තැන්කු තැන්කු......ඒක නම් ඇත්ත...හිඟාකන එකත් දැන් මාර හම්බ කිරිල්ලක් තමයි.

    ReplyDelete
  11. @රාජ්- හිකිස් නේන්නම්

    @පිණිබිදු- අහෝ මොක් පුරටත් යන්න තව දුර

    @සමීර-මේ පැත්තේ ආවට තැන්කු....!

    ReplyDelete
  12. උස ගස්වල පොල් කඩද්දි කොහොමත් ගාන වැඩියිනේ බන්.. නාඩ ඉඳින්.... :g

    ReplyDelete
  13. කතා ලිව්ව, කවි ලිව්ව, දැන් උඹ චිත්‍ර අඳින්නත් පටන් අරං වගෙ, බලාගෙන යනකොට උඹත් මල්ටි ටැලන්ටඩ් පොරක්නෙ. කවි ටික මරු, මේ ටික විතරක් නෙමේ අන්තිම පේලියෙ ලියපුවත් එක්කම.

    ReplyDelete
  14. @Observer- අනේ මේ චිත්‍රේ නම් මං නෙවෙයි ඇන්දේ ඔබා මාමේ.ගූගල් දෙයියෝ ගෙදරට වැඩෙම්මෙව්වා.
    මොනව උනත් ස්තූතියි.....!!

    @තාරක- එහෙම වෙන්න එපැයි සහෝ....ලෝකෙ තියෙන අවධානම්ම රස්සාවක්නේ...හික් හික්.....!!!

    ReplyDelete
  15. අප්පා ...පට්ට පෝස්ට් එකක් නෙව දැන් දැක්කේ , මීට අවුරුදු කීපයකට කලින් දැක්කා නම් ම්ගේ උත්තරේ වෙන්නේ "සේම් හියර් " කියල තමයි :D

    ReplyDelete