Tuesday, August 09, 2011

දවස් හතට ගැළපෙන පාට

   අවුරුදු දෙකකට විතර කලින් ලංකාදීප පත්තරේ ගියපු පොඩි ආටිකල් එකක් දැකලා මං ඒක කපලා පොතක් අස්සේ දා ගත්තා.මේ ලඟදි හදිස්සියකට පොත් අවුස්සද්දි  ඒක මට හම්බුණා.
   මේක හම්බුණාම මට හිතුණා, පොතක් අස්සේ දාගෙන ඉන්නවට වඩා බ්ලොග් එකේ ලියල පරිස්සම් කරන එක හොඳයි කියලා.

   ඒ දවස් වල මේක මම පරිස්සමට තියා ගන්නකොට හිතා ගත්තේ කවදා හරි හම්බ කරන කාලෙකදි ඒකෙ තියෙන විදියට කරනවා කියලා.
     අම්මලගෙන් ජීවත් වෙන මේ කාලෙදි මෙහෙම කරන්න නම් මට මාවම කාට හරි උගස් තියන්න වෙනවා.



මේකයි සිද්දිය.ඔය එක එක ග්‍රහයන්ට  සතියේ එක එක දවස ලියලා දීලනේ තියෙන්නේ.ඉතින් ඒ ඒ දවසට ඒ  ඒ ග්‍රහයට ගැළපෙන පාටින් ඇන්දම ප්‍රතිපල බොහොම හොඳයිලු.වාසනාව උපරිම විදියට ලඟා වෙනවලු.
  අනේ මන්ද.......



ඉරිදා


 ඉරිද දවස අයත් ග්‍රහය "රවි".ඉතින් මේ දවසට අයත් පාට තමයි "රන්වන් පාට".දැන් කට්ටිය රත්තරං වලින් ඇඳුම් මහයිද දන්නේ නෑ.ඉර නඟින වෙලාවට තියෙන පාට කියල තමයි ආටිකල් එකේ කියන්නේ.

ඉතින් මෙහෙම ඇන්දම මොකද වෙන්නෙ....
    මෙහෙම ඇන්දම තමන්ගෙ තේජස,ගෞරවය ඇති වෙනවලු.විශේශ ආකර්ශනයක් තමන්ට ලැබෙනවලු.ඒ වගේම කායික හා මානසික සහනයක් ලැබෙනවලු.


සඳුදා


   සඳුදා දවසට අයිති ග්‍රහය චන්ද්‍රයා හෙවත් හඳ.එදාට අයිති පාට මුතු පැහැය හෙවත් "සුදු පාටලු".ඔන්න ඉස්කෝලෙ යන අයට නම් අවුලක් නෑ.

     සඳුදට සුදු පාට ඇන්දම සිතිවිලි නිරවුල් වෙනවලු.සිතිවිලි යහපත් වීම වගෙම රුධිර පීඩනය සමනය වීමත් වෙනවලු.ඊට අමතරව ආවේගශීලි බව පාලනය වීමත් වෙනවලු.


අඟහරුවාදා


  අඟහරුවාදා අයිති කුජටලු.ඉතින් එදාට ගැළපෙන පාට තමයි "රතු".හෝම් කමින් දවස නම් මනමාලිට අවුලක් නෑ.

   එදාට රතු පාට ඇන්දම තමන්ගේ තේජාන්විත බව වැඩිවෙනවලු.නිර්භය වීම,එඩිතර ගතිය වගේ මානසික තත්වයන් ඉහල යනවලු.


බදාදා


   බදාදා දවස අයිති ග්‍රහය වෙන්නේ බුධ. එදාට ගිරා පැහැය තමයි ගැළපෙන පාට.ඒ කියන්නේ "කොළ පාට."


   මේ කියන විදියට කොල පාට ඇන්දම බුද්ධිය ඉහල යාම සහ මතකය ඉහල යාම සිද්ද වෙනවලු.(හැම විභාගෙම බදාදට  තියෙනව නම් නියමයි)
 ඊට අමතරව මුළු දවසම සැලසුම් සහගතව කටයුතු කරන්නත් පුළුවන් වෙනවලු.කඩිසර බව වැඩිවෙනවලු.

   
බ්‍රහස්පතින්දා


  බ්‍රහස්පතින්ද ලියල දීල තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි බ්‍රහස්පතීටම තමයි.ඒ කියන්නේ ගුරු.
එදාට අදින්න ඕන පාට තමයි කහ පාට.

    මෙහෙම ඇන්දම එදාට ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වීම,මනස නිරවුල් වීම, අයහපත් සිතුවිලි ඉවත් වීම සහ මානසික ඒකාග්‍රතාවය ඇතිවීම වගේ දේවල් සිද්ද වෙනවලු.
   නිදසුනක් විදියට ස්වාමීන් වහන්සේලා කහ පාටින් සිවුරු අඳින්නේ ඒක නිසා කියලයි මේකෙ කියන්නේ.


සිකුරාදා



        නමේ තියෙන විදියටම සිකුරාදා අයිති සිකුරට.ශුක්‍ර කියලත් කියනවලු.
  යකාගේ හැටියට විමානේ වගේ සිකුරට ස්ථීර පාටක් නෑ.එදාට මිශ්‍ර වර්ණ ඇඳුමක් අදින්න කියලයි තියෙන්නේ.

  මේ ආටිකල් එකේ තියෙන විදියට විචිත්‍ර වර්ණ ඇති ඇඳුමක් ඇන්දම ආශාවන් සපුරා ගන්න පුළුවන්ලු.ලෞකික ආසාවන් මුදුන්පත් කර ගැනීමේ හැකියාව,විරුද්ධ ලිංගික ආකර්ශණය සහ බාහිර පිරිස් තාමගේ අදහසට නතු කර ගැනීමේ හැකියාව ලැබෙනවලු.


   ඒක නම් නරකම නෑ නේද....


සෙනසුරාදා


   සෙනසුරාදා දවස අයිති ඉතින් ශනි හෙවත් හෙනහුරාට තමයි.එදාට අදින්න ඕන පාට නිල්පාට ලු.


   සෙනසුරාදට නිල්පාටින් ඇන්දම දුශ්කර කටයුත් පහසුවෙන් කිරීමේ හැකියාව ලැබෙනවලු.ඕනම දෙයකට මුහුණ දීමේ හැකියාව, අතපසු වූ අමාරු වැඩක් පහසුවෙන් හා ඉක්මනි අවසන් කිරීමට අවශ්‍ය මානසික ශක්තිය මෙමඟින් ලැබෙනවලු.




                මේක කියවනකොට එන ප්‍රශ්නය තමයි එදාට තනි පාටින්ම(නිල් නම් නිල් විතරක් වගේ) අඳින්න ඕනද කියන එක.
       නෑ..එහෙම නෑලු.එදාට අයත් පාට වැඩිපුර ඇහැට වැටෙන විදියට ඇන්දම හරිලු.

දැන් ඉතින් කට්ටිය හෝ ගාලා ඇඳුම් ගන්න දුවන්න එපා.පුළුවන් නම් තියෙන ඇඳුම් ඒ විදියට සකසගන්න බලන්න.
  පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න,වෙනසක් වෙනවද කියලා.


       

11 comments:

  1. කරල බලන්නම්

    ReplyDelete
  2. මට බදාදා නිවාඩු ..සිකුරාදා වැඩේ නම් කරලා බලන්න වටිනවා

    ReplyDelete
  3. බලන්න ඕනි සිකුරාදට සුවිප් එක ඇදල...

    ReplyDelete
  4. ලස්සනම ලස්සන පෝස්ටුවක්.... දිගටම ලියන්න....

    ReplyDelete
  5. මටනම් ගානක් නැ ඔය ඇදුම් ...හැබැයි ඉතින් මම කරන වැඩ වලට නම් ඇදුම් තොර තොර බලබල සිට්න්න ඔනැ නැ කෙසේ වුවත් ෆැසන් එකට කැමැති ඇයෝන්ට නියම පොස්ටුව ......

    ReplyDelete
  6. මම තව එකතු කරන්නම්.
    01.මළගෙයක් දවසට සුදු.
    02.ඡන්දෙ දවසට පක්ෂවලට අයිති නැති පාටක්.(නැත්නම් කන්න වෙයි එකසියගානට)..:)
    03.බොන්න සෙට්වෙන දවසට කළු(කාණුවෙ නිදියගත්තත් පේන්නෙ නෑ:)

    ReplyDelete
  7. පාටක් නැති ඇඳුමක් ඇන්දොත් ... ඒ කියන්නේ ඇඟේ පාට ඇඳුමක් ඇන්දොත් ඔක්කොම හරි හැරී බලනවා සිකුරුයි.. ටිකකට පස්සේ ගල් මුල් මල් එන්නත් පුළුවන්.. ඒ හින්ද එක අඳින්න බාත් රුම් එකේදී ඕනෑම දවසක..

    ReplyDelete
  8. // අම්මලගෙන් ජීවත් වෙන මේ කාලෙදි මෙහෙම කරන්න නම් මට මාවම කාට හරි උගස් තියන්න වෙනවා.//

    උගස් තියන්න . . . . .??? කාටද . . . . ???

    කෝකටත් හැන්දෑවක ඩික්මන් පාර පැත්තෙ ගිහිං බලපං . . . . .

    ReplyDelete
  9. // අම්මලගෙන් ජීවත් වෙන මේ කාලෙදි මෙහෙම කරන්න නම් මට මාවම කාට හරි උගස් තියන්න වෙනවා.//
    නම කියන්න නං බැහැ, උගස් ගනී කියල හිතෙන යාලුවෙක් නං ඉන්නවා, පිසාචයත් අඳුනන කෙනෙක්

    ReplyDelete
  10. කමෙන්ට් කරපු ඔක්කොටම ස්තූතියි....හුඟ දවසකින් මේ පැත්තේ ආවේ.....!!!

    ReplyDelete