Monday, August 01, 2011

මිස්...අද දෙනවද

මේ මෙඩිකල් කෙරුවාව නිසා මට නම් කැම්පස් යන එකත් එපා වෙලා තියෙන්නේ.
   අනේ අම්මපා......(ඕන දෙයක් හිතා ගන්න)

   කැම්පස් යන එවුන්ට දෙන දෙවෙනි නායකත්ව පුහුණුවද කොහෙද මේක.
  හෙන ගේමක් දෙන්න ඕන.......

  ඉතින් අද උදේම කුකුළත් අතේ අරගෙන 11.30ට විතර කරාපිටියට ගියා.
  මුලින්ම තියෙන්නේ ඇස් පෙන්නන්න.


ක්ලිනික් එකට ගියාට මොකෝ ඇඟිල්ල ගහන්න ඉඩ නෑ.හෙන දිග පෝලිම.
   මොනව කරන්නද...පාඩම් කරල විබාගෙට ලිව්ව නම් විඳවපන් පිසාචයෝ....
හරියටම පැයයි විනාඩි දොලහක් පෝලිමේ ඉඳියා.
 
  මට ඉස්සරහයින් තව තුන්හතර දෙනෙක් ඉඳිද්දි මං ගාවින් ඇටෙන්ඩන්ට් නෝනා කෙනෙක්  ගියා.මගේ වසංගත කටටත් ඉවසන් ඉන්න බෑනේ.
 උගුරකට පාදල එහෙම මං ඇහුවා.....

"මිස් අද දෙනවද....?"



අම්මෝ එයාගේ ගණන්.මට එක පාරටම මතක් වුණේ පොඩි කාලේ කියවපු කතා පොතක ඉඳපු නපුරු කුඩම්මා කෙනෙක්.

   

  එයා මගේ දිහා බලන් ඉඳපු කරුණාවන්ත විඳියෙන්ම මට තේරුණා මං අහපු එකේ මොකක් හරි දෝශයක් තියෙනවා කියලා..

"මෙඩිකල් එක....."



මං හෙනම අහිංසක විදියට කිව්වා.

"ඒවා ගන්න ඕන්නම් උදේට එනවා..මේ මහ දවල් එන්නේ...ඔයාල හිතන්නේ මෙතන වැඩකට කියල තියෙන්නේ මෙඩිකල් ලියන එක විතරයි කියලද......"






බයිලා ගමුද රී මික්ස් කරලා.ඔයිට වඩා ඒවා කිව්වා.
ඒවා කන ඇතුලට ආවේ නෑ, එච්චරටම කන පිරිල තිබුණේ.


එයාගේ ගංවතුර දවස අදද කොහේද...ඇයි අප්පා මං අරම ඇහුවයි කියලා ඔච්චරටම පුප්පන්න ඕනෙයි.
 
මට නම් ඉතින් වැඩිය නෝන්ඩි නෑ.කෙල්ලො තුන් හතර දෙනෙක් විතරයි වටේපිටේ ඉඳියේ.

 එතනින්ම මෙඩිකල් ගන්න වැඩේ එපා වුනා.


ඕන මංගල්ලයක්කෙයි කියල මං ආවා.එහෙමම "ඇරිච්ච විශ්වවිද්‍යාලයටත්" ගියා ඉංග්‍රීසි කෝස් එකට රෙජිස්ටර් වෙන්න.
  අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න එතෙන්ට ගියාම නොදරුවො වෙච්ච අපිට ඒගොල්ලො රොබින්හුඩ් එකේ නසියර් වගේ කඩු දෙකකිනුයි තව පොඩි කිණිස්සකිනුයි කොටාගෙන කොටාගෙන ගියානේ.




මෙලෝ මලදානයක් තේරුන් නෑ.අන්තිමට ..
"නේම් ප්ලීස්..." කියනකොට යන්තම් නමයි අත්සනයි ගහලා හිමීට මාරු වුණා.

 ඉඳපල්ලකො ලබන සතියෙ ඉඳන් උබලට ඉංග්‍රීසි උගන්වන එක එපා කරවනවා.

රත්ගමයත් එනවයි කියල තිබුණනේ.
අඹරන්නම්කෝ හොඳ ගුලි ටිකක්.මාස තුනක්ම එහේ පදිනවනේ.
එතකොට බලාගමු      හරිය.....!!!!!



13 comments:

  1. දෙන්නම සෙට් වුනේ මොන කැම්පස් එකටද? :)

    ReplyDelete
  2. යසයි.. ගම කයි වගේ.. :h මේ අපේ රටේ අනාගත නායකයෝ ලු නේ ද???? :d

    ReplyDelete
  3. @රත්ගමය- මාත් සංද උදේ..මතන්....!!

    @deeps- මං මාතල, පස්සේ වෙනස වේවි අක්කේ.රත්ගමයගෙ සිරාවට මං දන්නේ නෑනේ.

    @චතුමිතු- හිහි..හිහි....!!

    ReplyDelete
  4. රුහුණටද එන්නෙ...මොනාද පැකොල්ටිය...

    ReplyDelete
  5. @ප්‍රසංග-පැකල්ටිය කිව්වොත් මාව අල්ලන් කන්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නවා.අර අනා ගත් නායකයො පෝස්ට් එකට අදාල එවුන් .මං පැකල්ටිය කිව්වොත් අතේ කෝට්...
    මං ආසාවට ගාල්ලට ගිහින් ඉවරයි.....

    ReplyDelete
  6. මුත් දන්නා දේවල්.. ගංවතුර දවස හික්.. ඇත්ත තමයි එදාට නම් ටිකක් මල පනිනවා තමයි.

    ReplyDelete
  7. ඔය මෙඩිකල් රිපෝට් එකත් හරියට අර කන්දක් තටමලා මීයෙක් වැදුවා වගෙ එකක්.. දවස් ගනනාවක් තියෙන සකලසබ්බ මනාවම හරියට තියෙයිද බලල..බොහෝම පුංචියට O.K. කියල ලියනව..මගේ ඔෆිස් එකේ මෙඩිකල් එක ගත්තෙ කලුබෝවිල. ඒකෙ සමාජ රෝග එකෙන් (ඒ අංශය තියෙන්නෙ රෝහලෙන් පිට වෙනම ) එක කොටසක් තියෙනව පුරව ගන්න..ඒකෙන් එලියට බැහැල මන් තුන් රෝදෙකින් ගෙදරට එනකොට ඒකෙ ත්‍රීවිල් අංකල් අහපි.. මොකෝ මහත්තය ආරක්ශක ක්‍රම පාවිච්චි කලෙ නැද්ද කියල. මං ඔෆිස් මෙඩිකල් කතාව කිව්වත් ඌ විශ්වාස කලෙ නැති පාටයි..

    ReplyDelete
  8. හොඳ වැඩේ තොට . . . . . පාඩං කලානං විඳවාපිය . . . .

    @වෙනී:
    ඇත්තටම ආරක්ෂාවට මොකුත් පාවිච්චි කලේ නැද්ද ???

    ReplyDelete
  9. මෙඩිකල් ගැනීම ගැන මටත් හොද අත්දැකීමක් තියනවා.මට රාජ්‍ය සේවයේ ඉස්සෙල්ලාම පත්වීම ලැබුනෙ හෝමාගමට.අපට ජොබ් එකට ගියාට පස්සෙ මාස දෙකක්ද කොහේද ඇතුලත මෙඩිකල් දුන්නෙ නැත්නම් සොරි තමයි.පඩි නවත්වන්නත් පුලුවන්.කොහොම හරි මාස හයකට විතර පස්සෙ එකපාරටම ඉහලින් ඕඩර් එකක් ආවා වහාම වැඩේ කරගන්න කියලා.ලගම ඉස්පිරිතාලෙට ගියා.ගිහිල්ලා බර මැනගෙන උස මැනගෙන ආවා.එතනින් දෙන මෙඩිකල් එක අරගෙන කොලඹ මහ රෝහලෙන් තමයි ඔය ඇස්, ලේ,මුත්‍රා ආදී ඔක්කොම චෙක් කරන්නෙ.කොහොම හරි ඔය වැඩේට තියන කාලය මාස තුනක්ද කොහේද.මට හෝමාගමිනුයි කොළඹිනුයි ඔය ටික කරගන්න මාස තුනට දවසක් දෙකක් අඩු කාලයක් ගතවුනේ.අන්තිමට ‍ඒක භාර දෙන්න හෝමාගමට ගියාම කියනවා එම්.ඕ.එච්. එකෙන් පිස්සු බලු රෝගයට බෙහෙත් විදින්න ඕන කියලා.මාර වැඩේ කියන්නෙ පළවෙනි බෙහෙත විදලා දින විසි එකකින් තමයි දෙවැනි එක විදින්නෙ.එතකොට මාස ගනන පනිනවා.මම ඇහුවා පී.එච්.අයි.කෙනෙකුගෙන් එතකොට මොකද කරන්නෙ කියලා.මේකා කියපි ඔක්කොම ආයෙත් මුල ඉදලා පටන්ගන්න වෙනවා කියලා.මට දෙයියො සිහි උනා ඒ වෙලාවෙ.අන්තිමට මම තීරණය කලා වැඩේ ගොඩින් බේරගන්න ක්‍රමයක්.ඉස්පිරිතාලෙට ගිහිල්ලා මම අපේ එක්කෙනෙක් හම්බ වෙලා දන්න ශිල්ප දාලා එයාව ශේප් කරගෙන බෙහෙත් විදින්නෙ නැතුව වැඩේ ගොඩදාගත්තා.

    ReplyDelete
  10. රාජ් කියනවා වගේ ඔය කචල් බචල් මුකුත් නැහැ අඳුනන කෙනෙක් ඉන්නව නං හරි ගතමන්ට් එකක් දෙන්න පුළුවන් නං හරි....

    ReplyDelete
  11. අර කීවත් වගේ පාඩම් කරා නම් විඳවපිය........ අප්පෝ ඉස්පිරිතාලෙන් වැඩක් කරගන්න නම් ඇඩෙන්ටන්ගෙ සිට දොස්තර දක්වාම වඳින්න වෙනවා.... අනික දොස්තරලට වඩා ගෑස් දාන්නේ සුළු සේවක සෙට් එක තමයි..... පිස්සු කොර......

    ReplyDelete
  12. ane umbata kohen me wachana enawada mandanne na..

    ReplyDelete