දවසකට කලින් මං දාපු පෝස්ට් එකේ දෙවෙනි කවිය තමයි මේ.
කතාව මේකෙන් හිතා ගන්නකෝ.මේක කියවන්න කලින් ආයිමත් සැරයක් මුල් කවිය කියවල ආවොත් හොඳයි නම් එහෙම කරන්න.
සීත හිම රටේ සුලගේ ඔතාලා
ඔබ එව් ලිපියට මුහුණැ හොවා....
පිළිතුරු ලිපියක් ඔබට ලියන්නට
සිතුවා මගෙ උණු කඳුලු පොවා....
අසරණ මා හට සරණක් වන්නට
ලඟ සිටියේ ඔබ පමණයි එසදේ....
කිසිවක් නොකියා ගිය හේතුව මා
දැනගත්තේ හසුනකිනුයි සබඳේ....
පන්හිඳ ඇද වෙයි කෙසේ ලියන්නද
සිදුවූ දේ හද දෙගොඩ තලා...
ගොක්කොල අතරින් සිදුවිණි එන්නට
සොහොනක ඈ අද තනි කරලා....
අත්පා අහිමිව ගිය ගොළු බිහිරෙකු
ලෙස මා සිටිනෙමි කඳුලු දරා....
විශ්වාසයි මට ලැබුණු විගස මෙය
එන බව ආකාශයේ සරා....
කේයස් ගේ "සුදෝ සුදු" කවි වල "දෙන්නාටම වෙන්නං බිරිඳ" කියන එක කෙල්ල පොඩි කාලේ කීව කතාවක්. කොහොම වුනත් මෙතැනදි කෙල්ල (බිරිඳ) ලැබුන කෙනාටත් අහිමි වෙලානෙ. ජීවිතේ...ජීවිතේ...
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තේ ආවට......!!
ReplyDeleteඅපුරු කවි පදටික.. නායකත්ව පාඩම් වලින් කවි වැඩිදියුණු වෙලා වගේ !
ReplyDeleteබොහොම ස්තූතියි අයියේ......!!
ReplyDeleteශෝකාන්තයක්.. අටලෝ දහමේ නීතිය කෙසේ වෙතත්.. අපිට යම්කිසි දෙයක් අවශ්‍යම වෙලාවට තමයි ඒ දෙය අපිට අහිමි වෙන්නෙ..ඒ වෙනුවට හිමි වෙන්නෙ කඳුලු තමයි...
ReplyDelete