Wednesday, July 27, 2011

හිතවත් මිතුරේ......

 ලියන්න දෙයක් හිතට එන්නේ නෑ.ඒ මදිවට කැම්පස් එකේ ෆෝර්ම් පුරවලම මට කැම්පසුත් එපා වෙලා ඉන්නේ.
          මීට කලින් මං වෙන තැන්ක ලියපු කවි පංති දෙකක් මේකට එබෙන ඔයගොල්ලො වෙනුවෙන් ලියන්න ඕන කියල හිතුණා.
 
          මේ කවි පංති දෙක මගේ මාම කෙනෙක්ගේ ජීවිත කතාවක් ඇසුරෙන් ලියවෙච්ච දෙකක්.
  කතාව ,කවි ටික කියවනකොට ඔය ගොල්ලනට තේරේවි.මේ කවි ටික ලියල නම් ගොඩක් කල්  වෙනවා.

  මේකෙන් මුල්ම කවි පංතිය අපේ මාමා කියන් විදියටත්, දෙවෙනි එක එයාගේ යාළුව කියන විදියටත් තමයි ලිව්වේ.අද මුල් කවි ටික විතරක් ලියනවා.මට කියලත් ලියන්න මොනව හරි තියෙන්න එපැයි.අනිත් කවි පංතිය අනිද්දට දාන්නම්.....
  හොඳයි කියලා හිතෙනව නම් මොනව හරි කියලා යන්නකෝ......

 
 


     දුර ඈත රටක සිට ඔබට එවන මේ සන්නස් 
         හසුනේ කොලය පුරා......
     ලියා ඇත්තෙ මට ඔබට කියන්නට බැරිවුණ 
         දෙයකිය පෙරුම් පුරා......


     සමාව දෙනු මැන හිතවත් මිතුරේ පවසා එන්නට
         නොහැකි වුණා....
      කුමක් කරන්නද තිබුණු එකම දේ රට හැරදා
         පිය නඟනු විනා...


      සසර පුරුද්දක් ලෙසින් එදා අපි එකම මලක 
        ආදරය සොයා.....
      ගියත් නොදැන , මංසලක මුණගැසී ආදරයට
         නැවතුමත් තියා....



       අවසර මිතුරේ මා නවතින්නම් ඔබ සතුටින් බව
           මා දනිමි....
       ඔබටද ඇයටද පෙම් රජ දහනේ කිරුළු දරන්නට
           සුබ පතමි....

4 comments:

  1. පලංචියේ ලී ඉරුවෙ අපි එකට ... වගේ සීන් එකක් නේද?

    ReplyDelete
  2. ඔව් අයියේ, ඒ වගේ එකක් තමයි.....!!

    ReplyDelete
  3. පව් අප්පේ හිත හොඳ පොරක්

    ReplyDelete
  4. ඔබා මාම වගේම හුගක් හිත හොඳ කෙනෙක්...හික් හික්ක්.....!!

    ReplyDelete