Sunday, July 24, 2011

අනා-ගත් නායකයෝ........

    ඔය මාතෘකාව වැරදිලා එහෙම නෙවෙයි දැම්මේ ඕන්.....හරියටම දාල ඇති.

    අපේ කෑම්ප් ජීවිතේ සාමන්‍ය දවසක කාලසටහන ගැන කලින් කිව්වනේ.අද කියන්නේ සාමාන්‍ය දවස් වල සිද්ද වෙච්ච අසාමාන්‍ය සිද්දි ටිකකි.පැහැදිලි සි0හලෙන් කිව්වොත් මම ඇතුළුව අපේ කට්ටිය "අනා -ගත්" සිද්දි ටිකකි.

කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ.ඒ තරමටම අපේ එවුන් හොඳට ඉඳිය.


     හපුගල පැත්තෙද කොහෙද ඉන්න ගි_න් කියලා කොල්ලෙක් ඉඳියා අපෙත් එක්ක.ඌත් මේක කියවන ඇති. ගි_න් ල දෙන්නෙක් ඉඳියනේ.මේ කියන්නේ උඩ ඇඳේ ඉඳපු සුදු  එකා ගැන.
   ගියපු මුල් දවස් වල අපි කාටත් තිබුණු ප්‍රශ්නෙනෙ ටොයිලට් පුරුදු නැති එක.ඒ නිසා බඩ සුද්ද වෙන වැඩ එහෙම හරියට කෙරුණේ නෑ.ඒත් ම0 කියන එකා නම් ආපු දවසෙ ඉඳන් හැමදාම උදේට  ටොයිලට් එකට ගිහින් කැත නැතුව විනාඩි 10ක් 15ක් ඉඳලා එනවා.

 ඉතින් ම0 ඇහුවා උඹට නම් අවුලක් නෑ නේද කියලා...
මූ කියනවා..
"නෑ ..බ0 මටත් අවුල්..."
"එහෙනම් උඹ හමදාම ටොයිලට් යන්නේ.."
"නෑ බ0 ...ඒ ම0 ටොයිලට් එක පුරුදු වෙන්න ,ගිහිල්ල ටිකක් වෙලා ඉඳලා එනව බ0..."





      අපේ බිලට් එකේ ඉඳිය ඩි_න් කියල කොල්ලෙක්.බෙන්තර තමයි ඉස්කොලේ ගිහින් තිබුණේ.ගම නම් බුලත්සි0හල.අනේද කියන්නෙ,වැඩිය පිස්සු නැ.
  ඔන්න දවසක් ලෙක්චර් වලට යන්න කියලා ලෑස්ති වෙන අතරේ මිනිහ ගියා අහල පහල ඉඳපු කොල්ලෙක් ගාවට.ගිහින් ඇහුවා...
"මචන්...ඔළුවෙ  ගාන්න මුකුත් නැද්ද  බ0...?"

ඉතින් අර යාළුවත් කබඩ් එක පෙන්නලා කිව්ව ඇතුලෙ ඇති බ0 කියල.එහෙම කියල අර කොල්ලා සපත්තු දාගන්න පහත් වුණා.

  ඉතින් අර යාළුවා සපත්තු දාගෙන ඔළුව උස්සනකොට මොකක්ද දැක්කේ....
  "අර යාළුවගෙ ෆේශ් වොශ් එක අරගෙන තලි තලි ඔළුවෙ ගා ගන්නවා..."







       කෑම්ප් එකෙදිත් කට්ටිය අනුමත් වුණාලුනේ.අනේ අහි0සක පිසාචය කොළුවා නම් ඕවා දන්නෙත් නෑලු.


   “ඉන්න තැනකින් ඇවිත් මාව අරන් යන්නේ නැත්තේ ඇයි….මගේ අම්මා…..”

අපේ එකෙක් හැමදාම උදේට ඕක කියාගෙන තමයි නැගිට්ටේ.
"මාගේ වීර සෙබලුනි......වහාම ලෑස්ති වන්න.මාගෙ පරම සතුරා වන "ගල් වයාන්" බිම හෙලීමේ මෙහෙයුමට තව විනාඩි 10න් තුන් පෙළ සැදෙන්න..."
  "ඔබ සමහර විට අද මිය යාවි.නමුත් ඔබ ගැන මුළු රටක්ම හෙට කතා කරාවි."
"සමහර විට තවත් හසලක ගාමිණි කෙනෙක් අද බිහි වේවි."
"එහෙම නේද් මාගේ වීර සෙබලුනි...."
"ඔව් සර්....."

මට නම් මේ දෙබස් ටික තාමත් මතකයි.බිලට් එකේ කො.කා වෙච්ච ග_න් එක්ක අපේ මලියට තිබ්බ තරහ ඌ නැති වෙලාවට පිට කලේ ඔහොම තමයි.


        මෙඩිසින් යන අපේ කොල්ලෙක්, අනුමත වෙච්ච වෙලාවක කෙල්ලට කෝල් කරල චාර්ටර් වුණා කියලත් වැඩිය කවුරුවත් දන්නේ නැතුව ඇති.පව්නේ ඒ ගැන වැඩිය නොකිය ඉමු නේ...


          සාස්තර පොඩ්ඩව නම් ඉතින් කාටවත් අමතක නැතුව ඇති.කොහේ අමතක වෙන්නද .....
  ක්ශනික තීරණ ගන්නා තිබුණු දවසේ කෙල්ලොන්ට "ඩිමෝ"පෙන්නුවෙත් මූම තමයි.

 අන්තිම දවසෙ කර්නල් සර්ටත් හොඳ ගුලියක් ඇඹරුවා.


            අපේ තව එකෙක් ඩ්‍රාම එකක රඟපාන්න ගියානේ.පොඩි එකෙක් වගේ ඇඳගෙන මොන්ටිසෝරියක තමයි රඟපෑවේ.පොඩි එකා වුණාට මොකද මූ බොඳ මීදුම් එකේ "පැලවත්තේ වික්ටර්" විදියට තම්යි ඇක්ට් කලේ.
 එදායින් පසු උගෙ කාඩ් එක "වික්ටර් අයියා" වුණා.

  තව දවසක DJ එකකදි අක්ක කෙනෙක් එක්ක බැලුම් ඩාන්ස් එකකටත් මූ ගියානේ.නටන්න බැරි වුණාට  මොකද ඒ කපල් එක තමයි දින්නේ.
  අන්තිම දවසේ කට්ටිය වෙන් වෙලා යන්න හදද්දි මූ ඇඬුවෙත් නෑලු ඕන්....



            "ටි" යන්නෙන් නම පටන් ගන්න එකෙක් කෙල්ලො පස් දෙනෙක්ට විතර පස් විදියක රිසාල්ට් සහ තේරුණු ෆැකල්ටි කිව්ව කියල අපි නම් දන්නේ නෑලු.

තව කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලට ට්‍රයි කලෙත් නෑලු.


      පින්නදූව පැත්තෙ කොල්ලෙක් ඉඳියා.මිනිහා ටිකක් අමුතු වැඩ කරනවා.අමුතු කියන්නේ ටිකක් ගුරුකම් වගේ ඒවා.ඒ හින්දම මිනිහට අපි කිව්වෙ "ගුරා" කියලා.
මොනවා උනත් හිත හොඳ කොල්ලෙක්.


              තව කොල්ලෙක් නායකත්ව පුහුණුවට එන්නම අලුත් පෝන් එකකුත් අරන් තිබ්බා.හැබයි මෙමරි කාඩ් ගහන්න බෑ.පෝන් මෙමරි එකේ උපරිම දාන්න පුළුවන් සින්දු දෙකයි.ඕකෙ තිබුනේ ඉ0ග්‍රීසි සි0දුවකුයි, "මතකද හැන්දෑවේ" කියන සි0දුවයි විතරයි.ඉතින් මූ ආපු දවසේ ඉඳන් මතකද හැන්දෑවේ සි0දුව මහ හයියෙන් දාගෙන.අපි නම් මුලින් හිතුවෙ හොඳ තඩි ගඳ ගහන බූටක්වත් කාලද කියල.පස්සෙනේ වැඩේ දන්නේ.පස්සේ අපේ බිලට් එකේ ජාතික ගීය වූනෙත් එම ගීතයයි.ජාතික ගීයේ නිර්මතෘ ලෙස ඔහුව "ආනන්ද" නමින් බෞතීස්ම කිරීමට අපි දෙවරක් සිතුවේ නෑ.
   
    අවසන් දවස් වල මේ ගීතය ඇසෙද්දි අපෙ එවුන් සීරුවෙන් සිටීමටත් පුරුදු වූණා.
  සමහරුන්ට මේ ගීතය කොතරම් එපා වුණාද කිව්වොත්...මූ නැති වෙලාවක සි0දුව ඩිලීට් කරලා 18+ වීඩියෝ ක්ලිප් එකකුත් බ්ලූටූත් කරල තිබුණා.
                 මූ නම් අනා ගත් නායකයෙක්ම තමයි.



      අපේ කොල්ලොන්ගේ පිස්සු වැඩ නම් අන්නතයි.ඒත් ඉතින් මේකේ කොටන්න ඕන මමනේ.අපේ අනිත් එවුන්ගෙ වීරක්‍රියා පස්සේ දාන්නම්කො.අනිත් එවුන් තරහ වෙනවා එහෙම නෙවෙයි පිසාචයත් එක්ක.ම0 හරි අහි0සකයි, රටක් වටී.....!!!

   ඔක්කොටමත් හරියන්න අපි කට්ටිය ඉන්න පොටෝ එකක් දාන්නම්කො.එදා සික් ගියපු උන් ඇරෙන්න අනිත් උන් ඔක්කොම මෙතන ඉන්නව.
   මට උඹලව නිතරම මතක් වෙනවා යාළුවනේ.අපි පිස්සු කෙලපු හැටි,බොරුවට ගහගත්ත හැටි,හින්ට් පාස් කරගත්ත හැටි, ඔක්කොම මතකයි.
     මාත් එක්ක ඒ දවස් විසි එකෙදි දුක,සතුට සහ ජීවිතය බෙදාගත්තට උඹලට මට දෙන්න දෙයක් නෑ.දෙන්න පුළුවන් උපරිම දේ තමයි මගේ හිතේ පු0චි ඉඩක්.ඒ ඉඩ හැමදාම උඹලා වෙනුවෙන් වෙන් වෙලා තියේවි.......!!




             දෑන් ම0 කියන්න යන්නේ අපේ එවුන් වැඩියෙන්ම අනා ගත්තු අවස්ථාව.
"ක්ශනික තීරණ ගන්න අපිව යැව්ව දවස".ඉඳපු දවස් වලින් එකම අවස්ථාවෙ වැඩිම පිරිසක් අනාගත්තේ එදා තමයි.
   දැන් ටිකක් කියවන්න පුළුවන් විදියට  පිළිවෙලකට ලියන්නම්..

        අපේ ජීවිතයෙදි අපිට මුහුණ දෙන්න වෙන හදිසි අවස්ථාවන් පහකදි සහ තවත් හදිසි නොවුණත් වැදගත් අවස්ථාවකදි අපි ඒවාට මුහුණ දිය යුත්තේ කෙසේද කියන එක ගැන අපිට මෙහිදි අවබෝධයක් ලැබුණා.

   මා සිතන ආකාරයට එක දිනකදි අප ලැබු  වැඩිම පාඩම් ප්‍රමාණය උගත්තේ එදිනයි.


      හදිසි අවස්ථාවන් නාට්‍යයක් ආකාරයෙන් හමුදා සොයුරු සොයුරියන් රඟ දක්වන ලදි.එම රඟපෑම් ඉතා තාත්වික වූ අතර සමහර අවස්ථාව වල අප අන්දමන්ද නොවුණාම නොවේ.
   මුලු කෑම්ප් එකෙන්ම මේ සඳහා මුල්ම අවස්ථාව ලද්දේ අපයි.එය අපි භාග්‍යක් ලෙස සිතමු.


         සුපුරුදු පරිදි තුන්පෙළ සැදී කයියක් ගගහා, අපි විසිපස් දෙනෙකු ගමන් කලෙමු.සිදු වීමට යන්නේ කුමක්දැයි අපට කිසිදු අවබෝධයක් නම් නොවීය.වෙනදාට වඩා හමුදා සොයුරන් අප සමඟ දෙපැත්තෙන්ම ගමන් කල අතර කැන්ටිම අසල එම ප්‍රමාණය තවත් වැඩි විය.කැන්ටිම අසලට ලඟාවත්ම එහි විවේකාගාරය තුල මේසයක් උඩ සිටි අයියා කෙනෙක්.....
"බුදු අම්මෝ.."  කියාගෙන බිම ඇද වැටුණි.

        සිදු වූයි කුමක්දැයි පවා සිතා ගැනීමට පවා අපට අපහසු විය.නමුත් දකුණේ කොල්ලන්ගේ හිත් කකියන ගතිය ඉස්මතු වීම නිසාමදෝ අපි සියළු දෙනා එක රොත්තට ඒ දෙසට දිව ගියෙමු.



 ඇද වැටුණු අයියා දඟලමින් සිටි අතර ඔහුගෙ සොයුරියන් හෝ දියණියන් යැයි සිතිය හැකි අක්කල දෙදෙනෙක් කෑගසමින් සිටියහ.
  අවට තිබූ බඩුබාහිරාදිය අනුව මෙය විදුලි සැර වැදීම නිසා සිදුවූ අනතුරක් බව අපට පැහැදිලි විය.
 අප දැන් කුමක් කරන්නෙමුද....?

  සියළු දෙනා කළබලයෙන් ඇදවැටුණු අයියාට සිහිය ගැනීමට උත්සහ කල අතර අප මුල සිටම වරද්දා ගෙන තිබුණි.
   ලඟ තිබූ හොඳ දෙකේ දෙකේ පොලු කිහිපයක් ගෙන එයින් අර අයියාට හතරවටින් ඇනගෙන ඇනගෙන ගියෙමු.ඒ ඔහු වටා එතී තිබූ වයර් පැත්තකට කිරීමටය.ඔහුට වැඩිය රිදුනේ නැති බව පසුව දැනගන්නට ලැබුණි.
    කෑගසමින් දැගලූ අක්කලා හේ කර ගැනීමට ගිය අපේ කිහිප දෙනෙකුට අමතක නොවන ලෙස පහරවල් කිහිපයක්ද වැදී තිබුණි.ඔවුන්ගේ ර0ගනය එතරම් තාත්වික විය.
  ඇත්තෙන්ම එවන් අවස්ථාවක කලයුතු නිවැරදිම දේවල් අප දැනන් සිටියේ නැත.

   අපට පසු පසින් පැමිණි ගැහැණු ළමයි කණ්ඩායම අර අයියා බිම වැටුණු පසුවත්, අර අක්කලා දෙන්න මහ හයියෙන් කෑගහද්දිත්, ඔවුන්ට නෙවෙයි වගේ එක තැනටම වී බලා සිටිනු අපට පෙනුණි.මොවුන්ගේ අනාගතයට අප එක සිතින් සුබ පතන්නෙමු.
        නාට්‍ය අතරතුර අසල්වැසියෙකු ලෙස රඟපාන කෝප්‍රල් අයියා කෙනෙක් ලොකු වතුර බාල්දියක් ගෙනවිත් දී වැටීසිටි අයියාට වතුර ගසන්නයි කියන ලදි.නමුත් එහි බරපතකම වටහාගෙන අප එය නොකර සිටියේ මෙය විදුලිසැර වැදී සිදු වූ අනතුරක් නිසායි.
 නමුත් ගැහැණු ලමයි නම් වතුර බාල්දිය අතට දෙන්නටත් පෙර උදුරාගෙනම වාගේ බිම වැටී සිටි අයියාට දමාගැසූ බව අපට ආර0චි විය.

අවසානයේ නාට්‍ය අවසන් වූයේ මේජර් නයන සර්ගේ විධානය අනුවයි.
  ඉන්පසු අප සියළු දෙනා රැස්කරවූ ඔහු එවන් අවස්ථාවක කල යුතු දේවල් පිලිවෙළකට සහ පැහැදිලිව අපට කියා දුනි.
 අප දැනන් සිටියේ කොතරම් සුළු දේවල් ප්‍රමාණයක්ද කියා සිතුණේ එවෙලෙහිය.
ඔවුන්ට පි0සිදුවන්නට අප දැන් තරමක් දුරට හෝ ඒ පිළිබඳව දැනුවත් වෙමු.



       අපගේ දෙවෙනි කාර්යය වූයේ විනාඩි විස්සක් තුලදි හමුදාව විසින් බාවිතා කරන වර්ගයේ කූඩාරමක් සාදා නිමකිරීමයි.ඒ සඳහා අවශ්‍ය කොටස සියල්ල අපට සපයා තිබූ අතර අපට තිබුණේ එම කොටස් නිවැරදි ලෙස සකසා ටෙන්ට් රෙද්ද දැමීමයි
   එහිදී නම් අපට යම් තරමක සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකිවිය.නමුත් ඔවුන් අපට වැඩිපුර කෑලි සපයා තිබූ නිසා යකඩ කොටස් කිහිපයක් ඉතිරි විය.
      අවසානයේ එම අ0ගය බාරව සිටි මේජර් සර් පැමිණ අප රැස් කර අප මෙම කටයුත්තේදි කරන ලද වැරදි එකින් එක කියද්දී අපට තේරුණේ ඔවුන් අපගේ සෑම ඉරියව්වක්ම සියුම් ලෙස එකක් නෑර බලාසිටින ලද බවයි.
  කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ කෙසේද..අනෙක් අයගේ මත වලට ගරු කල යුත්තේ ඇයි...නායකයාට සහයෝගය දැක්විය යුත්තේ ඇයි...ආදී බොහෝ දේ අප එහිදී උගත්තෙමු....



     එම කටයුතු අවසන් වූ පසු අපව කැඳවාගෙන යන ලද්දේ අප ක්‍රිකට් සෙල්ලම් කරන පිට්ටනිය දෙසටය.
 හමුදා ට්‍රක් රථයක් එහි කෙලවරක නවතා තිබෙනු අප ඈතදීම දුටුවෙමු.
 එය ලඟට යනවිට එහි සිටි හමුදා සොයුරන් අපට අඬගැසුවේ ට්‍රක් රථය මඩේ එරී ඇති බවත් එය ගොඩ ගැනීමට උදව් වන ලෙසත් පවසමිනි.
  දකුණේ කොල්ලන් වු අපට උදව් නොකර සිටීමට නොහැකි විය.

 එහි ආසන්නයේ විශාල කඹයක් තිබූ අතර අපගේ අදහස වුයේ එය රථයට ගැට ගසා අප සියළු දෙනා එක්වර ඇදීමයි.නමුත් අප සිතූ ලෙස එය සිදු වූයේ නැත.
 දෙවනුව අප සියළුදෙනා එකත් වී රථය තල්ලු කිරීමට උත්සහ කලෙමු.
  යම් හේතුවක් නිසා එයද හරි ගියේ නැත.

 එතන සිටි අයියා කෙනෙකු නිතරම අපි කරන දෙයට විරුද්ද දේ කරයි.මෙය අපට මහත් වධයක් වූ අතර තව ටිකෙන් අපේ එවුන්ට මලපනින්නට ද ඉඩ තිබුණි.

 නමුත් පසුව අප දැනගත්තේ එයත් නාට්‍යයේම කොටසක් බවයි.අප විසින් ඒවාද මැඩගෙන උදව් කල යුතුව තිබුණි.

පසුව මේජර් සර් කෙනෙකු විසින් අප විසින් සිදු කල වැරදි, අප අතපසු කල කරුණු ආදිය කියා දුනි.
  වාහනයක් ගොඩ ගැනීමේ පහසු ක්‍රම කිහිපයක්ද අප උගත්තෙමු.
 සැබවින්ම සැබෑ ජීවිතයෙදි එය අපට වැදගත් වනු නොඅනුමානය.



       එම කාර්යය අවසන් වූ පසු නැවත් පෙළ ගැසී අප ගමන් කරන්නට වීමු.පොලු මුගුරු රැගත් කිහිප දෙනෙක් සිටිනු ඈතදීම අප දුටු අතර අප සිතුවේ අපට මීලඟට ඇත්තේ රණ්ඩුවක් බේරීමට කියායි.එහිදී අප කළ යුතු දේවල් රහසින්  සාකච්ජා කලෙමු.
   නමුත් අපගේ බලාපොරොත්තු බිඳිමින් එතැන තිබුණේ හදිසි වාහන අනතුරකි.

    එක් පුද්ගලයෙකු කාරයකට යට වී සිටි අතර ඔහුගේ බිරිඳ කෑගසමින් සිටියාය.සුපුරුදු පරිදි අප ඒ දෙසට දිව ගියෙමු.

         ඒ මොහොතේම ගමේ මිනිසුන් කිහිප දෙනෙකු පොලු රැගෙන පැමිණියේ රියදුරාට පහර දීමටයි.ඔවුන් සමඟ රණ්ඩුවකට යනවා තියා අපට හැරෙන්නටවත් නොහැක.මන්ද ඒවා හමුදා අතපය නිසායි.කෙසේ නමුත් අපි කිහිප දෙනෙකු ඔවුන් ස0සුන් කර පිටත් කර හැරියෙමු.
  නමුත් පාලනය කර ගැනීමට අපහසුම දේ වුයේ හැප්පුන පුද්ගලයාගේ බිරිඳගේ හැසිරීමයි.ඇය අල්ලා ගැනීමට ගිය අපේ තවත් කිහිප දෙනෙකුටම නොසෑහෙන්න පහර වැදී තිබුණි.
   අපගේ ශක්තී ප්‍රමාණය අනුව අප විසින් තත්වය පාලනය කරගත් අතර තුවාලකරු රෝහලක් කරා රැගෙනයාමට සියළු කටයුතු කලෙමු.
   නමුත් අවසානයේ අප රැස්කරවූ මේජර් සර් අප විසින් නිවැරදිවම කලයුතුව තිබූ දේවල් කියා දුනි.
   අනතුරක් සිදු වූ අවස්ථාවක අප එය කළමණාකරණය කර ගත යුත්තේ කෙසේද යන්න අපට මෙහිදී මනාව වැටහුණි.


      මීලඟ අවස්ථවේ අපට සිදු කිරීමට තිබුණේ සර්පයෙකු දෂ්ඨ කල පුද්ගලයෙකු ස0සුන් කොට රෝහලක් වෙත ගෙන යනතුරු ඔහුව බලාගැනීමයි.ඔහුත් සමඟ ඔහුගේ ගැබිණි බිරිඳද සිටිය අතර කළබලයට පත්වන ඇය ඒ මොහොතේ සිහිසුන් වේ.

     දැන් අප විසින් ඔවුන් දෙදෙනාම බලාකියාගත යුතුය.
අපේ සමහර කොල්ලන් නම් ඒ මොහොතේ බලාගත්තේ අර අක්කාව පමණක් බව මතකය.
  සර්පයා විසින් කෑ, අයියා කිසිසේත්ම පාලනය කරගත නොහැකිවුයේ ඔහු නිතරම දැඟලු නිසාය.අක්කලාගෙන් වැදුණු පහරවල් වලට වඩා අයියාගෙන් වැදුණු පහරවල් සැර විය.පිසාචයාටද හොඳ පහරවල් දෙකක් මූණ පුරා ලැබුණි.


 අප විසින් පෙර කියා දුන් අඩුපාඩු හැකිතාක් අවමකර ගැනීමට උත්සහ කලේ මෙය හදිසි අවස්ථා වලින් අපට කිරීමට තිබූ අවසන් එක වූ බැවිනි.
 පෙර කී ලෙස අප විසින් පළමුව රෝහලට ඇමතුමක් ගෙන ඔවුන් දැනුවත් කලයුතුව තිබුණි.අප එය කලෙමු.(සියල්ල නාට්‍යානුසාරයෙනි) මෙතැනට එය පමණක් සෑහිණි.නමුත් අපේ බුද්දිමත් කොල්ලන් එසැනින් පොලිසියටත්, ගිනි නිවන් හමුදාවටත් ඇමතුම් ගත්තේ වැඩි හොඳටය.
  තවත් එකෙක් පොලිසියටත්,රෝහලටත්, ගිනිනිවන හමුදාවටත් කන්ෆරන්ස් කෝල් එකක් ගෙන තිබුණි.


    අවසානයේ අප රැස්කරවූ මේජර් සර් අපහසුවෙන් අප කල වැරදි කියා දුන්නේ ඔහුටද සිනහව නවත්තා ගන්නට නොහැකි වීමෙනි.
කෙසේවෙතත් එහිදීද අප බොහෝ දේ උගත් බව නොකියා බැරිය.


 වැඩසටහනේ අවසන් අදියර වූයේ විනාඩි විස්සක් තුලදි අවුල්ව ගිය ප0ති කාමරයක් නියමිත ප්‍රමිතියකට අනුව සකස් කිරීමයි.
  මුලදී අප සිතුවේ එය සුළු කාරණයක් ලෙසය.නමුත් ටික වෙලාවක් යනවිට එහි බරපතල බව අපට වැටහුණි.
 සිසුන්ට හා ගුරුවරයාට කිසිඳු අවහිරයකින් තොරව පාඩම් වැඩ කරගෙන යා හැකිවන පරිදි අප එය සැකසිය යුතු විය.
    අප එහිදී 80% පමණ සාර්ථකත්වයක් ලබාගතිමු.
මේජර් සර් පැමිණ ප0ති කාමරය පරික්ෂාකර බලා අඩුපාඩු කියාදුනි.ඇත්තෙන්ම අපට මඟහැරුණු කරුණු කිහිපයක්ම විය.සැබවින්ම එය අපට අළුත්ම අත්දැකීමක් විය.


 අවසානයේ අප 25 දෙනා පැත්තකට වී පැය කිහිපයක්ම අප කල ගොන්කම් ගැන කතා කලේ මාස කිහිපයකට හරියන්නට ලේ පිරිසිදු කර ගනිමිනි.
  




   මේ ලෙස කණ්ඩායම් 12ට වැඩි ප්‍රමාණයකට මෙම ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු කෙරුණි.හමුදා සොයුරු සොයුරියන් අප වෙනුවෙන් සිදුකල  කැපවීම අපගේ හදවත් තුල සදා රැදෙනු ඇත.

 

   

මේ ලිපිය මා විසින් ඔවුන්ට උපහාරයක් කොට ගන්නෙමි.
සොයුරණි..... ඔබ කිසි විටෙක මව්බිමට ණය නොවන්නෙහුය....!!!!!!!


























18 comments:

  1. උඩ ඇඳේ ගිහාන්July 24, 2011 at 7:24 AM

    මැරියන් පිසාචයා . මගේ නිකැළල් , අහිංසක , පරම පිවිතුරු චරිතෙ ප්‍රසිද්ධියේ විනාස කරා . මම කොහොමද දැන් සමාජෙට මුණ දෙන්නෙ ....

    ReplyDelete
  2. අපිට ඉරිසියයි මෙව්ව නොලැබුනු එකට..ඒත් සතුටුයි..කාට හරි ලැබෙන එකටත්..ස්තූතියි බෙදා හදා ගන්නවට..

    ReplyDelete
  3. @ගිහාන්- උබට එහෙම එකක් තිබුණද බං....
    මොනවා වුනත් මේ පැත්තේ ආවට තැන්කු .....!!

    ReplyDelete
  4. @වෙනී- පිනක් දහමක් කරගෙන පංසලට වෙලා ඉන්න ඕන අය මොකට අපට ඉරිසියා කරනවද මන්දා....
    කමෙන්ට් එකට බොහොම ස්තූතියි.....

    ReplyDelete
  5. අර අන්තිමට කරලා තියන දේවල් ටික තමා ගොඩක්ම වටින්නේ..

    ReplyDelete
  6. @deepsඔව්....ඒ කරපු ටික ගොඩාක් වටිනවා.එවෙලෙ අපිට එක විනෝදයක් විතරක් වගේ පෙනුනට දැන් තේරෙණවා කොච්චර වැදගත් දේවල්ද ඒ ඉගෙන ගත්තේ කියලා.

    ReplyDelete
  7. සිරා මල්ලි...... ටික කාලයක් ඇතුලත ජීවිතේට ඕනේ කරන අත්දැකීම් ගොඩක් ලබාගෙන තියනවා...... සතුටුයි.....

    ReplyDelete
  8. @ගොඩයා- ඇත්ත අයියේ...අපි ගොඩක් පිං කරල තියෙනව කියල හිතෙනවා වෙලාවකට.

    :q :q :q

    ReplyDelete
  9. ඈ පිසෝ අර මක්කටැයි පංසලට වෙලා ඉන්න ඕනි මන් ??? හුහ්.. එච්චර නාකියි කියලද හිතුවෙ ?

    ReplyDelete
  10. අනේ පිස්සුද...එච්චර නෑ.ඕනම නම් 50ක් ඇති නේද....?

    ReplyDelete
  11. කන්ෆරන්ස් කෝල් එකටනම් සුපිරියටම හිනා ගියා!
    ඇතැක් බරට වටින අත්දැකීම් ගොඩක්

    ReplyDelete
  12. @තාරක- ඔව් තාරක අයියේ....ගොඩක් වටින අත්දැකීම්.මේ මං කිව්වෙ එක දවසක තිබුණ විශේෂ වැඩසටහනක් ගැන.මේ වගේ තව හුඟක් වැඩසටහන් තිබුණා.
    මං කිව්වෙ...මේජර් සර්ටත් හිනාව නවත්තගන්න බැරිවුණා කියලා.කන්ෆරන්ස් කෝල් එක නම් පට්ටම තමයි.

    ReplyDelete
  13. 50 ක්???? තව සෑහෙන කල් තියෙනව 50ට...මට වයස 50ක් එන්න මොකද්ද බන්z පාවිච්චි කරපු සමීකරණය?

    ReplyDelete
  14. එතකොට උඹලට ඉගැන්නුවෙ නැද්ද බ්ලොග් කොට කොට ඉඳිද්දි ගෙදරිං වලිය දාද්දි කොහොමද තත්වෙ පාලනය කරගන්නෙ කියල . . . ???

    ReplyDelete
  15. @ඕනයා- නෑ ..නෑ....ඒ වගේ ඒවා උගන්වන්න සති තුන මදිනේ.අවුරුද්දක්වත් ඕන වේවි.

    @වෙනි- ගොඩයා අයියට 25යි.එයාට බාගෙට පිස්සුනේ....එහෙම හිතල තමයි 50ක් කියලා කිව්වේ.

    ReplyDelete
  16. ඔච්චර දේවල් ඉගෙනගෙනත් පිසාචයෙක් වෙලා ඉන්නේ මොකද කියල තමයි මට හිතාගන්න බැරි..

    ReplyDelete
  17. සිංහල "බිංදුව" වෙනුවට 0 ඉලක්කම පාවිච්චි කරන්න එපා ඒක කැතයි. Real Time Singlish වලනම් " q " පාවිච්චි කරන්නෙ බිංදුවට.

    ReplyDelete