ඉගෙන ගන්නේ වාසිටියෙලු
උගන්වන්නේ ඉංගිරිසිලු
පොඩි පුතාට හරියට වැඩ
අම්ම එහෙම කියනවාලු
නෙක නෙක දේ කරනවාලු
ලොකු ලොකු පොත් බලනවාලු
ඉංග්‍රිසිත් ඇහැකි යසට
අම්ම එහෙම හිතනවාලු
කැන්ටිමෙ බත් රහක් නෑලු
ගෙදර එන්න වෙලා නෑලු
එහෙම හිතල සුදු අම්මා
රහසෙම ඇස් පිහිනවාලු
මූසලකම ගෙයි පිරිලලු
මයෙ කටහඬ ඇහෙනවාලු
ආසාවට මූණු පොඩ්ඩ
බලන්න හෙට ගමෙ එන්නලු
එන්ඩ් එක තව සති දෙකෙන්ලු
ටියුට්,ක්විස් තව තියේලු
රෑ හීනෙන් ගෙදර ගියත්
උදේට කඳුලැලි බොනවලු
කඩ්ඩ මෙලෝ රහක් නෑලු
උගන්නන්නෙ යක් දෙස්සොලු
දැනගත්තොත් සුදු අම්මා
ඇවිදින් මා රැගෙන යාලු
තනි ඇහැටැ ඇඩේනවා කිව්වා !
ReplyDeleteඅම්ම හීන දකිනවාලු
ReplyDeleteමගේ පුතු ලොක්කෙක් වෙනවලු
පුතත් ඉතින් හිතට අරන්
තරගෙට වැඩ කරනවාලු.
මාස හයක් දැන් ඉවරලු
Deleteවිභාගයත් ඉවරයිලු
අනේ මන්ද මම දන් නැ
හෙටවත් ගමෙ යනවාලු
හැක් . . . අල්ලගෙන යමං . . .
ReplyDeleteමොනා කරන්නද පිසාචයෝ අමාරුවෙන් ආතල් එකෙන් දරාගෙන ඉදපන්
ReplyDeleteලංකාවේ ඇතුලේ කොහේ හිටියත් ගෙදර මතක් වෙද්දි ඉක්මනට දුවගෙන එන්න පුළුවන්.. ඒත් ලංකාවෙන් දුරක ඉද්දී..
ReplyDeleteහෑ බොල දැන් ගමේ යන්ඩ පාරත් මතක නෑ එහෙනං....
ReplyDeleteහික්ස්.....බස් එකේ ඩ්‍රයිවර් නම් දන්නව ඇති...
Deleteඔය අක්බාර් එකේ කාමරයක්ද?
ReplyDeleteඔව් අයියෙ...ඒ වුණාට ෆොටෝ එකේ ඉන්නෙ නම් මං නෙමෙයි....
Deleteඅනිව තමා..!!!!
ReplyDeleteඑකට මචං මම වගේ ගෙවල් ළඟ කැම්පස් එකකට ගියා නම් හරි නේ.. ගෙදර ඉදන් විනාඩි පහයි.. මම කැම්පස් එකේ..
ReplyDeleteඅල්ලාගෙන ඔය පොඩ්ඩත්
ReplyDeleteඉදින් මලේ තව ඉවසන්
අම්මාගේ හීන ලොකෙ
සැබෑ කරන පුතෙකු වෙයන්
අහින්සක.... අ.පේ
ස්තූතියි අයියේ.....
Deleteකැම්පස් ඉන්න කාලෙ කවද්ද අවුට් වෙන්නෙ කියලා බලාගෙන හිටියට කැම්පස් එකෙන් අයින් උනාම නම් ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනව...
ReplyDelete