Monday, February 13, 2012

ඔබ නොදකින හොස්ටල් කවියා - 02

කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුණානෙ.කට්ටිය හැමෝම සතුටින් සැපෙන් ඇතෙයි කියල හිතනව.
   කියන්න, ලියන්න ගොඩක් දේවල් තිබුණත් වෙලාව කලමණාකරණය කර ගන්න එක තමයි අවුල.ප්‍රැක්ටිකල් එන්ටර් කරන එකයි,ටියුට් සබ්මිට් කරන එකයි ඇරුණම පාඩම් කරන්න වෙලාවක් නෑනෙ අප්පා......සිස්...එපා වෙනව නවුතෙටම......

මේ කවි දෙකෙන් අදටත් ශේප් වෙන්නම් හොඳේ.....
මේකත් හොස්ටල් එකේ කාමර දෙකක තිබ්බ කවි දෙකක්."කතන්දර" අයියගේ කවි දෙක නම් තාම හොයාගන්න බැරි වුණා ඔන්න.තව ටිකක් හොයල බලන්නම්.
එහෙනම් ගිහින් එන්නම් හොඳේ......



මගේ සත්‍ය කතාව නොහොත් "උපාධිය"







යෞවනය සිරකළ
උරුමය උකස් කළ
තාත්තා ලෙඩකළ
ලියවිල්ල......


බැටන් පොලු හුරු කළ
අසහනය හිමි කළ
පැතුම් පොදි බිඳ හළ
ලියවිල්ල.....



දුක කඳුළ හුරු කළ
මිතුරුදම තර කළ
කොඳුඇටය සවි කළ
ලියවිල්ල.......


(පොටෝ එකේ මේක ලියපු දිනය ඇති.ලියපු අයියට මගේ  අචාරය )



මේ කවියත් හරි ලස්සනයි.හොඳ බූට් එකක් කාපු වෙලාවක ලියපු එකක්.


සිතුම් වාතලය
එකතු කරනා
අකුණු සැරයකි
ඔබේ මතකය......


මගේ දෙනෙතින් වැටෙන 
කඳුළු වැස්සේ
එක කුඩයක් යට 
ඔහුත් ඔබත් 
යන අපූරුව........



17 comments:

  1. මේ උබේ ඔය අත්දැකීම් ටිකක් ලියහන්කො බන්.... හුඟ කාලෙකින්...

    උබව මූනු පොතේ දැක්කෙත් නෑ වැඩිය.. බැහලම වැඩ වගේ

    ReplyDelete
    Replies
    1. ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනව අයියේ..පැයක් දෙකක් මිඩංගු කරන එක තමයි පුස්නේ......

      Delete
  2. සිවූ වසරක් පුරා
    දිවිය දියකර හැර
    සොඳුරුමතක විතරක්
    ගුලිකරගෙන
    ගෙදර එනකොට
    කිහිල්ලේ ගන්නා ගෙන එන
    ලියවිල්ල උපාදිය..
    මොන වලිය දාගත්තත් පුතේ
    ඕක නැතුව එහෙම
    ගෙදර පැත්තේ
    පස්පාගනවා නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. මොන දහන් ගැටය ගහල හරි
      අරන් එනවාමයි ........
      බය වෙන්න එපා....සුදු අම්මියේ.....!!!!

      Delete
  3. මලයාගේ අත්දැකීමුත් ලියන්න ගත්තනම් නේද හොද... මමනම් වැඩියෙන්ම කැමති පළවෙනි කවියට..

    ReplyDelete
  4. පිසාචය උගේ අත් දැකීම් ලියන්නෙ නෑ කපටි කමට...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. @දිනේෂ් & ඔබා මාමා - ලියනව ලියනව.....ඉක්මනට ලියනව..ටික ටික ලියන්නම්..එක පාර අමාරුයි වැඩත් එක්ක....(පුහ්..මූට තියෙන වැඩ..)

      Delete
  5. අඩෝ මේ උබ හන්තානටම වෙලා ඉදපන්... ආවම කියන්න වත් එපා උබ ආවා කියලා... හන්තානේ කම්මලේ කවිද??? (රහස්)

    ReplyDelete
  6. මල්ලි මොකෝ දැන් හෝ ගාලා අනුන්ගේ කවි දාන්නේ ????????
    කෝ උබේ කතා ???????

    ReplyDelete
    Replies
    1. @ජනියා- නෑ නෑ..හොස්ටල් එකේ......නෑ බං මං මේ හොස්ටල් එකේ ඉන්නෙ..ගෙදර යන්න වෙන්නෙ නෑ..ලබන මාසෙ මැද වෙනකම්ම...

      @ගොඩයා- දාන්නම් අයියේ.....කවුරු හරි මං වෙනුවට ටයිප් කරනව නම් දාන්න ගොඩක් දේවල් තියෙනව..හික් හික්.....

      Delete
  7. මගේ කවිය නං කාලයේ වැලි තලාවෙන් මෙන්ම තීන්තවලිනුත් වැහිල ගිහිල්ලා ඇති.

    මං ඒ කවිය ලිව්වේ නෙල් එකේ උඩම තට්ටුවේ පාර පැත්තේ කාමරේක වලලේ සහ බිත්තිය අතර ඒදවස්වල තිබුණු හාඩ්බෝඩ් බීත්තියේයි. එතන අනිත් පැත්තේ අපේ ටේබල් ටෙනිස්, කැරම් බෝඩ් තිබුණු හිස් බිම. දැන් සමහර විට ඒවා වෙනස් කරලා අළුතින් හදලාත් ඇති.

    ReplyDelete
  8. නිවරද නම හොස්ටල් නොවේ.

    නේවාසිකාගාර = Halls of Residence

    හොස්ටල් තියෙන්නේ ඉස්කෝලවලය!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අයියෙ වෙලා තියෙන්නෙ මං හිතන්නේ...හෙව්වට මුකුත් හම්බුණේ නෑ...සෝ සොරි....

      Delete
    2. නැට්ට පිටින් අලි මැරෙද්දි අපේ කවි ඉතුරුවෙලා තියේවිද? ස්තුතියි පිසාච!

      Delete
  9. පළවෙනි කවි පෙල ලස්සනයි ගොඩක්..
    අද සිට මමත් මේ පැත්තේ.. :)

    ReplyDelete
  10. එල එල.. කතන්දර වගේම කවියක් ලියල වරෙන්...

    ReplyDelete
    Replies
    1. @නන්ඳු - ස්තූතියි......ඕන වෙලාවක වෙල්කම් කිව්ව ඔන්න......

      @ක්සැන්ඩර් - අනිව එකක් නෙවෙයි දහයක් පහලවක්ම ලියන්න ඕන...ඒත් බිත්ති වල ලියන එකට ලෙඩේනෙ..තව ටික කාලයක ඉඳල බලනව.....

      Delete