Monday, January 30, 2012

ලස්සන නෙත් යුවලක් මට හිමි වුණිදෝ මන්දා


මීදුම් සළු පොරවාගෙන හීතල හන්දා
හන්තානත් හිනැහී මට ඉඟිමැරුවෙද මන්දා
පියෙන් පියේ නෙත් දැහැනේ ඔබෙ අසලට කැන්දා
ලස්සන නෙත් යුවලක් මට හිමි වුණිදෝ මන්දා

හමු වීමත් හිමි වීමකි දන්නවාද මන්දා
උඩවැඩියා මල් පොකුරත් පැරදුණේ ඔබ හින්දා
තියා ගන්න ඔය ලස්සන සිනහව මුව රන්දා
මිතුරුකමට එහා හිතක් හිත ගැටුණිද මන්දා

හන්තානේ කඳුමුදුනේ පෑ මදහස් හන්දා
නිදි දෙව්දුව මා අත්හැර දුර ගිහින්ද මන්දා
ඔය අතගෙන යන මොහොතක අපමණ සුව වින්දා
තුරුළු වෙන්න සඳවතියේ සැනසුම හද කැන්දා


නිමිත්ත - අපි හන්තානේ බැච් හයික් එක ගියෙමු,සහ......

19 comments:

  1. ආ මල්ලී,කොහොමද කුඩල්ලෝ?? එක නෙවේ,කොහොමද ඔච්චර ඉක්මනට හිත වෙනස් වෙන්නේ ආ? මලින් මලට පියබුවාට සමනලයින් නොවෙයිද??

    ReplyDelete
    Replies
    1. මේකනෙ අක්කේ...................................................................................................ඔන්න ඕකයි හේතුව

      Delete
  2. අවුරැස් වැටෙන විට නැතිවෙන හිරු පායා
    ආදරයත් හිමිදිරි මීදුම සේයා
    හමුවීමේ ඇත වෙන්වීමේ සේයා
    හිමිවීමක් කෙසේ වේවිද නැති මායා ?

    ReplyDelete
    Replies
    1. මීදුම වුනත් හරි සනීපයි අයියේ .....උදේට උදේට

      Delete
  3. පද පේලි ටික නං මරු, ඒත් ඇඳුම් ගාණට ගෑණු දරුවො දාන එක නං හොඳ නැහැ පුතෝ .........

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම එකකට නෙවෙයි......දන්නෙ නැද්ද...ලියන්න මතෘකාවක් ඕන වුණාම මොකක් හරි තියෙන්නත් එපැයි

      Delete
  4. නියමයි....කොහෙන්ද නගින්න පටන් ගත්තේ....සරසවිගම පැත්තෙන්ද?නැත්තම් Upper Hanthana පැත්තෙන්ද?මොනවා උනත් මරු ගමන....

    ReplyDelete
    Replies
    1. උඩ පේරාදෙණිය පැත්තෙන් නැඟල,,අමායා එක පැත්තෙන් තමයි බැස්සෙ

      Delete
  5. කවි පෙලනම් මරු.. ඒ වගේම පින්තූරෙත් නියමයි.. කවුද ගත්තේ? මලයද??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ, වෙන එකෙක්ගෙ පෝන් එකකින් මං ගත්තෙ හික්ස්ස්ස්

      Delete
  6. පිසාචයගෙ ගෑනු සතාට කියන්නෙ මොකද්ද බං ?

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ක්සැන්ඩර් කියල

      Delete
  7. Replies
    1. හන්තානෙ උඩද තියෙන්නෙ

      Delete
  8. //ලස්සන නෙත් යුවලක් මට හිමි වුණිදෝ මන්දා//

    උඹ දැං කන්නාඩි දානවද ????

    ReplyDelete