උදේ හවා දකින මේ කවිය තිස්සෙම මගේ හිත හිරිවට්ටනව.
අනේ මන්ද....කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ.
මේක ලිව්ව අයිය කවුද කියල මං දන්නේ නෑ.ඒත් ඒ අයියට ගෞරවයක් වේවි කියල හිතලයි මං මේ කවිය දාන්නේ.
මේ වගේ හුඟක් ලස්සන,හිතට වදින කවි ඕන තරම් අපේ හොස්ටල් වල තියෙනව.ඉස්සරහට පුළු පුළුවන් විදියට මම ඒව දාන්නම්.
මා මෙය ලියා බොහෝ කලකට පසු...
බොහෝ....බොහෝ...කලකට පසු,
මේ වැකි කියවන ඔබ කෙසේ දැනගන්නද?....
අප බොහෝ දින ගණනක් මේ අඳුරු කුටියේ......
කෙළිදෙලෙන් ගතකල බව.....
මහ හඬින් සිනා නැඟු බව......
අඬ දබර කල බව......
කඳුළු හෙලූ බව.....
ඒ අපූරු මිහිරි මතකයන් මේ කුටියේ තැන්පත් වී ඇති බව
මේ නිහඬ පුටුවට හඬ ඇත්නම්,
මේ නිදියහනට මුව ඇත්නම්,
කියාවි.....
අප ගත කල සුන්දර ජීවිතයේ....
අපූරු මතකයන් ගැන, ඔබට බොහෝ දේ .....
ඔබ මේ කවි පද දකින විට
ඒ මතකයන් අතීතයට එක් වී බොහෝ කල් ගත් වී ඇතී......
මේ කුටියේ එක්ව සිනාසුණ අපි...
ලෝකෙ පුරා විසිරී හිඳීවි
ඒ වුණාට.....
මේ කුටියේ අඳුරු සෙවණලි අතර
අපේ ජීවිතයේ ඒ අපුරූ මතකයන්
සදාකාලිකවම, ඔව් සදාකාලිකවම
රැඳීතියේවි......
නියම කවියක්.. කැම්පස් වල ලිය උන ගොඩක් කවි වල අපූරු සුන්දරත්වයක් තියෙනවා..
ReplyDeleteඅපිත් හොස්ටල් එකෙන් යන දවසෙ බිත්තිය කැටපත් පවුරක් කරල ගියේ. කලින් අයත් එහෙමයි. අපෙන් පස්සෙත් එහෙමයි.
ReplyDeleteඒ අපූරු මිහිරි මතකයන් මේ කුටියේ තැන්පත් වී ඇති බව
ReplyDeleteමේ නිහඬ පුටුවට හඬ ඇත්නම්,
මේ නිදියහනට මුව ඇත්නම්,
කියාවි.....
සිරා මචන් මේක... මේ වගේ තව තියෙන එව්ව දාපන් හිමීට
තව තියෙනව අයියේ...හිමීට දාන්නම්......!!!
Deleteලස්සන කවි සැට් එකකි..
ReplyDeleteඒ ලියල තියෙන්නේ හොස්ටල් ජීවිතේ ගතකල අපි හැමෝගෙම කවිය..
ReplyDelete100% එකඟයි අයියේ......!!!
Deleteඅම්මප බං මල්ලියේ . . හොස්ටල් එකේ පුටු, මේස, බිත්ති වලට කතා කරන්න පුලුවං උනා නං . . . .
ReplyDeleteඑහෙනම් ඉතින් අයිගේ චරිත සහතිකේ අම්බ්‍රෙල්ල පව්ඩර් වෙනව....
Deleteලස්සන කවියක්..මටත් හොස්ටල් කාලේ සිහිවෙනවා..
ReplyDeleteමේ දවස් වල නිමාඩුද බං?
ReplyDeleteඋඹත් කවියක් දෙකක් එක්කහු කළා නං.....
එක්සෑම් මාමේ....
Delete@දිනේෂ්- ඒක ඇත්ත.මේව කියවනකොට මටත් හරිම ආසයි.කාමරෙන් කාමරේට ගියා මුල් දවස් වල කවි තියෙනවද බලන්න.....
ReplyDeleteදැන් වෙන ෆැකල්ටි වල එවුන්ගේ කාමර වලටත් යනව...!!
@පිණිබිඳු- නිදහස් අදහස් වලට කියාපු තැන...රූම් එකේ බිත්තිය.......
@අමිල- තව තියෙනව..සහෝ...ඉක්මනට දන්නම්.
@කුමාරිහාමි- අමතක කරන්නම බර්‍ඉ කාලයක් නේද අක්කේ...
නෙල් එකේ උඩ තට්ටුවේ අක්බාර් එක පැත්තේ පාර පැත්තේ කෙරෝලේ කාමරේ බිත්තියයි වහලෙයි අතර තියෙන බෝඩ් එකේ මාත් දිග කවියක් ලිව්වා.
ReplyDeleteදැන් නං මැකිලත් ඇති!
අර චතු කොලුවටවත් කියලා බලන්න ඕනෑ තියෙනවද කියලා? පිසාචලා ඒපැත්තේ යනනේ නැතුව ඇතිනේ?
මං හොයල කියන්නම්......අපි ඉන්නෙත් නෙල් එකේ තමයි අයියෙ
Delete