වැඩිය ලියන්න වෙලා නෑ මිස්.හෙට විභාගෙනෙ.පාඩම් කරන්න තව ගොඩා...ක් තියෙනවා.
මිස්ට මේ ලියුම ලියන්න කලින් මං කීප වතාවක්ම ලියනවද කියල හිතුව.අන්තිමට ලියනවමයි කියල හිතුව.
මිස් නම් අවුරුදු හතරක් බයෝ ලැබ් එකේ කරක් ගහල ගහල,එකේ නැනෝ මීටරේ ගාණේ දන්නව.ඒත් ගාල්ලේ පොඩි ඉස්කෝලෙකින් ආපු මට ඔය ලැබ් වැඩ නම් මෙලෝ රහක් නෑ.අනික පුරුදුත් නෑ.
මම හෙනම හීනියට ස්ලයිඩ් කපාගන්න කොච්චර ට්‍රයි කලත් බැරි වෙන්නේ එක්කො මගේ අතේ දෝෂයක් නැත්තම් ඇහේ දෝෂයක්.ගෲප් එකේ අච්චර ලමයි ඉඳිද්දිත් මිස් ඇයි නිතරම මං හරියට වැඩේ කරනවද කියල විතරක් බලන්නේ.කොච්චර ෆොකස් කලත් මෙලෝ මඟුලක් පේන්නෙ නැති මගේ ස්ලයිඩ් එකේ තව මොනව බලන්නද මිස්.
කන පිරිල වැක්කෙරෙන්නම බැනුම් අහල ඒ පැය දෙක ගෙවා ගත්ත කියමුකො.රූම් එකට ඇවිල්ල යන්තම් ගැට ගහගෙන ප්‍රැක්ටිකල් එක එන්ටර් කරනව.එහෙම බැරි වුණොත් "වන් ටු වන්" පාරක් තමයි.මං එච්චර අමාරුවෙන් කරපු ප්‍රැක්ටිකල් එකට එක පාරක්වත් " Good" කියල ලියල දෙන්න බැරි ඇයි මිස්....? අනිත් හැමෝගෙම පොත් ලස්සනයි. හැමෝටම V.Good, Good හම්බෙලා.මට මුකුත් නෑ.මට බොට්නි එපා වෙලා තියෙන්නෙ මිස්.
අනික සට පට ගාල කඩු වලිනුයි කිණිසි වලිනුයි කොටාගෙන කොටාගෙන යනකොට අනිත් හැමෝම ඔළුව උඩටයි පල්ලෙහාටයි වනද්දි මට විතරක් දෙපැත්තට වනන්න බෑනේ.මාත් ඔහේ තේරුණා වගේ ඉන්නව.මෙලො හසරක් තේරෙන්නෙ නෑ මිස්.
එහෙම එකේ මිස් මාවම බයිට් එකට ගන්න එක හරි නෑනේ මිස්.....
මගේ පැත්තෙනුත් පොඩ්ඩක් හිතන්න හොඳේ.
මේ ටික මිස්ට කියනකම් හිත පොඩ්ඩක් මෙව්ව එකේ තිබ්බේ.දැන් නම් ටිකක් විතර ෆිට්.
එහෙනම් මිස් මං නවතින්නම්.
(ප.ලි- හෙට විභාගෙ පුළුවන් විදියට ලියන්නම්.ලකුණු අඩු වුණා කියල ආයි බනින්න නම් හදන් එපා.එහෙම වුණොත් මට මිස්වත් එපා වෙයි.)
මීට ප්‍රැක්ටිකල් වලදි ඔබෙන් හැමදාම බැනුම් අහන "මෝඩ ළමයා"
ගණන් ගන්ඩ එපා පිසෝ..එන එන හැටියට ගහ උලුවස්සා කියල වැල යන අතට මැස්ස ගහල තැනේ හැටියට ඇණේ ගහපන්..තේරෙන්නැති මල ඉලව්ව කියල එපා කරගන්ඩ එපා මං වගේ ඕයි..එහෙම කරල මම හෝල් සේල් ඇනගත්ත එකපාරක්...අයියෝ සල්ලි කිව්වලු
ReplyDeleteමේ අවුරුද්දෙ කොහොම හරි බොට්නි ඇදන් යනව.ලබන අවුරුද්දේ සූ විතරක් කරනව.දැනට එහෙමයි හිතන් ඉන්නේ.පස්සෙ අදහස් වෙනස් වෙයිද දන්නෙත් නෑ....දැන් මොනවයි චිමප ඇන ගත්තේ....?
Deleteමං ඇනගත්තා බං කැල්කියුලස්..අතෑරල දාල නිකා හිටිය මල ඉලව්ව. අන්තිමට ඩී එකක් ඇවිත් නතර උනේ..ඩී කියන්නෙ ඩිස්ටිංසොන් නෙවෙයි එෆ් එකට කලින් එක..තව පොඩ්ඩෙන් කැම්පස් එකෙනුත් එලියට දානව..හෙන ගේමක් දීල හතර අතට ලියුම් ලියල ගොඩ දාගත්තෙ..සතියක්ම ලෙක්චර්ස්, ලැබ් එහෙමත් මිස් වෙලා..එහෙම ඇනගත්තම මදැයි නේ? :D
Deleteගනං ගන්න එපා මල්ලි ඕව උදේ ඇරපු ප*යක් ගානටවත් . . . .
ReplyDeleteහික්ස්.....අඟහරුවාද දවස තරම් මට එපා කරපු දවසක් නෑ අයියේ...ඊක්ක...
Deleteපොල් ගහක ගෙඩියක් කඩෝගන්න එකෙක් නෑ ගමේ ඉතුරු වෙලා, බොට මොන බොටනි, සූලොජිද ?
ReplyDeleteඅන්න අන්න ඔබා මාමේ...කින්ඩි දානවනේ......දැන් කුස්සිය පැත්තෙ යන්නෙම නැතෙයි කියන්නෙ ඇත්තෙයි....?
Deleteස්ට්‍රයික් කරපන්. අපි පළමු වසරෙදි කරපු ස්ට්‍රයික් එකක අරමුණු වලින් ප්‍රධාන එකක් උනේ "ඇගට ගොඩවෙන" ඩිමෝල මට්ටු කිරීම. වැඩේ සාර්තක වුනා.
ReplyDeleteඔය උබට තියෙන ආදරේටද කවුද දන්නේ... නිකමට හිතපන් 1 අවුරුද්ද ඉවර වෙද්දි MFST වගේ චිත්තරපටියක් හදන්න පුලුවන් උනොත් අහ්...
ReplyDeleteඩිමාල හඳෙන් ඇවිත්ද? ඩිමා ලා වෙන්නෙත් සිස්සයෝම නේද?
ReplyDeleteපිසාචයාට ආදරේ නිසා වෙන්න ඇති උඹ ගැනම ඔච්චර ඩිමා හොයන්නේ..
ReplyDelete@රාජ් - ඒකත් මරු වැඩේ.....ටෝකන් පාරක්වත් දන්න ට්‍රයි එකක් දෙන්න ඕන....
ReplyDelete@පිස්සා - අම්මෝ.......කැත සලඹය.....
@කතන්දර - ඒකනෙ අයියේ,ඒ ගොල්ලන්ට ඒක මතක නෑ.
@දිනේශ් - ඔව්..ඔව්....නයාට අඳු කොල වගේ....හරිම අහිංස්සක ආදරයක් ඒක,,,