අපේ ගාල්ලේ කොල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා කියල කෝල් එක ආව බදාදා රෑ.එතකොට අපි ඉඳියේ ෆැකල්ටි කොමන් එකේ පොඩි වැඩක.වැඩේ මොකක්ද කියල අහන්න එපා ඉතින්.මොනව හරි වැදගත් වැඩක් වෙන්ටැ.
ඉතින් තකහනියක්ම උදේ පාන්දරම කුකුලව බෑග් එකට දා ගෙන හොස්ටල් එකෙන් චුත වෙන්නයි ප්ලෑන් කලේ.මළ මංගල්ලයයි...අඳින්න හෝදපු ෂර්ට් එකක් නෑ.අයියෝ....බුල්ටො....
ආවා කාමරෙන් එළියට.
"මට අඳින්න ටී ෂර්ට් එකක් දීපියා...ව්...."
මං අලියෙක් වගේ කරපු හේෂාරාවයට මුළු හොස්ටල් එකේම බිත්ති කණු, පරාල,ජනේල ඔක්කොම හෙල්ලිලා ගියාද මන්ද.
විනාඩියකින් විතර එහා කාමරේ එකා එලියට ඇවිල්ල අහනව...
"මතං මොනා හලි...කිව්වද මතං..."
ඒක අහල මගේ දකුණු වකුගඩුව නිකන් මෙව්ව වෙලා ගියා.
"අනේ කොල්ලො...ගල් ෆිට් එකට මට අඳින්න් ෂර්ට් එකක් දියන්කෝ.."
ඒ පාර ඒකා මට ගෙනැල්ල දුන්න කැම්පස් එකෙන් ගහපු ලස්සනම ලස්සන ටී ෂර්ට් එකක්.එකේ ලස්සනට මාව පිස්සු වැටුණා.
"සමහර විට උඹට ලොකු වෙයි..."
"කොච්චර ලොකු වුණත් මේක නම් මං අද අඳිනවමයි.."
ඒකෙ ලස්සනට රතු පාටින් ගහල තියෙනව "Univesity Of Peradeniya" කියල.අම්මේ.........ඒක ඇන්දාම තියෙන කික් එක.බිඳුවක් නෑරම ලාංකිකයි ඕයි..!!!
විනාඩි දෙකකින් මං කැන්ටින් එකේ.පාන් භාගයයි,පරිප්පුයි රු.35.00ට පාඩුද මන්ද.
පලවෙනි වතාවට කැම්පස් ටී ෂර්ට් එකක් ඇඳල මං කැන්ටින් එකේ අනිත් එවුන්ට "ලයින්" දුන්නට මොකෝ උන් එකෙක්වත් මාව ගණන් ගත්තේ නෑ.හපල හපල චුරු කරල පිඟානෙ පැත්තකින් තියන කරපිංචා කොලයක් තරම්වත් ගණන් ගත්තේ නෑ.
කොළඹට එනකම් ෂපාන් එකේ වාඩි වෙලා නින්දක් දාගෙන එන්න කියල එතනින්ම මං නුවරට යන බස් එකකට නැග්ග.සු....ගාල සෙනඟ.
මං කොන්ද මාමට සල්ලිත් දීල දොරට හේත්තුවක් දාගෙන තුන් වෙනි පඩියට වෙලා ඉඳියා.
ලස්සන කෙල්ලො දෙන්නෙක් ඉස්සරහ ඉඳන් මං දිහා හොරෙන් බලනව.
"ඇයි නංගි හොරෙන් බලන්නේ.....කෙලින්ම බලන්නකො..."
මගේ හිතේ තියෙන ඒවා මුන්ට ඇහෙනව නම්.අපො....ඇහෙන් නැති එක නම් ලොකු දෙයක්.
මුන් මං දිහා බලනව කිව්වට බලන්නේ ෂර්ට් එක දිහා.මට දැන් පට්ට කික්.බෑග් එකේ පටියට කැම්පස් එකේ නම වැහෙයිද කියල මං පටි දෙක පුළුවන් තරම් ඈත් කලා.
ටික වෙලාවක් ඉඳල මං චූටි හිනාවක් දැම්ම.හිනා වුණ මෝඩකමක්....ඊට පස්සෙ උන් මගේ දිහා බැලුවෙවත් නෑ.මගේ කහපාට කෙහෙල් ඇවරිය එච්චරටම අජූතයි කියල ආයිත් පාරක් මට සක් සුදක් සේ වැටහුණා.
නුවරින් මං කොළඹ බස් එකකට නැඟල නින්දක් කාරිය දාගෙන ආව.අවුලක් නෑ.බස් එක කොටුවට දැම්මම එතනින් බැහල පොඩි කඩේකට ගියා.එළවළු රොටියයි ප්ලේන්ටියයි ගැහුව.
බස් ගහන පැත්තට එනකොටම ලොරි භාගෙක තියාගෙන දොඩම් යුෂ විකුණනව.රු.20.00යි.සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ.ඇදල දැම්ම උගුරු පහට.
මූණේ කිනිසි පාරවල් දෙක තුනක් තියෙන ගාල්තැන්නෙ කපු මහත්තය වගේ මාල පොරව ගත්ත සද්දන්ත කුලේ අයිය කෙනෙක් මට එහා පැත්තෙ ඉඳන් දොඩම් බොනව.
එක උගුරට වීදුරුව හිස් කරල, කට ඇතුලෙ තිබ්බ දොඩම් ඇට ටික "තු..හ්..'' ගාල විසික් කරපු අයියකාරය මගේ දිහාවට හැරුණ.
"මල්ලි.....මට දැකල පුරුදුයි..මල්ලි මොන බජාර් එකේද...."
"මහ වැස්සක පෙර ලකුණු පේනව...." කොහේද මන්ද කඩේක සද්දෙට සිංදුවකුත් යනව.
"නෑ...අයියේ ..නෑ...මං කැම්පස්..."
මං ෂර්ට් එක පේන්නත් එක්ක අයියකාරය දිහාටම හැරුණ.ඒකට ඉංග්‍රීසි පුළුවන් වුණොත් මං ගොඩ.
"ආ...ඒමද...ඔය ෆේස් කට් එකම තියෙන එකෙක් මගේ ඔළුවෙ වැඩ කරනව..මීටරේට එන් නෑ.."
මලා....ලඟදි ගියපු පිකට් එකකදි මාව හයිලයිට් වෙලාද දන්නෙත් නෑ.
"මේ දවස් වල එහේ හෙන අවුල්නේ...."
ඇති යන්තම් මිනිහට ඉංග්‍රීසි කියවගන්න පුළුවන්වෙලා .
"ඔව්...අයිය දන්නැද්ද ඉතින්...."
"ඕන උදව්වක් ඉල්ලන්න මල්ලි....බොක්කෙන්ම සප් එක දෙනව...ආයි කැත නැතුව ගේමක් රන් කරවන්නම්...."
"මං දන්නව අයියේ.. මං දන්නව...උදව්වක් ඕන වුණොත් කෝල් එකක් දෙන්නම්කෝ...."
ටික වෙලාවකින් නම්බර් එකවත් නොදී මෑන් මාරු වුණා.
මාත් ශේප් එකේ ඇවිත් ගාලු බස් එකකට නැග්ග.ටිකක් මැද හරියෙන් වාඩි වුණේ මගේ ආරක්ෂාවට.ඉස්සරහයින් හැප්පුණත් පස්සෙන් හැප්පුණත් මැද හරියට ඩැමේජ් එක අඩුයිනෙ.
කරුමෙටවත් බස් එකෙ හරි මැද රේල්වේ ක්‍රොසින් එකක හිටියොත් නම් බඩු හෑව්.
කරුමෙටවත් බස් එකෙ හරි මැද රේල්වේ ක්‍රොසින් එකක හිටියොත් නම් බඩු හෑව්.
මොරටුව හරියෙන් ඇතෙක් බරට බඩුත් අරන් ඇන්ටි කෙනෙක් බස් එකට නැග්ග.හරිම මහන්සි පාටයි.විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදියට ඒ වෙලාවෙ මගේ යුතුකම මං කලා.
ඇන්ටි ගාව තිබ්බ බෑග් දෙකක්ම මං ඉල්ල ගත්ත.ඒවයින් ආවේ හොඳ කෑම සුවඳක්.ගාල්ලෙ කොල්ලෙක් වශයෙන් ඒ වෙලාවෙ මං මගේ යුතුකම කලා.
මං උඩින්ම තිබ්බ බෑග් එක පොඩ්ඩක් ඇරල ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල බැලුව.පොඩි කඩදාසි බෑග් එකක දාල සුවඳ ගහන කඩල ටිකක් උඩින්ම තියෙනව.
මං ඒක දිහා බලල උඩ බලනකොට නැන්ද මගේ දිහා බලන් ඉන්නව..හරියට ගෙට පැනපු එහා ගෙදර හොර පූසා දිහා බලන්න වගේ.අතේ කොස්සක් තිබ්බ නම් මට කන්න වෙනව ගාලු එනකම්ම.
මං හෙමිහිට කැම්පස් එකේ නම වැහෙන්න බෑග් ටික තවත් පපුවට කරගත්ත.
ටිකකින් ඇන්ටිත් බැහැල ගියා.විනාඩි දහයකින් විතර මට හෝ ගාල හචිස් යනව.ෂුවර් එකටම ඇන්ටිගේ පොඩි එකා කඩල කන්න ඇත්තෙ ඒ වෙලාවෙ.මට ගෙදරට කෝල් කරන්නත් හිතිල පස්සෙ නිකන් ඉඳිය.
ඔන්න ඉතින් කොල්ල තමන්ගේ ගම් රට ආවයි කියමුකො.කාලයක් දවසින් භාගයක් ගතකරපු ගාලු ටවුන් එක දැක්කම කඩල ඕන් නෑ කියලත් හිතුණා.
ස්ටෑන්ඩ් එකේ එහා කොනේ ඉඳන් මෙහා කොනටයි..මෙහා කොනේ ඉඳන් එහා කොනටයි තුන් හතර පාරක්ම ඇවිද්දේ මගේ නැති වෙච්ච රුපියලේ කාසිය හොයාගන්නෙයි කියල.ඒත් ඒක හොයාගන්න බැරි වුණා.
ටියුෂන් අරින වෙලාව හින්දා නංගිල ගොඩාරියක් මං දිහා බැලුව.ඒත් ඒ එක්කෙනෙක්වත් මං ගණන් ගත්තෙ නෑ.හදිස්සියෙවත් ඒ එක්කෙනෙක්ට හරි මං ගැන හිතක් පහල වුණොතින්...පව්නේ....
එහෙමම කරාපිටිය බස් එකක නැඟල මං හොස්පිටල් එකට ගියා.මට ඉස්සරහයින් දෙක වසරෙ වගේ පොඩි එකෙක් මගේ දිහා හොඳට බලන් ඉන්නව.අනේ සෝ...යි පොඩි එකානෙ කියල මං හිනාවුණා.මෙන්න ඒ පාර මේක මට ඔරවනව.
වාට්ටුවට ඇතුල් වෙච්ච වෙලාවෙ ඉඳන් මං බැලුවෙ අහල පහල ලස්සන නර්ස් අක්කලවත් ඉන්නවද කියල.මගේ ඔරලෝසුවත් හොඳම නෑ.
ලෙඩාවත් බලල..යාළුවටත් කතා කරල එළියට බැහැල ආව.ඒ එනකොට කරුවල වැටිල.දැන් නම් ඉතින් ෂර්ට් එකේ ලියපුව කාටවත් පේන්නෙ නෑ.අපතය වගේ රබර් දෙකකුත් දාගෙන කෝටු අත් දෙකත් වන වන කැම්පස් ගතියක් ගෑවිලාවත් නෑ.
හිමිහිට ගෙට රිංගගෙන වොශ් එකකුත් දාගෙන මැශින් එක ඉස්සරහට ඇවිල්ල ෆිල්ම් එකකුත් දාල කොල්ල සැපට නිදා ගත්තලු.
( පෝස්ට් එක ලියන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ...ඉවර කලේ මේ අවුරුද්දේ....හැමොටම සුභ මෙව්ව එකක් වේවා )
Gas gemba apitat ekka lajjai ube hasirima.anthimai.
ReplyDeleteපේරේ හොඳ හොඳ සීන් අපිට ගෙඩි පිටින් ආරංචි වෙනවා.. කට්ටිය කැම්පස් වටකරපු දවසේ කොහෙද හිටියේ? ඒ එක්කම සුබ අලුත් අවුරුද්දක් වේවා.. ගුටි නොකන පිකට් නොතියෙන ඉගෙනීම මුල් වෙන නව වසරක්ම වේවා .
ReplyDelete:a
ReplyDeleteකියන්න නම් ලොවෙත් නැති කතා ටිකක් ඇති නේ...?? කියනකොටම තෙරුණා...
ReplyDeletepisaa,
ReplyDeleteකියෙව්වෙ නෑ... හෙට කියෝලම කොමෙන්ට් එකක් දාන්නං, අද තාම සෙලිබ්‍රෙටින් :-)
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා මල්ලී !!!
ReplyDeleteදැන් දැන් වෙන දේවල් ඇහුවම මට කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ගැන දුකක් තමයි ඇතිවෙන්නේ. ඒ කාලේ ශිෂ්‍ය සටන් නායකයෝ දැන් ඇමතිවරු වෙලා කොලු කෙල්ලන්ට ඇට්ටි හැලෙන්ඩ දෙනවනේ !
ReplyDelete@ගිහාන් - අඩෝ උබ හම්බෙයන්කො ජිම් එකේදි එහෙම....
ReplyDelete@ක්සැන්ඩර් - එදා අපිත් ගලහ හංදිය ගියා.අපි එහෙමබය වෙන ජාතිය නෙවෙයිනෙ...බය කරනව මිස...(පිසාච )
@ඇනෝ - මොනව කරන්නද....ඒ වුණාට තෑන්ක්ස්...
@ර.ප - තියෙනව තියෙනව....කියන්න ගිහින් කෙලවිලා ඉන්නේ...
@ඔබා මාමා - එල එල.....ජය වේවා...!!!
ReplyDelete@ගොඩයා - එසේම වේවා අයියේ.ඇසේජ් එක ලැබුණා.
@ජයියා - ඒ ගැන නම් අයියේ කියල වැඩක්නෑ...අජූතා අජූතයි..
උඹට පිටකොටුව හොඳට පුරුදු පලාතක්නෙ නේද මල්ලි ???
ReplyDeleteඅපි නම් ඉතින් තාමත් ගාල්ලේ!! කැම්පස් එකත් ඉතින් ගෙදර වගේ නේ!!
ReplyDeleteගල් ෆිට් එක...
ReplyDeleteඅනේ ඉතින් කොහොම හිටිය කොල්ලෙක්ද අප්පා...
උබ බරටම පිකට් නේද... අපිට ඔව්ව තේරෙන එකක්ය...