Saturday, December 24, 2011

ඒ හඳමයි - ඒ හීනෙමයි


සිත් අහසට සඳ ඇවිදින්
හොරැහින් එබිකම් කරලා
ඉඟි කරනා රහස කිමැයි
අසනෙමි දැන් නෙත් හැරලා

මේ ලස්සන රාත්‍රියේ
අවුදින් මා රවටනවද
අනේ සඳේ පව් පිරේවි
ඇත්තම මට කියනවාද

මේ කියන්නේ ඇත්තක් බව
කොහොමද මං හිතාගන්නෙ
සත්තම සත්තයි කියලා
දිව්රල තරු ගෙනත් දෙන්නෙ

හන්තානේ මීදුම් සළු
මා ගත වට දැවටෙනවා
සන්තානෙම පිටු පෑවත්
මේ හදවත මම දෙනවා

හිනැහෙන තරු නෙත් යුවලක්
මගෙ ඇස් අසරණ කරාවි
මේ විදියට රෝස දෙතොල්
රහසක්  මට  කියල යාවි

සඳේ සඳේ...ඔබ කොයිබද
වළාකුලක සැඟවුණාද
හීනය දැන් අහවර නම්
පිබිදෙන්නට අවසරයිද

මචං මචං... නැගිටපන්කෝ
දැන් හොඳටම එළිවෙලානේ
ටියුට් එකයි ප්‍රැක්ටිකලුයි
අදවත් අපි දෙන්න ඕනේ

8 comments:

  1. මන් හන්තානේ මතකය මැකුවා බන්.... අපරාදේ මන් කැම්ප් ආවෙ... මට එපාම වුණා.... මට නම් දැන් හන්තානය හිරිකිතයි.... ලස්සනින් වැහිලා තින්නේ ප්‍රොඩාව...

    ReplyDelete
  2. හන්තානට පායන සඳ ලස්සන විය හැකි ය..

    ReplyDelete
  3. උඹ හන්තානෙට පායන හඳ බලද්දි මම හුළුමාලෙට පායන හඳ බලනව බං

    ReplyDelete
  4. //සන්තානෙම පිටු පෑවත්
    මේ හදවත මම දෙනවා//

    බෝම හොඳයි....පිසා...බෝම හොඳයි, හෘද රෝග විශේෂඥයෙක් වෙන එක මුළු රටටම සේවයක්.

    ReplyDelete
  5. @ර.ප - මොකෝ බං අවුල........
    අපිට නම් තාමත් මෙහේ ලස්සනයි

    @නජාත් - ඒක හරිම ලස්සනයි බං......ආයි වචන
    දෙකක් නෑ

    @ඕනයා - ඒ හඳත් මෙහේ එක වගේඅද අයියේ...?

    @ඔබා මාමා - හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.......තැන්කු තැන්කු....

    ReplyDelete
  6. හන්තානේ හඳ මටනම් කොහොමත් ලස්සනයි.. කොහේ කොහොම උනත් උපන් ගමට තියන බැඳීම තාම එහෙමමයි..

    ReplyDelete
  7. ඇත්තටම මුලිං මාතෘකාව දැක්කෙ "ඒ ගඳමයි" වගේ!
    කොල්ල මලක් කඩන්න වගේ!

    ReplyDelete
  8. ක්සැන්ඩර් - අනිව......එහෙම වෙන්න ඕන

    ඉංදික අයියා - අනේ මන්ද ...ටිකක් ඒ ලඟින් යනව...

    ReplyDelete