Saturday, November 12, 2011
කැම්පස් නම් පේරෙ තමයි- පේරේ නම් සයනෝ තමයි
හුඟකාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුණානේ.මොනව කරන්නද කැම්පස් ගිහින් ගෙදර එන දවසක විතරයිනෙ ජංජාලේ පැත්තෙ එන්න ලැබෙන්නෙ.ඒ ආවත් කොටන්න නිදහසක් ලැබෙන්නෙ නෑනේ, යාළුවොන්ගෙ ගෙවල් වල යනව මිසක්.
කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා.
පළවෙනි එක තමයි,බ්ලොග් අවකාශයේ කුප්පයා කියල තමන්ම හංවඩු ගහගත්ත රත්ගමයා මහත්තයයි, කළුසුදු බ්ලොග් එක ලියන සහෝදරයයි මායි එකම ෆැකල්ටියක සෙට් වෙලා කියන එක.සයිබර් මිතුරන් එහෙම එකට ඉන්න එක හෙන හයියක් ,නැද්ද මං අහන්නෙ....රත්ගමය නම් කැම්පස් ආපු දවසෙම නුවර බල්ලොත් එක්ක හුරතල් වෙන්න ගිහින් තිබුණා.ඔක්කොටම හපන් ඒකත් එක්ක එක හොස්ටල් එකක් ඉන්න එක.
දැන් බහිමුකො කැම්පස් ජීවිතේ මුල් මාසෙ ගැන කතාකරන්න.
කියන්න තරම අවුලක් නෑ.ඒත් ඒ ජීවිතෙට හැඩගැහෙන එක ටිකක් විතර දුෂ්කරක්‍රියාවක්.උදේ පාන්දරටයි,මහ රෑටයි තියෙන සීතල වගේම මෙලෝ රහක් නැති කැන්ටින් කෑම එකෙත් අපූරුව විඳින්නෙ හොස්ටල් එකේ ඉන්න අපි තමයි.
ඒක කොච්චර දුකක් වුනත් ආයි ටිකකින් මතක් වෙනව මං මේ ඉන්නෙ මං එන්න පොරකාපු දතකාපු පේරාදෙණිය කැම්පස් එකේ නේද කියල.එතකොට ඒ දුක සුටුස් ගාල අහවරයි.
කැම්පස් පටන් අරන් තුන්වෙනි සතියෙ සෙනසුරාදා තමයි කැම්පස් පටන් ගත්තට පස්සේ මං වැඩියෙන්ම සතුටෙන් ඉඳපු දවස.එදා තමයි අපේ අයියල අක්කල පේරාදෙණි සරසවියෙ සුන්දරත්වය පෙන්නන්න අපිව එක්කන් ගියේ.කණ්ඩායම් වශයෙන් අපිව එක්කන් ගිහිල්ල ඒ යන හැම තැනකදිම හුඟක් හොඳ විස්තරයකුත් කරපු අයියල අක්කලට ගොඩක් පිං.
අක්බාර් පාලම, මහාචාර්ය එදිරිවීර සත්චන්ද්‍ර එළිමහන් රංගපීඨය(වල), කිස්බෙන්ඩ් එක, ලවර්ස් ලේන් එක, ප්‍රධාන පුස්ථකාලය වගේ ලස්සන වගේම වැදගත් තැන් බොහෝමයක් අපි එතනදි හිතේ හැටියට ඇස් පුරා බලාගත්ත.
ඒ විතරක් නෙවෙයි ගලහ පාර දිගේ ගිහින් මාකස් ප්‍රනාන්දු හෝල් එකට යන පාරේ යනකොට ඈතින් පේන හන්තාන කඳු පේළියම හරිම ලස්සන චිත්‍රයක් මගේ ඇස් ඉස්සරහ මැව්ව.
මේ විදියට ජීවිතේට සුන්දර මතක ගොඩක් එකතු වෙලා ඒ දවස ඉවර වුණා.
ඊලඟට කියන්න ඕන යාළුවො ගැන.අපරාදෙ කියන්න බෑ ලංකාවෙ හතරදික්බාගෙන්ම කොල්ලො කෙල්ලො ඉන්නව බැඡ් එකේ.අම්පාර, මඩකලපුව වගේ නැගෙනහිරෙනුත් හම්බන්තොට, තිස්සමහාරම,වලස්මුල්ල වගේ දකුණු පලාත් වලිනුත් යාපනය, මන්නාරම වගෙ උතුරු පලාත් වලිනුත් කොළඹ, ගම්පහ, මීගමුව වගේ බස්නාහිර පැත්තෙනුත් ඇති තරම් බොක්ක ෆිට් වෙච්ච එවුන් ඉන්නව.ඒ විතරක් නෙවෙයි කුරුනෑගල,නුවර,රත්නපුර,අනුරාධපුර,පොළොන්නරු වගේ රට මැදිනුත් මදි නොකියන්න සෙට් ඉන්නව.සිංහල දෙමළ මුස්ලිම් කියල වෙනසක් නෑ.
ඔය අතරේ අපේ බැඡ් එකේ යාළුවෙක්ගෙ අම්මකෙනෙක්ට පිළිකාවක් තිබිල ඒකට ඔපරේෂන් එකත් තිබුණා.අපි පුළු පුළුවන් විදියට සලි ටිකක් එකත් කරල ගිහින් දුන්න.එකතු වෙච්ච ගාණ වැදගත් නෑ.
මේ ලඟදි නුවර කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක් නැති වුණා.ඒකට අපි සල්ලි එකතු කලේ පැයකටත් වඩා අඩු කාලයකදි.රු.11000 ක් එකතු කර ගන්න අපිට පුළුවන් වුණා.අපි කොල්ලො ටිකත් සති අන්තේ ගෙදර නෑවිත් මලගෙදර නිදි මැරුවෙ නියම සහෝදරත්වයකින්.
කැම්පස් ජීවිතේ කියන්න කොයි වගේද කියල දැන් ටික ටික මට දැනෙනව කියලයි මට හිතෙන්නෙ.
තව සතියකින් දෙකකින් විතර අපේ ක්‍රීඩා තරඟාවලියත් පැවැත්වෙන්න තියෙනව.බැරි වුණත් පුළුවන් වුණත් මාත් ඉසව් තුන හතරකටම දැම්ම.සෙල්ලම් කරන්න බැරි නම් අපේ කොල්ලො කෙල්ලොන්ට වතුර එකක් හරි ඇදල දෙන්න පුළුවන්නේ.ඒ ගැන ඉස්සරහදි කියන්නම්.
මේ මාසයයි දවස් අටට මං ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි....අපි කැම්පස් එකෙන් එළියට එන්න ඕන ඩිග්රී කොලේ විතරක් අරගෙන නෙවෙයි කියන එක.ඒක හැඩ වෙන්න තව බාහිර දේවලුත් එකතු වෙන්න ඕන.
පාඩම් වැඩ ගාණට බැලන්ස් එකේ යන ගමන් සංගම් වල වැඩයි පුළුවන් නම් ක්‍රීඩා වැඩයි ඔක්කොම කරගන්න කෙනාගේ ජීවිතේ හුඟක් ලස්සන වේවි.
පේරාදෙණියට ඇවිල්ලත් එහෙම නොකර නිකන්ම පාඩම් වැඩ විතරක් කරන්න හිතන් අයට කියන්න වෙන්නේ...."පව් " කියල තමයි.
ඒකෙන් මේකෙන් කමක් නෑ, දැන් හුඟක් දොයිමතයි.එහෙනම් මං නිදාගන්න යනව.පුළුවන් වුණොත් හෙට දිහාවෙත් පෝස්ට් එකක් දාන්න බලන්නම්.
රත්ගමය කිව්ව වගේ...මටත් කියන්න තියෙන්නෙ....
කැම්පස් නම් පේරෙ තමයි........
පේරේ නම් සයනෝ තමයි........
හැමෝටම දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි....!!!
Subscribe to:
Post Comments (Atom)
යකෝ මේ බලාන ඉන්නෙ උඹව කුජීත වෙන්න රැග් කරපු හැටි අහගන්න.
ReplyDeleteසුබ අනාගතයක්....!!!
ReplyDeleteඋගත් මනුස්සයෙක් වෙලා එලියට වරෙන්..
හෑ කුප්පයා එක්කද ඉන්නේ එහෙනම් පරිස්සම් වෙයන් ඈ :e ඕකා කරන වැඩ වලට බොලාගෙ බෙල්ලත් ගහලා යාවී
ReplyDeleteඑල එල . . . ඔහොම යං . . . ඔහොම යං . . . .
ReplyDeleteසුබපතනවා ඔයාගෙ කැම්පස් දිවියට.... අපිත් ඔය සුන්දරත්වය වින්ද නේ....
ReplyDeleteබොක්කෙන්ම සුබ පතනව මලයෝ... හැමදේම හොඳින් කරගනින්... හැමදේම හොඳේ...
ReplyDeleteඅපොයි කුප්පයත් ඉන්නවැයි... හික් හික් සුපිරියටම ඇති එහෙනම්
හොදට වැඩ ටික කරන් යන්න..තව කැම්පස් කාලේ එහෙම්ම තියනවනේ...
ReplyDelete1.ඉගනීම
2.ඉගනීම
3ත් ඉගනීම නේ..
වැඩේ කියන්නේ මලයෝ, ඒ කාලේ මගෙත් කාඩ්එක ඕකම වෙච්ච එක නොවැ. තව ඉතිං පටන්ගත්තා විතරනේ.... ඔහොම යං, ඔහොම යං
ReplyDelete@ ඔබා මාමා- මං ඊ කඩදහියක් එවල ඇති මාමේ.තරහ අවසරයි.....!!!
ReplyDelete@මාතලන්- බෝම ස්තූතියි අයියේ.........
@ශානු- කියල වැඩක් නෑ අක්කේ......දැනටමත් එහෙම තමයි......
@ඕනය- හිහි..හිහි....ඊ කඩදහියක් එව්වා.බලන්නකො...
@ප්‍රසංග- ගොඩක් ස්තූතියි අයියෙ......මෙහෙ හරි ලස්සනයි....
ReplyDelete@පිස්සා- එල එල අයියෙ......කුප්පයත් ඉන්නව.හෙන කුජීතයි......
@පන්හිද- ස්තූතියි......මේ පැත්තෙ ආවටත් එක්ක....
@මේසන් බාස්- මට තේරුන් නෑ.මොකක්ද කාඩ් එක.....?
බොල පිසාච පැටියො, සුභම සුභ වාසනාවන්ත කාලයක්. ගිය අරමුණ නම් අමතක කරන්න එපා.
ReplyDeleteඅනික උඹ දාලා තියෙන පින්තූර ටින දැකලා මම අතීතයට ගියා. අදත් එදා වගේමයි.
මම පේරා කැම්පස් එකට ගියේ නෑ. මම ගියේ පැණිදෙණියෙ ඉංග්ලිෂ් ස්පෙෂලිස්ට් ටීචර්ස් කොලේජ් එකට. නමුත් ඔය තැන්වල අම්බානක කරත්ත දක්කලා තියෙනවා, තව ඔය හැම කැන්ටීන් එකකින්ම කාලා තියෙනවා.
අනික ඔය රේල් පාරෙත් සිල්බර කොටයි, රේල් පීලියි ගෙවිලා වගෙ තියෙන්නෙ කෝච්චි ගිහින්ම නෙවෙයි බං බ්ලොග්වෝකරයා කරත්ත දක්කලා!!
අනේ ඒ අතීතය.
henryblogwalker the dude
එල එල.... ඔහොම යං.....
ReplyDeleteහ්ම්ම්ම්... මං නම් පේරා ගිහින් නෑ ඉගනගන්න. එත් මගේ ගම ගෙලිඔයනේ ඔය පේරේ නොදන්නා තැනකුත් කෙනෙකුත් මට නෑ. අයෙත් ගෙදර ගිය වගේ දැනුන අර පින්තුර ටික දැක්කම... ඔය කහ පාට මල් තියන ගහ යට අපි කී පාරක් ඇවිදින්න ඇත්ද? ඔය පාලම එක කාලෙකට මීදුම ඇවිත් වහගන්නවා අඩි දෙක තුනකට එහා ඉන්න උන් පෙන්නේ නැතිවෙන්න.. ෂා.. ඒ කාලෙට අයෙත් එන්න තියනවනම්..
ReplyDeleteමොනවා කරත් කමක් නෑ ඉගනගනින් මලයෝ.
ReplyDeleteඊය ලැබුනා...පව් උඹ....
ReplyDeleteමුලින්ම කියන්නම් එන්න බැරි උනාට සමාව..
ReplyDeleteඉන්න කාලේ හොඳට විඳින්න.. එතකොට අපිට වගේ පස්සේ මතක් කර කර තලු මරන්න පුළුවන්.. තාම කරත්තයක් නැද්ද ?
@Dude- හිහි...හිහි......
ReplyDeleteපැණිදෙණියෙ ගියාද......?
@ගොඩයා- හික්ස්.............
@ක්සැන්ඩර්- කියල වැඩක් නෑ..ලස්සන නම් උපරිමයි....
@රාජ්- ඔව් අයියා..එව අනිවගොඩ දානවා.
ReplyDelete@ඔබා මාමා- ඇඬෙනව....
@ජයියා- කරත්තයක් නම් තාම නෑ.උපරිමේට ජීවිතේ විඳිනවා....හැම පැත්තෙන්ම....
Batch = බැච් = කණ්ඩායම
ReplyDeleteBadge = බැජ් = පදක්කම
@කතන්දර - බොහොම ස්තූතියි අයියේ
ReplyDelete