එදිරීවීර සරත්චන්ද්‍ර එළිමහන් රංගපීඨය(වල) |
කියාගන්නට බැරි තරම්
සෙනෙහසක් මා හද දරන්
ආවෙ ඔබගේ තුරුලෙ නිදනට
දහසකුත් පැතුමන් අරන්
වියාගන්නට වෙර දරා
මකුළු දැලකුත් හිත පුරා
දරන වෙහෙසත් අපමණයිනේ
සිතින් ඉවසමි අද මෙමා
සැදෑ අහසට පායලා
තරු පොකුරු හිත සනසලා
පුර හඳට තව කාලේ බෝමයි
ඉඳිමි තව මම මඟ බලා
පුංචි අත්දෙක හිරි වැටී
දණිස් කටු දෙක රිදි රිදී
ඇස් දෙකට මගෙ නින්ද නැතුවත්
ආදරේ තව නැහැ සිඳී
සුවඳ විහිදන දස අතේ
පුංචි කුසුමක සිත රැඳේ
ලබන්නට සුව සතුට දවසක
කඳුළු මුතුවැල් දිරි දෙතේ
කුසින් අඩකුත් නැහැ පිරී
එමුදු දුකකුත් නැහැ රැඳී
තුරුලියට ඉහලින්ම අහස් ගැබ
එළිය කර සඳ පා..යනු ඇතී.....
ෂා සැහෙන කාලෙකින් පිසා ලියනවා.. කොහොමද කැම්පස් ජීවිතේ?
ReplyDeleteඇති යාන්තං මූ ලියල . .
ReplyDeleteකෝමද මල්ලි කැම්පස් ජීවිතේ . . . සැප ද ???
කැම්පස් ජීවිතේ හොදයිද මලයා....
ReplyDeleteකොහොමද මලයෝ කැම්පස් ජීවිතේ , මේ දවස් වල නම් රැග් යනවා ඇතිනේ,.
ReplyDeleteඔව කියන්න එප බන්... මන් මෙහෙ හිටියට හිත තින්නේ ඔතන...
ReplyDeleteඅඩවන්න එපා බන්... පරිස්සමින් බලා ගනින් හොදේ... මන් උබේ එක බලා ගන්නම්..
මටත් පේර ගියා නම් හොදයි කියලා හිතෙනවා පිසාචයෝ..
ReplyDelete@ක්සැන්ඩර්- ඔව්..සෑහෙන්න කාලෙකින්.ගෙදරම එන්න එපැයි ලියන්න.කැම්පස් ලයිෆ් එක නම් මේ දවස් වල ටිකක් විතර ගොරහැඩියි.....එච්චරයි....
ReplyDelete@ඕනයා- සැපද කියලත් අහනව.උපරිමයි...නෙස්ප්‍රේ වන් ෆ්ලස්.......
@දිනේශ්- නියම කහටක් කෝප්ප ගණානාවක්......
@ප්‍රාර්ථනා- රැග් කියන්නෙ මොනවද අක්කේ..මං ඒ ගැන මුකුත් දන්නේ නෑ.... :f :f
ReplyDelete@ර.ප- අනිව බ්‍රදර්...මං උඹව පෞද්ගලිකව අමතන්නම්.....
@නජා - හපුගලත් නරකම නෑනේ..ගෙදර ඉඳන්ම අඳින්නනේ තියෙන්නෙ....