Saturday, July 14, 2012

නුවර කෙල්ලො ලස්සන ඇයි....? (විද්‍යාත්මක හේතුව පිසාචයා සොයා ගනියි )

    
    මම මුලින්ම නුවර ආවෙ ගිය අවුරුද්දෙ වෙසක් දවසෙ.ඒ ආවෙ මගේ හොඳම යාළුවෙකුගෙ ඉල්ලීමකට කුණ්ඩසාලෙ මහමෙව්නා අසපුවට.එදා මං ආවේ තනියම.කොළඹින් එහාට තනියම ගමනක් ගියාමද කොහෙද ඒ.
  ඊට මාස ගාණකට පස්සෙ  ඉතින් පේරාදෙණි ආවනේ. පේරා ඇවිල්ලත් දැන් මාස හයකට වැඩියිනෙ.අවංකව කියන්න ඕන කොළඹ ඉන්න පපඩම් කෙල්ලොන්ට වඩා නුවර කෙල්ලො ලස්සනයි.ඇත්තම කිව්වොත් ස්වභාවික ලස්සනක් තියෙනව. (ගාල්ලෙ කෙල්ලොත් එක්ක සංසන්දනය කරන්නෙ නැත්තෙ මොනව වුණත් ගම ගාල්ලෙනෙ ආයුබෝවන්ඩ)   ඉතින් ගොඩක් කල් බලන් ඉදල ඉදල  "සැබෑ විද්‍යාපීඨ ශිෂ්‍යයෙක්" විදියට මෙහෙම වෙන්න හේතුව හොයන්න මම තීරණය කලා.
           කෙම්මුර දවසක රාහු කාලෙ පන්නල එහෙම මම එලියට බැස්ස.හිස් අතින් නෙවෙයි.අලවංගු,පිහි,උදලු......මීටර් කෝදු,කෝනමාන,ලඹ කැට.....ඒ විතරක් නෙවෙයි බයෝ ලැබ් එකෙන් උස්සපු අන්වීක්ශෙකුත් අරගෙනයි මං වැඩේට බැස්සෙ.
     
                ගලහ හංදියට ඇවිල්ල මං කල්පනා කලා කොයි පැත්තටද යන්නෙ කියල.එතකොටම ආව ගම්පොල බස් එකක්.දෙපාරක් හිතුවෙ නෑ නැග්ග.ගෙලිඔයට ටිකට් අරන් ගෙලිඔයින් බැස්ස.ඊට පස්සෙ ඇම්බැක්කෙ දේවාලෙ පැත්තට පයින්ම ගියා.ඒ යන අතරේ හම්බෙච්ච ආච්චිලයි සීයාලයි ඔක්කොමන්ල නවත්තගෙන ඉන්ටවීව් පාරක් දුන්න.(අහපු ඒව වැඩක් නෑ)
      ඇම්බැක්කෙ දේවාලෙත් බලාගෙන එතන ඉදපු පොලිස් මාමගෙ  ඔත්තුවකට අනුව ඉතාම වයසක සීයකෙනෙක් හම්බෙන්න දේවාලෙ ගාවින් උඩට තියෙන පාරෙ යන්න මං තීරණය කලා.

 ඒ පාරෙ ගිහිල්ල අර කියපු සීයත් එක්කත් පොඩි චැට් එකක් දැම්ම.සීයගෙ පොඩ්ඩක් කන ඇහෙනව අඩුයි.මං අහපු ප්‍රශ්න ඇහුනද දන්නෙත් නෑ.දීපු උත්තර එච්චරටම මාන්ජමිකයි.
   එතනින් පැනගෙන ටික දුරක් යනකොට මෙන්න බොලේ ගලක් උඩ පංසලක්.හොයල බැලින්නම් මේ "ලංකාතිලකෙ".ඒකටත් නැගල මුරට ඉදපු අයියත් එක්කත් මං මගෙ රීසර්ච් එක ගැන ගැඹුරට සාකච්ඡා කලා.එයා කියපු ඒවත් මගෙ අවසාන තීරණේට තදින්ම බලපෑව.

   එතනින් එන්න හදද්දි මිනිහ කියනව බොහොම දැනුම් තෙරුම් තියෙන ආච්චිකෙනෙක් ඉන්නවලු ටිකක් ඉස්සරහ.කියපු මංසලකුණු දිගේ ගිහිල්ල ගිහිල්ල ආච්චිවත් මීට් වුණා.සීදේවි ආච්චි.හරි සෝක්..මට ප්ලේන්ටියකුත් හදල දුන්න.
  එතනින් පොඩ්ඩක් එහාට යනකොට බෝඩ් එකක් ගහල තියෙනව "ගඩලාදෙණිය රජමහ විහාරය" කියල.ලඟටම ආව එකේ ඒකත් බලලම ආව.
 එතනින් ආපු බස් එකක නැඟල ආව."නුවර" කියල ගහල තිබුණ නිසා නැග්ග මිස කොහෙන් යනවද කියල නම් දැනන් හිටියෙ නෑ.

මෙන්න බොලේ බස් එක පිළිමතලාවෙන් නුවර පාරට දැම්ම.හිතාගන්නත් බෑ.ගියේ කොහේද මතු වුණේ කොහෙන්ද....ගලහ හංදියෙන් බැහැල හොසටල් එකට ආව.ගමනෙ මහන්සිය අමතක කරලා හොයා ගත්ත කරුණු,සාක්ෂි,හෝඩුවාවල් දිගේ පැය ගාණක් මං කල්පනා කලා.විද්‍යාත්මක ක්‍රමය අනුව ගිහිල්ල පාන්දර තුන වෙනකොට ඒ මහා සොයාගැනීම කරන්න මට පුළුවන් වුණා.දැන් මම ඒ සොයා ගැනීම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනව.
        අද මම මේක ඉදිරිපත් කලාට පස්සෙ මට මොනව වෙයිද කියල මම දන්නෙ නෑ.සමහරවිට සුදු වෑන් එකකින් මාව උස්සාවි.නැත්තම් මරල ළමා අපයෝජනකට ලක්වෙලා මැරුණා කියාවි.(ඒක එච්චර ගැලපෙන්නෙ නැද්ද මන්ද) අඩුම ගානෙ කොටි ලේබලයක්වත් ගහන්න ඉඩ තියෙනව.මොනව වුණත් සත්‍ය දැන ගැනීමට ඔබලාට තියෙන පරම අයිතියට හිස නවල ඕන මඟුලක් වෙද්දෙන් කියල මම මේක කියනවා.

මෙන්න මේකයි මං හොයාගත්ත දේ.......

ලංකාවෙ අවසාන රාජධානිය මහනුවරනෙ.ඉතින් රාජධානියක් වුණාම රජෙකුත් ඕනනෙ.රජෙක් කියන්නෙ පිරිමියෙක්නෙ.(මෙතන්ට වෙනකම් පැහැදිලියි නේද) ඉතින් රජෙක්ට අනිවර්යෙන්ම අන්තක්පුරයක් ඉන්නවනෙ.ඉතින් මේ අන්තක්පුරයට ඒ කාලෙ රටේ ඉන්න ලස්සනම හා සුන්දරම කාන්තාවො එකතුකර ගන්නවනෙ.ඉංග්‍රීසීන් ඇවිල්ල අපේ රට අල්ල ගත්තට පස්සෙ මේ කාන්තාවො නුවර අවට ව්‍යාප්ත වෙනව.එතනින් එහාට විස්තර කිරීම අනවශ්‍යයි නේද...

ප්‍රශ්න තියෙනව නම් අහන්න පුළුවන්....

(හුදෙක් විනෝදය සඳහා නිර්මාණය කලෙමි.සීරියස් ගන්න එප.නුවර ඈයො විශේෂයි)

83 comments:

  1. හඃ හඃ හා අර රතු පාටින් ලියලා තියන ඒක නිසා මං මුකුත් කියන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට එහෙනම් ඒක දැම්මෙ..හික් හික්..!!!

      Delete
  2. හී හී.. හොඳයි හොඳයි! :)

    ReplyDelete
  3. හ්ම්ම් හ්ම්ම්..මමත් ඉතිං මේ ගැන මොකුත් කියන්නේ නෑ..මොකෝ....... ;)

    ReplyDelete
    Replies
    1. මොනවම හරි කිව්වනෙ :P

      Delete
    2. නෑ තව මොනවා හරි කිව්වොත් බෙල්ල නැතිව තමයි ආයේ එන්න වෙන්නේ !හොක්ස්‌!

      Delete
  4. ගලහා පැත්තේ ඉදලා අය කාටවට් අහු වෙන්න එපා බොල..
    අහපන් මේ සින්දුව..
    නන්දාමාලනී ගායනා කොරන.අම්මාවරුනේ
    මාත් නුවර පොරක් ඕඅන්..

    ReplyDelete
    Replies
    1. රතුපාටින්ම ලිව්ව නිසා හොදා.......

      Delete
    2. හිතිදුණ නම් සමාවෙන්න......
      හිතකින් නොවේ වරදක් කලත්

      Delete
  5. මේ වෙනකල් අපිත් දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete
    Replies
    1. මීට පස්සෙ හරි දැනගන්න එක හොඳයි ඔන්න

      Delete
  6. පිසාත් මාර විජ්ජා කාරයෙක් නෙ....

    ReplyDelete
    Replies
    1. නැස්තන් නැස්තන්...මෙහෙම ඉඳියට..එහෙම තමයි

      Delete
  7. //නැත්තම් මරල ළමා අපයෝජනකට ලක්වෙලා මැරුණා කියාවි//
    ඒකේ සේරම ගැලපෙනවා අර ළමා කෑල්ල ඇර
    හපෝ පිසාචයෝ නුවර කෙල්ලන්ගේ හරි ගනන්

    ReplyDelete
    Replies
    1. ඒව ගැන වෙනම පෝස්ට් එකක් ලිව්වැහැකි....
      මේ පැත්තෙ ආවට ස්තූතියි සහෝ..!!

      Delete
  8. උබේ ඔය හොයාගැනීමට නුවර එවුන්ගෙන ළගදිම සම්මානයක් එහෙම ලැබෙයි ;)

    ReplyDelete
    Replies
    1. කන්න වෙයිද අම්බානක.... :-(

      Delete
  9. කිරි සප්පයාJuly 15, 2012 at 9:08 AM

    අඩේ උඹ නුවර වටේම ඇවිදලනේ... වෙලාවක සෙට් වෙන්න යමුද ඔය පාරෙම තව රවුමක් ? අර ආච්චි කෙලින්ම අන්තෘපුරේ හිටපු එකක්ද?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ පෙරාදෙණියෙන් දවල් 1ට විතර ගිහිල්ල ආතල් එකකුත් අරන් වැඩිය රෑ වෙන්න කලින් එන්න පුළුවන්...ඇත්තටම ගිය නිසයි කියන්නෙ

      Delete
  10. ඉදපන් මේකේ ඔරිජිනල් එක ලියනකල්

    ReplyDelete
    Replies
    1. මං නොදන්න ඔරිජ්නල් එක මොකක්ද..ලියපන්කො බලන්න

      Delete
  11. මන් කියන්න හැදුවෙ ටොපික් එක දැක්ක ගමන්.. ගාල්ල ගැන තව දැන් ඉන්න කොළඹ ගැනයි

    ReplyDelete
  12. තොට පිස්සුද බං...මම කලින් හිතං හිටියේ ලංකාවේ ලස්සනම කෙල්ලෝ ඉන්නේ කෑගල්ලේ කියලා..ඒක අත්දැකපු නිසා..යකෝ කෑගල්ලේ බලන බලන කෙල්ලෝ නිකං සුරංගනාවියෝ වගේ..පහුගිය දවසක මම පොතුහැර ගියා බං..කෑගල්ල පරාදවුනේ එදා

    ReplyDelete
    Replies
    1. කෑගල්ලෙත් වෙන්න ඇති..සමහර වෙලාවට නුවරත් පරාදයි මාතලේට..

      Delete
    2. පොතුහැරනෙ බොල ටොයියො ඉන්නෙ (මම ඒ අහල පහලමයි)

      Delete
  13. නුවර ගැටිස්සියො ලස්සන බව නම් ඇත්ත.හැබැයි කටවල් නම් අන්තිමයි!

    ReplyDelete
    Replies
    1. අන්න අන්න.. එහෙම කියන්නේ මොටෝ?

      Delete
    2. ගෙලිඔය පැත්තෙම කෙනෙක්ගෙන් ලැබුන අත්දැකීමක් තමයි

      Delete
    3. අපෝ කටවල් නම් පාරාද වෙන්නෙ ගාල්ල මාතරට විතරයි....

      Delete
    4. ඔය කියන්නේ ගාලු කුමාරයා ම.. හිකිස්‌..

      Delete
    5. ඇයි අය්යා එහෙම කියන්නෙ? නුවර කෙල්ලො දත් මදින්නෙ කට හෝදන්නෙ නැද්ද?

      Delete
  14. අඩේ..මමත් ඕකට හේතුව කල්පනා කලාට මීටර් උනේ නෑනේ..
    පිසා තමයි පිසා..!!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්...උඹව මීට් වෙන්න හිතන් හිටියේ....කෝ චාන්ස් එකක් ආවෙ නෑනේ.....මූණු -තෙන් පණිවිඩයක් එවන්නම්...

      Delete
  15. හ්ම් හ්ම් කතාව ඇතත්යි කොටින්ම සූර සරදියෙල් ගේ අත්තම්මා ( මතක විදිහට ) ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අන්තප්පුර යකඩ දෝලියක් කියන්නේ..... අනික් කාරණාව විදේශිකයන් සමග මිශ්‍ර වීම ...... යුරෝපීයන් හා නායක්කාර් වංශික ප්‍රභූන් .... ( දන්නවනේ දික්ගෙයි නැටුම් ගැන..ඒ වගේම දුක් ගන්නා කාන්තාවන් )

    ReplyDelete
    Replies
    1. අනේ සමීර අයියෙ...ඒ වචන දෙක නම් මං අදමයි ඇහුවෙ...පොඩ්ඩක් කියල දෙන්න බැරිද...පොඩි එකාගෙ ආසවනෙ

      Delete
  16. ගෙල වට බැන්දා වූ මුතු පොටේ
    දිස්නෙට මුහුනේහි ඔප වැටේ
    ඔසරි නෙරියට, නලල් තිලකෙට
    බැන්ද සිතු පෙම් ආනන්ද වේ

    ReplyDelete
    Replies
    1. හික්ස්.....කකා තුමාටත් තියෙනව නේදමේ ගැන අත්දැකීම් ....

      Delete
    2. හෑ ?? ආනන්දයා හෙමිජ්ජ වගේ ඉදගෙන කරල තියෙන හරියක්

      Delete
  17. හෑ... මු ගෙලිඔය හරහා ගිහින්.. ඒ අපේ ඒරියා එක ඈ..

    නුවර බණ්ඩාර ලා ඉන්නේ ඔය හින්දා තමයි. දන්නවද බණ්ඩාර කියන එකේ තේරුම?

    ReplyDelete
    Replies
    1. ෂැක්.....කලින් දන්නව නම් ඩිනර් එකට එහේ එන්න තිබුණා...මුණු පොතේ ඉන්නවනෙ .....අහගන්නම්කො....

      Delete
    2. බණ්ඩාර කියන එකේ තේරුම මොකක්ද සිරාවට?

      Delete
    3. ඩිනර්? ඩිනර් නෙවෙයි බොලා එහෙනං ලන්ච් බ්‍රෙක්ෆස්ට් ඔක්කොම අරන් යන්නේ.. බණ්ඩාර කියන්නේ යකඩ දෝලින් ගේ පුත්තු කියන එක. ඒ කියන්නේ ඉතින් තේරුනා නේ? රජ්ජුරුවන්ගේ ලේ තමා..

      Delete
    4. හොද වෙලාවට සුද්ද ගල විද්දෙ . . . නැත්තං තාමත් ක්සැන්ඩර් මල්ලිලා එකගෙයි කනව :D

      Delete
    5. අඩේ අප්පා ඕනේ අයියා සුද්දා ගල විද්දේ නෑ.. කෑම දැකල විදගෙන ආවා මිසක්.. :D

      Delete
  18. udarata menikela witarak neme..udarata maththuruth marama gathi...!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.....තැන්ක්ස් ඇනෝ...මේ පැත්තෙ ආවට

      Delete
  19. මාත් ලඟදි නුවර ගිය වෙලාවෙ ඕක ගැන සෑහෙන්න හිතුවා. මමත් ඔය වගේම ගවේසනයක් කරන්නයි හිතං උන්නෙ. පිසා මලයා මට කලිම්ම කරලා උත්තරෙත් හොයාගත්තනෙ එහෙනං :D එල එල ඕකම වෙන්න ඕන හේතුව ;)
    හැබැයි ඒ කියන්නෙ නුවර ඉපදුනු උන් සේරම රජාට නෑකමක් තියන එකෙක් වෙන්න ඕන නේ? :O :P

    ReplyDelete
    Replies
    1. අපේ ගමෙත් හැමෝම කොහෙන් කොහෙන් හරි නෑයෝ....සමහර වෙලාවට ඒ අය මාත් එක්ක අවුලුත් යනව නෑකම දන්නෑ කියල
      ඒ විදියට බැලුවම ඔය කියන කතාවත් හරි

      Delete
  20. අඩෝ පිසාචයා, උඹ නයාට ගහලා පොල්ලවරද්දා ගත්තා කියලා හිතාගං. අර පපඩං වගේ කෙල්ලො ඉන්න පැත්ත මගෙ ගම. මම බැඳලා ඉන්නෙ ඔය නුවර පැත්තෙන්. වහාම ගාල්ල පැත්තෙ කෙල්ලො ගැන පාපෝච්චරනයක් නොකලොත් සොරි ඩොට් කොම් තමයි උඹට.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනේ ඩූඩ් අයිය.....කටක් ඇරල ඒ ගැන කොහොමද කියන්නෙ

      Delete
  21. අනේ මේ දරු මල්ලෝ ඉන්න මන් මොකටද කෙල්ලොන්ගේ ලස්සන ගැන වාද වලට යන්නේ.නුවර ඉපදිලා හැදිලා වැදිලා ලංකාවේ හැම තැනම ඉඳලා තියෙන මට ඕකට උත්තරේ දෙන්න පුළුවන් ....

    ReplyDelete
    Replies
    1. ජයියා අයිය කියන්න බලන්න උත්තරේ...ඔයා වගේ වැඩිහිටියෙක්ගෙන් ඒ ගැන් දැන්ගන්න එක හොඳයි..මොකදමගේ රීසච් එක ගැන හිතන්නේ..?

      Delete
    2. ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ගිහින් නිකම් අර මොනවද ගා ගන්නේ මොකටෙයි.. ගෙදර ගියොත් අඹු නසී (බැන්දේ කොළඹින්- එතනම කෙල්ලෝ රංචුවක් ) මග හිටියොත් තෝ නසී (ඇයි යකෝ මගේ නෑ දෑ සංහතියක් නුවරනේ !)

      Delete
    3. හුටා....එහෙනම් බෑ...
      ගෙදර උන්දැව තරහ කරගෙන කොහොමද....තව ලමයෙක් දෙන්නෙක් හදාගන්න ඉන්න එකේ....

      Delete
    4. ජයියට තේරෙනවනෙ මගෙ හැඟීම්? මට වෙලා තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත! :(
      henryblogwalker the Dude

      Delete
  22. ඇයි කේතලෙන් මල්ලක් හොඳ නැද්ද :D

    ReplyDelete
    Replies
    1. කේතලේ මල්ලොත් හොඳා..යි කියල අහල තියෙනව.හරියට බලාගන්න බැරි වුණා.ඒ පැත්තෙත් රවුමක් දාල එන්න ඕන වෙලාවක.අර සෙම්බුවත්ත වැව පැත්තෙ යන්නයි කල්පනාව

      Delete
  23. මරු සොයා ගැනීම ඈ...

    ReplyDelete
    Replies
    1. හික්ස්....තැන්කු තැන්කු...

      Delete
  24. අපි අහලා තියෙන්නේ නුවර කෙල්ලේ අයිස් පෙට්ටියේ දාපු තක්කාලි වගේ කියලා ! :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...ඒක ඇත්ත...ටිකක් සැරයි..ඒත් රසයි.......

      Delete
  25. ඔය කතාව සිරා කතාවක්.. ලංකාවෙන් ලස්සනම කෙල්ලෝ ඉන්නේ නුවර මාතලේ කෑගල්ල ඔය අවට තමයි. සමහර විට රජකාලේ අන්තඃපුර වල ඉදපු ලස්සන ගෑනු අයගේ ලස්සන ඇවිත් වෙන්න ඇති. මම අහල තියෙනවා. කෑගල්ලේ එක ගමක් තියෙනවලු. එකේ අවට ඉන්න හැම ගෑනු කෙනෙක්ම වගේ අනිත් පැති වලට වඩා සෑහෙන ලස්සනයිලු. ඒකට හේතුවත් අර කියපු අන්තඃපුර සීන් එකමලු. මම ඇත්තටම අහල තිබුන කතාවක් කිවේ.

    ReplyDelete
    Replies
    1. අඩේ....ඇනෝ දෙයියො..ඔය ගමේ නම කියන්න බැරිද පොඩ්ඩක් හොයල......

      Delete
    2. ඈ.. එතකොට බොට නුවර කෙල්ලෝ සැර නෑ ඈ??

      Delete
    3. හැබෑටම මමත් ඔය පලාතකින් ඉඩමක් ගන්නයි හිතන් ඉන්නේ පදිංචියට.

      Delete
  26. katawala athi kimbula katawala wage.
    lassana mokda ban kata sawuttu nam
    chaka chaka chaka chaka chaka chaka chaka chaka

    ReplyDelete
    Replies
    1. කුස රජාට නම් සෑහෙන පරිප්පුවක් කන්න වෙලා වගේ නුවර කෙල්ලෙක්ගෙන්...හික්ස්...!!

      Delete
  27. nuwara kakauliyange kata gandassare baa.....................:d

    ReplyDelete
  28. හොඳ මාතෘකාවක් . ඒ උනාට ටිකක් ගැඹුරෙන් බලන එක හොඳයි. රන්වන් පාටින් (සුදු නෙමෙයි) සම තියෙන ගැනු පිරිමි දෙගොල්ලම නුවර ඉන්නවා.රිකිල්ල ගස්කඩ ඉඳලා බදුල්ලට යන කල්ම එහෙම අය ඉන්නවා. ඒ උනත් රම්බඩ නුවරඑලිය ඉඳන් වෙලිමඩ හරහා බදුල්ලට යන කල් ඉන්නේ සම කළු පාට සිංහල අය. හැබැයි ඒ කළු පාට කැලණියේ අයෙගේ තියෙන කළු පාටට වඩා වෙනස්. කුරුණෑගල සහ මහව අයට තියෙන්නේ කලුපාට හතරැස් මුහුණු. දකුණු පළාත ගැන නම් මට අද්දැකීම් නෑ. සිංහල අය අතර මෙහෙම වෙනස් කම් තියෙන්නේ ඇයි කියල සාකච්චා කලොත් හොඳයි කියලයි මට හිතෙන්නේ.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. අම්මෝ...සමරසේකර අයියා සෑහෙන නිරීක්ෂනයක් කරලනේ.......

      Delete
  29. විනෝදය පිණිස නිර්මාණය කලත් අත්තක් නැතිවෙන්නත් බෑ ඒ අදහසේ ....නිර්මාණශීලී සොයාගැනීම් වලට ශක්තිය පතන්නම්...

    ReplyDelete
  30. මාත් ඇම්බැක්ක දේවාලෙන් පටන් අරගෙන, ලංකාතිලක හරහා ගඩලාදෙණිය ට පයින් ඇවිත් තියනවා..ඒ ට්‍රිප් එක නම් මරු....අනිත් දේ ගැන නම් no comments :D

    ReplyDelete
  31. nikya kiyanne nuwara inne awasan raju pita rarin genapu gahanungen pawatha gene ena aya kiyalada,,

    ReplyDelete
  32. patta invention eka machan !!

    ReplyDelete
  33. අනුමාන කිරීම වරදකුත් නෑ බැලුවහමනම්.

    ReplyDelete