Thursday, July 12, 2012

හිතට දාංගලෙ වැඩියි වගේ...


ගාලු අහසට දුක හිතිල වගේ
ඉකි ගගහ වැලපෙන්නෙ ඒකයි
පාලු හදකට ලං වෙලා ඔබ
ඉතිරි කර ගිය හීන බෝමයි

සරසවියෙ මල් පාරෙ හීනෙන්
තාම යමි ඔබ එක්කලා
පුංචි ඇස් දෙක තාම හොයනව
හීන ලෝකෙන් ඇහැරිලා

අමතක කරන්න සදහට මා ඔබ
දිවුරුම් දුන්නත් කුමාරියේ
අමතක වෙන්නැති කරුණ නොදන්නෙමි
හිතට දාංගලෙ වැඩියි වගේ

22 comments:

  1. මල්ලි . . . හීට් එක සැරටම වගේ නේද ??? සවු බොන්න

    ReplyDelete
    Replies
    1. වහ ටිකකුත් දාලම බොනව.....(ජෝක්)

      Delete
  2. අමතක වෙන්නැති කරුණ නොදන්නෙමි
    හිතට දාංගලෙ වැඩියි වගේ

    අනේද කියන්නේ මල්ලි.කාට කියන්නද මේවා..

    ReplyDelete
    Replies
    1. එනවකො කැම්පස් එක පැත්තෙ දවසක්.....

      Delete
    2. මං එනවා ලඟදි..යාලුවෝ එක්ක. ඔබතුමා ගාල්ලේ නේද මේ දවස්වල??/

      Delete
    3. ඔව්...මේ දවස් වල මෙහේ.....ඉන්න දවසක එනවකො

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  3. මොකෝ මේ එක පාරම වෙලා තියෙන්නේ... :)

    ReplyDelete
    Replies
    1. හෝම් සික් එකේ අනිත් පැත්ත....හිහි..හිහි...

      Delete
  4. ස්ට්‍රයික් එක ඉවර උනාම හරි යයි මයේ හිතේ!!

    ReplyDelete
    Replies
    1. උඹට නම් තේරුණා ගොනාට වගේ... :-)

      Delete
  5. කලකට පස්සේ වෙලකට බැහැලා තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත...කාලෙකට පස්සේ..ඔබා මාමගෙ මරණෙන් පස්සෙ මේ පැත්තෙ වැඩිය එන්න හිත දුන් නෑ....

      Delete
  6. ඔහොම්මම හිතෙයි නේද
    සරසවිය දාලා එන දවසට

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙම දවසක් ගැන හිතාගන්නත් බෑ

      Delete
  7. කරත්තයක් දක්කාගෙන
    මල්පාරේ යන කාලය
    ඉවර වෙන්න බොහොම කලක්
    තිබේ.. මොකද මේ අඬන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ ජයියයියේ මටවත් තේරෙන් නෑ....

      Delete
  8. සරත් අයිය කිව්ව කතාවම තමයි කියන්න තියෙන්නෙ. ඉවසපං පපුව!

    ReplyDelete
    Replies
    1. ඉවසපං පපුව! :පි

      Delete
    2. ඉවසනව ඉවසනව......ඒක නේන්නම් මේ කොරන්නෙ....
      ස්තූතියි කමෙන්ට් වලට

      Delete
  9. හ්ම්ම්ම්ම්ම්මම්ම්ම්මම්ම්ම්ම්මම්ම්ම්ම්මම්ම්ම්මම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්...හ්ම්ම්...හ්ම්ම්...........

      Delete