Friday, April 27, 2012

ජීවිතේටම මඩක් ගැහුවමයි

අවුරුදු උත්සවෙත් ඉවරයි එහෙනම්.......දැන් ඉතින් බලන් ඉඳපල්ලකො ඊලඟ අවුරුද්ද වෙනකම්.......
      එදා ඉවර වෙලා එන ගමන් ඕනය අයිය බලන්නත් ගියානේ.අපි කට්ටිය යනකොට ලෙඩා නෑ.වෙන ලෙඩ්ඩු ටිකක් එහා පැත්තෙ ඇදකට වෙලා පැත්ත දාල ඉන්නව.අවලම් පැට්ටට්යි,අභීත අයියයි,පොඩි මෑනුයි,රොබිනුයි.මාත් එක්ක ගොඩය අයියයි,වෙනී අයියයි,ජිංගියයි,ජේ.ඩී ආවෙ.අපි නම් හොද සයිස් දොඩම් ගෙඩි ටිකකුයි,ඇපල් ටිකකුයි ගෙනාව.අපි ඇහුවා මොනවයි ගෙනාවෙ කියල..මෙච්චර වෙලා ඇස් ඇරන් නිදාගෙන ඉඳපු අභීතයිය නැගිටල මල්ලක් අවුස්සල පෙන්නුව හොඳ රතු පාට වයින් බෝතලෙකුයි,ප්ලේන්ටි පාට තව බෝතලෙකුයි.(අපි නම් දන්න එකක්යැ)ඔන්න ටිකකින් ඕනය අයිය එනව කලිසමත් උස්ස උස්ස කකුස්සියෙ ඉඳන්.
        එක සේලයින් බෝතලයක් ඉවර වෙලා ඊලඟ එක දාන්න ආපු නර්ස් අක්ක තව පොඩ්ඩෙන් හැරිලත් යනව ඉඳපු සැට් එක දැකල.එයා කියනව කට්ටිය වැඩියි,ලෙඩාට අමාරු වෙන නිසා ජනෙල් දෙකයි දොරවල් දෙකයි ඇරල තියන්න"කියල.
   අපි ජනෙල් දෙක ඇරියා.එයාම දොරත් ඇරගෙන ගියා.සැට් එක කොච්චර හෙමින් කතා කලාද කිව්වොත් විනාඩියකින් විතර තව නර්ස් කෙනෙක් ඇවිල්ල අපිටත් ඔරවල දොරත් වහල ගියා."ඕනය අයියා පව්ය"මොකද අපි ගියාම එතන තත්වෙ කෝම තියෙන්න ඇත්ද කියල හිතෙනකොට දුකය.
                       අපි ගියේ ලෙඩා බලන්න බව හැබැයි.ඒත් වෙනී අයිය නම් ඉස්පිරිතාලෙට ඇතුල් වෙච්ච වෙලේ ඉඳන් හොර ගල් ඇහිලුවෙ වෙන වැඩකට.ඔන්න ගොඩය අයියා සාක්ෂි.පලවෙනි තට්ටුවෙ විමසීම් කවුළුව ගාව ඉඳපු අක්කලගෙන් රූම් නම්බරේ අහමුයෙයි කියල මැරෙන්න හැදුව.ඊට විනඩි පහකට කලින් අපිට රූම් නම්බරෙත් කීවෙ මිනිහමයි කියල අමතක වෙලා.එතනින් ඇදගෙන ලිෆ්ට් එකට නැගල දෙවෙනි තට්ටුවෙ නැවත්තුවා.ඔන්න ලස්සන දුවෙකුයි වයසක තාත්තෙකුයි ගොඩ වෙන්න ආව.ඉස්සරහම ඉඳියෙ වෙනී බ්‍රදර්.දාපු පැණි හිනාව කොච්චරද කියනව නම් අර අසරණ තාත්තට දුවවත් අරන් පඩි පෙළින් යන්න වුණා.කැතයි හොඳේ......!!!!!
මේ ජීවිතේටම මඩක් ගැහුවමයි.වෙනී අයිය පල්ල.



        ඒක ගැනම නෙමෙයි ඉතින් කියන්න ආවෙ.ඒ වුණාට කට කහන්න ගත්තනේ.අපි හෙට පොඩි ගමනක් යනව,ඒක ගැන කියන්නයි ආවෙ.අපි කිව්වෙ අපේ බැජ් එකේ එවුන්.හරි හරි...ඕකට තනි වචනෙකුත් තියෙනව."බැජ් ට්‍රිප්" එක හලො......
   ආහ්......යන්නේ නම් සීගිරි දඹුලු.කණ්ඩලම වැවට ගිහිල්ල එතනත් පොඩි ෆන්ෂන් එකක් ගන්නයි ඉන්නේ.(කණ්ඩලම වැව කියන්කොට මතක් වෙන්නෙ සතීෂ් පෙරේරව.මං ආසම ගායකයෙක්.මොනව කරන්නද ඉතින්.)
              බැජ් හයික් එකෙදි "ගොඩයන්න" බැරි වෙච්ච එකේ මේකෙදිවත් මොනව හරි කර ගන්න ඕන.හැමදාම කාන්තාරවාසි වෙලා බෑනේ.ඔය සීගිරි පැත්තෙ ඉන්න කට්ටිය එහෙම පොඩ්ඩක් කියන්නලා.මූණු පොඩ්ඩ ඩිංගිත්තක් විතර පෙන්නල යන්න.ආ..එපාද.එපා නම් අපිටත් එපා.(ලොකු දෙයක්)

කට්ටියම එහෙනම් හෙට "පිසාචයා ගොඩයන්න කියලා විෂ් කරන්න ඕන හොඳේ".....පිසාචයට ජය වේවා...!!!

18 comments:

  1. උඹට ගොඩයන්න ලැබේවා!

    ReplyDelete
  2. වෙනි අයියා පව්ය වෙනී අයියා දැමූ හිනාව මැවී පෙනෙන්නට විය ඕනයා අයියා සනීපෙන් සිටිනවායැයි ඇසීමද සතුටක්ය

    ReplyDelete
  3. මාව නැතිකරලම දාලා..ඕනයා ඉන්න කාමරේ දන්නෙ නැති නිසා දකින දකින් නර්ස් ලගෙන් පාර අහන් කට්ටිය ඕනයගෙ රූම් එකටම එක්කන් ගියාට මට මෙහෙම වෙලා මදි...

    ReplyDelete
    Replies
    1. වෙනී අයියා වැරැද්ද පිළිගත්ත ඔන්න.කට්ටියම දැක්කනෙ මන් බොරු කියන් නැනේ.මන් හෙනම හොඳයි....

      Delete
  4. පිසාචයා ඉස්තුතියි ඕනයා ගැන අප්ඩේට් එකක් දුන්නට. ඒ කියන්නෙ දැන් ICU එකෙන් එලියට දාලා ඉන්නෙ නේ? සන්තෝසයි.

    මෙන්න මේ පෝස්ට් එකත් පොඩ්ඩක් බැලුවා නම්.

    අනික මොකද බං ඔච්චර අමාරුවෙන් ලියන්නෙ? :D

    henryblogwalker the Dude

    ReplyDelete
  5. අඩෝ පිසා මං ජිංගි නෙවේ බොල
    දොර වසා යාමට පැමිනි නර්ස් අක්කා ගැන මට පොඩි මෙව්වා එකක් ඇති උනේම නෑලු
    ඇති උනත් වැඩක් තියේවියෑ ඕනයා අයියා ඉද්දි
    එහෙනමි මේ සැරේවත් ගොඩ පල පිසෝ

    ReplyDelete
  6. හයියූ හයියූ හික් හික්......

    ඕනෙ අයියට දැන් කොහොමද අයියෝ...??

    ReplyDelete
  7. Dude කියපු පෝස්ට් එක බැලීම බොට අනිවාර්යයි

    ReplyDelete
  8. ඕනයා අයියට දැන් හොදයි කියලා දැනගන්න ලැබුන එකම සතුටක්..

    ReplyDelete
  9. අවුරුදු උත්සවේට ආවැයි? දැක්කේ නැත :පි

    ReplyDelete
  10. අර පුසා ගේ බ්ලොගේ කියලා තියන මොරටුවේ ගොඩ දෙය්යන්ගේ පිහිටෙන්වත් උඹට මේ පාර වත් ගොඩ යන්නට ලැබේවා

    ReplyDelete
  11. රාජ් - තැන්ක් යූ අයියේ.බාගෙට වගේ ගොඩ ගියා..ඒ කියන්නෙ මගෙ පැත්ත හරි.

    ගැමියා - වෙනී අයිය පව් නේන්නම්.දැන් නම් මටත් දුකයි අප්පා

    ඩූඩ් - කලිනුත් මට ඔය වචනෙම වැරදිලා කතන්දර කියල දුන්න.අදත් ඒකම වැරදිලා.අයියෝ......

    ජිංජි - හරි බන් ආදරේටනෙ එහෙම කිව්වෙ....එවෙලෙ උබ අපිට එහෙම කතාවක් කිව්වෙ නැනේ..නැත්තම් මොනව හරි කරන්න තිබුණා

    ReplyDelete
  12. අග්නි & දිනේෂ් - ඕනය අයිය දැන් ගෙදරලු....

    ReplyDelete
  13. වර්ණා - ආවනෙ..මේ එදා හවස වෙච්ච දේ ග්Aනනෙ ලියල තියෙන්න.මන් "අන්තිම පේලියෙ" සෙට් එකටනෙ අයිති වෙන්නෙ...එතනනෙ ඉපදුණේ.

    ක්ස්Aන්ඩර් - හික් හික්....බලමු බලමු....අවුරුදු උත්සවේට එනව කිව්වෙ..ආවද...කතා කරන්න බැරි වෙන්න ඇති.....

    ReplyDelete
  14. හෆොයි ඕනයාට මොකද උනේ.? වැඩි සද්දක් නැති උනේ ඒකයි එහෙනම්.

    ReplyDelete
  15. අඩ්ඩා.. මම පරක්කු වෙලා නේ ඇවිත් තියෙන්නේ.. කොල්ලා ගොඩ යන්න ඇති මයේ හිතේ! එල ඈ..

    ReplyDelete