Monday, July 23, 2012

තරුපතිට අවනඩුව හැකි විගස කියනවද....


වැටෙන මේ පොද වැස්ස
අනේ මට කියනවද
අහස මට රහසක්
කියන්නට කීවාද


සුව යහන සනසවා
ඈ තාම නිදි නැතිද
ඇය තුරුලේ උන් සාව
යළි සඳට පැන ගොස්ද


තරුපතිට අවනඩුව 
හැකි විගස කියනවද
සුලඟ නුබ පොලෝ ගැබ
අතැර එහි හමනවද


නිදිවරිත නෙත් ඇරන් 
ඈ තාම හඬනවද
හඬන තරු නෙතු පියන්
සියොතුනේ පිසිනවද


සා පැටිය හනි හනික
ඈ වෙතට දිව ඒද
සඳ එළිය නුබ ඌට
මඟ පහන් කරනවද

18 comments:

  1. තරුපති කියන්නේ හඳට නේද ??

    ReplyDelete
    Replies
    1. එහෙමයි.. නන්දා මාලිනි ගයන ගීතයකත් තියෙන්නේ තාර පති අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ.. කියලා..

      Delete
    2. දිනපති කියන්නේ හිරුට......!!!!

      Delete
    3. බානු කියන්නේ ඉරට. ඒත් මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා බානුමතී කියලා :D

      Delete
  2. ලස්සන කවි සෙට් එකක්.. නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් අයියේ...

      Delete
  3. තරුපතිට අවනඩුව
    හැකි විගස කියනවද
    සුලඟ නුබ පොලෝ ගැබ
    අතැර එහි හමනවද


    නිදිවරිත නෙත් ඇරන්
    ඈ තාම හඬනවද
    හඬන තරු නෙතු පියන්
    සියොතුනේ පිසිනවද

    මේ කවි 2 ගොඩක්ම ලස්සනයි සහෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි........මාත් ආසයි ඒ කවි දෙකට...!!!

      Delete
  4. කලකට පස්සේ අපුරු පිසාච කවි පෙළක්.. අන්තිම පේලියේ දැක්කට පස්සේ..

    ReplyDelete
    Replies
    1. ජයියා අයියාත් ඒ දවස්වල ලස්සනට කවි ලිව්ව නේද..?
      දැන් ලිව්වේ නැ .... කාලෙකින්..ලියමුකො බලන්න ....

      Delete
  5. පිසාචයට ලස්සනට කවි ලියන්නත් පුළුවන් නේ එහෙනම්
    නියම කවි ටික

    ReplyDelete
  6. කාලෙකින් පිසා ගේ කවි සෙට් එකක්.. කැම්පස් නිවාඩු හින්දා හිතේ දුකට කවි ලියවෙනවාද මන්දා??

    ReplyDelete
    Replies
    1. අයියට තේරුණා තක්කෙටම....

      Delete
  7. පිසා කවිකාරයෙක් කියලා දැනගත්තේ අදමයි ....

    ReplyDelete