Sunday, October 02, 2011

හොඳම උපන්දින තෑග්ග සහ සයිබරය මඟ හැරීයාම

මේ මම කැම්පස් යන්න කලින් ලියන අන්තිම පෝස්ට් එක වේවි.


      පෙරේද මට ලියුමක් ආවා, කැම්පස් එකෙන් මට හොස්ටල් ලැබෙනව කියල.ආර්ථිකේ පැත්තෙන් නම් ඒක ලොකු හයියක් වුණාට මොකද ටිකක් විතර බයෙන් ඉන්නෙ රැග් එක සැරටම කන්න වෙයිද කියල.කොහෙද පිණිබිඳු අක්කත් මාව බය කලානෙ.
    හම්බෙච්ච හෝල් එක නම් අහන්න එපා.කියන්නෙ නම් නෑ.මොකද එහේදි පිසාගෙ පටි රෝල් වුණොත්.ඒත් ඕනකමක් තියේ නම් හොයාගන්න බැරි වෙන එකකුත් නෑ.

      ඉතින් දැන් මෙන්න මේ වචනෙ ලියනකොට මහ රෑ 1.01යි.ඒ කියන්නෙ අද ඉරිද.හෙට සඳුද.සඳුද මං පේරෙට වාර්ථා කරන්න ඕන, හොස්ටල් ගන්න.
අඟහරුවාදට තමයි නිලවශයෙන් උත්සවයක් තියල කැම්පස් පටන් ගන්නවයි කියන්නෙ.
  එතකොට අඟහරුවාද කියන්නෙ ඔක්තෝබර් 04 වෙනිද.
ඔක්තෝබර් 04 කියන්නෙ පිසාචයට හුඟක් වැදගත් දවසක්.වෙන මොකක්වත් නෙවෙයි පිසාචය මේ ලෝකෙට උපන්නෙ එදා වගේ දවසක තමයි
  ඒ කියන්නේ මට මගේ උපන්දිනේ දවසෙදි කවදාවත් අමතක නොවෙන උපන්දින තෑග්ගක් ලැබෙන්නයි යන්නේ.

මට හිතෙන විදියට මං ගොඩක් වාසනාවන්තයි.මං හීන මවපු කැම්පස් එකට මගේ උපන්දිනය දවසෙම ඉගෙනගන්න යන්න පුළුවන් වෙච්ච එක කොච්චර භාග්‍යක්ද කියල ඔයාලට තේරෙනව නේද....
එහෙම අවස්ථාවක් ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද කියලයි...මං මේ කල්පනා කරන්නෙ.
       කැම්පස් එකෙ ඇතුලෙදි මට තව චාන්ස් එකක් තියෙනව.අපේ එවුන්ගෙන් අන්තිමට බර්ත් ඩේ පාටියක් දෙන්න වෙන්නෙ මට.මොකද කැම්පස් පටන් අරන් අවුරුද්දක් යනකම් මගේ එක එන්නෙ නෑනෙ.
( කට්ටිය මේ 04 වෙනිදටම මගෙන් පාටි ඉල්ලාවිද දන්නෙත් නෑ )

හරි ඒක ගැන එච්චරයි.

අද උදේ (01 වෙනිද ) අම්මගෙ ඔපරේශන් එක කලා.ප්‍රශ්නයක් නම් නෑ.ඒත් තව දවස් තුනක් විතර ඉස්පිරිතාලෙ ඉන්න වෙයි.මොනව කරන්නද.......
කලින් පෝස්ට් එකෙදි අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරල කමෙන්ට් දාපු සහ ඒක කියවල හිතින් හරි එහෙම පතපු හැමෝටම ස්තූතියි.

හරි ඒකත් ඉවරයි.

දැන් කියන්න යන්නේ, මට ටික දවසක් යනකම් මේ පැත්තෙ එන්න බැරිවෙයි.එහේ ගිහින් නිවිහැනහිල්ලෙ පොස්ට් එකක් ලියන්න තියා කියවන්න හරි පුළුවන් දවසක් කවද එයිද කියල සින්නො තමයි දන්නේ.
ඉතින් ඒ දවස් ටිකේ මගේ යාළුවො හැමෝගෙම අළුත් ලිපි ටික මට මඟ ඇරේවි.ඒක ගැන නම් හුඟක් දුකයි.පුළුවන් වෙච්ච හැම වෙලාවකම මං ඇවිල්ල මොනව හරි කමෙන්ට් එකක් විදියට දාල යන්නම්.එහෙම බැරිවුණා කියල මාත් එක්ක තරහ වෙන්නවත්, අමතක කරන්නවත් එපා.මං පව්නෙ.....

දැන් නම් ටික ටික ඇස් පියවේගෙනයි එන්නෙ.ඒ කියන්නෙ මට දොයියන්න වෙලාව හරි.

එහෙනම් යාළුවනේ කැම්පස් එක ඇතුලෙදි ලියන පළවෙනි පෝස්ට් එකත් එක්ක ඉකමනින්ම ඔයාලව හම්බෙන්න එන්න ලැබෙයි කියන ප්‍රාර්ථනයත් එක්ක මං ඔයාලගෙන් දැනට සමුගන්නව.
(මේ පොස්ට් එකෙත් කම්න්ට් වලට උත්තර නැතිවුණොත් තරහවෙන්න එපා.වැඩ වැඩි නිසා තමයි එහෙම වුණොත් වෙන්නෙ.)

එහෙනම් හැමෝටම ආයුබෝවන්.....
පේරා.........මං එනෝ......!!!  

19 comments:

  1. පරිස්සමින් ගිහින් එන්න හොඳේ... සුභ උපන්දිනයක් ම වේවා.

    ReplyDelete
  2. අර කීවත් වගේ උපන් දිනේට හරි අපූරු තෑග්ගක් නොවෑ ලැබිලා තියෙන්නේ. මලයාගේ ජීවිතේ සුවිෂේශි දොරටුවක් විවෘත වෙන්නේ මලයා මේ ලෝකේ එලිය දැක්ක දවසේ. ඉතින් ඒ දොරටුව විවෘත වුනා වගේම ඒ පාරේ ගොඩාක්දුර ඉතාමත්ම සාර්ථක ගමනක් යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
    ප.ලි - පිස්සුත් නටපන් වැඩ ටික කරලා. මොකද තව අවුරුදු 4කින් කැම්පස් එකෙන් යද්දී කොච්චර වැඩ කරත් උඹේ මතකේ ඉතිරි වෙන්නේ පිස්සු නටපු ටික විතරයි. පුලු පුලුවන් වෙලාවට ඇවිල්ල අපිව බලලා පලයන්. නාවා කියලා අහිතක් නෑ. වැඩ ටික හොඳට කරපන්. සුභම සුභ අනාගතයක් වගේම සුභම සුභ උපන් දිනයක් වෙවා, සියළු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!!!!

    ReplyDelete
  3. අ හා... සුභම සුභ අනාගතයකට පළමු පියවර තබන ඔබට මහෙනුත් උණුසුම්ම සුභ පැතුම් ! බය වෙන්න පොඩ්ඩක් එතකොට තමයි ඔය බය උනේ අපරාදෙ කියල ෆන් එකක් එන්නෙ පස්සෙ ! ඔය අතරෙ එන උපන් දිනයටත් මගෙ සුභ පැතුම් ! හැකි හැම වෙලාවෙම එන්න බ්ලොග් එකෙ ලියන්න..ලියා ගන්න බැරි වෙන තරමට අත්දැකීම් ගොන්නක් එයි මේ අළුත් මාවතේ ! ප්‍රධානම දේ තමයි, අධ්‍යාපනය. ඒකට මුල් තැන දෙමින් අනිත් හැම පිස්සුවම නටන්න !

    ReplyDelete
  4. ජොලි උපන් දිනක් (උපරිම නවක වදය සමග), සුභ අනාගතයක් පතන අතර, අම්මට ඉක්මනින් සුවය ලැබේවාය් පතනවා

    ReplyDelete
  5. බයවෙන්න එපා.ඔයාත් එක්ක තව කට්ටිය ගොඩාක් ඉන්නවනේ.ඉක්මනින් ආය පෝස්ට් එකක් දකින්න ලැබෙයි කියල හිතනව

    සුබ උපන්දිනයක් ඔයාට!

    ReplyDelete
  6. සුබ උපන්දිනයක්, සාමය සතුට පිරි අනාගතයක් පතන්නෙ මකර අධිරාජයා

    ReplyDelete
  7. ටි‍යුබාOctober 2, 2011 at 10:11 AM

    පේරා රැග් 1නම් තාමත් ති‍යෙනවා. සමහර ෆැකල්ටිවලනම් ඉස්සරට වඩා දැන් අඩු‍යි. අවුලක් නෑ. ආවේ ඉගෙනගන්න නේ.
    ඒක මතක ති‍යගෙන හැමවෙලේම වැඩකරපන්. සින්නො නැත්නම් කඩේ ‍යවන්න අල්ලගන්නේ ඔ‍ය වගේ එක එක ප්‍රශ්න ති‍යෙන එවුන්ව.
    මොන පක්ෂෙටවත් කඩේ නො‍යා ආව වැඩේ පලවෙනි‍යටම කරගන්න.
    නැත්නම් මල‍යා උඹටත් වෙන්නේ අද " රට හදා අපි හැදෙමු" කි‍ය කි‍යා හිටි‍ය උන්ටවුණු දේම තම‍යි.
    පස්සේ පසු තැවෙන්නේ නැතුව ඒක කරගන්න.
    බ‍යවෙන්න එපා මේවට හරිද? පේරා කි‍යන්නේ ආතල් එක උපරිමටම ගන්න පුලුවන් තැනක්.
    welcome to Pera!

    ReplyDelete
  8. මගෙනුත් උණුසුම් සුභපැතුම්! මොන දේ කළත් අධ්‍යාපන වැඩ මගහරින්න එපා. ඕවයින් තමයි කොල්ලන්ගෙ ප්‍රතිඵල නැති වෙන්නෙ

    ReplyDelete
  9. රැග නොකෑවොත් ලොකු අඩුපාඩුවක්.. සුබ රැගක් වේවා.

    ReplyDelete
  10. එල එල.. . . . . උඹට සුභ අනාගතයක් . . . . ආතල් ගනිං . . .හැබැයි පාඩං කරපං

    ReplyDelete
  11. සුභ පැතුම් මල්ලි. යන ගමන සාර්ථක වෙන්න කියල පතනවා. අලුත් ලෝකෙකට යන්නෙ. හුඟක් කල්පනාවෙන් සිහියෙන් යන වැඩේ කරගෙන වරෙන්!!!
    ජය!!!!!

    ReplyDelete
  12. උපන්දිනේ දවසේ වටින තෑග්ගක්... එහෙනම් ඔන්න මමත් වේලාස්සනින්ම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා... කැම්පස් ජීවිතේ ලස්සන වේවා!!!!

    ReplyDelete
  13. එල එල.. හදවතින්ම සුබ පැතුම්.. අම්මට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..

    ජය,,

    ReplyDelete
  14. හරි!පරිස්සමට ඉදලා වරෙන්කො. මෙන්න මාත් සුභපැතුවා!

    ReplyDelete
  15. සුබ ගමන් පිසා මලේ.... උඹට ජයම වේවා.

    සුබ උපන්දිනයකුත් වේවා :) :) :)

    ReplyDelete
  16. සුභපතපු හැමෝටම ස්තූතියි...වෙන වෙනම ස්තූති කරන්න වෙලාවක් නෑ ...තරහ වෙන්න එපා හරිය....

    ReplyDelete
  17. දැන් නම් හොඳට රැග් එක කන ගමන් වෙන්න ඇති... :r
    එනි වේ, සුභ පැතුම් කොල්ලා...!

    ReplyDelete
  18. උපන්දිනේ සුභ වෙන්න ඇති යැයි සිතමි.

    මං පේරා ගියේත් ඔක්තෝම්බර් 4 දා. දේශණ ඇරඹුනේ ඔක්තෝම්බර් 5.

    හැබැයි ඒ කාලේ පිසාචයා ලොවෙත් නෑ. ඉන්න ඇත්තේ පිසාච ලෝකේ!

    ReplyDelete
  19. පිසාච පැටියො. උඹට සුභම සුභ උපන්දිනයක්. අට ටියුබා කියන එකම තමයි මටත් කියන්න තියෙන්නෙ. යන්නෙ ඉගෙන ගන්නනෙ. ඉතිං දේශපාලනය කරන්න නොගිහින් ගිය වැඩේ කරපං. උඹට යහපතක්ම වේවා.

    henryblogwalker the Dude

    ReplyDelete