මං කලින් ලියපු පෝස්ට් එකකත් කිව්ව ඒ ලෙවෙල් පටන් ගද්දි මං කොච්චර දුර්වල ශිෂ්‍යයෙක් ද කියල.
O/L වල අන්තිම මාස තුනේ ටිකක් වැඩිපුර කට පාඩම් කරල, විභාගෙ ගොඩ දාගෙන සයන්ස් කරන්න ආවට A/L වලට ඇවිල්ලත් ගොඩක් කල් යනකම් A/L මානසිකත්වය මට ආරූඪ වුණේ නෑ.
ඒ හින්දම ඉස්කෝලෙ විභාගෙන් බයෝ වලට විතරක් හැත්තෑව පැන්නුවට ෆිසික්ස්, කෙමෙස්ට්‍රි දෙකට හතලිහෙන් එහාට යන්න පුළුවන් වුණේ නෑ.
ඔය අතරේ තමයි...මට කැම්පස් යන්න ඕන කියන තදබල උවමනාව මගේ හිතට ආවේ.
ඒත් ඒ වෙනකොට මගේ ගාව තිබුණේ ටියුශන් ක්ලාස් වලින් දීපු මෙලෝ රහක් නැති ටියුට් තොගේකුයි, කිසිම පිළිවෙලක් නැති නෝට්ස් වගේකුයි විතරයි.අඩුම ගාණේ ඒ වෙනකොට මං පාස්ට් පේපර් පොතක්වත් අරන් තිබුණේ නෑ.
කැම්පස් යන්න තිබුණ ලොකු ආසව හින්දම එදා වැඩ ටික එදා කරන්න ගත්තට මට තේරුණා කලින් නෝට්ස් ටික නැතුව මුකුත් ගොඩ දාගන්න බෑ කියල.
අන්න එතනදි මගේ උදව්වට එන්නෙ ඉගෙනගන්න කොල්ලෙක්ට ලැබෙන්න පුළුවන් හොඳම යාළුවො සෙට් එක.
උන් ඔක්කොමල්ලා මට පුළුවන් උපරිමයෙන් උදව් කලා.මට අවුරුද ගාණක පාස්ට් පේපර් පොත් ගෙනැල්ල දුන්න.සමහර ඒවා තාමත් මං ගාව.පිළිවෙලකට ලියපු උන්ගෙ නෝට්ස් මාස ගණන් මට තියා ගන්න දුන්නේ උන්ගෙ තිබ්බ මනුස්සකමට,යාළු ෆිට් එකට.
මාව ලඟින් ආශ්‍රය කරන එවුන් දන්නව උදේට මාව නැගිට්ට ගන්න තියෙන අමාරුව.7.30ට පටන් ගන්න පංතියට වදෙන් පොරෙන් මං නැගිටින්නෙ 7.15ට විතර.කොහොම හරි ඇඳගෙනකාරිය මගේ පුටාර් එකෙන් 7.45 විතර වෙනකොට ක්ලාස් එකට එනව.ඒත් මං එනකොට එක පේළියක්වත් හිස් නෑ.
ඒත් මගේ යාළුවො ටික හැමදාම මට ඉඩ තියන් ඉන්නව.එහෙම බැරිවෙච්ච දවසක උන් ටික ලං ලං වෙලා මට පොඩ්ඩක් හරි ඉඩ අරන් දෙනවා.මෙහෙම ලියනකොට මට ඒව මැවිල පේනව.
ඉගෙන ගන්න වෙලාවෙ පුළුවන් උපරිමයෙන් වැඩ කරපු අපි ඊට පස්සෙ පුළුවන් උපරිමයෙන් පිස්සු කෙලියා.ඒවත් ඔක්කොම එකට.මොනව කලත් පාඩම් වැඩ මඟ ඇරෙන්න ඉඩ දුන්නෙ නෑ.
විභාගෙට මාස තුනක් විතර තියෙද්දි අපි පටන් ගත්ත එකට සෙට් වෙලා පරණ විභාග ප්‍රශ්න කරන්න.එක එක දවසට එක එකාගෙ ගෙදර.
රෑ තුනට හතරට මට නින්ද යාගෙන එනකොට මුන් කොහොමහරි මාව නැගිට්ටල තියාගන්න පුදුම කට්ටක් කෑවා.
ඔය විදියට කියන්න ගියොත් තව පැය ගාණක් පැල් බැඳන් මුන් ගැන කියන්න පුළුවන්.
ඒකයි මුලදිම මං කිව්වෙ ඉගෙනගන්න කොල්ලෙක්ට ලැබෙන්න පුළුවන් හොඳම යාළුවො සෙට් එක මට ලැබුණ කියල.
ඉතින් කොහොම හරි දෙවෙනිපාරත් කරල ඔන්න මං කැම්පස් යනවනේ.
මේ වෙනකොට මගේ යාළුවො සෙට් එක ටිකක් විතර මගෙන් ඈත් වෙලා ඉඳියෙ.මොකද සමහරුන් තර්ඩ් ශයි එක කරනව.සමහරු එක එක කෝස් කරනව.ඉතින් සෙට් වෙන්න වෙලාවක් නෑ.කට්ටියම සී සී කඩ.
ඒත් කැම්පස් එන්න කියල ලියුම ආපු දවසේ, ලියුම කියවද්දි මට ඒ අකුරු අතරින් මැවිල පෙණුනෙ මගෙ යාලුවොන්ගෙ මූණු ටික.
මං එවෙලෙම හිතාගත්ත මුං ටික එකතුකරල පොඩි සංග්‍රහයක් දෙන්න ඕන කියල.
අපේ ගෙදර ආර්ථිකෙත් එක්ක ලොකූ කෑමක් දෙන්න බැරි වුනත් පුලුවන් විදියට හදල මම උන්ට කෑම වේලක් දුන්න.
ඉස්කෝලෙ කොල්ලො 22න් 15ක් සෙට් කර ගන්න මට පුළුවන් වුණා.ඒකත් ලොකු දෙයක්.අනිත් එවුන් ආවෙ නැත්තෙ එන්න බැරිම හේතු නිසා.විශේශයෙන් උක්කුන්.
එදා උන් එන ගමන් මට පොඩි පොඩි තෑගි වගයක් අරන් ආව.මං උන්ගෙන් තෑගි බලාපොරොත්තු නොවුණත් උන් ගෙනාපු තෑගි ටික මට මහාමෙරක් වගේ.
මට කැම්පස් ගිහින් අත්සන් කරන්න කියල දීපු ලස්සන ජෙල් පෑන, කැම්පස් යන දවසට අඳින්න කියල දීපු ලස්සන අත් දිග ෂර්ට් එක, කැම්පස් එකේදි පාවිච්චි කරන්න කියල දීපු අයන් එක (ස්තිරික්කෙ) ඒ අතරින් මට ගොඩක්ම වටිනව.
උන් ටික දීපු සහයෝගෙ නොවෙන්න මං මේ තත්වෙට නො එන්නත් තිබුණා.එහෙනම් මගේ තත්වෙ ගොඩක් ශෝචනීය වෙන්න ඉඩ තිබුණා.
සමහරවිට ඉස්සරහට මුන් සෙට් එකත් එක්ක තියෙන සම්බන්දෙ ටිකක් විතර අඩු වේව්,හම්බෙන්න තියෙන අවස්ථා අවම වේවි.ඉස්සරහට තව යාළුවො මට හම්බෙවි.
ඒත් මගේ හිතේ ගැඹුරුම තැනක උන් වෙනුවෙන් විශේශ තැනක් හැමදාම තියෙනව.
ආපු පාර අමතක නොකිරීම හොඳ ගතියක් පිසා
ReplyDeleteමල්ලී, ඔය සෙට් එක වගේ සෙට් එකක් උඹට ආයේ ලොවෙත් සෙට් වෙන්නේ නැතිවෙයි. මට ඒ කාලේ සෙට් උන එවුන්ගේ ෆිට් එක තාමත් එහෙම්මමයි. ඒ ලෙවෙල් ක්ලාස් එකේ තිබ්බ හිතවත්කම, සහෝදරකම එහෙම්මමයි. එක එකා තැන් තැන් වලට විසිවෙලා. සමහරු ලොකු පුටුවල. සමහර උන්ට කතා කරලා නෑ මාස ගාණකින්. ඒත් මම ලංකාවේ කියලා ආරන්චිවුන ගමන් කොහොමහරි සෙට් එකම එකපාර එකතු නොවුනත් එකා එකා හරි හම්බ වෙනවා. මට හිතෙන්නේ නම් උඹටත් ඔය සෙට් එක වගේ සෙට් එකක් ආයේ සෙට් වෙන්නේ නැතිවෙයි. කොහේ ගියත් උන් සෙට් එක උඹත් එක්ක ඉඳිවි හදවතින්......
ReplyDeleteහොද යාළුවෝ ඉන්නව බන්.....
ReplyDeleteමුල නම් අමතක කරන්නම එපා....
සුභ පැතුම්....!!
ඔයාට හොද කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුන ඒ නිසානේ ඔයා මෙහෙම ඉන්නෙ.මම් අනන්තවත් දැකලා තියනව යාලුවොන්ගෙ නරක ආශ්‍රය නිසා ජීවිතේ විනාස කරගත්ත පොඩි උන්.ක්ලාස් කට් කරල වැරදි දේවල් වලට පෙළඹෙන අය ගොඩක් ඉන්නව.ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි ඔහොම යාලුවො ලබන්න.එයාලව කවදාවත් අමතක කරන්න එපා.
ReplyDeleteඔහොම යාලුවෝ ලබන්න පිසාචයා පින් කරලා තියෙනවා. එළ මටත් අතීතය මතක් උනා. ජය!
ReplyDeleteමටත් ඔයවගේ බොක්කෙ යාළුවො කීපදෙනෙක් ඉන්නවා.මම කැම්පස් එකෙන් අවුට් වෙන්න මාස තුනක් තියෙද්දි තමයි දැං කරන රස්සාව ලැබුනෙ.විශ්වාස කරපං ඒ වෙනකොට මට එකම ෂර්ට් එකක්වත් ට්‍රවුසර් එකක් වත් තිබුනෙ නෑ.ඔක්කොම තිබුනෙ ඩෙනිම්-ටී ෂර්ට් විතරයි.මම ටික කාලයක් යාලුවන්ගෙ රෙදි ඇන්දා. ඒවගේම කැම්පස් එකේදී පිස්සුකෙලපු තරම කොච්චරද කියනව නං රූම් එකේ හිටිය එක්තරා මිත්‍රයෙක් නොවෙන්න අපි බර ගානකට එලියට එන්න වෙන්නෙ උපාධිය නැතුව.ඒවගේ යාළුවො උඹටත් ඉස්සරහටත් ලැබේවි කියලා ප්‍රාර්තනා කරනවා!
ReplyDelete@ ඔබා මාමා- අනිවා මාමෙ....
ReplyDelete@ ගොඩයා- මං කවදාවත් උන්ව අමතක කරන්නේ නෑ.මගේ
උපරිමයෙන් උන්ට පස්සෙ කාලෙක උදව් කරනව
@ ර.ප- වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි
මිනිසුන් ඇත.
ස්තූතියි සහෝ...
@ නදී- ඒක නම් ඇත්ත අක්කේ...මාත් පෞද්ගලිකව දන්න ගොඩක් දෙනා ඉන්නව ඒ විදියට ජීවිතේ නාස්ති වෙච්ච.මං කොච්චර ලකීද කියල හිතෙනව.
ReplyDelete@ විසිතුරු- එලම තමා සහෝ......
@ රාජ්- අයියත් ඒ යාළුව ලබන්න ගොඩක් වාසනාවන්තයි නේද....
බොහොම සතුටුයි යාළුවා... ඇත්තමයි මේ වගේ කල්‍යාන මිත්‍රයෝ ලැබෙන්නේ ගොඩාක් අඩුවෙන්.... කලගුන සැලකීම ගැන හදවතින්ම සතුටු වෙනවා...
ReplyDelete@ දිනේශ්- බොහොම ස්තූතියි අයියෙ....
ReplyDeleteඑළ කිරි පිසෝ... පරණ යාලුවොත් එක්ක තියෙන සම්බන්දකම් කොහොම හරි දිගටම තියා ගනින් මල්ලියො,...
ReplyDeleteඅනේ ඔවු උඹ මුණ නොහෝද දත් නොමැද උදේ පාන්දර ගඳ ගගහ ඉන්නකොට උඹ ලඟින් දෙපැත්තෙන් උන්න උන්ට ඉස්තුති නොකර කොහොමෙයි ?
ReplyDeleteඅන්තිම පේලියේ http://tlr.thelastrow.net/ කතා පබ්ලිෂ් කරන්නෙකු සහ සිංහල බ්ලොග් වල කොමෙන්ට් කරුවෙකු වන "බුරතෙනෝ" ගේ පියාණන් පරලෝ සැපත් වී ඇති බව රන්දිල් ගේ බ්ලොග් අඩවියේ පෝස්ට් එකකින් දැනුම් දී ඇත. බුරාගේ පියාණන්ට නිවන් සුව පතමු.
ReplyDeleteසිරාවට මටත් ඔහොම යාලුවෝ සෙට් එකක් ( සෙට් එකක් කිව්වට මහා ලොකු ගානක් නෙවේ ) ඉන්නවා. උන් මට කරපු උදව් මට අදටත් මතකයි. මගේ වෙඩින් එක දා මහා රෑ වෙනකම් මැරිලා මැරිලා උන් මගේ ජීවිතේ දෙවනිපාරත් සපෝර්ට් එකක් දුන්න.. කොච්චර ඇතින් හිටියත් කොයිතරන් කාලයක් කතා නොකරත් උන් කොහොමත් මගේ එක්ක ඉන්නවා.
ReplyDelete@ පැට්ටා- අනිවා අයියෙ.....බොහොම ස්තූතියි......!!!
ReplyDelete@ ජයියා- ඒ විතරක්යෙයි අයියෙ, එක එක සුවඳින් වාත යවනකොටත් උන් කොච්චර නම් ඉවසුවද....හික් හික්....
@ඔබා මාමා- පියාණන්ට නිවන් සුව පතමු....!!
@ ක්සැන්ඩර්- අනිව අයියෙ.අපිට එහෙම යාළුවො ඉන්නව නම් ගොඩක් තැන්වලදි ඒ අය අපිට පිහිට වෙනව.අපිත් ඒ විදියටම උන්ට උඩව් කරන්න ඕන....
හොඳ යාලුවෝ . . . . හොයාගන්න හරිම අමාරුයි . . . . . ඒකනිසා උංව අමතක කරන්න එපා
ReplyDeleteපිළිගන්න වේදිකාවෙ.....මාලදිවයිනෙන් ඕනයා අයියා......
ReplyDeleteඔයාට ඉඳලා තියෙන්නෙ නියම යාළුවො ටිකක්. මොනා වුනත් ඒ ෆිට් එක කවදාවත්ම නැතිකරගන්න එපා
ReplyDeleteඇයි බං උන්ගෙ පිතූරයක් දැම්මෙ නැත්තෙ?
ReplyDelete