අද කියන්න තියෙන්නෙ දුක හිතෙන කතා දෙකක්මයි.
පලවෙනි එක ඉපදිච්ච තැනට කෙළවෙන්න යන එක.
මුලින්ම අපේ අක්ක ,ඊට පස්සෙ අපේ ඉපදෙනකොටම නැති වෙච්ච පොඩි අක්ක, ඊලඟට අපේ අයිය..ඔන්න ඊලඟට මම, අන්තිමට අපේ නංගී....ඔය ඔක්කොමන්ලගෙ මුල් පදිංචි ස්ථානය වෙච්ච සහ අපිව මාස දහය ගානෙ හරි පරිස්සමට තියාගත්ත අපේ අම්මගෙ බඩ හෙවත් ගර්භාශය තව ටික දවසකින් ඉවත් කරනව.
හැබැයි ඉතින් ඒක අයින් කරන්නත් අම්මගෙම හොඳට.ඒක තියෙන්න ඕන තැනට වඩා ගොඩක් පහලින්ලු තියෙන්නෙ.ඒක උදරයෙ අනිත් අවයව වලට බාධාවක් කියලයි ඩොක්ටර්ස්ල කියන්නේ.
ඉතින් අම්ම හෙට හොස්පිටල් ඇඩ්මිට් වෙනව ඔපරේශන් එකට.ඔපරේශන් එකක් කිව්වට බරපතල එකකුත් නෙවෙයිනෙ.ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.ඔපරේශන් එක කරල දවස් දෙකෙන් ගෙදර එන්නත් පුළුවන් වෙයි.හැබැයි ඒකත් එක්ක තියෙන අනිත් දුක තමයි මං කැම්පස් එකට යන දවසේ මාත් එක්ක යන්න අම්මට එන්න බැරි වීම.
අම්ම නම් හුඟක් ආසාවෙන් ඉඳිය..පුතණ්ඩියව අතින් අල්ලන් ගිහින් කැම්පස් එකට බාර දෙන්න.ඒත් ඔපරේශන් එක ඉවර වෙලා දවසකින් වගේ තමයි මට පේරෙ යන්න තියෙන්නෙ.ඉතින් අම්මව එක්කන් යන එක කරන්න බැරි දෙයක්.
ඒ නිසා තාත්තයි මායි අයියයි විතරක් තමයි එදාට යන්න හිතන් ඉන්නෙ.....
ඔන්න ඔහොමයි උපන් තැනට කෙළවෙලා, අම්මටත් ගෙදරට වෙලා ඉන්න වුණේ.
දෙවෙනි දුක හිතෙන කතාව තමයි.....මං පහුගිය පෝස්ට් කීපයකම සඳහන් කරපු, මං හරිම ආදරෙයෙන් කවි ලියපු උංගිගෙ වෙන්ව යාම.
මං මගේ උපරිමයෙන් උත්සහ කලත් මට උංගිගෙ හිත දිනා ගන්න බැරි වුණා.එයා කියනව දැන්ම ඒ වගේ දේවල් ගැන හිතන්නෙ නැතිලු.( අනික හිතනව ඇති මේ මොන රිලා මොටෙක්ද කියල )
මොනව වුණත් මං තාමත් එයා ගැන හිතනව.ලඟදි ගොඩය අයිය කෝල් කරපු වෙලාවෙ නම් එයාට කිව්වෙ, මං එයාව අමතක කලා කියලයි.ඒත් පස්සෙ මටම තේරුණා ඒක කරන්න බැරි දෙයක් කියල.සමහර විට කැම්පස් අවුරුදු තුනෙත් මං උංගි ගැනම හිත හිතා ඉඳිවි.
මොනව වෙයිද කියල කවුද ඉතින් දන්නෙ.මං ඒ හැම දේම කාලය කියන එකාට භාර දීලයි ඉන්නේ.ඒ යකා මොනව හරි කරන්නෙ නැතෙයි.
කොහොමත් මේ වගේ දේවල් මට ඉක්මනට අමතක කරන්න අමාරුයි.
ඒ ගැන මං ආයෙ පෝස්ට් ලියන්නෙ නෑ.මොකටද නිකන් අන්තෙටම පෑරිච්ච හිත තවත් පාරව ගන්නෙ.
මීට පස්සෙ ඉන්නෙ අර පරණ පිස්සු පිසාචයම තමයි.තනිකඩ පිස්සෙක්.කවි ලියවෙන එකක්ම නෑ.
එහෙනම්...කැම්පස් යන්න කලින් තව පෝස්ට් හතරක් පහක්වත් ලියල යන්න ඕන.එහේ ගිහිල්ල කවද මේ පැත්තෙ එන්නෙ වෙයිද දන්නෙ නෑනෙ.
එහෙනම් ඉක්මනින්ම ආයෙත් හම්බෙමු.එතකන් ඔක්කොටම ජයෙන් ජය....!!!
This comment has been removed by the author.
ReplyDeleteඅනේ බොල, මම දන්නවා එවෙලේ උඹ ඕකේ කීවට කොහොමවත් ඕකේ නෑ කියල. අනික උඹට ලෙඩේ හැදීගෙන එද්දිම කීවනේ තිත්ත බෙහෙත් වලටත් පුරුදු වෙයන් කියලා. දැන් ඉතින් අර පිස්සු පිසාචයට පණ දීලා ටික කාලයක් හිටපන් පුතා.... පේරා ගිහින් සීතල දැනිලා ඔය සොමියක් ගන්න වෙලාවක මොකක් හරි ආයේ පැටලෙයි.. ඊට පස්සේ උඹ ඔය ලීවා වගේ කවි බ්ලොග් ගණන් අපූරුවට ලියයි. මොකෝ උඹ අවුරුදු ගාණක් ලව් කරපු කෙල්ල උඹව දාලා ගියාද ? නෑනේ.... ඇහුවා බෑ කීවා. ඒකත් හොඳයි කොල්ලෝ. ඔය ලව් නිසා උඹට පේරා ගිහින් මිස් වෙන්න ගිය ආතල් ටික ආයෙත් සෙට් වෙයි. අනික කැම්පස් ගිහින් බිසී උනාට පස්සෙ උංගි නිකම්ම මෙව්වා වෙලා යයි.
ReplyDeleteමම ඒත් බැලුවා උපන් තැන කීවහම. මලේ ඔය උඹ උපදින්න පෙරුම් පුරපු තැන. මාස 10ක බෝඩිම. බය වෙන්න දෙයක් නෑ කිවනේ. අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අම්මට අමාරු අඩුවුන ගමන් ඒවි කොල්ලව බලන්න. ඒ නිසා උඹ හිත සතුටින් ගමන පලයන්.....
කැම්පස් ජිවිතේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වී උඹේ තනියට සීතලේ ඔකඳ වෙන්න හුරුබුහුටි කෙලි පොඩ්ඩකුත් පේරා වලින් ලැබේවා කියා ප්‍රාර්ථා කරමින් මම නවතිමි.
මීට කවදත් උඹට හිතවත්
ගොඩයා අයියා
ඔව්ව් ඔහොම තමයි ජීවිතේ.. කැම්පස් එකේ ඉන්න උංගියො වැහි වැහැලා..කොයිකද කියලා තෝරා බේරා ගන්න ප්‍රශ්නෙ තමයි එන්නෙ..
ReplyDeleteදවස කවදා උනත් අම්මගේ ශල්‍ය කර්මය කරන එක නම් හොඳ වැඩක්.. ඊට පස්සේ අම්ම හොඳ සෞක්යයෙන් ඉන්නවනේ.. එකනේ වැදගත් කොල්ලෝ.. මගෙත් මේ උණ්ඩුක පුච්චය ගිය සතියේ කපල දාල දවසෙන් ගෙදරත් එවුවනේ .. ඉතින් ඔය ගැන කනගාටුවෙන්න එපා. රග එක එහෙම කනකොට උන්ගිත් පැනල යාවි.. ඊට පස්සේ අලුත් කරත්තයක් බැනගෙන පිසාචයා ඒ පැත්තේ පාරක් පාරක් පඳුරක් පඳුරක් ගහක් ගහක් ගානේ යන හැටි මට දැන්මම මැවිලා පෙනෙනවා. අනේ පලයන් යන්න උඹේ නොනැසෙන ආදරේ.. ඉටි ගෙඩිය තමයි.. දකින දකින එවුවට පෙම් කර කර.ඉස්තීර ප්‍රේමේ.. මගේ ...
ReplyDeleteමචන් මුලින්ම අම්ම ට ඉක්මනට පුතා බලන්න කැම්පස් ඒක පැත්තේ යන්න ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඒ වගේම උන්ගී සම්බන්ධව මම උබට මෙහෙම කියන්නම්. මචන් දෙයක් ලැබෙන්න තියෙනෙම් එක මොන විදිහෙන් හරි ලැබෙනවා. ඒ වගේමයි එක ලබන්න අපට වාසනාව නැත්නම් අපි මොනවා කලත් එක අපිට ලබා ගැන බෑ.. හැමදේම වෙන්නේ හොදට කියල හිතහන් මල්ලි... උසස් අධ්‍යාපන කටයුතු වලට ඉත සිතින් සුභ පතනවා..
ජය...
අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. කැම්පස්! ආ... මතක් වෙනකොටත් නිකං මොකද්ද වගේ වෙනව. ගිහිං ආතල් එකේ ඉන්නගමං මොනවහරි ඉගෙනගන්නත් බලපං.
ReplyDeleteටෝටලි ඇග්‍රී විත් වෙනි අයියා...
ReplyDeleteමලයාට ගියාම තේරෙයි.. ;) ;)
අනික ලැබෙන්න තිබේ නම් දෙයක් එය ලැබෙනවාමය..
අම්මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. අලුත් කැම්පස් ජීවිතයටත් සුභ පැතුම්
ReplyDeleteමල්ලි කැම්පස් ගිහිං ටික දවසක් පාඩුවෙ ඉඳල පරිසරේ හුරු උනාට පස්සෙ වටපිට බලපං . . . . උඹේ තනිකම පාලුව මැකෙයි . . . සුටුස් ගාල
ReplyDeleteඋඹේ අම්මට ඉක්මන් සුවය පතනව . . . .
ඔට ඔපරේශන් එක ලොකු සීන් එකක් නෙමෙයි බන්.. උබ බය නොවී ඉදහන්... අපේ අම්මටත් කරා ඕක.. අම්ම ඉක්මනට සනීප වෙයි.
ReplyDeleteඒක එහෙම න එක හොඳයි කියල උබට හිතෙයි පස්සෙ... පේරේ නේද යන්නේ... හන්තානේ කඳු මුදුන සිසාරගෙන එන සීතල හුලඟත් එක්ක ඔය හිතට මොනා වෙයිද කව්ද දන්නේ.... සුබ පැතුම් මලයෝ අලුත් කැම්පස් ජීවිතයට..... සන්තෝසයි. ගමේ කොල්ලෙක් නේ... :)
අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... කැම්පස් ජීවිතේටත් සුභ පැතුම්...
ReplyDelete@ ගොඩයා- තවත් අයියට කියන්න දෙයක් නෑ....අයියට මං ඒ ගැන
ReplyDeleteකිව්වනෙ.හුඟක් ස්තූතියි ඒ ගැන කතා කලාට මාත්
එක්ක.
@ වෙනී- හිහි..හිහි.... ගිහිල්ලම බලමුකො ඉතින්.....වැහි
කෙසේ වෙතත් කාන්තාරයක් වගේ වෙලා තියේවිද දන්නෙත්
නෑ..හික්ස්....
@ ජයියා- හිහි..හිහි...කපු බීපු වෙලාවට කියන ඒව ගණන් ගන්න
එපා අයියේ....
@ ගයාන්- බොහොම ස්තූතියි අයියේ...
ReplyDeleteඇත්ත...ලැබෙන්න තියෙනව නම් ලැබෙන එක කාටවත්
නවත්තන්න බෑ.
@ රාජ්- අන්න කතාව...ගිහින් ආතල් එකේ ඉන්න ගමන් මොනව
හරි ඉගෙන ගනින්....හිහි.....දවසේ කතාව
@ චම්මා- අනිව අයියේ..බොහොම ස්තූතියි අදහස් වලට..
@ පිණිබිඳු- තැන්ක් යූ අක්කේ....
ReplyDelete@ පැට්ටා- අනිව අයියෙ ..කෝල් එකක් දීලා තමයි යන්නේ.ඔයාලව
එහෙමත් අමතක වෙනවද...
@ ඕනයා- හිහි..හි....පරිසරය හුරු වෙනකම් ඉන්න කිව්වෙ ..ලව්
කරන්න යන්න ඕන තැන් දැන ගන්නකම් වෙන්න ඇති...
ඔව්.. මචෝ මුලින්ම , අම්මගේ ඔපරෙෂන් එක සාර්ථක වෙන්න ප්‍රර්ථානා කරනවා...
ReplyDeleteඋංගි ලා ඔහොම තමයි බන් ඉතින් ,, පෙරේන් හොයාගනින්...
හැබැයි මගේ එක තියලා...............
@ පිස්සා- තැන්ක් යූ අයියෙ..
ReplyDelete@ දිනේශ්- ඔයාටත් ස්තූතියි අයියෙ....