Tuesday, September 20, 2011

වචනයක්වත් නොකිය යනකොට (කෙල්ලොන්ට තියෙන හදිස්සියක් )






ලස්සනම ලස්සන පුංචි ඇස් දෙක
තිස්සෙමත් මට හිනා වෙනකොට
වැස්ස වාගෙ හඬන මේ හිත
තාම නුඹ සොයනවා

සිතින් මා එක්ක කොච්චර
නෙතින් කී ඒ වචන ලස්සන
ඉතින් තව දෙන්න මා හට
තාම  සිත අහනවා

පරිස්සමට දුන් නුඹ හට
මල් පිපිච්ච මගෙ හදවත
හරි හදිස්සියෙන් දෙනකොට
නාඩ ඉන්න හිතත් අඬනවා

දහසකුත් කවි එකතු කරලම
වචනයක්වත් නොකිය යනකොට
මතකයක් හෝ දෙන්න කියලා
ඇසුත් අඬනවා

18 comments:

  1. මල්පිපුණු එ හද
    දුන්නේ ඇයි කලබලයට


    තමාට පරිස්සම් කරන්න දෙන හදකට තමාගේ හද දෙන්න

    ලස්සනයි කවි ටික...

    ReplyDelete
  2. මතකයක් ඉල්ලන්ට?
    දුක නැද්ද උඹට
    මතක්වෙද්දී
    අයෙමත්

    මතකය?

    ReplyDelete
  3. ලස්සන කවියක්... එදා මොකද කිව්වේ??

    ReplyDelete
  4. Best of luck මල්ලි. කවි සිතුවිලි දෝර ගලනවා නේ.... ;)

    ReplyDelete
  5. ෆොටෝ එකේ හැටියට මමනම් හිතුවෙ ගමකට ගහන කේස් එකක් කියල... :)

    ගමකම සෙනඟ වටකරන් නෙලුව වගේ සීන් එකක්නෙ......

    ReplyDelete
  6. @ ර.ප- ඔව් බං..ඒක එයාට කියන්න ඕන..තෑන්ක්ස් මචන්...

    @ ක්සැන්ඩර්- ජීවත් වෙන්න හරි ඒ මතක තියෙන්න එපැයි....ඒකයි ඉල්ලන්නේ...

    @ මාල්යා- කියල වැඩක් නෑ අක්කේ.ඒක නෙවෙයි ගොඩය අයිය අන්න අරහේ ඔයාව මුරුංග අත්ත් යවනව.හරි ශෝක් නේද.....

    ReplyDelete
  7. @ මහීම & දිනේශ්- ඔය කියල තියෙන විදියට තමයි වුණේ.අකමතිත් නෑලු, කැමතිත් නෑලු......ඕනෙත් නෑලු.....පිස්සුත් නෑලු....!!!

    ReplyDelete
  8. මතකයන් මතකයේ තියන තරමට දුක වගේම සතුටත් ඒ එක්ක එනවා, හොඳම දේ මතකයන් අමතක කරන එක ........

    ReplyDelete
  9. @ සාතන්- ඊටත් වැඩිය අප්සට් කේස් එකක් අයියෙ.කෙල්ල මට කැමති වෙලා,ඒක ලියන්නත් අවසර දුන්නොත් පොස්ට් එකක් විදියටම දාන්නම්...

    @පංසල්- ඒක හරි අයියෙ.
    ඒත් මං මෙතන කිව්වෙ,ගෙදර ඇවිත් හීනයක් කාරිය බලන්න පොඩි වීඩියො ක්ලිප් එකකට හරි යන්නවත් මතකයක් දෙන්න කියල.මූණ බලල පොඩ්ඩක් හිනා වෙනව වගෙ සීන් එකක් නම් තව හොඳයි.

    ReplyDelete
  10. ජීවිතේ ඔහොම තමයි.. ඔහොම යං.. ඔහොම යං !

    ReplyDelete
  11. ආදරේ හැටි ඔහොම තමා...අඩන්න වෙනවනේ

    ReplyDelete
  12. මතකයන් කාලෙකට පස්සෙ සුන්දර විදියට පේන්න ගන්නව...

    ReplyDelete
  13. හැමකෙල්ලම දිහා බලන
    නුඹේ ඇස්වලට මම බයයි කොල්ලෝ..
    ඒකයි නිහඬව ඉන්නේ
    තවත් කෙල්ලක් නෙවෙයි මං !!

    ReplyDelete
  14. @ වෙනී- ඔහොම යං.....ෆිට් තමයි....!!!

    @ කස්සා- කොච්චර් ඇඬුවත් කමක් නෑ..හිනාවෙන්නත් දවසක් එනව නම්...!!

    @ පිස්සා- අනිව අයියෙ.....හුඟක් සුන්දර විදියට....!!!

    ReplyDelete
  15. එබෙමින් නෙත් වලට
    බැලුවේ ලස්සන නොවේ
    සෙව්වේ අහිංසකකමයි
    ඒ දුටුවෙ ඇගෙ නෙතේ

    ReplyDelete
  16. උඹේ පොඩි කාලෙ පින්තුරයක්ද උඩින්ම දාල තියෙන්නෙ?

    ReplyDelete
  17. "ලස්සනම ලස්සන පුංචි ඇස් දෙක
    තිස්සෙමත් මට හිනා වෙනකොට
    වැස්ස වාගෙ හඬන මේ හිත
    තාම නුඹ සොයනවා"

    මට මාරම ආස හිතුනා මේ කවියට.. හරිම ලස්සනයි... නියමයි....

    ReplyDelete