Wednesday, August 31, 2011

වේදිකාව උඩ පිසාච වන්නම

මේක ම0 චුට්ටිම චුට්ටි කාලේ වෙච්ච දෙයක්.

අපි 7 වසර වෙනකන් ඉදියේ අකුරැස්ස පාරේ ගෙදරක.ඊට පස්සේ තමයි town එක ලග පදිංචියට අවේ.
ඉතින් පොඩි කාලේ මං ගියේ අකුරැස්ස පාරේ තිබුණු නම ගිය දහම්පාසලකට.ළමයි නම් ටිකයි ඉදියේ.250ක් විතර.

මොනවා වුනත් හැම අවුරුද්දකම තෑගි ප්‍රධන උත්සවයක් තියනවමයි.
ඉතින් ඕකේ announce කරන්නයි, නාට්‍ය වල රගපාන්නයි, කතා පවත්වන්නයි හැම දෙකටම ඉතිරි වෙන්නේ දක්ෂ ළමයි 10ක් 15ක් තමයි.ඉතින් මේ පිසාචය පොඩි එකාත් ඒ අතරේ ඉදිය.පොඩි හින්ද කට්ටියට පෙනුනද මන්ද.

ඉතින් මං හය වසරේදී ඒ කියන්නේ 2001 දීත් සුපුරුදු පරිදි තෑගි උත්සවේ තියන්න සෙට් වුනා.
මුලින්ම තොර ගත්ත announce කරන්න සුදුසු, කට ඇති රුව නැති කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්.හැබැයි ගංගා අක්ක නම් සිරාවටම ලස්සනයි.එයා මට වඩා අවුරුදු 2ක් වැඩිමල්.
අපිව පුහුණු කරන්න බාරව ඉදියේ වසන්ත කියල හොද සර් කෙනෙක්.
සර් ඇවිල්ල මුලින්ම announce කරන්න තෝර ගත්ත 6 දෙනා ජෝඩු 3ට බෙදුව.ලොකු අක්කල අයියල ඉදිය නිසා අන්තිමට මාත් එක්ක සෙට් වුනේ ගංගා අක්කම තමයි.

ඉතින් ඉරිදා දවසේ හවස් වරුවමයි තව සතියේ දවසකුයි මාසයක් තිස්සේ අපි practise කොලා…
announce කරනවට අමතරව නාට්‍යක පොඩි එකාගේ චරිතෙත් කලේ පොඩි පිසාචය තමයි.
මෙහෙම ඉදියට සම්මානනීය නළුවෙක් හරි….?

ඉතින් අර ශෝකජනක දවස උදා උනේ නැගෙනහිරින් ඉර පායපු දවසකමයි.

හවස 2.00ට වැඩ පටන් ගන්න තිබුණේ.අපේ ප්‍රධන ආරාධිත අමුත්තා වුනේ ඒ දවස් වල ප්‍රාදේශීය සභාවේ සබාපති උතුමා.
ඒ යකා එනකොට 3.00ටත් ලගයි.වෙලාවකට වැඩ කොරන්න බැරි මේ වගේ පිංගුත්තරයෝ තෝරලා යවපු අපේම එවුන්ට තමයි මුලින්ම ගහන්න ඕන.

ඔන්න ඉතින් දැන් පටා….න් ගන්නයි යන්නේ….

දහම් පාසලේ මුළු සෙට් එකම ඉන්නවා ස්ටේජ් එක ඉස්සරහටම වෙලා.අලි මදිවට වැස්සියෝ කියපි..අහල පහල දහම් පාසල් වල සෙට් හිටන් බැහැල.
ඔය ඔක්කොමත් හරි ගංගා අක්කට ට්‍රයි කරන වල් බූරුවත් ඉන්නවා ඉස්සරහටම වෙලා නියව නියව.
ඒ වෙලාවේ දෙන්න හිතුන මයික් එකෙන්ම දත් ටික නළලේ හිටින්න. දහම් පාසල නිසා ඉවසුව.
මොනවා වුනත් අපේම අක්කලානේ.අපි ඒ අයව පරිස්සන් කරන්නත් එපයි.
මට තිබුණේ ඒ තරහ.නැතුව වෙන එකක් නෙවෙයි.

Dont misunderstand me……Ok?

සාම්ප්‍රදායික විදියට මුලින්ම තිබුණේ පන්සිල් ගන්න එක.
ඒක නිකන් පොඩි සීන් කෑල්ලක් නිසා අපි දෙන්නට තමයි අපේ ලොකු හාමුදුරුවන්ට ආරාධනා කරන්න දීල තිබුණේ.
අපිට ඔය කියන්නොන ඒවා ලියල දීල තිබුණේ.ඒවා බලන් තමයි අපි කියන්නේ.
ඉතින් ගංගා අක්කත් එක්ක මමත් ගිය ස්ටේජ් එකට .හාමුදුරුවන්ට ආරාධනා කරන එක තිබුණේ අක්කට.මං ගියේ ෂෝ එකට.
” මුලාසනරුඪ මොනරාගල සීලරතන හිමියන්ට අපි ඉතා නමස්කාරපුර්වකව ආරාධනා කොට සිටිනවා උත්සව සභාවට සපැමිනි සියලු දෙන පංච සීලයේ පිහිටුවන ලෙස……..”
ඉතින් ගංගා අක්ක ඔය ටික කියල යනවා.මට තිබුණේ පන්සිල් ගත්තට පස්සේ ඒකට thnx කරන්න.ඒ නිසා මාත් අක්කත් එක්කම පල්ලන් බැස්ස.
දැන් හාමුදුරුවෝ පන්සිල් දෙනවා.
අන්තිම හරිය එනකොට කකුල් දෙක beat එකක් නැතිවම නටන්න වගේ.ඇස්දෙක නිලංකාර වෙනවා වගේ.
පපුව නිකන් විනාඩියට 400 වාරයක් විතර ගැහෙනවා.

මං ගිය ගංගා අක්ක ගාවට.
“අනේ අක්කේ මට බයයි නේ…..”
මේ ටිකත් ඔයාම කියන්නකෝ…..”
“අනේ මල්ලි ඔයා බොරුවට බය වෙලානේ…..”
ඉස්සරහට ගිහින් අපි පුරුදු වුනා විදියට කියන්නකෝ….
කාගේවත් මුණ බලන එපා…..
හොදද…? “

පුරුදු වෙනකොට නම් මෙච්චර සෙනගක් ඉදියේ නැ.උපරිම 25ක් ඉන්න ඇති.දැන් එහෙමද ….750ක් විතර.
හාමුදුරුවෝ දැන් පන්සිල් දීල ඉවරයි…
කටේ කෙල නැ.කෙල ගිලින්නත් ඕන.
කොච්චර ට්‍රයි කලත් කෙල බින්දුවක් වත් කටට අවේ නැ.

ඔය වෙලාවේම ගංගා අක්කගේ සිනිදු, සුසිනිදු, සීතල …….
අත ඇවිල්ල මගේ කළුම කළු , දාඩිය දාපු, කොරල හැදිච්ච අතෙන් අල්ල ගත්තා.
“යන් පැටියෝ..”
අම්මප ඒ වෙලාවේ නම් මං නිකන් ,,…අනේ මන්ද…..
මං ස්ටේජ් එකට ගියා නෙමෙයි පාවුණා කිවුවොත් තමයි හරි.
දැන් ගියා….
ස්ටේජ් එකේ හරියට හිටගත්තට පස්සේ වසන්ත සර් කියපු එකම එක දෙයක් ඔළුවට ආව….
“පුතේ ගියපු ගමන්ම ගිරවා වගේ කියන්න එපා…..
පොඩ්ඩක් ආරාධිත අමුතෝ දිහා හරි, ඇවිල්ල ඉන්න අනිත් ළමයි දිහා හරි, ලාවට වගේ බලන්න හොදද…….”
දැන් කවුරු හරි දිහා බලන්නත් එපයි…
බැලුව ඉස්සරහ.

ගිය ආත්මේ මං අනිවාර්යෙන් උනහපුලුවෙක්ට බුරු දෙනක් සෙට් කර ගන්න හැලුප් කරලා තියෙනවා…..
මොකද මට පෙනුනේ අර වල් බුරුවම විතරයි……..
අර ගංගා අක්කට ට්‍රයි කරන වල් සතා…..
කම්මලට හෙන ගැහුවා වගේ තමයි…..
පපුව ඇතුලේ ගල් බෝර දාන්න වගේ…..
දඩ බඩ….දඩ බඩ ……..!!!!!
මුළු සභාවම මං දිහා බලන් ඉන්නේ….
ආපු වැඩේ කරන්නත් එපයි…
බැලුව ලියල දීල තිබුන කොලේ දිහා……
එකේ තිබුණේ “මුලාසානරුඪ………. හිමියන්ට අපගේ නමස්කාරපුර්වක ස්තුතිය..” වගේ දෙයක්….
ගත්තා මයික් එක අතට….(තිබුනෙත් අතේ තමයි)

මුසලානාරූඪ මොනරාගල……….”

කියනකොටම….ආවේ නැද්ද ලස්….සන හුවක්……
තාම ඒ හුව කන දෙක ඇතුලේ දෝංකාර දෙනවා වගේ……
පිසාචය පවු නේද…….?
මට ඔහොමමයි……..



11 comments:

  1. අ.පේ යේ මේක ඉස්සෙල්ල කියෙව්ව උනත්.. ආයිමත් කියව්ල රස වින්ඳා...ඊට පස්සෙ කොහොමද ගොඩ ගියේ ?

    ReplyDelete
  2. මට මේක අන්තිම පේලියෙ මොන ක්‍රමෙන් හරි මිස් වෙච්ච එකක් වගේ, එහෙම නැත්තන් උඹ මේක අන්තිම පේලියට දැම්මෙ මං තුමා එහෙ වැඩම කොරන්න කලින් වෙන්නැති

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පාන්දර නගිටහන් පිසෝ, හෙට පාන්දර හයට මගේ අලුත් පෝස්ට් එකක් පබිලිස් වෙනව මෙන්න මෙතන. http://observer-nireekshaka-observer.blogspot.com හැබය් බොලා අන්තිම පේලියෙ දැකල තියෙන කතාවක්.

    ReplyDelete
  5. පිසාචයා පවු නේන්නම්.....

    ReplyDelete
  6. යකෝ මේක ඔබාගෙ අඩවියද පිසාගේ අඩවියද ?

    ReplyDelete
  7. මට පේනවිදියට මෙතන ඔබා-පිසා හයිබ්‍රිඩ් එකක් වගේ යන්නෙ

    ReplyDelete
  8. @වෙනී- ගොඩ ගියා කියන්නේ මාව විනාඩියකට විතර ගල් ගැහුන වගේ..
    පස්සෙ ආයිමත් මං හරිගස්සල කිව්ව.ගංග අක්ක ස්ටේජ් එකේ ඉඳන්ම හිනා වෙනව.

    @ඔබා මාමා- ආවා ආවා .බලලමයි ගියේ...

    @රාජ්- හික්ස්......!!

    ReplyDelete
  9. @ප්‍රසංග- කියල වැඩක් නෑ..සහෝ....!!

    @ජයියා- ඔබා මාමා ආවහම අහන්න ඕන....

    @ඕනය- ඇන්ඩයියගෙ මොනව තියන් ඕක කිව්වද දන්නෙ නෑ...

    ReplyDelete